(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව විවිධ සේවා සමුපකාර ප්‍රධාන කාර්යාලය කලින් පවත්වාගෙන ගිය භුමියේ විවිධ වර්ගයෙ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු අවසරයකින් තොරව කැපිමේ චෝදනාවට ආණමඩුව විවිධ සේවා සමුපකාරයෙ සභාපතිවරයා සමඟ තවත් තිදෙනෙකු අද (04) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියෙ වත්මන් සභාපතිවරයා සහ අදාල ගස් කැපිම සිදුකළ කම්කරුවන් දෙදෙනෙකු සමඟ තවත් අයෙකි.
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය ඇතුළු කාර්යාල පද්ධතිය වසර ගණනාවකට පෙර පවත්වාගෙන ගිය ස්ථානය සහිත භුමිය තුළ තිබු කොහොඹ ඇතුළු ගස් රැසක් කපා දැමිම පිළිබදව ආණමඩුව ප්‍රාදේශිය ලේකම් මහත්මිය විසින් ආණමඩුව පොලිසියට මේ පිළිබදව ලිපියක් ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබුණි.
ඒ අනුව පරික්ෂණ ආරම්භ කළ ආණමඩුව පොලිසිය , මෙම ගස් කැපිමට හා එයට අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධව ආණමඩුව සමුපකාර සභාපතිවරයා ඇතුළු පිරිස මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.
චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ
බට ලන්දේ සැබෑ වරදකරුවන්ට අනිවාර්යයෙන් නීතියෙන් දඩුවම් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේද
බට ලන්ද පමණක් නොව සෙසු වධකාගාර ගැන කතා කිරීමටත් ඕනෑ තරම් කල් තිබෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී ප
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගිනි අවියක් , එයට යොදන පතොරම් 12 ක් සහ පතොරම් ගැබක් සිය කළිසම් සාක්කුවේ සඟවා ගෙන සිටි පුද්ගලයෙකු
මේ බටලන්ද නොව ඡන්ද ලන්ද යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභාව වාර්තාව පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ආණමඩුව සමූපකාරයේ සභාපති ඇතුළු තුනක් අත්අඩංගුවට