IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා - මහින්ද

ප.ව.8.35 - ‘ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා‘ - මහින්ද

(නාලක සංජීව දහනායක)

වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය  අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක්  කරා ගෙනයමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ලෝටස් වටරවුමේ පැවැති ජනබලය උද්ඝෝෂණයේ සත්‍යග්‍රහයෙන් පසු   ජනතාව  අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු  හිටපුජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

‘‘අවුරුදු 25 කට පස්සේ  පළාත් පාලනමැතිවරණයක් ගේන්න පුලුවන් වුණා මට. මම යුද්දය ඉවර කරලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු නිසයි අද අගමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත්  උතුරට ගිහින් එන්න පුළුවන්වෙලා තියෙන්නේ.‘‘ 


ප.ව.8.10 - සත්‍යග්‍රහයෙන් පසු හිටපු ජනපති ලෝටස් පාරට පැමිණේ

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලෝටස් පාරේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට මීට ටික වේලාවකට පෙර පැමිණියේය.

පන්දම් දල්වාගෙන පැවැති සත්‍යග්‍රහය නිමාවීමෙන් පසු හිටපු ජනපති පැමිණෙන තුරු විරෝධතාකරුවෝ බලා සිටියහ.

හිටපු ජනාධිපතිවරයා පැමිණෙන විට රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් හිටපු ජනපති පිළිගත්හ. 

(ඡායාරූප ඉෂාන් සංජීව සහ ජයමාල් චන්ද්‍රසිරි)


ප.ව.8.00 - සත්‍යග්‍රහයෙන් පසු පන්දම් නිවා දමයි

‘අතේ තියෙන පන්දම් නිවන්න. පන්දම්වලින් අනවශ්‍ය දේවල් කරන්න එපා. ‘ යැයි සංවිධායකයෝ ඉල්ලති. සත්‍යග්‍රහයෙන් පසු පිරිත් දේශනයක් ද පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණෙන තුරු විරෝධතාකරුවෝ බලා සිටිති.


ප.ව.7.55 - සත්‍යග්‍රහයෙන් පසු සෙත් පිරිත්

ලේක්හවුස් ආයතනය අසලින් ලෝටස් පාර අවහිර කරගෙන පැවැති සත්‍යග්‍රහයෙන් පසු ස්වාමීන්වහන්සේලා සෙත් පිරිත් දේශනා කළහ.ප.ව.7.55 - සත්‍යග්‍රහයෙන් පසු සෙත් පිරිත්

ලේක්හවුස් ආයතනය අසලින් ලෝටස් පාර අවහිර කරගෙන පැවැති සත්‍යග්‍රහයෙන් පසු ස්වාමීන්වහන්සේලා සෙත් පිරිත් දේශනා කළහ. 


ප.ව.7.35 - ලෝටස් පාර හරස් කර සත්‍යග්‍රහය අරඹති

(ශිරාන් රණසිංහ)

කොළඹ ලෝටස්  පාර  අවහිර වන අයුරින් තාවකාලික වේදිකාවක් ඉදි කළ උද්ඝෝෂකයෝ   ඉටිපන්දම් දල්වා සත්‍යග්‍රහය ඇරැඹුහ.

රාත්‍රී 8 ට පමණ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් එම ස්ථානයට පැමිණිමට නියමිතව ඇත.

(ඡායාරූප ඉෂාන් සංජීව සහ ජයමාල් චන්ද්‍රසිරි)


ප.ව 6.20 - අරලියගහ මැදුරේ ආරක්ෂාව තරකෙරේ

අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය කියයි.

 පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන භටයෝ ආරක්ෂාවට කැඳවනු ලැබ සිටිති.

ජල ප්‍රහාරක රථ ද ඒ අසල දැක ගත හැකිය. 

 

(356)


ප.ව.6.05 - කොළඹට එන පාරවල් 5 ක් වහයි

(ඉන්දිකා රාමානයක සහ නිමල කොඩිතුවක්කු)

ජනබල පෙළපාළිය නිසා මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලිසිය කියයි.

ලේක්හවුස්   වටරවුම, චිත්තම්පලම් ගාඩිනර් මාවත, ලෝටස් පාර, හිල්ටන් වටරවුම,  ඕල්කට් මාවත සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.


ප.ව.5.51 - යන තැන තවම තීරණයක් නෑ  

(ශිරාන් රණසිංහ)

විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් ලේක්හවුස් වටරවුම අසල රැස්ව සිටියත් ඊළඟට සිදු කරන්නේ කුමක්ද යන්න තවමත් නොදන්නා බව ඔවුහු කියති.

ලේක් හවුස් වටරවුමේ සිට ඊළඟට යන්නේ තොකනකටදැයි තවමත් තීරණයක් නැති බව දැනගන්නට තිබේ.

පැය තුනක පමණ සිට ඔවුහු ලේක්හවුස් වට රවුම අසල රැස්ව සිටිති.


ප.ව 5.30 - ලේක්හවුස් වට රවුම අවහිරවේ

ජන බල රැලියට සහභාගී වන පිරිස් පෙළපාළිවලින් පැමිණ ලේක් හවුස් වටරවුමට රැස්වීම නිසා ඒ අවට අවහිර වී තිබේ.

ලේක්හවුස් වටරවුම හරහා ගමනාගමනය මුළුමනින්ම බිඳවැටී ඇති අයුරු දැක ගත හැකි විය.

(ඡායාරූපය -ලහිරු හර්ෂණ)


ප.ව.4.45 - පෙළපාළි ලේක්හවුස් වටරවුමට ළඟාවේ

විවිධ පැතිවලින් ජන බල රැලියට ආ පෙළපාළි කොළඹ ලේක්හවුස් වටරවුමට ළඟ විය.

(ඡායාරූප -ලහිරු හර්ෂණ )


ප.ව 4.15 - මහින්ද සහ ගෝඨා කොටුවෙන් ජන බලයට එක්වෙති

(නාලක සංජීව දහනායක සහ ශිරාන් රණසිංහ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා පිටකොටුව බෝධිය අසලින් ජන බල රැලියට යන පාගමනට සම්බන්ධ වූහ.

කොටුව බෝධිය අසලට පැමිණි හිටපු ජනාධිපතිවරයා මුලින්ම එම ස්ථානයේ ඇති විහාරස්ථානයට ගියේය.

(ඡායාරූපය - ලහිරු හර්ෂණ)


ප.ව. 4.00 - ‘‘ලංකාවෙම පොලිසි කොළඹට කැඳවලා‘‘ - නාමල්

නිමල කොඩිතුවක්කු 

අද කොළඹට මුලු ලංකාවේම පොලීසි  කැඳවා ඇති බවත් යුද සමයේදීවත් මෙතරම් පොලීසියක්  කොළඹ නොසිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

සාමකාමී ජනබල රැලියක් පැවැත්වීමට සියලු කටයුතු  සුදානමින් තිබියදීත් ආණ්ඩුවයි, පොලීසියයි, මංගල සමරවීරයි මේ රැලියට බය වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

(356)


 

ප.ව. 3.28 - සාකච්ඡාවෙන් පසු මහින්ද ඇතුළු පිරිස විජේරාමයෙන් පිටත්වෙති

නිමල කොඩිතුවක්කු

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන,උදය ගම්මන්පිල සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිස කොළඹට පැමිණීමට පිටත්වූහ.

 

(ඡායාරූප -චතුර කොඩිකාර)

 

(356)


ප.ව 3.10 - හවස 5ට රැලිය ඇරැඹේ

(නිමල කොඩිතුවක්කු ) 

රැලිය සඳහා  දිවයිනේ නන් දෙසින් පැමිණෙන පිරිස්  සවස  5 වන විට කොටුව ලේක්හවුස් වටරවුමට පැමිණීමට සැළසුම් කර ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.


ප.ව. 2.55 - පෙළපාළි දෙකක් ඇරැඹේ

(ඉන්දිකා රාමනායක)

විරෝධතාවයට සහාගී වීම සඳහා මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ හා විහාරමහාදේවි උද්‍යානයේ සිට පෙළපාළි දෙකක් කොළඹ කොටුව දෙසට ගමන් කරීම ආරම්භ  විය.

(ඡායාරූප -නිමන්ති රණසිංහ )


ප.ව.2.50 - නාමල් බෝගහ හංදියට පැමිණෙයි

විරෝධතාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ කොළඹ කොටුවේ බෝගහ හංදියට පැමිණියේය.


ප.ව.1.52 - ඒකාබද්ධයේ නායකයන්ගේ රැස්වීමට ගෝඨාභයත්

විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ රැස්වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැමිණියේය.


ප.ව.1.52 - ඒකාබද්ධයේ නායකයෝ විජේරාමයේදී රැස්වෙති

ඒකාබද්ධ විපක්ෂයේ ජනබල රැලිය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් එහි පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් විජේරාමයේ  පිහිටි හිටපු ජනපතිගේ නිවසේදී පැවැත්වේ.


ප.ව 1.50 - ජන බල රැලිය ලේක්හවුස් වටරවුමේ

ඒකාබද්ධ විපක්ෂයේ   ජනබල රැලිය අද සවස කොළඹ ලේක්හවුස් වටරවුමේදී පැවැත්වෙන බව එහි නියෝජිතයෝ කියති.

 (ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි )


ප.ව.1.45 - පොදු ජන නීතීඥ සංගමයත්  ජන බලය රැලියට

නිමන්ති රණසිංහ

ඒකාබද්ධ විපක්ෂය අද (05) කොළඹ දී පවත්වනු ලබන ජන  බල විරෝධි රැලියට සමාගමීව  ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමයය මගින් අරඹනු ලැබු  පාගමන ගත් අලුත්කඩේ උසාවිය අසලින් මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 
   
ඔවුහු කොළඹ ලේක්හවුස් වටරවුම අසළට පැමිණිමට නියමිතය.

 


ප.ව.1.29 - විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති

(ශිරාන් රණසිංහ)

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන විරෝධතාවයට සහභාගීවීම සඳහා දිවයිනේ ජනතාව සතර දෙසින් කොළඹ කරා ඇදෙමින් සිටින බව ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වේ.

මොවුන් කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමට දැනට සැලසුම් කර ඇතැයි ද ඇතිවන තත්ත්වය අනුව එකතුවන ස්ථානය වෙනස්වීමට හැකි බව ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කියා සිටියේය.

අද(05) කොළඹට රැස්වන ජනතාව හා ඔවුන්ගේ විරෝධතා පෙළපාලි නිසා ඊයේ(04)  සවස දුර බැහැර ප්‍රදේශවල බොහෝ පිරිසක් පෞද්ගලික නිවාඩු දමා ගම්බිම් වලට ගොස් තිබිණි.

අද(05) ඇතැම් රාජ්‍ය හා පුද්ගලික කාර්යාලවලට පැමිණි සේවකයින්ගේ අඩුවක් ද පවතින බව ඒ ඒ ආයතනවල ප්‍රකාශකයෝ සඳහන් කළහ.
මේ වනවිට කාර්යාලවල බොහෝ අය වරු නිවාඩු දමා ගම්බිම් වලට යෑමට පටන්ගෙන ඇතැයි ද වාර්තා වේ.


ප.ව 1.18 - ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අවවාදයක්

ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ජාතිකයන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. 

විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට උපදෙස් දී තිබේ. 


ප.ව12.59 - ජල ප්‍රහාරක රථ 6 ක්  සුදානමින්

 ඉන්දිකා රාමනායක

ජනබල විරෝධතාවය නිමිත්තෙන් ආරක්ෂාව වෙනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක  පොලිස් ජල ප‍්‍රහාරක රථ 6 ක්  සහ කැරලි මර්දන කණ්ඩායම්  සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ස්ථාන ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ජනධිපති ලේකම් කාර්යලය, අරලියගහ මන්දිරය,  ජනාධිපති නිල නිවෙස,  කුරුදුවත්ත,   කොටුව, පාර්ලිමේන්තුව  යන ප‍්‍රදේශවල මෙම ජල ප‍්‍රහාරක රථ ස්ථාන ගතකර ඇති බවද පොලිස්  ආරංචි මාර්ග කියයි.

මෙම ජල ප‍්‍රහාරක රථ වලට අමතරව කැරලි මර්දන කණ්ඩායම්, අතිරේක පොලිස් කණ්ඩායම් , විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම්  ද ස්ථාන ගතකර ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටි කොටුව  ප‍්‍රදේශයට ද  විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව  පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

 



අදහස් (75)

ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා - මහින්ද

appuhami Wednesday, 05 September 2018 07:57 AM

හොරුන්ගේ රස්තියාදුව!

:       19269       30338

amila Wednesday, 05 September 2018 07:59 AM

උතුරේ කට්ටිය සිංහලයෝ එපා කියල උද්ඝෝෂණය කළා ආණ්ඩුව නිදාගෙන හිටියේ. දැන් සිංහලයෝ ඇහැරුනාම බැටන් පොලු කඳුළු ගෑස් ජල ප්‍රහාර ඔක්කොම සූදානම්. කාටද මේ රටේ වැඩි අසාධාරණේ වෙන්නේ.

:       10358       10310

AsankaWednesday, 05 September 2018 08:44 AM

ගොබෙල්ස් වගේ බොරු මත පතුරවන්න එපා ...

:       3558       4677

LahiruWednesday, 05 September 2018 03:13 PM

ඇයි දැක්කෙ නැද්ද මේ පත්තරේම දාලා තිබුනා අම්පාරේ දෙමලු සිංහල මිනිස්සු පදිංචි කරන්න එපා කියල උද්ගෝෂණයක් කරනවා

:       222       150

kapWednesday, 05 September 2018 09:14 AM

උතුරේ කට්ටිය ජනාධිපති අගමැති මන්දිර පෙරළන්න , ආණ්ඩු පෙරලන්න ගියේ නෑ. ඒ අයගෙ මතය පෙන්නුවා විතරයි. හෑබැයි ඒකට විරුද්ධව කවුරුත් ඒ පැත්තට ගිහින් ප්‍රතිවිරෝදතාවයක් පෙන්නුවද? යන්න කවුරුත් නෑ.. ඒ අයගෙ උද්ඝෝෂණවල අපේ වගේ බීමත් කඩාකප්පල්කාර රාජ්‍ය දේවල් විනාශ කරන මිනිස්සු නෑ. ඒ අය දන්නවා ඒව විනාශ කරාම ප්‍රතිවිපාක විදින්නත් ඕනෙ ඒ අයම තමයි කියල

:       2963       3354

ruwanWednesday, 05 September 2018 09:33 AM

උතුරේ කට්ටිය ගැන පුදුම කැක්කුමක් නේ තියෙන්නේ.

:       257       1325

DarshanaWednesday, 05 September 2018 10:39 AM

පුදුම අනුකම්පාවක්..

:       34       866

kapWednesday, 05 September 2018 10:44 AM

රුවන්, ඔව් ඒ අයත් ලංකිකයොනෙ. හැබැයි ඒ අයගෙ ප්‍රතිපත්තිවලට මම එකග නෑ. ඒත් මනුෂ්‍යයන් වශයෙන් අවුරුදු ගානක් ප්‍රබාකරන්ගෙ අණසක වලට යටත් වෙලා ඉන්න වෙලා, දැන්වත් නිදහසේ ඉන්න ඉඩ දෙන්න ඕනෙ. ඒ පැත්තෙ දේශපාලකයොත්, දකුනු අය කරනවා වගේම මේ අයව උසි ගන්නනවා. අද කොලබ වෙන දේම එහෙත් වෙනවා. හැබැයි හැසිරීම වෙනස්. නාමල් පොලිසිය හැම තෑනම ඉන්නවලු. ප්‍රශ්නයක් නැහැනේ..ඒ අයට නිදහසේ පෙලපාලිය යන්න පුලුවන්නෙ. ඈයි බය පොලිසිය ඉන්නවට.

:       610       921

BamunuarachchiWednesday, 05 September 2018 12:34 PM

"ඒ අයගෙ මතය පෙන්නුවා විතරයි. හෑබැයි ඒකට විරුද්ධව කවුරුත් ඒ පැත්තට ගිහින් ප්‍රතිවිරෝදතාවයක් පෙන්නුවද? " ඔබ කියන දේ පොඩි ඇත්තක් තිබෙනවා ඒ අයගේ මතය පෙන්නුවා අවුරුදු 25 ක් නමුත් 2005 වනතුරු ඒ පැත්තට ගිහින් ප්‍රතිවිරෝදතාවයක් පෙවන්න ජගතෙක් හිටියේ නැහැ. 2005 ඔන්න නියම ජගතා වැඩේ බාර අරන් වැඩ පෙන්නුවා. දැන් නැවත උතුරේ කට්ටිය වැඩ පටන් අරන් යහපාලකයින්ට කියනවා ඔබලා බලයට පත් කරන්න අපට පළාත් බලය පොරොන්දු උනානම් දෙන්න බලය කියලා. දැන් දීලා බලන්නකෝ.

:       199       285

Shan Wednesday, 05 September 2018 08:00 AM

මහින්ද ඇතුළු නඩය තාම රට කන එක නවත්තල නැනේ. අද දවසේ රටේ පලදායිතාව බින්දුවයි නේ. ඒ විතරද, පාසල් ළමයින්ගේ අද දවසේ ඉගෙනීමත් ඉවරයි නේ.

:       6726       8672

Uditha - Abu Dhabi Wednesday, 05 September 2018 08:08 AM

සබන් දෙන්නේ නැද්ද? ජලය විතරද දෙන්නේ? සබනුත් දෙන්න තිබ්බ... අනේ අපේ සල්ලි ඔය.. දැන් ඔතනට අද මිනිස්සු කී දාහක් රැස් වෙනවද? අද වැඩ කරන සතියේ දවසක්. රටේ වැඩ කරන ජනතාව කී දෙනෙක් ඉන්නවද ඔතන බලන්න? කාර්යක්ෂම තාවය කොච්චර අද දවසේ රටේ පහලට යනවද? ලංකාවට ගොඩ ඒමක් නැහැ. අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින බෝර්ඩ් එක එල්ලන් ඉමු.

:       5309       5835

CHARITHWednesday, 05 September 2018 08:45 AM

පිටරටට වෙලා වලන් හෝදන කෙනෙක්....

:       2558       5486

kapWednesday, 05 September 2018 09:31 AM

ඔයා වගේ හැමදේම ආණ්ඩුවෙන් නිකන් දෙනකම් බලන් ඉදලා පින් බත් කනවට වඩා නම්බුකාරයි පිටරටක ඉදගෙන වලන් හෝදලා හම්බකරන සල්ලිවලින් කන එක. ඔබ නොදන්නවාට, පිටරට වලන් හෝදල එවන සල්ලිවලින් තමයි ඔයා ඔක්කොටම සැප විදින්න සලසලා තියෙන්නෙ. මිනිස්සුන්ට අපහාස කරන්න එපා මිනිහෝ. ඔයා පෙන්නන්නෙ සැබෑ ලාංකික ගතිය. මිනිස්සුන්ගේ රස්සාවක් පහත්ට දමලා කතාකරන්න එපා. අනික මැද පෙරදිග ඉන්න හැමෝම වලන් හෝදනවා කියලා හිතන එපා. ගොඩාක් අය තමන්ගෙ කොම්පැනි තියන් ඉන්නෙ. අනික වලන් හෝදන කෙනාත් බැංකුවලින් , රටේ සල්ලි එහෙම හොරකම් කරලා හම්බ කරන්නෙ නෑ. ඒ අතින් ඒ මිනිස්සු ඔයාට වැඩිය වැදගත් නම්බුකාර මිනිස්සු

:       3547       3920

LalWednesday, 05 September 2018 11:59 AM

Uditha - Abu Dhabi රටට බරක් නැති පුද්ගලයෙක්

:       26       431

NuwanWednesday, 05 September 2018 01:21 PM

මමත් ඉන්නේ රට පහුගිය වසර 10 ට ලක්ෂ 80 කට ආසන්න ගණනක් ලංකාවට එව්වා, ඔයා කියක් රටට එවලා තියනවද

:       6       425

sirimal Wednesday, 05 September 2018 08:10 AM

ජලබල විරෝධතාවයේ උදෑසන තත්ත්වය; බස් 1782 ක සැලසුම අවුල්වී ඇත. ඊයේ රාත්‍රීයේ උතුරෙන් බස් 16 ක්ද නැගෙනහිරින් බස් 30 ක්ද කොළඹ බලා පිටත්ව ඇත.එම බස් රථ මේ වන විට මග ගමන් ගනිමින් තිබේ. දක්ෂිණ අධිවේගයට තවම බස් රථ කිසිවක් ඇතුළු වී නැත. කොළඹ රාත්‍රිය ගතකිරීමට ඉන්නේ දාහයි. එම පිරිසට කාන්තාවක් සහභාගී කර නොගන්නැයි උපදෙස් දී තිබේ. නාරාහේන්පිට අභයාරාමයේ 50,000 කට කෑම ද, පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ තවත් 50,000 කට කෑම ද සූදානම් කිරීම පවරා තිබේ. රාත්‍රියේ දැල්වීමට පන්දම් 1000 ක් ද සූදානම් කර තිබේ.පාසැල් ඇරෙන වේලාවට ලිප්ටන් වටරවුම අවහිර කිරීමට සැලසුම් කර තිබේ. ඒකාබද්ධය සෝන්ඩර්ස් පෙදෙස, කැම්බල් පාර්ක්, විහාරමහා දේවී උද්‍යානය සහ ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය සඳහා අවසර ලබා ගැනීමට අයැදුම් කර තිබිණ. අද උදෑසන වන විට සැලසුම අනුව සෙනග ප්‍රධාන වශයෙන් කොටුවට සහ පිටකොටුවට ගෙන්වා ගැනීමට තීරණය කර ඇත. එතැනින් අරලියගහ මැදුර දක්වා ගමන් කිරීමට සූදානම් වේ."උපක්‍රම නෑ. උපායශීලී බවක් නෑ.ඒක අපි කිව්වට පිළිගන්නේ නෑ" යනුවෙන් ඊයේ පුජ්‍ය බෙන්ගමුවේ නාලක ස්වාමින් වහන්සේ කල ප්‍රකාශය බොහෝදෙනෙකුගේ සිත් අවුල් කිරීමට හේතුවී ඇත.

:       1986       2596

RNG Wednesday, 05 September 2018 09:33 AM

මෙයා සිරිකොතේ අලුත්ම මාධ්‍ය ප්‍රකාශක ද කොහෙද ..නැත්තම් මොකටද මෙච්චර ම ආණ්ඩුවට කහින්නේ

:       255       1584

sirimalWednesday, 05 September 2018 10:21 AM

ඇත්ත කතා කරන එක ආණ්ඩුවට කහිනවා කියල හිතනවානම් මහින්ද වගේ අසීමිත බලය අවභාවිතා කරමින් රටේ සම්පත් උලාකෑ ඒකාධිපතියෙකුට කහිනවා කියල කියනවාට වැඩිය සතුටුයි. සිරිකොත හෝ පැජට් පාර හෝ කියන්නේ මොකද්ද කියලවත් මට වැදගත් නැහැ. මම කියන්නේ ඇත්තයි. මේ විරෝධතාවයේ ඒකායන අරමුණ බලය අවභාවිතා කල කට්ටිය ඒ සඳහා දඬුවම් ලැබීමෙන් ගලවා ගැනීම සහ දඬුවම් දෙන්න ගිය අයට පාඩම් ඉගැන්වීම. දැන් කිවතාවක් බලය පෙන්නුවද? නැගිට්ටද? පාගමන් ගියාද? හුළඟක් ගෙනාවද? මේකත් ඒවගේ නාමල් බේබිගේ තවත් පොඩි ක්‍රියාවක් විතරයි. හෙට එළිවෙනකොට ජනාධිපති සිරිසේනමයි. අගමැති රනිල්මයි. ඒක හොඳද නරකද කියන එක වෙන කතාවක්. ඒ උනාට මේ කරන දේ රටවෙනුවෙන්නම් නෙවෙයි. එක හොරු කණ්ඩායමක් වෙනුවෙන්ම පමණයි. හරිම සරලයි.

:       386       1385

RNG Wednesday, 05 September 2018 11:06 AM

විරෝධතාවක් කළ පලියට දඩුවම් දීම වළක්වාලිය හැකියි කියනවා නම් ඒ වැඩ බැරි ආණ්ඩුවේ තරම තමයි. එහෙම හිතන මිනිස්සුන්ගෙත් මොළේ තරම තමයි ..

:       657       546

ත්‍රස්තවාදය Wednesday, 05 September 2018 08:19 AM

භීෂණය : අලුත්ම භීෂණය නාමල් භීෂණය වේ. කොළඹ පාසල් ළමයින්ගේ සමහර දෙමාපියන් දරුවන් පාසල් එවීමට බිය විය. සේවා ස්ථානවල සමහර ගැහැණු සේවකයින් පස්වරු නිවාඩු දැමීම දැනටමත් සිදුවී තිබේ. ඇමෙරිකාව විසින් මෙහි සිටින අයට කොළඹ නගරයේ සෙනග අතරට නොයන ලෙස දැනුම් දී ඇත. පෙර පැවතී භීෂණය ජේ.වී.පී එල්.ටී.ටී වේ. ප්‍රතිඵලය ඔවුන්ගේ මරණය රට ආර්ථිකය කඩා වැටීම, නාමල් ගේ අනාගතය? ත්‍රස්තවාදී ද? ප්‍රජාතන්ත්‍රවාදය? මෙය රජයට විරුද්ද උද්ඝෝෂණයට එහා ගිය ජනයා බිය වද්දන සහ ආර්ථිකය කඩා දමන ත්‍රස්තවාදයයි. ජනයා බිය වද්දන අයට රටේ නිතිය අනුව දඩුවම් කල යුතු නොවේද? එහෙත් සිරිසේන සහ රනිල්ගේ උපාය කුමක්දැයි බල සිටිමු.

:       1713       2179

CHARITHWednesday, 05 September 2018 08:43 AM

කඩා දමන්නට ආර්ථිකයක් අපිට තිබේද?

:       495       566

NuwanWednesday, 05 September 2018 08:45 AM

උපාය සිම්පල් දිනන පැත්තට ආප්ප කාල පනිමු

:       4       118

sas Wednesday, 05 September 2018 08:35 AM

මෙම උද්ඝෝෂණ නාටකයෙන් පෙනෙන දේ නම් මහින්දගේ අධික බල තණ්හාවයි.

:       1509       2406

පිටිගල මිලානෝ Wednesday, 05 September 2018 08:50 AM

එතකොට මහින්ද අගමැති වෙලා විමල් වීරවංශ නිවාස ඇමති වෙලා , බැසිල් ආර්ථික සංවර්ධන ඇමති වෙලා, නාමල් ක්‍රීඩා ඇමති වෙලා, ගම්මන්පිල බුද්ධ ශාසන ඇමති වෙලා, ජී ඇල් මුදල් ඇමති වෙලා, දිනේෂ් ප්‍රවාහන ඇමති වෙලා, පාදෙණිය සෞඛ්‍ය ඇමති වෙලා, වාසු රාජ්‍ය භාෂා ඇමති වෙලා, බදුර්දීන් වනජීවී ඇමති වෙලා තොන්ඩමන්, රවුෆ් හකීම් වගේ දේශප්‍රේමීන් එක්ක රට දියුණු කරන කොට බඩු මිල අඩුවෙලා, පඩි වැඩිවෙලා අපිට සතුටින් ඉන්න පුළුවන් නේද? හුරේ හුරේ ජනබලේට හුරේ.... ඩෝප් හිදෙන්නම වතුර හෙම ගහනවා නෙවෙයි ඔන්න....!

:       4518       7099

janatha anura Wednesday, 05 September 2018 08:55 AM

ඒ එදානේ දැන් රට කන්නේ කවුද ?

:       1371       451

sirisena Wednesday, 05 September 2018 09:12 AM

මෙවන් උද්ඝෝෂණ මගින් රටේ සිටින නිකමුන් ගණන පිලිබඳ අදහසක් ලබා ගැනීමට හැකිය.

:       1273       811

chana Wednesday, 05 September 2018 09:16 AM

මම නම් මේක දකින්නේ ගමේ ඡන්ඩියෙක් කසිප්පු ගහල හන්දියට ඇවිත් සරම උස්සගෙන කෑගහල හූ හඬ මැද්දේ පල්ලම් බහිනවා වගේ. මහින්ද කියන්නේ අසහාය නායකයෙක්. විමල් ,ගම්මන්පිල මහින්දානන්ද ,රෝහිත, සහ නාමල් යන දේශපාලන අන්ධබාලයෝ කියන දේ අහල තමන්ගේ ප්‍රතිරූපය බිංදුවට දාගන්නවා. ඔය සෙට් එක හලලා එන්න .ජනතාව අයෙමත් ඔබව රජ කරවී ..

:       21       902

Sanjaya perera Wednesday, 05 September 2018 09:16 AM

පව් මේ සේරම... ඡන්දෙදි තමන්ට ඕන එකාට කතිරෙ ගහල දිනවනව ඇරෙන්න, බෝතලෙටයි බත් පැකට් එකටයි කොලඹ ඇවිල්ල ආණ්ඩු පෙරලන්න පුළුවන් කියල හිතන මේ වගේ එවුන් එක්ක කොහොමද බොල රටක් දියුණු කරන්නෙ

:       1310       1702

RNG Wednesday, 05 September 2018 10:28 AM

මෙතන ඉන්නෙ සුළු පිරිසක් නේ..හැට දෙලක්ෂයක් ඉන්නෙ ඉතින් රටක් දියුණු කරනවා නම් දියුණු කරන්න බැරිය

:       152       237

nandana Wednesday, 05 September 2018 09:21 AM

මේකේ තියෙන ප්‍රතිචාර වලින් පෙනෙනවා දැන් දැන් පොහොට්ටුවත් මිනිස්සුන්ට එපා වේගෙන එන බව

:       1336       2014

mahainda raja Wednesday, 05 September 2018 09:31 AM

මහින්ද හදන්නේ මෙවැනි දේකරලා තමන් කරපු හොරකම් වහගන්න මෙයට බලයට එන්නදෙන්න නරකයි...

:       1105       1471

ravi Wednesday, 05 September 2018 09:53 AM

මෙයාලගේ බෙලි වලට වැටිලා තියන තොණ්ඩු .. එන්න .. එන්නම තද වෙනවා .. ! තොණ්ඩුව තද වෙන්න .. වෙන්නම .. මෙයාලත් කස්සල්ලට සහ නොසන්සුන්භාවයට පත්වෙනවා . . !

:       975       1187

bandu wimalasena Wednesday, 05 September 2018 10:03 AM

අපි අවදානයෙන් ඉන්න ඕන හේතුව මේ හැමදෙයක්ම විපක්ෂේ කරන්නේ ඒ අයගේ හොරකම් වහ ගන්න, දැන් ජොන්ස්ටන් හිරේ නාමල් හෙට අනිද්දා යනවා ඊට පස්සේ ගෝඨාභය ඊට පස්සේ බැසිල් ,විමල්, ගම්මන්පිල ,කළුතර රත්තන් මුන් ඔක්කොම පෝලිමේ යන්න ඉන්නේ හිරේ ඉතින් ඒවා වහගන්න තමි මේ ඔක්කොම, බුද්ධියෙන් පක්ෂ පාට නැතුව හිතන්න.

:       943       1410

chandi Wednesday, 05 September 2018 10:15 AM

හොරු , හොරුවෙනුවෙන් පෙළපාලි යති.........

:       919       1211

RNG Wednesday, 05 September 2018 10:31 AM

පොහොට්ටුවේ හැමෝම මෙතන අදහස් දක්වන්නෙ නෑනේ නන්දන..මේකෙ තියෙන අදහස් වලින් විතරක් ඒක තීරණය කරන්න බෑ..ඡන්දයක් තියන්න කියන්නකො බලන්න .අන්න එදාට දැන ගන්න පුළුවන් ඇත්ත තත්ත්වය මොකක්ද කියලා

:       492       1041

RNG Wednesday, 05 September 2018 10:35 AM

අනේ එහෙනම් මහින්ද රජෝ හොර මැරකම් නොකර මේ සිල් රකින ආණ්ඩුව ම ආයෙත් බලයට ගේමු හොඳේ ..

:       2       1010

dias Wednesday, 05 September 2018 10:36 AM

මුන් දෙගොල්ලොම කරන්නේ එක. ගමේ ඉන්න එවුන්ව පක්ෂ වලට කලා බේද කරලා, නගරයට වෙලා සුර සැප විඳිනවා. ඔවුන් එකෙක්වත් විශ්වාස කරන්ට එපා.

:       881       165

බද්රානි Wednesday, 05 September 2018 10:47 AM

මෙවැනි විහිලු වැඩ දිනපතාම, වසර පුරාම සිදුවෙනවා නම් කොච්චර විනෝද ද? ප්‍රශ්න විසඳගන්න උද්ගෝෂණයක් කරනවට වඩා, වඩා විනෝදයට රැලේ යන විහිළුකාරයෝ සිටින රටක් ලෙස ලෝකෙටම ප්‍රදර්ශනය කරන්න හොඳ අවස්තාවක් මේක.

:       115       172

chamith Wednesday, 05 September 2018 10:53 AM

අපි මහින්ද සමගයි... අපිත් යනවා රැලියට. ඔයාලත් එන්න.

:       320       51

ගාල්ලේ පාල Wednesday, 05 September 2018 11:00 AM

මහින්ද වටා ඉන්න අය මේ ආණ්ඩුව පත්වූදා ඉඳන්ම වර්ජන ගර්ජන..

:       2       107

DILSHAN Wednesday, 05 September 2018 11:07 AM

කට්ටියට කියක් දීලා ගෙන්නුවද දන්නේ නෑ. 2020 හොර බොරු නැති අලුත් කෙනෙක් එන්න ඕන. මං නං කියන්නේ සංගක්කාර 2020 ජනාධිපති උනොත් වෙනසක් දකින්න පුළුවන්, සංගා හොර බොරු නැති කෙනෙක්. ඒක රටම දන්නවා. සංගාව කොහොම හරි 2020 ජනාධිපති කරමු.

:       108       139

DILSHAN Wednesday, 05 September 2018 11:09 AM

මේ අය එන්නේ රට ගැන හිතලවත්, ජනතාව ගැන හිතලවත් නෙවෙයි. මේ අයගේ වාසියට

:       28       143

sirimal Wednesday, 05 September 2018 11:36 AM

මේ සේරගේම උත්සාහය ආණ්ඩුව පෙරලීම නොවේ. ඒක වෙන්නේ නැති බව ඒගොල්ලෝ දන්නවා. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ ‌නායක කිරීම සහ ‌හොරු ‌බේරීම සඳහා නඩුකාරයන්ට මානසික බලපෑම් කිරීම තමයි මේ ඒකායන අරමුණ.

:       20       172

සමන්ත Wednesday, 05 September 2018 11:39 AM

අපි මේවට කලබල විය යුතු නැහැ. මේ අයට මේ හැමදේටම ඉඩ දෙන්න ඕනේ. එතකොට තමයි ජනතාව නියම ඇත්ත දකින්නේ. මේ නඩය එදා ඉඳලම කලේ අහිංසක, දුප්පත් මිනිස්සූ අන්දපු එක. අද කරන්නෙත් ඒක, බලය තිබුන කාලේ කරපු දේවලට, පාරවල් හදන්න බැංකු වලින් ගත්ත ණය, ශ්‍රී ලන්කන් එක විනාෂ කරලා දාලා කරපු ණය වලට අදටත් වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාව. ඒත් මේ ආණ්ඩුව එක හරියට තවම මිනිස්සුන්ට පැහැදිලි කරලා නැහැ. කොහොම වුනත් අදටත් ඔය හොරුන්ගේ වටේ ඉන්නේ එදා හරි හරියට හොරා කාපු අයම මිසක් පොදු ජනතාව නෙමේ. ඉස්සෙල්ලා නාමල් ඇතුළු පිරිස තමන්ට ඇති චෝදනා වලින් නිදහස් වෙලා එන්න ඕනේ. වෙන රටක එහෙම නම් මේ වගේ අයට දේසපාලනය තියා ප්‍රජා අයිතියවත් හිමිවෙන්නේ නැහැ. ඒත් අපේ රටේ ඕනෑම කෙනෙකුට මහජන නියෝජිතයෙක් ලෙස පෙනී ඉන්න පුළුවන්.

:       19       407

Bamunuarachchi Wednesday, 05 September 2018 12:12 PM

"විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති" ගෙදර ගිහිල්ලා ඇඳන් යට රිංගලා ඉඳලා හෙට මෙතැන ලියාවි ජනබලය සාර්ථකයි කියලා

:       137       100

ranga dubai Wednesday, 05 September 2018 12:38 PM

වෙස්මුණු දාගෙන තමයි එන්න වෙන්නේ. වෙස්මුණු දාගත්ත කලඑළි මංගල්ලයක් මට පේන විදිහටනම්.

:       0       30

සතයපාල Wednesday, 05 September 2018 12:42 PM

ලක්ෂ නවයක් ගෙනෙනවා කියලා කිව්වට කන්න බොන්න දීලා ප්‍රවාහන පහසුකම් සපයලා ලක්ෂයකටත් අඩු සෙනගක් බොහෝම අමාරුවෙන් කොළඹට රැස් කරවාගෙන. හිතු තරම් සෙනග රැස් කර ගන්න බැරීවීමට දැන් හේතු හැටියට කියයී ආණ්ඩුවේ උදව්ව මදී බවට. ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ආණ්ඩූවෙන්ම උදව් ඉල්ලන ලෝකයේ එකම විපක්ෂය මේ ඒකාබද්ය විතරමය. මේකෙන් වුනේ කිසිම විනයක් නැති සංවර බවක් නැති හා සංවිධානයක් නැති උද්ඝෝෂකයෝ රැළක් කොළඹ පාරවල් වල හිස් වතුර බෝතල් ග්රොසරී බෑග් හිස් කිරි පැකට් හා සටන් පුවරු දමා අපවිත්‍ර කිරිම පමණයි. ඒකාබද්ධයේ නායකයො වසර දහයක් මේ රට පාලනය කර රටට කල අපරාධ හා සැහැසීකම් වරින් වර මේවැනී උද්ඝෝණ හා විරෝධතා හරහා ජනතාවට නැවත නැවතත් මතක් කර දීම පිලිබදව නම් අප ඔවුන්ට කෘතඥතාව පලකර සිටිය යුතුය.

:       1059       1822

Bamunuarachchi Wednesday, 05 September 2018 12:42 PM

"ඒ පැත්තට ගිහින් ප්‍රතිවිරෝදතාවයක් පෙන්නුවද? " කොයි කාලේද ඉපදුනේ. අර අරයා වගේ කියන්න එපා මම පුංචි එකා කාලේ සීයාගේ අතේ එල්ලිලා විරෝදතා පෙළපාලිවල ගියේ කියලා එහෙනම් අහගන්න 1950,1953,1956,1958,1981,1983.... තව තිබෙනවා... ඔය කාලවල අපි ප්‍රතිවිරෝදතාවය පෙන්වූවා. 2009 නියමෙටම පෙන්වූවා.

:       78       25

Bamunuarachchi Wednesday, 05 September 2018 12:44 PM

මේ අය එන්නේ රට ගැන හිතලවත්, ජනතාව ගැන හිතලවත් නෙවෙයි. මේ අයගේ වාසියටලු එතකොට ඉන්න අය ඉන්නේ කාගේ වාසියටද ?

:       362       98

PaaliWednesday, 05 September 2018 01:12 PM

ආ ඔයා මෙතනද ඉන්නේ? මම හිතුවා ඔයත් පෙළපාලියට යන්න ඇති කියලා.

:       8       96

aseThursday, 06 September 2018 07:28 AM

මෙයා ලියන දේ ගණන් ගන්න එපා, මේ කටින් බතල හිටවන කඩේ යන කෙනෙක් , ලියන දේ වලින් වැඩි හරියක් බේගල්.

:       0       2

සමන්තWednesday, 05 September 2018 01:25 PM

අපි තවමත් හේතු සහිතව විශ්වාස කරන්නේ, හිතන්නේ ඉන්න අය ඉන්නේ ජනතාවගේ වාසියට කියලා. මොකද ඒ අය පත්කරගත්තෙම ජනතාව නිසා. සමන්ත

:       16       67

ravi Wednesday, 05 September 2018 01:20 PM

මෙව්වා ඔක්කොම මුහුණ දීමට තියන නඩු , චෝදනා වලට බයේ කරන දේවල් .

:       1       135

pakeer Wednesday, 05 September 2018 01:24 PM

අනේ මෙහෙම දේශපාලකයෝ. ජන ජීවිතය අඩාල කරන ඇවිත් තමයි, ජනතාවට සේවය කරන්න.

:       12       116

Saman Wednesday, 05 September 2018 02:10 PM

අපේ අය නම් හරිම නිර්මාණශීලියි... මේකට දාපු නම නියමෙට ගැලපෙනවා

:       1       110

K Perera Wednesday, 05 September 2018 02:41 PM

ජනබලේ පෙන්නුවනේ, දැන් ගෙදර ගිහිහ් නිදාගන්න පව් නොදී.

:       0       152

RNG Wednesday, 05 September 2018 03:16 PM

අනේ රවි මේවා කරා කියලා නඩු වලක්වන්න පුළුවන්ද? කවුරුවත් කියන පලියට නිකන් මෝඩ කතා කියන්න එපා. නඩු තියෙනවා නම් නඩු අහලා තීන්දු තීරණ දෙන්න ඕන. අවුරුදු තුනක් ගිහිල්ලත් මේ අයට තාම එක නඩුවක් අහලා තීන්දුක් දෙන්න පුළුවන් උනාද? කතාව විතරයි

:       2       62

sanath sirisena Wednesday, 05 September 2018 03:20 PM

ආණ්ඩුව පෙරලුනා. අයියෝ සල්ලි

:       1       117

Asiri Wednesday, 05 September 2018 03:58 PM

ඒකාධිපතිය කව්ද? හීන පේනවා වගේ

:       0       231

Aruna Wednesday, 05 September 2018 04:17 PM

ඒ කාලේ පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ තිබුනේ

:       0       242

parakkrama Wednesday, 05 September 2018 04:24 PM

පැමිණ ඇති ජනකාය ගැන ගණන් බලන කෙනෙකුට පෙනෙයිද දන්නේ නැහැ ලක්ෂ එකකට වැඩිය හිටියා කියලා.

:       0       257

de silva Wednesday, 05 September 2018 06:12 PM

ඕනේ නම් වැඩිම වුනොත් ආණ්ඩුවේ නාමපුවරුව පමණක් මාරු වේවි, නමුත් අලුත් කැබිනට් එකේ වාඩිවෙන පුද්ගලයන්ගෙන් 50% ම පසුගිය අවරුදු 10-15 ඔය තනතුරුම දරපු පුද්ගලයන්, අලුත් ආණ්ඩුව පත්වෙලා මාස 2-3 කින් තව පරණ මිනිස්සු රොත්තක්ම ඕකට පනිවි, ඔවුන් පරණ පුරුදු හොරකම් කරමින්, බොරු කියමින්, තමන්ගේ සහ තම පිරිසගේ වත් පොහොසත්කම වැඩි කරගනීවි, පරණ විදිහටම වැඩ කරාවී එතකොට රට ඉදිරියට යන්නේ කොහොමද

:       0       318

Bimal Wednesday, 05 September 2018 08:05 PM

පුතාට රජකම දෙන්න සමහරු පුදුම වෙහෙසක්නේ දරන්නේ. අපිට ඕන තරම් මේ රටේ උගත් බුද්ධිමත් තරුණයෝ ඉන්නවා රට භාර දෙන්න.

:       0       1

ලුම්බිණි Wednesday, 05 September 2018 11:29 PM

අන්තිමට කරපු දේකුත් නැහැ. උන දේකුත් නැහැ. නිකම්ම නිකම් හිස් දෙයක් පමණයි. මීට වඩා නරකද වැඩකට ඇති දෙයක් කළා නම්.

:       0       1

rocky Wednesday, 05 September 2018 11:37 PM

ආණ්ඩුව පෙරලුවාද? හූ ..හූ!!

:       0       1

Saman Thursday, 06 September 2018 01:18 AM

ඔය ලඟ ඉන්න පවිත්‍රා දේවි කිව්වේ 6 වැනිදා ආණ්ඩුව අරගෙනයි ගෙදර එන්නෙ කියල. දැන් ඔහේද අගමැති ?

:       0       1

laksman Thursday, 06 September 2018 02:06 AM

මැතිතුමනි ඒකාධිපති කියන්නේ එක් අයෙක් පවුලේ අය සමග දිගටම බලයේ සිටීම කියලා මම නම් අහලා තියෙන්නෙ. දිගටම බලයේ ඉන්න උත්සාහ කිරීමත් ඒකාධිපතිතවය කියලයි අපි හිතන්නෙ

:       0       1

nuwan Thursday, 06 September 2018 03:39 AM

මහින්දට මතක නැති වෙන ලෙඩේ වැඩිවෙලා වගේ ඒකාධිපති පාලනයක් ගැන කියවන්නේ.

:       0       2

raawana Thursday, 06 September 2018 04:47 AM

මෙයාගේ කාලේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන අටුවා ටීකා අවශ්‍ය නැහැ. ෆොන්සේකාව අත් අඩංගුවට ගත් හැටි,වතුර ඉල්ලලා උද්ඝෝෂණ කළ අය‍ට සලකපු හැටි, වෙළඳ කලාපේ උද්ඝෝෂකයින්ට, මීගමුවේ උද්ඝෝෂකයින්ට සැලකුවේ ඉතාම සාධාරණ විදියටනේ..තමන් හිටපු පක්ෂෙන් ඡන්දෙ දිණුවට පස්සේ පොහොට්ටුව අටවා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා බව දැන් අමතක වෙලා. විෂ්ණු දෙවියන්ටත් බටකොළ කන්න උනාලු අපල කාලේ. කවුද හිතුවේ පිටකොටුවේ පයින් යන්න වෙයි කියල ඇවිත් මීටර් 100ක් වත් ගියාද? ඉන්පස්සේ වාහනේට නැගල ගියා මිසක්. අර මෝඩ තකතිරුවෝ අවුවේ වේලි වේලි මහා පාරේ බඩ ගෑව.

:       0       8

Deepal Nirosh Thursday, 06 September 2018 04:53 AM

දැන් ආණ්ඩුවට විරෝධතාව දැක්වුවනේ. කවුරුත් දැකබලා ගත්ත. දැන්වත් අර ජවිපෙන් ගේනන යන රටට හානිකර 20වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්න එක්කාසු වෙලා වැඩ කිරීමයි කළ යුත්තෙ. පුද්ගල ප්‍රතිරූප පුම්බන මේ වගේ ප්‍රදර්ශනවලට වඩා විපක්ෂයේ වැදගත් කාර්ය භාරය එයයි.

:       2       1

නිමල් Thursday, 06 September 2018 08:10 AM

අනේ මන්ද නටපු විධියට නම් රටේ ප්‍රශ්ණ ඇති බවක් පෙනුනේ නැහැ. කට්ටිය මාර ජොලියෙන් බජව් දැම්මා නැටුවා මම හිතුවේ ආණ්ඩුවට සතුට පළකළා කියලා.

:       0       1

OMG Thursday, 06 September 2018 08:14 AM

හැමෝම දිනුම්. අපි පරාදයි....

:       0       1

Chanak Los angeles Thursday, 06 September 2018 06:57 PM

හොරා කාපු සල්ලි ඉවරවේගෙන යනවා ඇති.. අායිමත් හොරාකන්න ආණ්ඩු පෙරලන්න කසිප්පුකාරයන් ගෙන්වාගෙන මහරජානෝ සිහින මවනවා..

:       0       0

yaha Saturday, 08 September 2018 02:59 AM

ලංකාවේම අනගතය කාලා දානවා. මේ උද්ඝෝෂණයේ ඉන්නේ ඔක්කොම අරක්කු බෝතලේට, බත් පාර්සලේට එකට ණයට කහින රැලක්.. මේ අය නෙමේ නියම ජනතාව නියෝජනය කරන්නේ... ලංකාවේ අනුවණ ජනතාව.. එජාපයේ කියලා වෙනසක් නැහැ. ඔක්කොම එකයි.. මිනිස්සුන්ව අමු අමුවේ රවට්ටනවා.. පුළුවන් අය රට දාලායනවා… රටට ආදරේ අය චාටර් කාගෙන රටේ ඉන්නවා.

:       0       1

vidya Sunday, 09 September 2018 01:04 AM

කරුණාකරලා පේරාදෙනියෙන් මෙහාටත් කටුගස්තොටින් මෙහාටත් එවන්න එපා. අපිට හැන්ද වෙනකොට ගෙවල් වලට යන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 297 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 438 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 443 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1473 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1928 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2405 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site