(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව සමග එක් වීමට හෝ තනතුරු නොගැනීමටත්, එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවටත් වන විශේෂ යෝජනා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අද ඒකමතිකව අනුමත විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද(8) රැස්වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණ ගනු ලැබීය.
එහිදී ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙළ සහ සමගි ජන බලවේගය ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු ලංකාදීපයට පැවැසීය.
එහිදී විශේෂ යෝජනා දෙකක් සම්මත කරගත් අතර පලමුවන යෝජනාව ලෙස ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබීය.
යම් හෙයකින් ජන පීඩක ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය එහිදී ඒකමතිකව තීන්දු කරනු ලැබීය.
කෙසේ වෙතත් රටට හිතැති ප්රගතිශීලී කටයුතු පිලිබදව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කොට තීන්දු ගැනීමට ද එහිදී තීරණය කෙරිණ.
එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය එහිදී තවත් යෝජනාවක් ඒකමතිකව අනුමත කරනු ලැබීය.
ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවටත්,එම සන්ධානය ගොඩනැගීම සදහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරන ලදී.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පියවර ගනු ලැබීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුව සමඟ එක් නොවීමට සජබ තීරණය කරයි
හරිනම වහන්සේගේ කෝලමාපුක් Monday, 08 May 2023 10:48 PM
පාර්ලිමේන්තුවේ 225ම කුනු කන හොරු බව රටේ සියලුම හොද මිනිසුන් දැන් කෝටියක් ජනතාව දැනන් ඉවරයි. මේ රට සමාජවාදී කිරීමට පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්ගේ අදහසක් තිබේ. ඔහු උගත්කම වගේම බුද්දිමත් ඔහු මෙච්චර කල් බලාහිටියා .ඒත් දැන් තනියෙන් රටහැදීමට නම් ඔහු ජනාධිපති උනොත් පමනයි සිදුවන්නේ. එහෙමත් නැති උනොත් රට සුම්මා සුනේ
Bamunuarachchi Monday, 08 May 2023 11:19 PM
ඒක හොඳයි. ආණ්ඩුව සමග එකතු උනොත් සජෙබට ලකුණු ටිකක් ලැබෙනවා. ඒක නැතිවෙන හොඳයි.
Mario Tuesday, 09 May 2023 01:11 AM
පක්ෂයේ ව්‍යවස්ථාව ට පිටින් යන මන්ත්‍රි එලවා දැමිය යුතුයි. එඩිතර , ශක්තිමත් නායකයා.
M.a.s.p. dharmakeerthi Tuesday, 09 May 2023 06:52 AM
ඉතා හොඳයි