(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයන් කැරළි කළ කාලයේ කැළේ සිට තුන්ඩුවෙන් කළ දේ වර්තමානයේ පාර්ල්මේන්තුවට ගොස් කරන බවත් එදා තුන්ඩු එවපු කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 ක් සමඟ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තුන්ඩුවෙන් දුන් පණිවුඩය පාර්ලිමේන්තුව තුළ කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (10) පැවසීය.
‘රැවටුනා ඇති බොරුවට තිත’ යන තේමාව යටතේ මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එසේ පැවසීය.
එම සංවිධානය මරපු පුද්ගලයාගේ දේහය කරේ තියාගෙන යෑම තහනම් කිරීමටත් එම කණ්ඩායම තුන්ඩුවක් යැවූ බවත් අත්දැකීම් නැති, වෛරය සහ ක්‍රෝධය හිතේ තියන පුද්ගලයන්ට බලය දුන්විට රටකට අත්වන ඉරණම මැතිවරණයට පෙර ජනතාවට පැහැදිළි කළ බවත් දිසානායක මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ පොදුජන එක්සත් පෙරමුණ හෝ නොව සෑම පැත්තකින්ම එල්ල වන පීඩනයත් සමඟ ‘රැවටුණා ඇති කියන’ කරුණ මේ වන විට මෙරට සමස්ත ජනතාව තුළින්ම එළියට එමින් ඇති බවත් ඉන්ධනහල්හිමියන්ට යම් සාධාරණ ගැටලුවක් තිබේ නම් එය සාකච්ඡා කිරීමේ හෝ අවස්ථාවක් නොලැබීමෙන් වර්තමාන ආණ්ඩුවේ ආකල්පය පැහැදිළි වන බවත් ඒ මහතා කීය.
කොළඹ - කුරුණෑගල මාර්ගයේ නාල්ල මංචිකඩේ හන්දිය ආසන්නයේදී අද සවස සිදු වූ අනතුරකින් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් 48 ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.
දුප්පත්කම දඩම්මා කරගෙන ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාල වයස්කාර දරුවන් වහල් භාවයට පත් කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වය
වර්ෂයක පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300කින් පමණ අඩු වීම පොල් මිළ ඉහළ යාමට හේතු වූ බව පොල් වගා කිරීමේ මණ්ඩල
රටට පිම්මක් පනින්නට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කළහොත් පමණක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තු
පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා පසුගිය රජය කාලයේදී විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව ජනාධිපති නීතිඥවරයකු ගොනුකොට තිබූ මූලික අයිතිවා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිට තුන්ඩු ක්‍රමයෙන් පාලනය කරනවා
ජයනාත් Monday, 10 March 2025 02:30 PM
හොඳ හෙඩිම ක්. රැවටුනා ඇති... කෘෂිකර්ම අමාත්‍යාංශය බාරගෙන රටට මොනවද කලේ... මාසෙට කෝටි ගණන් බදු ගෙවපු එක විතරද... ඒකෙන් කීයක් කොමිෂන් ලැබුනද...
Jayantha Randeniya Monday, 10 March 2025 03:07 PM
කිව්වොත් ගොන් කතාවක් තමයි ඉතින්....!
sena Monday, 10 March 2025 03:38 PM
සබීතාගේ බිල්ඩිමට ගෙවපු සල්ලි වලින් කන්න 48 කට පොහොර සහනාධාර දෙන්න පුළුවන්ලු, මේ මිනිස්සුන්ට ලැජ්ජා නැද්ද ආයේ චන්දේ ඉල්ලන්න එන්න...
kamal Koyrala Monday, 10 March 2025 03:47 PM
ඕක මොකක්ද මහින්දානන්දත් රැවටුනේ.. නේ නේ
ගුණරත්න Monday, 10 March 2025 04:09 PM
තුන්ඩු ක්‍රමයනේ... ඒ ගොල්ලෝ ප්‍රැක්ටිස් කරපු ක්‍රමේ, නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම නොවේ, ඔවුන්ගේ පරණ ගතිය තාම තියෙනවා, එකයි විවේචන දරාගන්න බැරි...!
PGPThilak Monday, 10 March 2025 05:28 PM
මේ කතාවේ ඇත්තක් තියනවා! ආණ්ඩුවේ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට යනවා විතරයි! රජයේ නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඇහුම්කන් දෙමින් පුරවැසියන්ට සාධාරණක් කර ගැනීමට කිසිකෙනෙක් නෑ! කෝ මහජන දින? වහාම පටන් ගන්න
දලුවගෙදර Monday, 10 March 2025 05:32 PM
හැම එකා ගැනම ලංකාවේ අපි දන්නවා බං, දැන්වත් පඩික්කම් වහපල්ලා!