IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ආඬිගම වැව් රක්ෂිතයේ බලෙන් පොල් සිටුවති

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ආඬිගම නගරයට ආසන්නව  පිහිටි ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භූමියට නීතිවිරෝධීව ඇතුළු වූ කණ්ඩායමක්  එහි බලහත්කාරයෙන් පොල් පැළ සිටුවමින් එම භූමිය සතු කරගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති.

මෙම කණ්ඩායම පසුගියදා ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කළ කල්ලියට හිතවත් පිරිසක් බවත්, පසුගිය මහා මැතිවරණයේ දි මොවුන් එක් අපේක්ෂකයෙකුගේ ජය පතා කැපවීමකින්  කටයුතු කළ පිරිසක් බවත්,  මැතිවරණයෙන් ජය ලද පසු  එම සහයෙන් තමන් මෙම ව්‍යාපාරය ආරම්භ කළේ  එම වන රක්ෂිතය අත්පත් කර ගැනීමට යැයි එම පිරිස පැවසූ බවත් ගම්වාසීහු සඳහන් කරති.

මෙම අපරාධය නවතන ලෙස තමන් ඉල්ලා ඇතත් දේශපාලන බලපෑම මත ඔවුන් පොල් පැළ සිටුවන බවත්, එම භූමිය සතු කරගන්නා බවට ඔවුන් තමන්ට තර්ජන පවා එල්ල කරන බවත් ගම්වාසීහු කියති.

මෙම වැව අක්කර 10ක් පමණ විශාලය.  ඒ ජලයෙන් අක්කර 45 පමණ කුඹුරු යායක් වගා කෙරේ. වැවේ පෝෂක කලාපයෙහි  මෙසේ අනවසරයෙන් පොල් පැළ සිටුවා, වැව පස් පුරවා ගොඩකිරීමට තැත්කරමින් ඔවුන් සිටින බවත්,  මේ වන විට පිටතින් ගෙනා  පස් එහි දමා ගොස් ඇති බවත්, ඒ මගින්  වැවට යම් හානියක් ඇති විය හැකි බවත්, තමන් මේ සම්බන්ධයෙන් ගොවිජන නිලධාරින් දැනුවත් කර ඇති බවත් ජනතාව කියති.

මේ සම්බන්ධයෙන් විමසු විට පුත්තලම සහකාර ගොවිජන සේවා නිලධාරි එස්.පාලිත සේනාධිර මහතා කියාසිටියේ, කිසියම් වැව් රක්ෂිතයකට නීතිවිරෝධිව ඇතුළු වී, එහි ඇති ගහ කොළ විනාශ කරමින් එහි වෙනත් වගාවක් කිරීම සම්පූර්ණයෙන් නීතිවිරෝධි කාර්යයක් බවය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තමන් දැනුවත් කළ අතර, එහි ගොස්  පරීක්ෂණයක් කර වාර්තාවක් එවන ලෙස නිලධාරීන්ට දැනුම් දුන් බවත්, වැව් රක්ෂිතයට යම් හානියක් කර ඇත්නම් එම හානිය ගැන සොයාබලන ලෙසත්, ඊට එකඟ නොවන්නේ නම් අදාළ පුද්ගලයන්ට අධිකරණයේ නඩු පවරා දඬුවම් ලබා දෙන බවත් පුත්තලම සහකාර ගොවිජන සේවා නිලධාරීවරයා පැවසීය.



අදහස් (14)

ආඬිගම වැව් රක්ෂිතයේ බලෙන් පොල් සිටුවති

Kamal Koyrala Wednesday, 02 September 2020 08:50 AM

සියලු පරිසර විනාශ පැමිණිලි පුත්තලමෙන්... ගරු ජනාධිපතිතුමනි, මේ ඔබතුමාගේ වැඩපිළිවෙළ ඇතුළෙන්ම කඩාකප්පල් කරන බළල් අතක්...

:       14       382

විජේ Wednesday, 02 September 2020 09:09 AM

ජනාධිපතිතුමනි, පුත්තලමා‍ ගෙදර යවමු. නැතිනම්, ජනතාව ඔබතුමාව ගෙදර යවනු ඇත.

:       0       914

a.b. srila Wednesday, 02 September 2020 09:20 AM

මේ කැලේ තිබුණොත් ඔක්සිජන් එනවා. මට දුන්නේ මොන ඔක්සිජන්ද..? මම ගියා ඔතනට... කිසිම පරිසර හානියක් වෙලා නෑ.

:       0       442

Nuwan Wednesday, 02 September 2020 09:21 AM

දැන් ඕකටත් ඕපපාතික බලවතා ගිහින් ස්ථානීය පරීක්ෂාවක් කරලා කියාවි කිසිම හානියක් නැහැ කියලා.

:       54       337

සී.කේ ලංකාපුත්ර Wednesday, 02 September 2020 09:37 AM

සෞභාග්‍යයේ දැක්ම... කට්ටියක් ඔලුවටම අරගෙන...

:       0       285

ana Wednesday, 02 September 2020 10:13 AM

ගෝඨා... නීතිය?

:       0       426

විජේ Wednesday, 02 September 2020 02:48 PM

ඒකට ටිකක් හොයල‍ෙ බලන්න ඕනේ නේද ආනා? එහෙම වැරදිකාරයෙක් කියලා ඔප්පු නොවී ලොතරැයියක් හූරනවා වගේ නීතිය ක්‍රියාත්මක කරන්නත් බෑනේ ඉතින් ජනාධිපතිට වුණත්. ලොක්කට දෙමු පොඩි චාන්ස් එකක්, මේ පුත්තලං බූරුවන් ආම්බාන් කරනවාට වඩා කොච්චර හදිස්සි, අත්‍යවශ්‍ය වැඩ ඇද්ද ගෝඨාට මේ වෙලාවේ, නේ?

:       293       1

AnaWednesday, 02 September 2020 04:22 PM

කොහොමවත් නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපති අතගහන්න ඕනෑ නැහැ. ඔවුන් කරන්න ඕනෑ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය හදන එකයි. නමුත් අපේ රටවල රජයන් කරන්නේ නීතිය තමන්ට ඕනෑ විදිහට පමණක් ක්‍රියාත්මක කිරීම. සිද්ධියෙන් සිද්ධියට ජනාධිපති මැදිහත් නොවිය යුතුයි. නමුත් ලංකාවේ මොකද්ද වෙන්නේ..?

:       0       35

Hafeel Wednesday, 02 September 2020 11:36 AM

කෝ රතන හාමුදුරුවෝ? ජාතික ලැයිස්තු අර්බුදය නිසා උන්වහන්සේට මේවා අමතක වෙලාද?

:       0       62

Nuwan Wednesday, 02 September 2020 12:19 PM

මේ අය අන්තිමට ආණ්ඩුව අමාරුවේ දාලා පක්ෂෙත් මාරු කරලයි යන්නේ...

:       1       136

Asanka Wednesday, 02 September 2020 02:01 PM

කවදාවක් නීතියෙන් පිහිටක් වෙන්නේ නැහැ ඔහෙලාට... වටකරලා ගහන්නයි තියෙන්නේ...

:       0       310

Perera Wednesday, 02 September 2020 06:54 PM

ඔක්සිජන් ඇමැති කවුද?

:       0       72

sharm warn Thursday, 03 September 2020 04:07 AM

කිසිම පරිසර හානියක් වෙලා නැහැ කියලා මේකත් වහලා පොල් බැරිනම් දෙල් හිටවන්න කියලා කතාව ඉවර නොකලොත් මේ බයියන්ගේ ආණ්ඩුවක් නොවේ.

:       0       12

wije Thursday, 03 September 2020 05:05 PM

පහුගිය ආණ්ඩුව මහ බැංකුව කෑවා. මේ ආණ්ඩුව පරිසරය කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 110 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 38 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා
2025 අප්‍රේල් මස 28 190 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 1115 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 725 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 753 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1004 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 433 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site