නාලක සංජීව දහනායක
ජනාධිපතිවරයා විසින් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම නතර කරනු ලැබුවද ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පමණක් රුපියල් ලක්‍ෂ දෙකක දීමනාවක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය.
ජනාධිපතිවරයා ඒ පිළිබඳව දැනුම්වත් වී නොමැති නම් පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් එම දීමනාව ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබඳ විස්තර ලබාගැනීමට හැකි බවද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘‘පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව පසුගියදා විශාල කතාහක් ඇති වුණා. වැටුප් වැඩිකරන්න කියලා අපි ඉල්ලූවෙත් නැහැ. පාර්ලිමේන්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන්ට එකහා සමානව සැළකීම ආණ්ඩුවේ යුතුකමක්. නමුත් මේ ආණ්ඩුව එහෙම නැහැ.
අණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පමණක් මාසිකව රුපියල් ලක්‍ෂ දෙකක දීමනාවක් ලැබෙනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුවත් නැත්නම් පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් මෙම මන්ත‍්‍රීවරුන් පිළිබඳ සියලූම විස්තර ලබාගන්න පුළුවන්. මීට කලිනුත් රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්‍ෂ පහක දීමනාවක් ලබාදුන්නා.‘ යැයි ද පැවසීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් - රෝහිත අබේගුණවර්ධන
erdi Monday, 06 August 2018 01:31 PM
කටින් කියල වැඩක් නැහැ සල්ලි දාපු කුවිතන්සියක්වත් මාධ්‍යට දෙන්න.
Perakum Monday, 06 August 2018 02:05 PM
අගමැති එකක් කියනකොට ජනාධිපති ඒකෙ අනිත් පැත්ත කියනවා. දැන් මැති ඇමතිවරු තව කතාවක් කියනවා. මොනවද මේ විකාර කතා. කාවද රවට්ටන්න හදන්නේ? අපි නම් දැන් රැවටිලා හුඟක් කල්.
rocky Monday, 06 August 2018 02:10 PM
තවත් නයෙක් කන්න පුළුවනි, කියන කෙප්ප වලට!
Thilina Monday, 06 August 2018 02:23 PM
ඉතින් ඔබතුමාලටත් තියෙන්නේ ආණ්ඩුවට හේත්තු වෙලා ඔය තියෙන සේරම දීමනා ලබාගන්න එකනේ.. එතකොට මේකේ ආණ්ඩුවට කඩේ යන අය බලන්නකෝ ඔබතුමාව වර්ණනා කරලා අදහස් පල කරන හැටි...
Sunil Monday, 06 August 2018 03:04 PM
මන්ත්‍රීතුමන්ගේ ඒ කතාව ඇත්තනම් පසුගිය දවස්වල ඒ කට්ටිය උපයාගත් ආදායම ලැබුවේ කොහෙන්ද කියා ඔප්පු කරගන්න බැරි අයවලුන්ට සියලුම පඩි නතර කල යුතුයි. එහෙම කට්ටියත් එතන ඉන්නවා නේද මන්ත්‍රීතුමා?
sirimal Monday, 06 August 2018 05:17 PM
කවුද ඔය මුසාවාදය ප්‍රචාරය කරන්න කියල කීවේ? අර වෙල්ගම මහත්තයද?
Chanak Los angeles Tuesday, 07 August 2018 12:56 AM
ඉල්ලුවේ නැහැලු බලේන්ලු දෙන්න යන්නේ. අහිංසක සේවකයන් ලේ හලා ගන්නවා සොච්චමක් පඩිය වැඩිකරන්න ඉල්ලුවාම.