IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආදරය නිසා විඳවන්න නම් කොහෙත්ම කැමති නෑ

2016-06-18-ent-34


2016-06-18-ent-30ඔබට නදීෂා කියන්නද? රෝසි කියන්නද? 

මම නදීෂාණි නිලූෂිකා. මගේ ගෙදර අය, නැදෑයෝ වගේම යාළුවොත් මට ආදරේට කියන්නේ රෝසි කියලා. හැබැයි මගේ කොම්බි නාට්‍ය බලපු අයනම් මට කතා කරන්නේ කොම්බි කියලා.

 

මුලින්ම යොමුවන්නේ නිරූපණ ක්ෂේත්‍රයටද?

ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මාව මුලින්ම දකින්න ලැබෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ. ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ. රූපවාහිනි නාලිකා කිහිපයකම නිවේදිකාවක් ලෙසත් වැඩකළා.

 

කොහොමද නිරූපණයට යොමුවුණේ?

ඇත්තටම මේ ක්ෂේත්‍රය පිළිබඳව මම ලොකු හැදෑරීමක් කරලා තිබුණේ නෑ. සමහර විට මේ දේ මගේ ඇඟේ තියෙන්නත් ඇති. මට ලැබුණ අවස්ථාවත් එක්ක ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න හැකියාව ලැබුණා.

 

පොඩි කාලෙ ඉඳලා බලාපොරොත්තුවක් තිබුණද මෙවැනි ක්ෂේත්‍රයකට එනවා කියලා.

පොඩි කාලේ නම් තිබුණේ නැටුම් ගුරුවරියක් වීමේ බලාපොරොත්තුවක්. පස්සෙ ඒක ටිකෙන් ටික වෙනස් වුණා. A/L කරලා ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ මම තීරණය කළා මට ගැළපෙන්නෙ මේ ක්ෂේත්‍රය කියලා.

 

ඔබේ පාසල?

පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය. එක වසරෙ ඉඳලා A/L වෙනකන්ම ඒ පාසලේම තමයි ඉගෙන ගත්තේ.

 

පාසල් කාලයේදීත් කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?

ඔව්. නර්තනයටයි ක්‍රීඩාවලටයි තමයි වැඩිපුරම යොමුවුණේ .

 

"කොම්බි" නාට්‍ය ඔබට ගොඩක් විශේෂයි නේද?

කොම්බි නාට්‍යයේ රඟපාන්න ලැබුණ එක ජීවිතයේ ලබපු ලොකු භාග්‍යයක් කියලයි මම නම් හිතන්නේ. ගොඩක්ම ආසාවෙන් රඟපාපු නාට්‍යයක් හා ගොඩක්ම ආදරය කරන චරිතයක්. දැනට වුණත් මගේ කොමර්ෂල්ස් ටීවී එහෙම යද්දී පොඩි ළමයි කියනවා අන්න කොම්බි අක්කා ඉන්නවා TV එකේ කියලා. හරිම ආදරණීය චරිතයක්.

 

කොහොමද ඔබ මේ චරිතය දකින්නේ?

කොම්බි කියන චරිතය අනෙක් චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක්. කොම්බි කිසිම කෙනෙකුට බය නැති පිරිමියෙක් වගේ චරිතයක්. ගැමි චරිතයක්. සටන් කලාව අංගම්පොර මේ හැමදෙයක්ම චරිතය තුළ ගැබ්වෙලා තියෙනවා. අපිටත් මේ සටන් කලාව ප්‍රගුණ කරන්න අවස්ථාව ලැබුණා. නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ගාමිණී ද සිල්වා මහාතා. අධ්‍යක්ෂකවරයා ඇතුළු නාට්‍ය හා සම්බන්ධ ප්‍රවීණ ශිල්පීන්ගේ සිට ටී බෝයි දක්වා මේ සියලු දෙනාගෙන්ම විශාල සහයක් ලැබුණා.

 

සටන් කලාවත් ඉගෙන ගත්තනම් රූගත කිරීම් අතරේ අමතක නොවන සිද්ධි එහෙම ගොඩක් ඇති.

අපි අංගම්පොර සටන් කලාව ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැනෙ. ඉතින් මාසයක් විතර සටන් ක්‍රම ඉගෙන ගත්තා. සමහර වෙලාවට වැරදිලා නිලවලට ගැහෙන වෙලාවල් තිබුණා. මම ළඟින් යනකොටත් සමහරැ බයයි කොයි වෙලේ ගුටි කන්න වෙයිද දන්නෑ කියලා. ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා.

 

චිත්‍රපට ගැන කතා කළොත්

තුෂාර තෙන්නකෝන් මහතාගේ වරිග ජෝර්ජ් චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා.වරිග ජෝර්ජ් චිත්‍රපටයේ මම කරන්නේ වැදි චරිතයක්. ඉතින් මේ චරිතය කරන්න කලින් වැදි ජනතාවගේ සියුම් ඉරියව් පවා අධ්‍යනය කරන්න අපට සිදුවුණා. සමහර වෙලාවට පිටපතේ වචන දැක්කම මට ඔළුව රිදුණා කොහොමද මම මේවා කියන්නේ කියලා. චිත්‍රපටය රෑගත කළේ කොළඹින් පිට කැලෑබද ප්‍රදේශයක. හරිම සුන්දරයි.

 

ආදරය ගැන මොකද හිතන්නේ?

ආදරය එක එක්කෙනාට බලපාන විදිහක් තියෙනවා. වෙලාවකට සුන්දර වගේම තවත් වෙලාවකට අසුන්දර වෙන්නත් පුළුවන්. කොහොමත් ආදරය සුන්දර දෙයක් විදිහටයි මම දකින්නේ. මමත් ආදරය ලබන්න ගොඩක් කැමතියි. ආදරය නිසා විඳවන්න නම් කොහෙත්ම කැමති නෑ.

 

ඔබ විවාහකයි?

ඔව්

 

ඔබ රඟපානවට ඔහුගේ කැමැත්තක් නැද්ද?

කොහොමත් ඕනෑම පිරිමියෙක් කැමති නැහැනෙ තමන්ගේ වයිෆ්ට වැරුද්දක් වෙනවට. ඒ නිසා මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරද්දි තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වෙමින් බොහොම පරිස්සමින් වැඩ කරන්න කියලා තමයි එයා කියන්නේ.

 

දවසක රඟපෑම නවත්වලා ඔබට ඔහු ළඟට එන්න කිව්වොත්?

ඒක ප්‍රශ්නයක් නෑ. මට මොකද සතුට තියෙන්නේ රඟපෑමෙම නෙමෙයි. පවුල් ජීවිතය ගොඩක් වටිනවා

 

ඒ කියන්නේ නදීෂා ඉක්මනින්ම ඕස්ට්‍රේලියාව බලා පිටත්වෙයි කියන එකද?

මම මගේ ප්‍රේක්ෂකයන් අමතක කරලා අතරමඟ දාලා නම් යන්නේ නෑ. තව ඉදිරියටත් මෙම නිර්මාණ කිහිපයක්ම භාර අරගෙන තියෙනවා.

 

විලාසිතා ගැන මොකද හිතන්නේ?

විලාසිතා කියන්නේ ඇඳුම් විතරක්ම නෙමෙයි. අපි පාවිච්චි කරන ආභරණ, මේකප්, ෂූස්, වොච් මේ හැම දේකම හොඳ ගැළපීමක් තියෙන්න ඕනෙ. මම හැමවිටම තෝරාගන්නේ මම ගැළපෙන විලාසිතා විතරයි.

 

ව්‍යාපාර පැත්තටත් යොමුවෙන්න අදහසක් තියෙනවාද?

ඔව්. පුංචි කාලෙ ඉඳලම ෆැෂන් ඩිසයින් පැත්තෙන් ඉදිරියට යන්නට මගෙ බලාපොරොත්තුවක් තිබුණා. මේ වෙද්දි කොස්ටියුම් හා ෂූස් සම්බන්ධ ව්‍යාපාරයක් කරගෙන යනවා.

 

අනාගත බලාපොරොත්තු?

අනාගතේ ඉෂ්ඨකරගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක දැන්ම කියන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් සටහන් කරලා තියමු. ඒක තමයි මගෙ හීනෙ මගේ හැමදේම.

 

කුමී

සේයාරූ - සුමුදු හේවාපතිරණ

 

2016-06-18-ent-29
2016-06-18-ent-31
2016-06-18-ent-32
2016-06-18-ent-33



අදහස් (0)

ආදරය නිසා විඳවන්න නම් කොහෙත්ම කැමති නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 589 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1149 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1705 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1144 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2104 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site