IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ආදරයෙදී මම උදාසීනයි...

2016-08-19-ent-13

2016 ජනවාරි මාසයේදී ගීත නිර්මාණයක් එළි දැක්වුවා. Jinna සමඟ යුග ගායනයක්. "අනිමිසයක්" තමයි ගීතයේ නම. දැනට ‍YouTube හරහා ගීතයට සවන්දෙන්න පුළුවන්. Ringtones download කරන්නත් පුළුවන්.

 

නම?

2016-08-19-ent-11බිම්සරා ප්‍රේමරත්න

 

ඉගෙන ගත්ත පාසැල?

මියුසියස් විද්‍යාලය, කොළඹ 7.

 

පාසලේදී කලා කටයුතුවලට සහභාගී වුණාද?

ඔව්. පාසලේ කලා කටයුතු බොහොමයකට සම්බන්ධ වුණා. කලාව සම්බන්ධයෙන් මුල් අඩිතාලම වැටුණෙ එහිදී කිව්වොත් නිවැරදියි. සිංහල, ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම හොඳ පුහුණුවක් ලැබුණා.

 

කොහොමද ලැබුණු අත්දැකීම්?

අන්තර් පාසැල් මට්ටමෙන් විශිෂ්ට ජයග්‍රහණ බොහොමයක් ලබන්න පුළුවන් වුණා.

 

ගෙදරින් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?

ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් අම්මාගෙන්.

 

ප්‍රසිද්ධ කලා ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්නේ කොහොමද? කොයි කාලෙද?

මොකක්ද නිර්මාණය, කොහොමද ලැබුණු ඒ අත්දැකීම? ප්‍රසිද්ධ වේදිකාවට මුලින්ම සම්බන්ධ වෙන්නෙ 2009 දී. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. Silent Hands නාට්‍ය කණ්ඩායම විසින් කරපු Move Over Mrs Markham කියන හාස්‍යෝත්පාදක නාට්‍යය තමයි ඒ. ඉන්පස්සේ විවිධ නාට්‍ය කණ්ඩායම් සමඟ ඉංග්‍රීසි වේදිකාවේ නාට්‍ය ගණනාවකටම සම්බන්ධ වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන Workshop Players නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් Jerome De Silva අධ්‍යක්ෂණය කළ Tennessee Williams ගේ A Streetcar Named Desire එහි Blanche ගේ චරිතයයි මම කළේ. ඒ 2013 දී. ඒ වගේම 2014 දී StageLight and Magic නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් Sashane Perera අධ්‍යක්ෂණය කළ Jean-Paul Sartre ගේ Men Without Shadows ගේ භූමිකාවත් වේදිකා රංගන ජීවිතයේ සංධිස්ථානයක්.

ඊට අමතරව 2012 දී ආනන්ද අබේනායකගේ "අප්පච්චි" හරහා ටෙලිනාට්‍යවලටත්, 2013 දී චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ (ඉදිරියේදී තිරගත වීමට නියමිත) According To Mathew ඉංග්‍රීසි චිත්‍රපටය හරහාත් සිනමාවට සම්බන්ධ වුණා.

 

රංගනය ගැන ඔබ හැදෑරීමක් කරනවද?

ලැබෙන හැම අවස්ථාවකදීම රංගනයට පෙර සූදානමක් විදිහට හැදෑරීමක් කරනවා. ඒ වගේම ඒ රංගන අත්දැකීමේ පසු විපරමක් විදිහටත් හැදෑරීමක් කරනවා. රංගනය සඳහා වූ පුහුණු සැසිය වැඩමුළු ගණනාවකටත් සහභාගි වී තිබෙනවා.

 

කොහොමද චරිත තෝරාගන්නේ

පිටපතට මූලිකත්වයක් දෙමින්, තවත් කාරණා කීපයක්ම සළකා බලා තමයි වැඩක් භාර ගන්නේ.

 

ඔබ වේදිකාවට සම්බන්ධ කෙනෙක් නේද? වඩාත් කැමති වේදිකාවටද? පුංචි තිරයටද, සිනමාවටද?

මාධ්‍ය තුනේම ප්‍රිය කරන කාරණා තියෙනවා. රංගන ශිල්පිනියක් විදිහට අංශ තුනෙන්ම ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව. මුල් ආරම්භය වේදිකාවේ නිසා, ඒ ගැන විශේෂ ඇල්මක් තියෙනවා.

 

සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණද? ආරධනා ලැබිලා තියෙනවද?

According To Mathew වලට පස්සේ කෙටි චිත්‍රපට කීපයකටම දායක වුණා. ඊට අමතරව මේ අවුරැද්දේ මාර්තු මාසයේ රෑපගත කෙරැණු (දැන් post-production) සුමති සිවමෝහන් ගේ Sons and Fathers සිංහල චිත්‍රපටියටත් දායක වුණා.

 

ඔබ සංගීතයටත් දක්ෂතා ඇති කෙනෙක්. ඒ පැත්තෙන් අලුත් දේවල් කරන්නේ නැද්ද?

2016 ජනවාරි මාසයේදී ගීත නිර්මාණයක් එළි දැක්වුවා. Jinna සමඟ යුග ගායනයක්. "අනිමිසයක්" තමයි ගීතයේ නම. දැනට ‍ YouTube හරහා ගීතයට සවන්දෙන්න පුළුවන්. Ringtones download කරන්නත් පුළුවන්. ඊට අමතරව ගීත ගායනා කීපයකටම ආරාධනා ලැබුණත්, කාල වේලාව අඩුකම නිසා කල් දමමින් ඉන්නවා. නමුත්, කාශ්‍යප කුරැප්පුආරච්ච?, ි, නාලක එස්. ජයසිංහ සහ රෑනි සමඟ කෙරෙන ගීතයක නිර්මාණය ළඟදීම සිදුවේවි.

 

ඔබේ වෘත්තිය රංගනයද?

ඔව්. කලින් යෙදී සිටි වෘත්තියෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව රංගන ශිල්පිනියක් සහ හඬ කිරීමි ශිල්පිනියක් ලෙස 2012 සිට කටයුතු කරනවා. කට කතා ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ? ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ නෑ.

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණ අයත් එක්ක ඔබ රඟපාන්නේ. ඒ අය එක්ක වැඩ කිරීමට ලැබීම ගැන අදහස?

ඒ අයගේ රංග පෞරුෂයෙන්, අත්දැකීම් වලින් උපරිම වශයෙන් ඉගෙන ගන්න උත්සාහ කරනවා.

 

ආදරය ගැන මොකද හිතෙන්නේ? දැන් පෙම්වතියක්ද?

මොනවගේ කෙනෙක්ද හොයන්නේ? කලා ක්ෂේත්‍රයේම කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත්? ආදරය ගැන උදාසීනත්වයක් තියෙන්නේ. පෙම්වතියක් නෙමෙයි. ඒ නිසා සම්මතයක් විදිහට සියලුම යෝජනා ප්‍රතික්ෂේප කරනවා.

 

ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වන "බැද්දේ කුලවමිය" (ඉරිදා රාත්‍රී 8.30) ටෙලිනාට්‍යයේ ෂෙරීන් ගේ චරිතය නිරූපණය කරනවා. රූගත කිරීම් අවසන් කළ චිත්‍රපට දෙකම නුදුරේදීම තිරගත වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍යය &නැතුව බැරි මිනිහෙක්* හරහා සිංහල වේදිකාවටත් එකතු වෙනවා. ප්‍රථම දර්ශනය සැප්. 2-3, ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකාගත වෙන්නට නියමිතයි.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

ගීත ගායනය හරහාත්, ගුවන්විදුලිය හරහාත්, වෙනස් ආරක අලුත්ම නිර්මාණ කීපයකටම සූදානම් වෙනවා. රංගනයෙන් සුවිශේෂ ශිල්පියෙක් විදිහට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම දක්ෂතා පෙන්වමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ සේයාරූ | ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-08-19-ent-10
2016-08-19-ent-12



අදහස් (0)

ආදරයෙදී මම උදාසීනයි...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 65 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 234 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 524 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 407 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3533 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 511 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site