IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ආතතිය නිසා හිසරදය බහුලයි

(ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කායික රෝගී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, වෛද්‍ය ආර්. ජයවර්ධන)

නොමළ ගෙයකින් අඹ මිටක් සොයා යෑම දුෂ්කර කාර්යක් වන්නා සේම හිසරදයක් නොවැළදුණු කෙනෙක් අප අතරින් සොයා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යක් වන බව අපි දනිමු. හිසරදය යනු එපමණටම බහුලව පවතිනා රෝගයකි. වත්මන් සමාජය තුළ හිසරදය සෑදීමට බලපාන හේතු බොහොමයක් ඇති නමුත් බහුලව දක්නට ලැබෙන තත්ත්වයන් කීපයක් පිළිබඳ පහත සඳහන් කාරනා ඔස්සේ ඔබව දැනුවත් කිරීම මූලික අරමුණ වේ.

හිසරදය සෑදීමට බලපාන ප‍්‍රධාන කරණු මොනවාද?

හිසරදය ලෙස හඳුන්වන්නේ හිසේ සහ බෙල්ල ප‍්‍රදේශයේ ඇති වන වේදනාවයි. හිසරදය සඳහා හේතු වන කාරණා රාශියකි. හිසරදය අපට දැනෙනුයේ වේදනා සංවේදන ස්නායු උත්තේජනය වීමෙනි. මොළයේ ඇතුලත ඇති මොළය සෑදී ඇති ශ්වේත ද්‍රව්‍ය සහ දූසර ද්‍රව්‍ය ලෙස හඳුන්වන ප‍්‍රධාන කොටසේ මෙම වේදනාව ඇති කරන සෛල පිහිටා නොමැත නමුත් සම හිස් කබලේ පිටතින් ඇති පෙරිඔස්ටියම ලෙස හදුන්වන කොටස, හිස සහ බෙල්ලේ මාංශ පේශීන්, රුධිර නාල, ඇස්, කන, හිස්කබලේ පිහිටා ඇති, අස්ථි කුහර හෙවත් කෝඨරක මෙම වේදනාව ඇති කරන කොටස් ලෙස හඳුනා ගත හැකිය.

හිසරදය ඇති වීමට බලපාන හේතු බොහෝ අවස්ථාවලදී එතරම් බරපතල නොවේ. මෙවැනි හිසරදයක් වේදනා නාශක පැරසිටමෝල් වැනි පෙති ගැනීමෙන් නැතහොත් විවේකීව සිටීමෙන් හෝ අවශ්‍ය තරම් දියර පානය කිරීම ආදියෙන් මග හරවා ගත හැකිය.

වෛද්‍ය විද්‍යාවේදී හිසරදය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

1.       ප‍්‍රාථමික ගණයේ හිසරදය

2.       ද්විතීක ගණයේ හිසරදය

ප‍්‍රාථමික ගණයේ හිසරදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෙලෙස හඳුන්වන්නේ වෙනත් ශාරීරික අබාධයන් නිසා හට නොගන්නා හිසරදයන්ය. මේ යටතේ පහත සඳහන් හිසරදයන් බහුල වශයෙන් හදුනාගත හැකිය.

1.       ආතතිය නිසා හට ගන්නා හිසරදය

2.       ඉරුවාරදය නිසා හට ගන්නා හිසරදය

3.       ලිංගික එක්වීමෙන් පසු ඇතිවෙන් හිසරදය

ආතතිය නිසා හට ගන්නා හිසරදය කෙබදුද?

සමාජයේ බහුලව දක්නට ලැබෙන හිසරදය ආතතිය නිසා හට ගන්නා හිසරදයයි. මෙවැනි රෝගීන්ට දිගටම පවත්නා හිසේ වේදනාවක් පවතී. මෙම වේදනාව නළල, නළලේ දෙපස, හිස මුදුන ප‍්‍රදේශයේ හට ගනී. මෙවැනි හිසරදයක් ඇති රෝගියෙකු මෙය විස්තර කරනු ලබන්නේ තමාගේ හිස වටා පටියකින් තදින් ගැටගසා තිබෙන විට දැනෙන වේදනාවට සමාන වේදනාවක් දැනෙනවා ලෙසය. මෙම වර්ගයේ හිසරදක් සෑදීමට විවිධ හේතු බලපෑ හැකි අතර මේ අතරින් මානසික ආතතිය, මධ්‍යසාර භාවිතය, අවශ්‍ය ප‍්‍රමාණයට  නින්ද නොලැබීම, විශාදය, ආහාර මග හැරීම සහ අවශ්‍ය ප‍්‍රමාණයට ශරීරයට ජලය නොලැබීම නිසා ඇති වන විජලන තත්ත්ව ආදිය බහුලව දැක්විය හැක.

ඉරුවාරදය නිසා හට ගන්නා හිසරදය සුවකළ හැකිද?

ඉරුවාරදය නිසා හට ගන්නා හිසේ වේදනාව නැවත නැවත ඇති වන සාමාන්‍ය වේදනාවක් හෝ තදබල වේදනාවක් විය හැකිය. මෙය සාමාන්‍යයෙන් හිසේ එක් පැත්තකින් ආරම්භවීම සිදු වේ. සමහර අවස්ථාවලදී අනෙක් පසට වේදනාව පැතිරීයාම සිදු වේ. ඉරුවාරදය නිසා හට ගන්නා වේදනාව නාඩි වැටෙන විට ඇති වන සංවේදනය මෙන් දැනෙන්නට පුළුවන් අතර සාමාන්‍යයෙන් පැය දෙකේ සිට පැය හැත්තෑ දෙකක කාලයක් පුරා මෙම වේදනාව පැවතිය හැකිය.  ඉරුවාරදය සමග වමනය යෑමට එන ස්වභාවයක්, ආලෝකයට අධික සංවේදී බවත්, සමහර ශබ්ද සහ ආඝ‍්‍රාන වල නුරුස්නා ස්වභාවයක් ඇති විය හැකිය. මෙම වර්ගයේ හිසරදයක් ශාරීරික ක‍්‍රියාකාරකම් නිසා වැඩි විය හැකිය.

සමහර රෝගීන්ට ඉරුවාරදය නිසා හටගන්නා වේදනාව ඇති වීමට පෙර පහත පරිදි වෙනත් රෝග ලක්ෂණ පහල විය හැකිය.

x තරු වැනි ආලෝකධාරා පෙනෙන ස්වරූපයක් දැනීම

x අකුරු ඇදවී පෙනෙන්නාක් මෙන් දැනීම

x කතාවේ වෙනසක් සිදු වන බව දැනීම

x තමන්ට අවට පරිසරයේ සංවේදන දැනෙන ආකාරයේ වෙනසක් සිදු වන බව දැනීම

x ඇඟ හිරිවැටෙනවා වැනි ස්වභාවයක් දැනීම

x කලාතුරකින් ඇතිවන ශරීරයේ පැත්තක් පන නැති වී ඇති ස්වභාවයක් දැනීම.

අප ඉහත සඳහන් කළ ලක්ෂණ ඇති වීමට පෙර ඉරුවාරදය සෑදෙන රෝගීන් ගෙන 60% ක් පමණ ප‍්‍රමාණයකට අධික තෙහෙට්ටු ස්වභාවයක්, සාමාන්‍ය ස්වභාවයේ වෙනසක්, විශාදය වැනි තත්ත්වයන් හෝ අනවශ්‍ය පරිදි සිනහවීම වැනි තත්ත්වයන් ද ඇති විය හැක. ඉරුවාරදය සෑදෙන සෑම පුද්ගලයෙකුටම ඉහත සඳහන් කල ලක්ෂණ සියල්ලම ඇති නොවන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම ලක්ෂණ වෙනස් විය හැකි බව මතක තබා ගත යුතුය.

ඉරුවාරදය තදින් සෑදුන කෙනෙකුට ඉතාමත් අධික ලෙස දැනෙන වේදනාව නිසා තමන්ගේ එදිනෙදා කටයුතු කර ගැනීම පවා දුෂ්කර වනු ඇත. මෙවැනි රෝගීන්ගේ හිසරදය වැඩි වීම සඳහා පහත සඳහන් හේතු බලපෑ හැකි බවට විශ්වාසයක් පවතී.

x නිදි වර්ජිතව සිටීම

x බඩගින්නේ සිටීම

x අධික හිරු එළියේ සිටීම

x පරිසරයේ යම් වෙනසක් සිදු වීම  (අධික උෂ්ණත්වය හෝ සීතල)

x වාහනයකින් දුර ගමනක් යාම

x රටකජු, චොකලට්, අයිස්ක‍්‍රීම් වැනි ආහාර ගැනීම

x කාන්තාවන් නම් ඔසප්වන කාලය තුළ සිදු වන හෝමෝන වෙනස් වීම

වැනි හේතූන් නිසා ඔබගේ වේදනාව හට ගත්තේ දැයි අවබෝධ කර ගැනීම පිණිස දින පොතක් තබාගැනීම වැදගත්ය. එලෙස හිසරදය සෑදීමට හේතු දැන ගැනීම නිසා එවැනි අවස්ථා මගහරවා කටයුතු කර ගත හැක. ඉරුවාරදය සමහර අවස්ථාවල ලේ ඥාතීන් අතර බහුලව පවතින බව හඳුනා ගෙන ඇත. එනම්, මවට හෝ පියාට ඉරුවාරදය ඇති නම් දරුවන්ට ද එම රෝගය වැලදීමේ ප‍්‍රවනතාවයක් පවතී. එමෙන්ම වයස් භේදයකින් තොරව වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ට ද හිසරදය වැලදිය හැක.

ඉරුවාරදය පෙළෙන රෝගීන් දැන සිටිය යුතු වැදගත් කරුණක් වන්නේ එදිනෙදා කටුයතු කර ගැනීමට නොහැකි තරම් තද වේදනාවක් දැනුනද මේ නිසා ජීවිත හානියක් සිදු නොවන බවයි. මෙම තත්ත්වය නිට්ටාවට සුවකිරීම සඳහා ක‍්‍රමයක් මේ වන තෙක් සොයා ගෙන නොමැත. ප‍්‍රථිකාර මගින් කරනුයේ රෝගය ඇති වන වාර ගණන අවම මට්ටමකට පවත්වා ගැනීම සහ රෝගය ඇති වූවිට ඇති වන වේදනාව අවම මට්ටමට පත් කිරීමයි.

මේ සඳහා භාවිතා කල හැකි ප‍්‍රතිකාර රාශියක් ඇත. ඉතා කලාතුරකින් මද වශයෙන් හිසේ ඇති වන වේදනාවක් පමණක් ඇති ඉරුවාරද රෝගීන්ට රෝගය ඇති විට පමණක් ප‍්‍රතිකාර ගැනීම ප‍්‍රමාණවත් වෙයි. රොග ලක්ෂණ ඇතිවන මුල් අවස්ථාවේ දිම ඉක්මණින් ප‍්‍රතිකාර ගැනීම ආරම්භ කිරීමෙන් වේදනාව අධික වීම වලක්වා ගැනීමට හැකියාවක් ලැබේ.

උදාහරන ලෙස ඉරුවාරදය සෑදීගෙන එන අවස්ථාවේ දීම ඖෂධ ගෙන නිදාගත් විට අවදි වූ පසු හිසරදය අඩු වී ඇති බව දැනේ.

එහෙත් හිසරදය නොසලකා හැර උත්සන්න වූ පසු ඖෂධ ගැනීමෙන් අන්ත‍්‍ර වලින් ශරීරයට උරා ගන්නා ශක්තිය අඩු වන නිසා ඖෂධ මගින් ලැබෙන ගුණයද අඩු වී වේදනාව පාලනය කර ගැනීමට අපහසු වේ.

ඉරුවාරදය සෑදීම වැලැක්වීමේ ප‍්‍රතිකාර සහ සෑදුනු පසු සෑදෙන වාර ගණන නැතහොත් තීව‍්‍රතාවය අඩු කර ගැනීමේ ප‍්‍රතිකාර  මොනවාද?

සතියකට දින දෙකකට වඩා ඉරුවාරදය පවතී නම් හෝ ඉතාමත් අධික ලෙස අධික වේදනාවක් ඇති වේ නම් එය ඔබේ සාමාන්‍ය දින චර්යාවට බලපායි නම් හෝ සාමාන්‍යයයෙන් භාවිතා කරන ඖෂධ මගින් මෙම වේදනාව  පාලනය කල නොහැකි නම් එවැනි අවස්ථාවල ඉරුවාරදය ඇති වීම වලක්වන ඖෂධ භාවිතා කරනු ලබයි. මෙම ඖෂධ මගින් රෝගය ඇති වන වාර ගණන අඩු කරන අතර වේදනාවේ තීව‍්‍රතාවය අවම කරයි.

ද්විතීක ගණයේ හිසරදය ගණයට අයත් වන්නේ මොනවාද?

වෙනත්  ඕනෑම ශාරීරික අබාධයක ප‍්‍රතිඵලයක් ලෙස සෑදෙන හිසරදය මෙම ගණයට අයත් වේ. මේ සඳහා බලපාන හේතූන් රාශියකි. ඉහත අප සඳහන් කළ හිස සහ බෙල්ල ආශි‍්‍රත පවතින  ඕනෑම ව්‍යුහයකට ඇති වන ආබාධ නිසා මෙම වර්ගයේ හිසරදයන් හට ගනී. මේ සඳහා හේතුවන කාරණා කීපයක් පහත දැක්වේ.

x අනතුරකින් පසුව හට ගන්නා තැල්මක්, කැපීමක්, අස්ථි බිදීමක් වැනි තත්ත්වයක් නිසා

x යම් ආසාධනයක් නිසා උදාහරණ ලෙස මොලය තුළ හටගන්නා සැරව ගෙඩි, කන ආශී‍්‍රතව

හටගන්නා තත්ත්වයන්, සමේ හටගන්නා ගෙඩි වැනි විවිධ හේතූන් නිසා

x මොළය තුළ හෝ පිටතින් හටගන්නා පිළිකා හෝ පිළිකාමය නොවන ගෙඩි නිසා

x හිස සහ බෙල්ල ආශ‍්‍රිතව ඇති රුධිර නාල වල සිදුවන වෙනස්කම්

මෙය සමහරවිටක රුධිරනාලයන් තුළ පීඩනය වැඩි වීම නිසා හෝ රුධිරනාල වල සිදු වන ප‍්‍රධාහ තත්ත්වයන් නිසා ලේ කැටි සෑදීම නිසා, හෝ රුධිරනාල පුපුරායාම නිසා

x මුහුණේ, බෙල්ලේ හෝ හිසේ ස්නායුවල ඇති වන ආබාධයන් නිසා

x හිස සහ බෙල්ල ප‍්‍රදේශයේ ඇති අස්ථි වල සහ සන්ධිවල ඇති වන ආබාධ නිසා

x කෝඨරක වල ඇති වන ආබාධ නිසා

මෙසේ ද්විතික වර්ගයේ හිසරදයන් ඇති විය හැක. මීට අමතරව වේදනානාශක නිසා හට ගන්නා හිසරදය ඉතා වැදගත් වේ. මෙවැනි රෝගීන් ශරීරයේ සන්ධි හෝ වෙනත් වේදනාවන් හෝ හිසරදය නිසා ම වේදනානාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිති. එවැනි රෝගීන් එම වේදනා නාශක දිර්ඝ කාලීනව භාවිතා කිරීම නිසාම හිසරදය ඇති විය හැකි අතර හිසරදය අවම කර ගැනීම සඳහා වේදනා නාශක භාවිතා කිරීම නතර කළ යුතුයි.

මෙසේ අප ඉහතින් සඳහන් කලේ හිසරද සඳහා බහුල වශයෙන් හේතු විය හැකි කාරණා කීපයක් පමණි. මේ බෝහෝ අවස්ථා එතරම් බැ?රුම් නොවේ. එහෙත් වෛද්‍යවරයෙක් වෙත අනිවාර්්‍යයෙන්ම යොමු විය යුතු පහත සඳහන් අවස්ථා ගැන දැන සිටීම ඉතාමත් වැදගත්ය.

1.       අවුරුදු පහට අඩු දරුවන්ට සහ අවුරුද පනහට වැඩි පුද්ගලයන්ට ඇති වන හිසරදය

2.       පෙර නොතිබුණු නමුත් අළුතින් ඇති වන හිසරදයක් හෝ පෙර තිබූ හිසරදය හා සම්බන්ධ රෝග ලක්ෂණ වල වෙනස් වීමක්.

3.       උණක් සහ බෙල්ල ප‍්‍රදේශයේ තද ගතියක් සමග දැනෙන හිසරදය

4.       හිසරදය සමග ඇගේ පළු දැමිම

5.       හදිසියේ ඇති වන පොල්ලකින් පහරක් වැදුනා වැනි ඔළුව පිටුපස ඇති වන හිසරදය.

6.       හිසරදය සමග කතාවේ වෙනසක් කල්පනාවේ වෙනසක්  අතක පයක හිරිවැටීමක් හෝ අප‍්‍රාණික තත්ත්වයක් ඇති වීම.

7.       හිසට දැනෙන වේදනාව තමාට ජීවිත කාලය තුල දැනුන වැඩිම හිසේ වේදනාව ලෙස දැනේ නම්,

8.       දිනපතා නින්දෙන් අවදි වූ විට සහ කැස්ස, කිවිසුම් යෑම වැනි අවස්ථාවලදී හා මලපහ කරන අවස්ථාවලදී හිසරදය වැඩි වේනම් සහ වමනය ඇති වේ නම්,

9.       හිසරදය ඇති වූයේ හදිස්සි අනතුරකින් පසුව නම්,

ඉහතින් සඳහන් කළ තත්ත්ව පිළිබඳව ඔබගේ දැඩි අවදානය යොමුකල යුතු අතර එවැනි තත්ත්ව් ඔබත් අත්විදීනම් ජීවිත අවධානයෙන් මිදීම පිණිස වෛද්‍යවරයෙක් වෙත යොමුවීම ඉතාමත් වැදගත් බව සැලකිය යුතුයි.

 

 

 



අදහස් (1)

ආතතිය නිසා හිසරදය බහුලයි

ප්‍රියන්ත Monday, 06 March 2023 11:52 AM

ඉතාම වටිනා ලිපියක්. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ප්‍රයෝජනවත් වන හිසරදය පිළිබදව විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 944 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5730 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3273 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1453 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28419 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site