IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම්:මන්ත්‍රී රාජපක්ෂට තුවාල

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.

ගැටුමෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති හෙයින් ඊට ශල්‍ය කර්මයක්ද සිදු කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

මහනුවර ප්‍රදේශයේ ගැටලුවක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම බහින්බස්වීම සිදුවී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් ඉදිරිපිට ගුණතිලක රාජපක්ෂ මහතා තමාට ආවේගශීලීව කතා කළ අවස්ථාවේදී ඊට පිළිතුරු නොදෙන්නේ යැයි පවසා එළියට එන ලෙස තමා ඔහුට පැවසූ බව කීය.

ගුණතිලක රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් එළියට එන විට තමා ඔහුගේ කොළරයෙන් අල්ලාගෙන " උඹ මට කිව්වේ මොකක්දැයි" විමසූ බවත් එවිටම පොළොන්නරුවේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා පැමිණ ගහන්න එපා යැයි කියා ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට අදින විට ඒ දෙදෙනාම එක ගොඩේ ඇද වැටුණු බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

තමාගේ හැසිරීම් සියල්ල සීසීටීවී දර්ශන වල ඇතැයි කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පහරදීමක් සිදුවී නම් එම දර්ශනවලින් හොඳින්ම ඔප්පු කර ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කළේය.

තමා ඔහුට අතක්වත් නොතැබූ බවත් කමීස කොළරයෙන් පමණක් ඇල්ලූ බවත් ඔහු කීවේය.

අධික වර්ෂාව සහිත කාලගුණය නිසා මහනුවර ජනතාවගේ නිවෙස් මතට ගස් වැටී ජනතාව ඉතා අසීරුවට පත්ව සිටින බව තමා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කී බව පැවසූ අලුත්ගමගේ මහතා එහිදි වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පනතක් ගැන කියමින් ගස් කපා ඉවත් කිරීමේ කටයුත්ත පමා කිරීමට සැරසුණු බවද ප්‍රකාශ කළේය.

මේ වෙලාවේ බම්බු පනත් හකුලාගෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නැයි තමා පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා ද තමාගේ කතාව අනුමත කරමින් එහිදී අදහස් දැක්වූ බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පැවසුවේ පනත් පැත්තකට තබා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි තමා එහිදී තදින්ම පැවසූ බවයි.

මේ අවස්ථාවේදී මදුර විතානගේ සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇතැයි දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්විණ.

 



අදහස් (15)

ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම්:මන්ත්‍රී රාජපක්ෂට තුවාල

Asela Tuesday, 04 June 2024 06:24 AM

හුරේ.......හුරේ ........ඔහොම යං ඔහොම යං තව පොහොය හතරයි

:       143       95

NIMALTuesday, 04 June 2024 10:05 AM

එකී නෙකා පරයමින් මහජනයට සේවය කරන්න දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටි.

:       3       40

Nimal 1 Tuesday, 04 June 2024 07:59 AM

මුන්ගේ හෙළුව දැන් නිරාවරණය වෙනවා

:       76       55

මොහොට්ටාල Tuesday, 04 June 2024 09:16 AM

හදිසි ආපදාවකට ලක්වෙලා තියෙද්දි පනත් ගැන කීමත් රටේ ජනතාව ඉතාමත් අසාධ්‍යවූ අවස්ථාවේ ගගට මුට්ටියක් දැමීමත් අතර කිසිම වෙනසක් නැහැ ඒත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් එහෙම මෝඩයෝ පාර්ලිමේන්තුවට යැවීම එම දිස්ත්‍රික්කයේ ජනතාවගේ නූගත් බව පෙන්විමක් නොවෙයිද කොහොම වුනත් ජනතාව අසරණ වෙලා සිටිද්දී ඒ ගැන නොබලා පුද්ගලික වාසියට කටයුතු කිරීම පොහොට්ටුවෙ උන්ගෙ රටට ජනතාවට වඩා ආත්මාර්ථකාමිත්වය ඉස්මතු කිරීමක් කියන්න පුළුවන් කාළකණ්නි දේශපාලුවෙනි මියගිය පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ආදර්ශයට ගනිල්ලා

:       7       74

Perera Tuesday, 04 June 2024 09:31 AM

පොහොට්ටුවේ ඉන්නෙම ඔහොම අපත මදාවින්

:       5       76

අරවින්ද මොනරවිල Tuesday, 04 June 2024 09:40 AM

පවිත්‍රාට තේරෙන්නේ නැහැ මහින්දානන්දට හො මදුරට තරම්, මේ මොන බම්බු පණත්ද ? කපාගන්න පුළුවන් වෙලාවේ පුළුවන් තරම් ගස් ටික කපලා දාගන්න ඕන. මෙහෙම අවස්තාවක් ආයේ ලැබෙන එකක් නැහැ.

:       56       39

Chandima Tuesday, 04 June 2024 10:00 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති

:       54       29

BITTER TRUTH Tuesday, 04 June 2024 10:03 AM

පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .

:       56       39

සමන් විමල් Tuesday, 04 June 2024 10:51 AM

බොරු,පච හදලා දාන ජෙප්පෝ වගේමයි .

:       3       0

Nilantha Tuesday, 04 June 2024 10:57 AM

එතන ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. ඊයේ අනුර රැස්වීම සදහා එද්දී පොලිස් නිළධාරි කෙනෙක් ඡායාරූප ගැනීමක් දැකල පහරදීමක් වෙලා තියෙනවා. ප්‍රශ්න නැති වුනත් පොහොට්ටුවෙ එවුන් ඔය රැස්වීම් සදහා ගොස් මාලිමා නායකයො රැවටීමේ උපක්‍රමයක් ඇති කියලා නම් හිතෙනවා

:       1       1

පිටිගල මිලානෝ Tuesday, 04 June 2024 11:35 AM

අවසානයේ වතුර නටා සියල්ල වාෂ්ප වී නැතිවී යයි. අපට සේවය කරන්න ඔබලා මෙලෙස කරදර වෙන්න අවශ්‍ය කැත. කරුණාකර නැවත පාර්ලිමේන්තු පළාතකට වත් අපි ඔබලාව එවන්නේ නැත.

:       1       9

චන්දිම Tuesday, 04 June 2024 12:19 PM

ඔය කොලරයෙන් අල්ලලා තියෙන්නේ වෙන දේකට එහෙම නෙවෙයි එකේ තිබිච්ච කුණු වගයක් ගසන්නයි ඇදවෙලා තිබිච්ච කොලරය හරියට හරි ගස්සලා එයාගේ සාක්කුවෙන් ටයි එකක් අරන් එක බෙල්ලට ගාලා හැඩ බලන්නයි. මේ මිනිස්සු මේ එක එක ඕන්නැති කතා කියනවා. හරි නරකයි.

:       0       8

Fairoos Tuesday, 04 June 2024 01:52 PM

මේ වගේ කාලකණ්නිට නම් ආපහු ඡන්දේ දුන්නොත් ඉවරයි

:       0       7

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 04 June 2024 02:00 PM

මුන් රටම කාල ඉවර කරල ඒ පාර උන් උන්ම කා ගන්නවා. අඩෝ කාපිරි තොලා බබාවෙන්න එපා ඩෝ. තව මාස කිහිපයක් යනකම් උඹලට මොකුත් වෙන්නේ නැහැ.ඊට පස්සෙනම් තොපිට ඥානා අක්කගෙම පිහිටයි.

:       1       6

Sharm Wednesday, 05 June 2024 10:20 AM

අනිවාර්යයෙන්ම අන්තිමට වෙන්නෙ මේක තමයි.. මොකද මුන්ගෙ චේතනාව අනුව කර්මය පල දෙන්න පටන් ගත්තනෙ... ඉදිරියෙදි තව සුන්දර අවස්ථා බලාපොරොත්තු වෙන්න පීස්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 804 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 1744 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 2627 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 876 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 496 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 3152 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1990 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site