IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


“ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා“

ජනතා විමුක්ති පෙරමුණේ 27 වැනි ඉල් මහා සමරුව අද (13) දින කොළඹ විහාර මහා දෙවි එළිමහන් රංගපීඨයේදී  පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවේදී ප්‍රධාන දෙසුම සිදු කළ අනුර කුමාර දිසානායක මහතා පැවසුයේ වත්මන් ආණ්ඩුව රටේ සියලු සම්පත් විකිණිමට පිඹුරු පත් සාදා ඇති බවත් එසේ කරන්නේනම් මෙය ආණ්ඩුවක් නොවන බවත් ය.

DSC_0020 DSC_0048 DSC_0054 DSC_0057 DSC_0068 DSC_0071 DSC_0087 DSC_0095 DSC_0097 DSC_0101 DSC_0111 DSC_0119 DSC_0131 DSC_0141 DSC_0158 DSC_0164 DSC_0198 DSC_0209 DSC_0215

 



අදහස් (0)

“ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා“

කුමාර් Sunday, 13 November 2016 03:33 PM

මෙයාලගේත් මේ අනවශ්‍ය වැඩ නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

හේමන්ත Monday, 14 November 2016 08:11 AM

කතාව විතරයි.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 13 November 2016 04:01 PM

රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් එකම පක්ෂය ජවිපෙ පමණයි. (අ)

:       0       0

නුවන් Monday, 14 November 2016 08:45 AM

මේ අයට රටේ සම්පත් ගැන කතා කරන්න අයිතියක් නෑ. රටේ සම්පත් විනාස කරලා දැන් බොරුවට බයිලා කියනවා . මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ බිලි බා ගන්න ලේසි වයස මේ වයස ටිකක් දඩබ්බර මුරණ්ඩු වයස නිසා ඔය වට වෙලා උන්නට තව අවරුදු දෙකක් යන කොට ඔය කට්ටිය නැ . (බ)

:       0       0

ධම්ම Sunday, 13 November 2016 04:36 PM

ඔබ ආයුතුමයි.(රේ)

:       0       0

සදුන් Monday, 14 November 2016 08:49 AM

මේ අය කවදාවත් මෙයාල නිසා නිකරුනේ මැරුණ අය වෙනුවෙන් කවදාවත් දානයක් දීල පිරිතක් කියලා එයාලට පින් අනුමෝදන් කරලා තියනවාද? බට හිරට බැන බැන මල් කලබ තියන්නේ . දැන් වත් කොල්ලනේ කෙල්ලනේ තේරුම් ගන්න යථාර්ථය කියන්නේ එකක් කරන්නේ වෙන එකක් බව ? (බ)

:       0       0

නිමල් Monday, 14 November 2016 08:58 AM

අර දෙවැනි පොටෝ එක මම හිතුවේ මනමාලි බලන්න කට්ටියම මල් කලඹක් අරන් යනවා කියලා. දෙවැනි ගමනත් යන්නේ ඔය වගේ නිසා . (බ)

:       0       0

දිනේෂ් සුබසිංහ Monday, 14 November 2016 09:03 AM

ජනතා විමුක්ති පෙරමුනට නියම අනාගත දැක්මක් තිබුනානම් මේ ආණ්ඩුව පත් කරගන්න අනියමින් උදව්කරන්නේ නෑ. ඉතිහාසය පුරාවටම එජාප ආණ්ඩු රජයේ දේවල් විකිණුව. ජවිපෙ ගිනි තියල විනාශ කළා (බ)

:       0       0

රේණුක Sunday, 13 November 2016 05:47 PM

ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා කියලා ගිරිය පුප්පාගෙන කට ලේ රහ වෙනකම් කෑ ගහන අය රටේ වටිනා සම්පත් ගිනි තියලා, විනාශ කරලා රට ආර්ථික වශයෙන් කාබාසිනියා කළ පාපකර්මයෙන් නම් කල්ප ගණනාවක් ගියත් ගොඩ එනවා බොරු. මේ අයගේ උත්තරීතර වූද, අමරණීය වූද, මානව හිතවාදී වූද, ආදරයෙන් සිප වැළඳගන්නා වූද සමාජවාදයේ යශෝරාවය! (නි)

:       0       0

සුනිල් විජේසේන Monday, 14 November 2016 09:47 AM

මොන වැඩේ කලත් හොඳ නොකියන පක්ෂයක් (ම)

:       0       0

කමල් Sunday, 13 November 2016 07:24 PM

දුප්පත් ජනතාවගේ එකම බලාපොරොත්තුව. ජයවේවා! (නි)

:       0       0

අනිල් Sunday, 13 November 2016 07:30 PM

කලින් තිබුන ආණ්ඩුව අවුරුදු 10ක් තිස්සේ කිසි රාජ්‍ය දේපලක් විකිණුවේ නැහැ. කලින් ආණ්ඩුවලින් විකුණලා තිබුන දේවලුත් අාපහු රජයට ගත්තා. ඉතින් ජවිපෙට කියන්න කිසිදෙයක් තිබුනේ නැහැ. ආයෙත් මුල්වෙලා ගෙනාවා වැඩබැරි, සියල්ල විකුණන පරගැති ආණ්ඩුවක්. දැන් ජවිපෙට ඕනෑතරම් බුලට් දමලා දස අතට වෙඩි තියන්න. (නි)

:       0       0

සුසන්ත Sunday, 13 November 2016 07:32 PM

රට කබළෙන් ළිපට දැමු ඔබත් කබළෙන් ළිපට වැටෙනවාමයි. ජනතාව ඊළඟ ඡන්දෙදි නිසි උත්තර දෙයි. (නි)

:       0       0

චන්ද්‍රිකා මහගමගේ Sunday, 13 November 2016 08:42 PM

 නුඹේ සුපුරුදු බයිලා අසා නටන ඔය නූඹගේ ඉදිරියේ සිටිනාමී හරකුන්ට හොදයි ඔය කියමන්. (අ)

:       0       0

සුනිල් Monday, 14 November 2016 11:41 AM

ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා. තව කට්ටියක් රටේ සම්පත් වලට ගිනිතියපු කාලෙකුත් අපිට තිබුණා. අපිට ඒවා තවමත් මතක තියෙන්නේ තවම අපි මැරිලා ඉපදුනේ නැති නිසා! (නි)

:       0       0

සුසිල් Sunday, 13 November 2016 10:46 PM

ඔයගොල්ලො මරපු අයත් සැමරුවානම් නේද හොඳ ? (අ)

:       0       0

රුවන් Monday, 14 November 2016 11:47 AM

ජේවීපී එක අතීතයේ කොච්චර නිකරුනේ මිනිස්සු මැරුවද. තරහ පිරිමැහුවද. සහෝදරකම, සමනත්තතාවය ගැන කතාකළාට කිසිම එහෙම ගතියක් නැහැ. (නි)

:       0       0

සත්‍යපාල Sunday, 13 November 2016 11:00 PM

ශිෂ්‍ය අරගල වෙනුවෙන් සහ ජවිපය වෙනුවෙන් මුළු ජිවිතයම දුන් රාජරත්නම් සහ කුමාර් ගුණරත්නම් සොහොයුරන් නොදන්නා ජවිපියකු සිටිය නොහැක. ඒ දෙසොහොයුරන්ගේ අයෙකු වන රන්ජිතම් අමු අමුවේ මරා දමා කුමාර්ව සිරගතකොට ඩීල් කුමාරලා "ඉල්මහ විරුවන්" සමරන විහිලුව දැන් රඟදෙන අයුරු කෙතරම් අජූවද, නින්දිතද, හිරිකිතද කියා නොපෙනෙන ජෙප්පන් ගැන කුමන කතාද ?(අ)

:       0       0

සත්‍යපාල Sunday, 13 November 2016 11:10 PM

පෙනෙනවද සංකේතාත්මක වෙනස. දැන් තනි රතු කමිස අදින්නේ බිම වාඩිවෙලා ඉන්න ගමේ අහිංසක ජෙප්පෝ දෙතුන්දෙනෙක් විතරයි ඒවත් ගොඩක් රතුම නොවෙයි රෝසපාට.නායකයොත් තැනින් තැන රතු තියන කොටු කමිස.තනිකර රතු නොවෙයි. හැබෑ වෙනසක් නේද......? (අ)

:       0       0

රණවීර Monday, 14 November 2016 12:05 PM

ඔව්, මේ මඟ හෙළිකරන්නට ඔබත් ආ යුතුමය! (නි)

:       0       0

පී. ඉලංගරත්න Monday, 14 November 2016 12:13 AM

ඔයගොල්ලොත් මේ ආණ්ඩුව හදන්න උදව් කළා නේද? (අ)

:       0       0

දුමින්ද Tuesday, 15 November 2016 06:51 AM

රෙදි ඇඳගෙනද දන්නේ නැහැ මේගොල්ලෝ මේ කතාකරන්නේ (නි)

:       0       0

හේවා Monday, 14 November 2016 01:15 AM

කවුද ඉතින් මේවට වගකියන්න ඕනෑ? (නි)

:       0       0

සරා Monday, 14 November 2016 01:19 AM

මේ පවතින වර්තමාන තත්ත්වයට ඔබ සැමත් ඍජුවම වගකිවයුතුයි (නි)

:       0       0

තිලක් Monday, 14 November 2016 01:02 PM

මේ මිනිස්සු ජවිපෙට එන්නේ හදවතින්.එහෙම නැතිව අරක්කු බෝතලයට,බත් පැකට්ටුවට,සංගීත සංදර්ශන බලන්න එහෙම නෙමෙයි.ජවිපෙ නොතිබුනානම් මේ වෙනකොට රටම විකුනම් කාල ඉවරයි.පාසල්,විශ්ව විද්‍යාල,සෞඛ්‍ය,ප්‍රවාහන..... විකුණලා ඉවරයි. (හේ)

:       0       0

සුනිල් Monday, 14 November 2016 01:25 AM

විකුණන්න රටේ සම්පත් තව තියෙනවද? මේ ආණ්ඩුව ගෙනෙන්න ජවිපෙ සම්බන්ධ වුණා කියන අයත් ඉන්නවා නේද? ඔන්න ඔහේ විකුණගන්න එකක් විකුණාගත්තාවේ. ලංකාවේ මිනිසුන්ට හොඳ නම් අපිට මොකද. (නි)

:       0       0

සුමුදු Monday, 14 November 2016 01:29 AM

සුසන්ත, අවුරුදු හැත්තෑවක් මිනිස්සු ඡන්ද වලදි නියම උත්තර දුන්නා නේද? ඉතින් ඔයාලා තාම එතන නේද? (නි)

:       0       0

සමන් Monday, 14 November 2016 02:10 PM

විශ්ව විද්‍යාලයට ගිය හුඟදෙනෙක් පිළිගන්න දෙයක් තමා මේගොල්ලෝ හින්දා විශ්ව විද්‍යාල එකපැත්තකින් රැකෙනවා වගේම අනිත් පැත්තෙන් අන්තෙටම පිරිහෙනවා කියලා. දැන් ඉස්සරට වඩා පිරිහෙන ගතියක් තියෙන්නේ. විශේෂයෙන්ම කැම්පස් ඇතුළේ අනිත් අය වෙනත් මතයක් වෙනුවෙන් පෙනිසිටීමේ අයිතියට ගරු කරන්න පුරුදුවෙන්න ඕනෑ. හොඳම වැඩේ කියන්නේ කැම්පස් එකෙන් අයින් වෙන්න මාසෙකට දෙකකට කලින් මේගොල්ලෝ එක්ක හිටිය කඩේ ගිහින් ආ වැඩේ වැරදුන කට්ටිය පව් සමාකරන්න එන එක. (නි)

:       0       0

වික්ය් Monday, 14 November 2016 02:15 AM

දුප්පත් ජනතාවගේ එකම බලාපොරොත්තුව. ජයවේවා! (නි)

:       0       0

සත්‍යයා Monday, 14 November 2016 02:40 AM

පක්ෂයක් හැටියට ඔබ මුහුණදෙන තත්වය ඔබලාට පමණක් සීමාවුණ දෙයක් නොව රටේ දුක්විඳින බහුතරය මුහුණදෙන ප්‍රශ්නයක් බව ඒත්තු ගන්වන්න ඔබ මේ වනතුරුත් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කර නැහැ. (නි)

:       0       0

සෝමසිරි Monday, 14 November 2016 02:49 AM

ඉහළින් අදහස් දක්වා ඇති වැඩි දෙනෙකුට තට්ටු මාරු ක්‍රමය හැර තුන්වන බලවේගයක් ගැන හිතන්නවත් බැරි ළිං මැඩියන්. තුන්වන බලවේගයකට කාලය ඇවිල්ලා බව තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

එරන්ද Monday, 14 November 2016 03:21 AM

කවදාවත් බලයට නොඑන පිරිසක් (නි)

:       0       0

ඇසළ Monday, 14 November 2016 03:27 AM

සෝමසිරි, තුන්වන බලවේගය මල් පොහොට්ටුව බව දන්නෙ නැද්ද? (නි)

:       0       0

ටිකිරි Monday, 14 November 2016 04:03 AM

වෙනස සැපයි කියලනේ ඔයාලත් හිතුවේ (නි)

:       0       0

වින්සන්ට් Monday, 14 November 2016 07:18 PM

ඉහත ප්‍රතිචාර දකින අපි අපි ගැනම කණගාටු වියයුත්තෙමු. අවුරුදු 68 ක් ධනපති කොටස් දෙකේ කටු ලෙවකන්නන්ට කටුවල රස හැර වෙනත් රසක් හඳුනන්නේවත් දැනෙන්නේවත් නැත. හොඳ හෝ නරක කුමක් වුවත් කෙනෙකුගේ පුරුදු ඉවත් කිරීම පහසු වන්නේ නැත. ඇසළ මහතාට අනුව තුන්වෙනි බලවේගය වීමට යන අලිබබා සහ හොරු හතළිය පිළිගැනීමට ජනතාව පොර කනවා දකින්නට ඇත. බැඳුම්කර හොරු බේරීමට වට කරගෙන "පාද සටහන්" ගහන කට්ටිය වෙනුවෙන් පුද පූජා පැවැත්වෙනු ඇත. ජනතාව ඇත්ත නොදකින්නේ බොරුව බලවත් නිසාද?අද අනෙක් දේශපාලන පක්ෂ සංවිධාන කටයුතු ගැන බලනවිට ජනතා වී.පෙරමුණේ සංවිධාන කටයුතු ජනතාව අතරට පැමිණීම ප්‍රමාණවත් නොවෙන බවක් පෙනෙන්නට ඇත. (නි)

:       0       0

පෙරේරා Monday, 14 November 2016 04:43 AM

රුප වන්දනාව..නිකම් දේව යාතිකා ප්‍රාතිහාර්ය පුජාවක් වගේ....(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 457 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 507 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 241 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 321 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 808 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 254 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 168 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site