(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවය තිස් අවුරුදු යුද සමයේ ද මෙවැනි කඩාවැටීමකට පත් නොවූ බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (31) පැවසීය.
රජයේ රෝහල්වල ක්‍රියාපිළිවෙත පිළිබඳව මහජනතාව තුළ සැකයක් මතු වී විශ්වාසනීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා රෝහල්වල ඖෂධ හිගය නිසා රෝගී ජීවිත අවදානමකට ලක්වී ඇති බව ද සඳහන් කළේය.
ජනතාවගේ මිනී උඩින් හෝ සාක්කු පුරවා ගැනීමේ ක්‍රියාවලියක් ඇත්තේ යැයි විගණනාධිපති වාර්තාවලින් මනාව හෙළි වන බව කී මහාචාර්යවරයා වෛද්‍යවරු රට හැර යෑම හේතුවෙන් රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බව කීය.
නිදහස් සෞඛ්‍යය මේ වන විට නාමමාත්‍රයක් බවට පත්ව ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ එක තැන පල්වෙන වර්තමාන ආණ්ඩුව පලවා හැරීමට සියලු දෙනා පෙළගැසිය යුතු බවත්ය.
තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදීයා අත්අඩංගුවට ගත් ආකාරය පිළිකුල් සහගත බවත් ‘අස්වැසුම’ යනු රජයේ ප්‍රෝඩාවක් මෙන්ම කිසිදු විනිවිදභාවයකින් තොර වැඩසටහනක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආණ්ඩුවේ හැසිරීමෙන් ජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට