නව රජයක් පත්වුව ද ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පැවති තත්ත්වයේ වෙනසක් සිදුව නොමැති බව ඉන්දියාවේ ඩි.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි පැවසීයැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (31) වාර්තා කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරේ දෙමළ ජනතාව බහුතරයක් වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය භාවිත කළ බවත්, ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වුයේ බලය බෙදීම සහ උතුරේ හමුදාව ඉවත් කිරීම අරමුණ ඉටුකර ගැනීම බවත් කරුණානිධි ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් මේ වනතෙක් එම අපේක්ෂාවන් ඉටුකිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඩි.එම්.කේ.පක්ෂ නායකයා ප්‍රකාශ කර ඇත.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ආණ්ඩු මාරු වුණත් උතුර එහෙමමයි‘ - කරුණානිධි
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Sunday, 31 May 2015 06:37 PM
යෝගනාදන් මහත්තයෝ, ඔබ වගේම තවත් දහස් ගණනක් සිංහල දෙමළ මිනිස්සු පවුල් වශයෙන් එකතුවෙලා රටේ හැමතැනම ඉන්නවා.ඒත් දෙමළ කියලා සිංහලයන්ගෙන් ඔයාලට වරදක් වෙන්නේ නැහැ නේද?ඔයාලා දන්නවා උතුරට වඩා ඔයාලට දකුණේ සුළඟත් සැපයි කියලා.ඒත් තනිකර උතුර ඔයාලට දීලා හැමෝටම දකුණෙන් යන්න කිව්වොත්? සිංහල මිනිසුන්ගේ අනුකම්පාවෙන් මනුස්සකමින් ගොඩක් උදව් ගන්න පුළුවන්. (නි)
බමුණු ආරච්චි Sunday, 31 May 2015 10:43 PM
තමිල්නාඩුවේ වෙනදේවල් බලාකියාගෙන සිටියොත් මදිද? අපි අපි ගැන බලාගන්නම් (නි)
නුවන් Monday, 01 June 2015 12:25 AM
පලනිපන්, ඔබ දන්නවා ඇතිනේ සිංහල අයගේ හිතන පතන විදිය. අපි ළඟ ජාතිබේදයක් තිබෙනවද කියලත් ඔබ දන්නවා ඇතිනේ. පලනිපන්, අපි කිසි දිනක දෙමළ අය සමඟ තරහක් නැහැ. අපේ ආගමෙන් කුරා කූඹියෙකුටවත් හිංසාවක් කරන්න එපා කියලයි අපිට කියාදීලා තියෙන්නේ. ඒත් එක දෙයක් කියන්න ඕනෑ. සිංහල අපි කවදාවත් නිවටයෝ නෙමෙයි. ඕනෑ දෙයක් වෙච්චදෙන් කියලා බලාගෙන ඉන්න අපිට බැහැ. (නි)
සමන්ති Monday, 01 June 2015 12:58 AM
ජයලලිතා පරාජය කරගන්න බැරුව විකාර කියවනවා. (නි)
රෙජි-සිඩ්නි Monday, 01 June 2015 01:39 AM
"මියක් කඩන්නේ අත ලෙවකන්නද "කියන්නේ ඔන්න ඕවට තමා. ඉස්සරහට බලමුකෝ තව මොන මොන දේවල් ඉල්ලගෙන ඒවිද කියලා. (නි)
භානු Monday, 01 June 2015 02:02 AM
යෝගනාදන් මහත්මයා,මගේ විවාහයේ දෙවැනි මනමාලයා වුණේ ද්‍රවිඩ මිතුරෙක් . අපි කැමතියි සමගියෙන් වාසය කරන්න. එමනිසා කවදාවත් ඔබලාට සාමය කැමති සිංහල ජනතාවගෙන් කිසිම ගැහැටක් සිද්ධවෙන්නේ නැහැ. අහිතක් නැහැ. (නි)
රුවන් Monday, 01 June 2015 02:08 AM
මම අදහස් ලිව්වේ කරුණානිධිට මිසක් අපේ රටේ අහිංසක දෙමළ ජනතාවට නෙමෙයි. යෝගනාදන් වරදවා හිතන්න එපා. සාමය කැමති ඔබේ හිත අවුල්වීමට තරම් දෙයක් ලිවීමට මම අදහස කළේ නැහැ. අනුන්ගේ රටේ ප්‍රශ්න වලට හොටදමා තිබෙන ප්‍රශ්න තව අවුල් කරන කෙනෙකුට අප්‍රසාදය පළකළා පමණයි. ඔබ දිගටම මෙම තීරයේ ලියන්න. අපි කැමතියි අපේ අදහස් ඔබ සමග බෙදා හදාගන්න. (නි)
සත්‍යයා Monday, 01 June 2015 02:17 AM
දේශපාලන වළිප්පුව දකුණු ආසියාවේ තරම් ලෝකයේ කොහෙවත් උග්‍ර නැහැ. ආගම, ජාතිය, වර්ගය කුලය කියන්නේ සංස්කෘතික ප්‍රභේදනයකට එහා යන දෙයක් හැටියට අරගෙන ඊට ව්‍යාධිගත භාවාත්මක බවක් ආරූඩ කරගෙන විලක්කු දෙක කටේ රුවාගෙන ආවේගශීලිව නටන්නේ රෝගී දේශපාලුවෝමයි. මේ විලම්භීත වලට උඩගෙඩි නොදෙන්න ජනතාව වගබලා ගතයුතුයි. (නි)
රුවන් Sunday, 31 May 2015 10:04 AM
එහෙනම් උතුරේ ඔක්කොම කට්ටිය පටවලා අපි ඔහෙට එවන්නම්. භාර අරන් කර ගන්නකො බලන්න. තමන්ගේ ප්‍රාන්තයේ වැඩ ටික කරගන්න බැහැ. අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්න යනවා. (බ)
වැකෝ Sunday, 31 May 2015 10:16 AM
ශ්‍රී ලංකා හමුදාවන් ශ්‍රී ලංකාව තුළම සිටිය යුතුය. රටේ දසාතේම එකම නීතිය විය යුතුය. (බ)
ප්‍රභා Sunday, 31 May 2015 10:24 AM
අපේ රටේ එාවට ඇඟිලි ගහන්නේ මොකද? (ත)
මංජු Sunday, 31 May 2015 10:24 AM
ලංකාව ගැන ඔහුට ඇති රුදාව මොකක්ද? (ත)
පාලිත Monday, 01 June 2015 02:51 AM
දෙන්නම් දෙන්නම් පොඩ්ඩක් ඉන්න තවම දින 100 ගිය විතරයි ජනාධිපති පොරොන්දු වුණ විදියට ශ්‍රී ලංකා එක නැති කරලා අගමැති රනිල් කරලා හමුදාව දකුණට අරගද්දම ඇති නේ (ම)
නිමලරත්න Monday, 01 June 2015 02:54 AM
දෙමල බස ඉන්දියාවේ රජ බසක් කරගන්නට බැරි ,දිල්ලි ගුවන් තොටුපල නාම පුවරුව්ව් දෙමළෙන්ද නම සටහන් කරව ගැනීමට බැරි මේ දෙමල අන්තවාදීන් , මේ සිංහල රටේ කටයුතු වලට ඇඟිලි ගසන්නේ (ම)
පාලිත Sunday, 31 May 2015 11:17 AM
අනුන්ගේ ඒවට ඇඟිලි ගහන්න එනවා, තමුන්ගේ රටේ වැසිකිලි ටිකවත් හරියට හදාගන්න බැරුව. තාම යන්නේ කැලේට එළිබහින්න වැද්දෝ (බ)
තිලක් Sunday, 31 May 2015 11:21 AM
රුවන්ගෙ අදහස රත්තරන්. ඕකුන්ගෙ කයිවාරු විතරයි. සාමාන්‍ය දෙමළ මිනිස්සු වෙනුවෙන් කරපු දෙයක් නෑ. ඡන්ද ටික ගන්න බොරුවට ලංකාවෙ දෙමළ අය ගැන කිඹුල් කඳුලු හෙලනවා.(බ)
ඇසළ Sunday, 31 May 2015 11:25 AM
ඉන්නේ වල පයයි ගොඩ පයයි තියාගෙන කොයි මොහොතේ පන ටික යයිද දන්නේ නැහැ. හොයන්නේ වෙන රටක දෙයක් උන්ගේ ඉන්න එවුන්ට කන්නත් නැහැ නාඩුවේ(බ)
සරත් Monday, 01 June 2015 04:04 AM
බලාගෙන ගියාම තිස්ස මාමා කියාපු ගිවිසුමේ අත්සන් විතරයිනේ වැරදි. (ම)
ඉසුරන්දි Sunday, 31 May 2015 12:06 PM
එයාල හිතාගෙන ඉන්නේ ලංකාවත් එයාලගේ ප්‍රාන්තයක් කියලනේ.ඒකනේ මේ බෙරිහන් දෙන්නේ. (නි)
රාවණ Monday, 01 June 2015 05:39 AM
ආණ්ඩුව මාරුඋනාට උතුර වෙනස් වෙන්නේ කොහොමද? තමන්ගේ රටේ ප්‍රශ්න විසඳා ගන්න. අනුන්ගේ ඒවාට අත නොදා. (ස)
ප්‍රභාත් කුලතුංග Sunday, 31 May 2015 12:36 PM
ඔයා ඔයාගේ වැඩක් බලාගන්න (නි)
නුවන් Sunday, 31 May 2015 12:50 PM
අනේ ඔච්චර අමාරු එකේ අපි එවන්නද උතුරේ ඔකොම පටවල තමිල් නාඩුවට?? (කේ)
මහානාම - කඳාන Sunday, 31 May 2015 01:19 PM
දැන් එතකොට උතුරේ වැඩ කරන්න ඕනෑ ඔයාලගේ න්‍යාය පත්‍රය අනුවද? (නි)
පලනිපන් යෝගනාදන් Sunday, 31 May 2015 02:54 PM
මොවුන්ගේ රටේ දහසකුත් ප්‍රශ්න, මොවුන් අපව තියාගන දේසපාලන කරනවා. රුවන් මහත්මයට යමක් කියන්න ඕන, මම තරුණයෙක් නොවේ. මම සිංහලයෙක් නොවුනාට, මගේ ප්‍රියතම බස සිංහල කියල දන්නවද? මට සිංහල නොඇසනවිට මට හැඟෙන්නේ විදේශ රටක ඉන්නවා වගේ, අපි බස හා සිංහල මිනිස්සු සමඟ බැඳිලා. අපේ පවුලේ සිංහල අය සමඟ විවාහ වූ බොහෝයි. ඒ නිසා මෙවැනි අදහස් දක්වීමේදී අපේ සමගියට හානියක් නොවීමට වග බලාගන්න. තෙරුවන් සරණයි! (කේ)
නන්දලාල් Sunday, 31 May 2015 05:10 PM
කරුණානිධි නින්දෙන් අවදිවෙලා වගෙයි. ඉන්දියාව, දැන් සර්ව සම්පුර්ණ රටක් වෙලා ඉවර නිසාද මේගොල්ලෝ අපේ රට ගැන කතා කරන්නේ?ඔය රටේ, ඔය පළාතේ ඉන්න ලක්ෂ ගණන් දුගී දුප්පත් අය ගැන හිතලා, ඒ අයට උපරිම සහන දීලා, ඒ අයගේ ජීවන තත්වය උසස්කර අවසන් වුණාම බහින්නකෝ අපේ රටේ ඉන්න අය ගැන හිතන්න.එතකන් අපේ ජනතාව ගැන බලාගන්න අපේ රටේ ඉන්න නායකයන්ට ඉඩ දීලා, ඕගොල්ලෝ පාඩුවේ ඉන්න (නි)
මහානාම - කඳාන Sunday, 31 May 2015 05:21 PM
යෝගනාදන් මහතා, ඔබතුමා බොහොම වැදගත් වෙන්න පුළුවන්. නමුත් විග්නේශ්වරන් මහතා ඩයස්පෝරාව එක්ක මේ යන ගමන නම් වැදගත් නැති බව ඔබතුමාටත් වැටහෙනවා ඇතිනේ. අද මේ භුක්ති විඳින නිදහස කොළඹ ඉන්න අපිට වඩා උතුරු නැගෙනහිරා ඔයාලා තමා හොඳට විඳින්නේ. ආයේ කවදාවත් මේ රටේ ඔයාලට හෝ අපිට යුද්ධ කරන්න නම් ඉඩතියන්න හොඳ නැහැ නේද? අද මේ නිදහස වෙනුවෙන් ඔයාලගේ සහෝදරයෝ කී දෙනෙක් බිලිවුණාද? අපේ කී දෙනෙක් බිලිවුණාද? අද උතුර යන්න පටන් අරගෙන තියෙන්නේ අමුතු ගමනක්. (නි)
විජිත් Sunday, 31 May 2015 05:26 PM
තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැතුව අල්ලපු රටේ ප්‍රශ්න ගැන කතාකරනවා. වැඩිය ඕනෑ නැහැ. තමිල්නාඩුවේ වැසිකිළි ප්‍රශ්නයවත් විසඳලා නැහැ.පාන්දර 4 ඉඳලා මිනිස්සු ගැහැණු පාර අයිනේ තමයි ඒ වැඩේ කරන්නේ. (නි)