තරුණ තරුණියන්, පාසල් දරුවන් හා වැඩිහිටියන් සහභාගී කරගනිමින් ‘‘පහන් සිතට දහම් සිසිලක්“ වැඩසටහන අකුරැස්සේ දස මහා බෝධි සෙනසුන් විහාරස්ථානයේ දී සෙනසුරාදා පැවැත්විණි.
මේ වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලබන්නේ ‘‘ආදරවන්තයන්ගේ දිනය“ ආගමානුකූලව සැමරීමේ ආදර්ශයක් සමාජයට ලබා දීමේ අපේක්ෂාවෙනි. වැඩසටහන පැවැත්වෙන දිනයේ දී අකුරැස්සේ සියළුම උපකාරක පන්ති වසා දමා දරුවන්ට ආගමික වැඩසටහන් සදහා සහභාගී කරවීමට ගුරුවරු ද කටයුතු කරති.
මෙවර සෙනසුරාදා වැඩසටහන පැවති අතර ඒ සදහා 5000ට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. විහාරාධිපති දිද්දෙණිපොත නන්දරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය හා ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙන්සිදුකැරිණි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආදරවන්තයන්ගේ දිනය ආගමානුකූලව සමරති
සෙනරත් Sunday, 14 February 2016 02:59 PM
ආදරවන්තයින්ගේ දිනය යයි කියමින් මෙයට වසර 12 කට පෙර කොළඹ එක හෝටලයක තම පාර්ශව කරුගේ ඇඳුම් වැඩිපුරම ගලවා පෙන්වූ ජෝඩුවට පළමු තෑග්ග ලබාදෙන තරඟයක්ද පැවැත්වුණා. නැවතත් මේ වසරේ සිට කැමති අයට එවැනි තරඟ වලට යන්න පුළුවනි. එවැනි දේ වලට දරුවන් යැවීමට කැමති දෙමාපියනුත් ලංකාවේ දැනට අලුතෙන් බිහිවී සිටිනවා. (රේ)
පිටිගල මිලානෝ Sunday, 14 February 2016 03:27 PM
පෙම්වතුන්ට වඳින ගාථාවක් තියෙනවාද? එහෙමනම් ඒ මොකක්ද?(රේ)
ශාන්ත Sunday, 14 February 2016 05:45 AM
මෙන්න ආදර්ශයට ගන්නවනම් වැඩ. කරුණාව, මෛත්‍රිය, දයාව යනු ආදරයයි. අදරවන්තයිනි, රාගයට ඉඩ නොතබන්න. (ර)
සුමිත්‍රා බස්නායක Sunday, 14 February 2016 05:52 AM
සතුටුදායක දසුනක්. ලංකාව පුරාම ඔය වගේ වැඩසටහන් කරන්න පුලුවන්නම් තරුණ දරුවන් යහමගට ගැනීමත් සතුටු දායක වෙයි. (ර)
සෙනරත් Monday, 15 February 2016 01:18 PM
කාම අපචාර සඳහා වැඩිපුරම අඩු වයස් ගැහැණු ළමුන් නීති විරෝධී ලෙස යොදාගන්න රට ඇමෙරිකාවයි. වැලන්ටයින් දිනය වැඩිපුරම සමරන්නෙත් ඇමෙරිකාවේ. එතකොට නිල්මිණි ගේ අදහස පරස්පර විරෝධී නේද ? (බ)
ජයනාත් Sunday, 14 February 2016 04:47 PM
ආදරය නොකරන තරුණ වයස මොකටද ..? තහනම ,සීමා මායිම් හැමදේටම පිළියම නොවෙයි.විශේෂයෙන් ආදරයට..! බෞද්ධ අපිට අන්මතය ඉවසීමේ හැකියාවක් තියනවා . වැලන්ටයින් පියතුමා එකල ආදරයකිරීමට තහංචි,බාධක වැටී තිබී නව යව්වනයන් ,යව්වනයන් වෙනුවෙන් පෙනීසිට දිවි පිදුවෙක්.මේ දිනය රටේ හැටියට සැමරීමට නිදහස තිබෙනවා මේ ප්‍රජාතන්තවාදී රටේ..! මේක ගැටළුවක් නැහැ තමතමන්ගේ ආගමට අනුව හෝ පිළිගත් විදිහකට සැමරුවාට.(රේ)
නිල්මිණි Sunday, 14 February 2016 07:10 AM
වැලන්ටයින් දවසට සිල් ගන්න වෙසක් දවසට ජෝඩු දාල තෝරන් බලන්න යන හැමදේම පටලවා ගත් මිනිස්සු ඉන්නේ. (ර)
රොහාන් Sunday, 14 February 2016 08:32 AM
මෙහෙම සස්කෘතියක් අපේ රටේ නැහැ අනුන්ගේ ජරා පුරුදු පටලවගන්න ශ්‍රීලංකික අපි හරි කැමති, ආදරය කරන්න දිනයක් වෙලාවක් මොකටද මොන බොරුවක්ද මේ කරන්නේ, මේවා අපේ රටේ තහනම් කරන්න ඕනේ. (ර)
අනුෂ්ක Sunday, 14 February 2016 08:34 AM
නිල්මිණි කියන දේත් ඇත්ත තාමා. (ර)
මහින්ද සෞදි Sunday, 14 February 2016 09:34 AM
නිල්මිණි ඔබේ ප්‍රකාශය නිවැරදියි, ලංකාවේ අතීතයේ ආදරය කරන්න කිසිම රජ කෙනෙක් වත් තහනම් පනවා තිබුනේ නෑ මෙය අපේ බුද්දාගමට අදාල දෙයක් නෙවෙයි. සිංහලයාගේ ආදරය එක දවසකට සීමා වී නැත. අපි සදාකාලිකව ආදරෙයි. (ර)
ජාමෙස් Sunday, 14 February 2016 10:13 AM
නිල්මිණි කියන දේ ඇත්ත. (ර)
ඉමේෂ් Monday, 15 February 2016 01:18 AM
නිල්මිනිගේ කතාව මමත් පිළිගන්නවා. (නි)
නලින් යහම්පත් Sunday, 14 February 2016 10:46 AM
මේ ආදරවන්තයන්ගේ දිනය බටහිර රටවලින් ආ දෙයක්. මේවා බෞද්ධයන්ට සම්බන්ධයක් නැහැ. බුදු දහම අනුව බෞද්ධයන් මේවට ඇබ්බැහිවීම බුදු සසුනට අගෞරවයක්. මේවා සියල්ල දැන් වාණිජකරනය වී මුදල් ගැරීමට කරනා දේවල්. මේවායින් වෙන් වී සිටීම ආර්ථිකයටත් මනසටත් සුවයක් (නි)
නදීෂා Sunday, 14 February 2016 11:04 AM
ඉතාම හොඳයි. (නි)
නිල්මිණි Monday, 15 February 2016 02:09 AM
වැලන්ටයින් දිනය තිබෙන්නේ ආදරය කරන්න. සුළු මුදලකට මලක් මිලදීගෙන බිරිඳට හෝ පෙම්වතියට තිළිණ කළාට, තමන් වෙහෙස වී කාඩ්පතක් සකසා සැමියාට හෝ පෙම්වතාට තිළිණ කළාට, හාද්දක් දුන්නාට අපායේ යයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. එදාට තරුණයන්ට එළිමහනේ උයන් වල ආදරේ කරන්න ඉඩ නොදී ඒ අයව අඳුරු කාමර වලට ගාල්කරන්නේ දුරදිග නොහිතන වැඩිහිටියෝම තමයි. තරුණ වයසේ ආදරේ වින්ඳේ නැතිවුණාම තමයි පසුව වැඩිහිටි වයසේදී ගැහැණු ළමයෙකුට බස් එකේවත් පාඩුවේ යන්න ඉඩ නොදෙන වැඩිහිටියෝ බවට පත්වෙන්නේ. (නි)