(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය හේතුවෙන් එම රුස්වීම අද පස්වරුවේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි පැවසේ.
මේ අතර ,ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන අයට එරෙහිව විනය පියවර ගන්නැයි අද පැවැත්වෙන ආණඩු පක්ෂ රුස්වීමේදී ඉල්ලීමක් කිරීමට මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වේ.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ අද රැස්වේ
shantha Sunday, 18 April 2021 11:36 PM
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමේ වරදක් නැහැ. කැපුවත් නිල්, කැපුවත් කොළ කියපු යුගය දැන් නැවැත්විය යුතුයි. තමන් සිටින පක්ෂයේ වුනත්, රජය රටට අහිතකර දෙයක් කරනවානම් එය විවේචනය කල යුතුයි. එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.
Pradeep Monday, 19 April 2021 02:57 AM
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා යමෙකු විවේචනය කරයි නම් ඔහු සැබෑවටම ආණ්ඩුවට ලැදි පුද්ගලයෙකි. එසේ නොකොට ආණ්ඩුව කරනා කියනා සෑම දෙයකටම අනුමැතිය පල කරන්නා එහි සහ තම විනාශයම පතන්නෙකි.
de silva Monday, 19 April 2021 03:31 AM
නායකයන්ට ඩොලර් කෝටි ගණනක් සාක්කුවට දමාගන්න තිබ්බ අවස්ථාව විනාශ කරන්න මිනිසුන්ගේ කටේ අනිවාර්යෙන් වස දැම්මා නම් මොවුන් ක්‍රියාත්මක වෙනවා.
Roshan Monday, 19 April 2021 03:45 AM
මුන් නම් නියම වහල්ලු.... ආණ්ඩු පක්ෂය කියලා කරන හැම දේම එහෙයි කියාගෙන ඉන්න එවුන් නියම වහල්ලු.
Rata Perata Monday, 19 April 2021 06:01 AM
රාජපක්ෂලා කියන ඒවා අහගෙන ඉදලා දැන් එළියට ඇවිල්ලා කියයි අපිට පොරොන්දු වුණා අපිට දුක හිතුණා වගේ බයිලා .. කොන්ද පන නැති හොරු
de silva Monday, 19 April 2021 09:49 AM
මේක නොකළොත් අපේ ලොක්කගේ පොකට් එකට වදින එක ගැන අපිට කිව්ව සංවේදී කතාවට අපි සංවේදී වෙලා.. ඉදිරියටත් ජනතාව ගොනාට අන්දලා රට සූරාකන්න අපට ආණ්ඩුවක් අවශ්‍ය නිසා, අපි ආණ්ඩුව රැකගන්න ඕනෑ නිසා අපි මේකට කැමැති වෙනවා කියලා කියාවි...
විපරමා Monday, 19 April 2021 09:58 AM
දේශපාලකයින් කරන දූෂණ පෙනි පෙනී බිහිරෙක්, අන්ධයෙක් වගේ ඉන්න නායකයෙක්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? බල තණ්හාවට වැඩිය දෙයක් ඔවුන්ට නැහැ.