IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ආණ්ඩු කිරීම විවේචනය තරම් සුන්දර නැති බව අනුරට තේරිලා

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩු කිරීම විපක්ෂයේ සිට විවේචනය කරන තරම් සුන්දර නැති බව අනුර කුමාර ජනපති ඇතුළු කණ්ඩායමට දැන් වැටහී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

පළපුරුදු නැති පිරිස වැරදි තීන්දු ගත්තොත් ජනතාවගේ පැත්තේ හිටගැනීම සඳහා පරිණත දේශපාලනඥයන් පිරිසක් රටට අත්‍යවශ්‍ය බවද දරුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ අත්තනගල්ල ආසනයේ ජන හමු ගණනාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.

මාලිමාව ලොකු කතන්දර කියා ආණ්ඩුව ගත්තත් අද වනතුරු කිසිම වෙනසක් පේන්නට නැහැ.රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ඔවුන් විවේචනයට ලක් කළත් අද වනතුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළින් බැහැර වූ වෙනසක් සිදුකර නැහැ.

ජනපතිට ආර්ථික කළමනාකරණය ගැන දැනුමක් ,පළපුරුද්දක් නොමැති නිසා ඔහුගේ ඇතැම් තීන්දු තීරණ රටට අහිතකර ලෙස බලපාමින් තිබෙනවා.

ටිකෙන් ටික බඩු මිල ඉහළ යමින් තිබෙනවා.පොල් ගෙඩියක් රුපියල් 170-180 මිලකට වැඩිවෙලා.

පරිප්පු, අල ලූනු වලට බදු ගහලා.උම්බලකඩ,ටින් මාලු වලට පවා ටිකෙන් ටික බදු ගහන්නට පටන් අරගෙන.දැන් ජනතාවට ටික ටික රිදෙන්නට පටන් අරගෙන තියෙනවා.

අනුර කුමාර මහතා විපක්ෂයේ සිට හැම ආණ්ඩුවක්ම විවේචනය කලාට දැන් පුටුවේ ඉඳගත් විට රටක් පාලනය කිරීමේ බරපතලකම තේරෙන්නට ඇති.එතුමා ගන්නා හැම තීන්දුවක්ම මේ රටේ පුරවැසියන්ට දැනෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එළඹි ගිවිසුම සම්බන්ධයෙන් අනුර දිසානායක මහතා එකල දිගින් දිගටම විවේචනය කළා.එම ගිවිසුම වෙනස් කරන බව එතුමා පැවසුවා.

ඔක්තෝබර් මාසයේදී මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන ගණනක් මේ රටට ලැබෙන්නට තිබුණා.මූල්‍ය අරමුදලේ තුන්වන කාර්තුවේ මුදල් ලැබීම ලබන වසර තෙක් දැන් ප්‍රමාද වී තිබෙනවා.මොකද ජනපති හැමවෙලේම මේ ගිවිසුම වෙනස් කරන බව කියනවා.මේ නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් තිබෙනවා.

මේ මහ මැතිවරණයේදී පලපුරුද්දක් තිබෙන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.යම් විටෙක පාලකයන් ජනතාවට බලපාන වැරදි තීන්දු ගන්නවා නම් රටේ ජනතාවගේ පැත්තේ හිට ගන්නට පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සමබරතාවයක් තිබිය යුතුයි.ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයකුත් තිබිය යුතුයි.ජනතාව රැකෙන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණොත් පමණයි. අසනීපයකදී වුනත් ජනතාව යන්නේ පළපුරුදු දොස්තර කෙනෙක් ළඟට.උසාවියක නඩුවක් බාර දෙන්නේ පළපුරුදු නීතිඥවරයෙක්ට.මේ දේශපාලනයත් ඒ වගේ තමයි.ආණ්ඩුවක් වැඩ කරන ආකාරය දන්නේ පලපුරුද්දක් තිබෙන දේශපාලනඥයන් පමණයි.

ප්‍රදේශයේ ජනතාවට සේවයක් කළ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.

රට හදන්න බැරිනම් අතහැර යන බව අනුර කුමාර මහතා එක් අවස්ථාවක පවසා තිබුණා.බැරි වෙලාවත් එතුමා කියූ අයුරින් දාලා ගියොත් රට බාරගන්න පලපුරුදු කණ්ඩායමක් සිටිය යුතුයි.

අද ඔබේ ආනාගතය තිබෙන්නේ ඔබේ අතේමයි.ඒ නිසා බුද්ධිමත්ව තීරණය ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.

(ඡායාරූප -ප්‍රදීප් පතිරණ)

 



අදහස් (14)

ආණ්ඩු කිරීම විවේචනය තරම් සුන්දර නැති බව අනුරට තේරිලා

Jagath Sunday, 03 November 2024 01:34 PM

ඇයි, අනුර ඔයාගේ ගෙදරට ඇවිල්ලා කිව්වාද?

:       66       50

samSunday, 03 November 2024 06:08 PM

"පළපුරුදු පරිණත දේශපාලකයින් පාර්ලිමේන්තුවට යැවීමට අවශ්‍ය බව මෙතුමා සඳහන් කිරීම එතුමාට එතරම් සුදුසු නොවන්නේය... එයට හේතුව නම් මෙතුමාද පාර්ලිමේන්තුවට පැමිණියේද කිසිඳු පළපුරුද්දක් නොමැතිවයි. එම නිසා දේශපාලන වේදිකාවේදී හෝ UNP පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් ඉදිරියේ ඔහුගෙන් කවුරුන් හෝ ඇසුවහොත් ඔබතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට පළපුරුදු, පරිණත දේශපාලනය ලබාගත්තේ කෙසේද කියා මෙතුමා අසීරුවට පත්වනු ඇත. එමනිසා මෙතුමාගේ දේශපාලන පරිණත බව පිළිබඳවත් මිනිසුන් විවිධ මත පලකරනු ඇත. එමනිසා ජනතාව ඉදිරියේ අදහස් දැක්වීමේදී බුද්දිමත් වීම සහ ප්‍රවේසම් වීම වැදගත්වේ". පළපුරුදු, පරිණත බව ලබාගැනීමට පාර්ලිමේන්තුවට පත්විය යුතුවේ. පත්වන පුද්ගලයාගේ Talent එක මත පාර්ලිමේන්තුවේදී අද්දැකීම් ලබාගැනීමට හැකියි. ප්‍රාදේශීය සභාවේ හෝ පළාත් සභාවේ හෝ දේශපාලන ආචර්යය මහාචර්ය උපාධි අවශ්‍යයම නැත. දේශපාලනයට කැමැත්තක් සහ බුද්ධියක් සහ දේශපාලනය හොඳින් කියවා ගැනීමට හැකියාවක් තිබිය යුතුවේ. වර්තමාන දේශපාලනය සාම්ප්‍රදායික දේශපාලනය මෙන් නොව සියලු රටවල් ගෝලීය වශයෙන් සම්බන්ධව කටයුතු කරන නිසා දේශපාලන අද්දැකීම් නොමැති වුවත් දේශපාලනය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුවේ..!

:       0       2

සෙනෙවිරත්න Sunday, 03 November 2024 01:40 PM

අපට එකක් පැහැදිලි කරන්නකෝ... රනිල්ගේ වැඩ පිළිවෙලම කරනවා කියලා තැනක කියලා ආයේම කියනවා ඒක වෙනස් කරනවා කියලා... ඒක නිසා අපට අවුලක් තියෙනවා තමුන්ලා කියන දේ ගැන...!

:       63       44

pjSunday, 03 November 2024 02:55 PM

අවුලක් තියෙන බව හොඳටම පැහැදිලියි. නැතිනම් මෙහෙම කෙනෙක්ව ජනාධිපති කරාවිද?

:       33       63

යෝගා Sunday, 03 November 2024 02:19 PM

අනුරට බලාපොරොත්තු නොවෙච්චි පොට්ට චාන්ස් එකක් වැදිලා දැන් දත කට පූට්ටු වෙලා. මේ යකා යනකොට කොරහත් බිඳගෙනම තමයි යන්නේ...

:       50       58

පිටරටවැසියා Sunday, 03 November 2024 02:36 PM

දැන් ඔය නිතරම මතුරන "පළපුරුදු, පරිණත" කට්ටියම නේද? මෙච්චර සම්පත් බහුල රටක් හොරාකාලා බංකලොත් කරලා දැම්මේ? වෙනත් රටවලින් දීපු ණය ආධාර වලිනුත් ගසාකාපු "පළපුරුදු, පරිණත" කට්ටිය. රටේ සාමාන්‍ය ජනතාව, දරුවන් බහුතරයක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී, ඔයකියන පළපුරුදු, පරිණත කට්ටියට තියෙන පෝෂණ ඌනතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?

:       74       51

ජනක් Sunday, 03 November 2024 04:09 PM

හොරා කාලා පළපුරුද්ද?

:       36       29

ගමේ එකාලා Sunday, 03 November 2024 04:33 PM

සෑහෙන කාලයක් දේශපාලනේ කරලා පරිණත, පළපුරුදු කපටි, කෛරාටික බලලෝභී, බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන් කරපු හරිය පහුගිය කාලේ පුරාවටම අපි දැක්කා....!

:       41       26

Senanayaka Sunday, 03 November 2024 04:53 PM

උදේ 10 විතර නැගිටින ඔයාට නම් කොහොමත් රට හදන්න බෑ මහත්තයෝ. රටේ නායකත්වය ගැන හීන දකිනවා නම් අඩුම තරමේ පාළතකට නායකත්වයක් දෙන්න පුළුවන් තරමට වැඩකරලා පෙන්වන්න පුරුදු වෙන්න...

:       30       22

Warnasinghe Sunday, 03 November 2024 05:23 PM

ඔය කියන පරිණත පළපුරුදු අයගේ කෙරුවාව අපිට දිනපතා පුවත්වලින් අහන්න දකින්න ලැබෙනවා...!

:       30       24

Perera Monday, 04 November 2024 04:21 AM

14 වෙනිදට පස්සේ ඔහෙලාට බඩ යන ගානට තේරේවි

:       28       6

chinthaka Monday, 04 November 2024 09:21 AM

ඔයා වාගේ කම්මැලි මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක් නැහැ ,අනුරලා රට ලස්සනට පාලනය කරාවි . ඔයත් මේ පාර සීයා වගේම ගෙදර .

:       15       5

Nishan Monday, 04 November 2024 11:51 AM

ප්‍රාදේශීය සභාව හරියට කරගන්න බැරි වුණ අයට රටක් බාර දීලා ඉතිහාසේ ලොකුම වරද කරගත්ත මිනිස්සු. ඒත් දුන්නේ නැති වෙන්න දෙයක් නෑ කියලා ආසාව අතහැරලා නිසා මුකුත් කියන්නත් බෑ. ඔහේ උලා කාපු දෙන්.

:       2       11

Sany Monday, 04 November 2024 06:22 PM

හැමෝම කියනවා පළපුරුද්ද ගැන, ඒ රට සංවර්ධනයටද?, හොරකම, දූෂණය වගේ දේටද කියලා හරියට කියන්න. මොකද ජනතාව දන්නවා ඔයා ඔය කියන අය දූෂණය, හොරකම, නාස්තිය හොඳටම දන්නවා කියලා...!

:       8       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 75 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 939 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 496 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 485 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 648 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 119 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1309 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site