IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


”ආදර වැස්සේ” තෙමෙන්නට හදන නතාෂා

 

Untitled-3

 

බැලූ බැල්මට ඇය නම් පිටරටක සිටින තරුණියකැයි කියා ඔබ හිතාවි. නමුත්, මේ සුරූපී තරුණිය පිටරටක කෙනෙක් නම් නොවෙයි. එදා අවුරුදු 13 ක් පමණ කාලයේදී ”සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” ගීතය ගැයූ නතාෂා පෙරේරාය. පසුගිය කාලයේදී නතාෂා බොහෝ ගීත ගායනා කර නොතිබුණද, අදටත් ඇය ගැන බොහෝදෙනා කතා කරන්නේ මේ ”සුළඟක් වී” ගීතය නිසාය. එදා පුංචි සුරංගනාවියක ලෙස පැමිණ ඒ අපූරු ගීතය ගැයීමට දායකවූ නතාෂා අද සූදානම් වන්නේ ”ආදර වැස්සේ” තෙමෙන්නටලූ?


මොකක්ද මේ ආදරවැස්ස? ඒ ගැන සහ නතාෂාගේ ජීවිතයේ නවමු තොරතුරු ගැන කියන්නට ඇය සඳැල්ල කතාබහ හැඩකළ විදියයි මේ.


 

Untitled-23

 


0101 ”නතාෂා” හැබෑටම ඔබගෙ ඒ නාමයෙහි තේරුම මොකක්ද?
SAN_2806ජේසුතුමාගේ උපත කියන එක.

 


0101 නතාෂා විතරද නම?
නතාෂා ෂෙලීන් පෙරේරා.

 


0101 ඇයි ඒ විදියෙ නමක් ඔබට ලැබුණෙ?
මම උපන්නෙ ඉතාලියෙදියි.

 


0101 ඉතාලියේ කොහේදීද?
රෝමයේදී.

 


0101 රෝමය ගිනි ගනිද්දීත් එහේ හිටියද?
ආ... ආ.... එතකොට හිටියෙ ලංකාවේ.

 


0101 ඇත්තටම ඔයා හරි වෙනස්වෙලා නේද?
එහෙම නැහැ. එදා හිටිය නතාෂාම තමයි. වෙනසකට තියෙන්නෙ විලාසිතා කලින් කලට වෙනස් කළ විදිය විතරයි.

 


0101 ශ්‍රී ලංකාවේ කෙනෙක් නෙවෙයි වගෙයි පෙනෙන්නෙ? මොකක්ද මේ වෙනස?
හදවතින්ම සහ ගතිගුණ සියල්ල වෙතින්ම මම සියයට - සියයක්ම ශ්‍රී ලාංකිකයි. කාලයෙන් කාලයට විලාසිතාවලින් විතරයි වෙනස් වෙන්නෙ. ඒකට මම හරි කැමතියි. එහෙම කළාම මගේ හිතට සතුටුයි.

 


0101 නමුත් එක්වරම මේ විදියට ඔබ දකින අය, ඔබ ශ්‍රී ලංකාවේ කෙනෙක් කියලා හිතන එකක් නැහැනේද?
බාහිර ස්වරූපයෙන් මොන විදියට පෙනුණත්, මම ශ්‍රී ලාංකීයයි. හොඳ ශ්‍රී ලාංකීය දියණියක්.Untitled-2

 

 


0101 මොකක්ද මේ ”ආදර වැස්සේ” තෙමෙන්න හදනවා කියන කතාව?
පෙබරවාරි 14 වැනිදා මම ආදර වැස්සේ තෙමෙන්නයි හදන්නෙ.

 


0101 ඒ කිව්වෙ?
පෙබරවාරි 14 වැනිදා ශාන්ත ජෝෂප් විද්‍යාලයේදී පැවැත්වෙන සංගීත ප‍්‍රසංගයක්. ශිහාන් මිහිරංග, දසුන් මධුශංඛ, ප‍්‍රදීප් රංගන කියන තාරුණ්‍යයේ සුපිරි ගායකයින් තිදෙනා තමයි මේ ”ආදර වැස්ස” ආදරයෙන් හැඩකරන්නෙ.

 


0101 එතකොට ඔබ?
මම තමයි එම ප‍්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවන්නෙ. එය මට අපූරු අත්දැකීමක් වේවි. මොකද මේ දක්වා මම නිවේදිකාවක ලෙස රූපවාහිනියෙ විතරයි කටයුතු කළේ. සජීවීව කරන මෙම ප‍්‍රාසාංගික කටයුත්ත මට හරි අපූරු දෙයක් වේවි. ඉතින් හැමෝම එන්න ආදර වැස්සේ තෙමෙන්න මා එක්ක.

 


0101 ඉතාම නුදුරේදී ”නීතිඥවරියක” ලෙස දිව්රුම් දීමට නේද සූදානම?
ඔව්, මගේ වසර හතරක නීති අධ්‍යාපනය හමාර කළා. දැන් දිව්රුම් දීමට සූදානමින් සිටින්නෙ.

 


0101 කොහොමද නීතිඥතුමිය, එතකොට මොනවගේ නඩුද කතා කරන්න කැමති?
මම මේ නීතිඥ විභාගයට පෙනී ඉඳලා ප‍්‍රතිඵල ගන්න ගොඩාක්ම මහන්සි වුණා. ඉතින් දැන් මට ආඩම්බරයි. මොනවගේ නඩුද කතා කරන්නෙ කියලා විශේෂයක් නැහැ. හැබැයි අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්ත වැඩියි.SAN_2836

 

 

0101 ඉදිරියේදී පූර්ණ කාලීනව නීතිඥවරියක ලෙසද කටයුතු කරන්නෙ?
කොහොමටත් මම කලාවේ යම් යම් දේ කළේ පූර්ණ කාලීනව නෙවෙයි. අර්ධකාලීනවයි. නීතිඥ වෘත්තිය මගේ ජීවිතයේ ප‍්‍රධාන දේ වේවි.

 


0101 ”ආදර වැස්සේ” තෙමෙන්නට හීන දකින ඔබගෙ සැබෑ ආදර සිහිනය දිග හැරියොත්?
ජීවිතයේ හරි කාලයේදී ආදරය  ඕනෑ, විවාහය  ඕනෑ. ඉතින් තරුණියක ලෙස මගේ ජීවිතයේදීත් ඒ දෙවල් සිද්ධ වේවි.

 


0101 නතාෂා අද ඔබට ඔබ ගැන හැෙඟන්නෙ කොහොමද?
ඇත්තටම මං කියන කෙනා ගැන මම දන්නෙ නැහැ. මම මාව දකින්නෙ ඉවසිලිවන්ත, ධෛර්යවන්ත, ඒ වගේම වැටෙන අවස්ථාවලදී වැටිච්ච, එය පන්නරයක් කරගෙන ආයෙත් නැගී සිටි තරුණියක ලෙසයි. ඒ සියල්ල තුළදී මම කාටවත් ඊර්ෂ්‍යා වෛර කළේ නැහැ. මාව ඒ තැනට ගෙනාව මගේ ”අම්මාට” තමයි ඒ සියලූ ගෞරවය.

 

sadun-gamage

 

 



අදහස් (0)

”ආදර වැස්සේ” තෙමෙන්නට හදන නතාෂා

දීපිකා Monday, 26 January 2015 01:33 AM

හරිම කෘතිමයි. මම කැමතියි ඇයව මේක් අප් නැතිව බලන්න. (නදී)

:       0       0

මහේෂ්‍ Friday, 23 January 2015 05:48 PM

මම නම් හිතන්නේ මේවා ලංකාවේ සංස්කෘතියට ගැළපෙන්නේ නැතිබවයි (නි)

:       0       0

අනුරාධ Wednesday, 21 January 2015 07:42 AM

අම්මෝ ඔයාගේ හැඩ මටනම් දැන් පිස්සුවගේ...(අ)

:       0       0

ගැමුණු Wednesday, 28 January 2015 12:18 PM

කොච්චර ලස්සනද පුංචි කාලේ? විලාසිතා කරන්න ඕනෑ තමයි. එහෙත් තමන්ට තිබෙන ප්‍රසිද්ධිය වගේ දේවල් ගැනත් හිතන්න ඕනෑ (නි)

:       0       0

අනුරාධ Wednesday, 21 January 2015 07:48 AM

ඔයාට කවුරුන් මොනවා කිවත් මම නම් ඔයාට ගොඩක්ම කැමතී ඔය හරිම හොදයිනේ! (අ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 21 January 2015 07:55 AM

තිබුන ලස්සන ටිකත් උවමනාවෙන්ම කාගෙන (නදී)

:       0       0

සුපුනි Wednesday, 21 January 2015 01:24 AM

අපොයි! මෙයාගේ මේක්අප් විතරනේ.හරිම කෘතිමයි. ස්වාභාවික ලස්සනක් ඇත්තෙම නැහැ. (නි)

:       0       0

සුභාෂි Wednesday, 21 January 2015 01:31 AM

අනේ ඉතින්, මේක්අප් වලින්නේ ඔහොම පෙනෙන්නේ! (නි)

:       0       0

උදේනි Friday, 23 January 2015 07:13 PM

මට නම් කිසිම ලස්සනක් නැහැ (නි)

:       0       0

ධනංජය Wednesday, 21 January 2015 01:36 AM

අපෝ, ලස්සනට හිටිය කෙල්ල. මොකද්ද මේ කරගෙන තියෙන්නේ? (නදී)

:       0       0

උදාරි Thursday, 22 January 2015 05:44 AM

මේක දැන් ඇති.ඉක්මනට වෙනස් කරලා අලුත් එකක් දාන්නකෝ.අදම අලුත් එකක් දාන්නකෝ.හරිම කෘතිමයි.කිසිම ලස්සනක් මටත් පෙන්නේ නැනේ.තරහකට කියනවා නෙමෙයි.(දිල්)

:       0       0

පතිරණ Wednesday, 21 January 2015 02:10 AM

මට නම් ලස්සනක් ඇත්තෙම නැහැ. (නි)

:       0       0

අනුරාධ ‍ Wednesday, 21 January 2015 05:08 PM

ඔයාගේ ඉදිරි වැඩකටයුතු මොනවාද? මම නම් ඔයාට ගොඩක් කැමතියි (නි)

:       0       0

චමින්ද Thursday, 22 January 2015 06:08 AM

මට නම් පිස්සු වගේ අනේ (නදී)

:       0       0

කුමාර Thursday, 29 January 2015 05:54 AM

හොදයි වෙන අය නැතිනම් තව (දිල්)

:       0       0

පෙරේරා Thursday, 22 January 2015 06:49 AM

මෙලෝ රහක් නැහැ අනේ (නදී)

:       0       0

රත්නේ Sunday, 25 January 2015 02:11 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මෙලෝ රහක් නෑ" (නදී)

:       0       0

ලක්මිණි-ඒත්‍රියන් Thursday, 22 January 2015 06:54 AM

මෙතන බොහෝ අය නතාෂට බැනලා තිබුනේ තිබුනේ කාන්තා පක්ෂයේ අයමයි. මේකප් විවේචනය කරලා. ඒත් ලංකාවේ මේකප් වලට තියන ඉල්ලුම නම් ඉහලයි. කෙනෙක් කාලයත් එක්ක වෙනස් උනාට කමක් නැහැ. එදා දැකපු පුංචි නතාෂා නෙවි අද. (නදී)

:       0       0

අරුණ Wednesday, 21 January 2015 03:11 AM

ඉස්සර හරිම ලස්සනයි. ගෑනු තමන්ගේ ලස්සන තියාගන්න දන්නේ නෑ. මේක නම් එ්කට හොඳම උදාහරණයක්. මට නම් අදුනන්නවත් බැරි උනා. (නදී)

:       0       0

නජිත් Thursday, 22 January 2015 12:14 PM

දෙවියනේ! මෙයාට මේ මොනවා වෙලාද? (නි)

:       0       0

අනුරාධ Saturday, 24 January 2015 01:34 PM

මම නම් ඔයාට ගොඩක් කැමැතියි. ඔයාගේ ඡායාරූප හැමදාම වුණත් බලබලා ඉන්න කැමැතියි. (නි)

:       0       0

චරිත් Thursday, 29 January 2015 07:10 AM

ඇයි ඔබ මේ දවස් වල පුංචි තිරයේ පේන්න නැත්තේ.(හේ)

:       0       0

සරත් Saturday, 24 January 2015 02:21 PM

මෙයාව මීටවැඩිය ලස්සන කරන්න ක්‍රමයක් මට පුලුවන් කියන්න (නි)

:       0       0

රංජිනි Thursday, 29 January 2015 07:10 AM

ඔබට සුබපතනවා.(හේ)

:       0       0

කවින්ද Wednesday, 21 January 2015 10:19 PM

අයියෝ! ඉක්මනට අලුත් එකක් දාන්නකෝ... (නි)

:       0       0

නිශාන්ත Wednesday, 21 January 2015 03:57 AM

හ්ම් හ්ම්.... මොනවා කියන්නද මන්දා? (නි)

:       0       0

හේරත් Wednesday, 21 January 2015 04:02 AM

මට නම් කිසිම දෙයක් හිතෙන්නේ නැහැ (නි)

:       0       0

අවන්ති Thursday, 22 January 2015 01:05 AM

මේ කෘතිම ලස්සනක්. ඔයාගේ චාම්බව නැතිවෙලා ගිහින්. (නි)

:       0       0

කෝලිත Thursday, 22 January 2015 09:09 AM

මේ තරම් කියන නිසාවත් දැන් මේ ලිපිය අයින් කරන්න (දිල්)

:       0       0

මොහොමඩ් Wednesday, 21 January 2015 04:24 AM

අපොයි! ලංකාවේ නිළියෝ මේ වගේද? ටිකක් පිළිවෙළකට ඉන්නකෝ. (නි)

:       0       0

නලින් Wednesday, 21 January 2015 11:22 AM

අපේ රටේ හැම ගෑනු ළමයෙක්ම මේ වගේ උනානම් කොච්චර අගේද ? (ර)

:       0       0

ගයාන් Wednesday, 21 January 2015 04:32 AM

ලංකාවේ මිනිසුන්ට ලස්සන පෙනෙන්නේ කොහොමත් වෙනස් විදියකටනේ. ගම්වල ඉන්න සාමාන්‍ය ගැහැණු ළමයි ලස්සනයි ගොඩක්. බලන්න ලෝකයේ අනෙක් රටවල නිළියෝ ඔච්චර මේක්අප් කරනවද කියලා.එයාලා හරි සරලයි. (නි)

:       0       0

සුබා Saturday, 24 January 2015 05:14 AM

අපෝ දැන් මේක ඇති වෙලා. ඉක්මනටම අලුත් එකක් දාන්න. නැත්තම් පත්තරේ බලන්නත් එපා වෙනවා. කරුණාකර ගොඩක් අය කියන නිසාවත් මාරු කරලා අලුත් එකක් ඉක්මනට දාන්නකෝ. දැන් ඇති මේක. (නදී)

:       0       0

සුසිල් Saturday, 24 January 2015 10:01 PM

ලස්සනයි නංගි (නි)

:       0       0

විජේසිංහ Wednesday, 21 January 2015 04:46 AM

අයියෝ මොකද මේ තියෙන ලස්සන නැති කරගෙන. ඉතින් ඔය විදියට නම් නඩු කතාකරන්න බැරි වෙයි. ටිකක් පිළිවෙලකට ඉන්න එපැයි (නදී)

:       0       0

සිංහ Tuesday, 27 January 2015 04:04 AM

එයා හිතාගෙන ඉන්නෙ එයා මොනවිදියේ පෙනුමක් ඇති කෙනෙක් කියලද දන්නෙ නැහැ? (නි)

:       0       0

තරංග Wednesday, 21 January 2015 04:48 AM

ඉක්මනට වෙන එකක් දාන්නකෝ. අපොයි මෙයා හරිම මිටියි. (නදී)

:       0       0

රමේෂ් Wednesday, 21 January 2015 04:54 AM

දැක්කම අප්පිරියයි. (බ)

:       0       0

සදුනි Friday, 30 January 2015 01:41 PM

මම හිතනවා ඔබ ලස්සනයි. (නදී)

:       0       0

සාගර Wednesday, 21 January 2015 11:46 AM

මේකප් එක නැත්තම් තනිකරම යකෙක්.. මං මේ නිකං අහන්නෙ.. ඔය විදියට උසාවි යන්න පුලුවන් ද​? ලෙන්ස් දාලා එහෙම.(හේ)

:       0       0

අනුරාධ Thursday, 22 January 2015 09:57 AM

නටාෂා අනේ ඔයත් එක්ක ටිකක් කතාකරන්න තියෙනවා නම් කොච්චර හොදද (අ)

:       0       0

සුනේත් Tuesday, 10 February 2015 10:17 AM

කෙල්ලෝ කෙල්ලන්ටමනේ ඉරිසියා කරන්නේ, ඔයා ඕවා ගණන් ගන්න එපා. එයාල ඔයාට බැන්නට ඔයා වගේ ලස්සන වෙන්න අවස්ථාවක් අවොත් කීයටවත් මග අරිද? ඉරිසියාකාර කෙල්ලෝ. (හේ)

:       0       0

සිසිර කරුණාරත්න Friday, 30 January 2015 01:58 PM

ටිකක් අවුල් වගේ අපරාදේ ලස්සන කෙල්ල (නදී)

:       0       0

අසින්ත Thursday, 22 January 2015 10:12 AM

මොනවට ගත්තු ෆොටෝද මේ?

:       0       0

නිෂී Friday, 23 January 2015 03:05 AM

අනේ මේක දැන් නම් ඇති අනේ. දැකලම එපා වෙලා. නළු නිලියන්ගේ ඒවා විතරක් බලල එපා වෙලා. එයාලට ඔච්චර ප්‍රසිද්ධිය දෙන්න එපා. (නදී)

:       0       0

ගිහාන් Saturday, 24 January 2015 06:24 AM

හරිම ලස්සනයි... (අ)

:       0       0

අනුරාධ Tuesday, 27 January 2015 04:56 AM

නටාෂා, අනේ ඔයාගේ තවත් ලස්සන ඡායාරූප ටිකක් බලන්න මම ගොඩක් කැමැතියි (නි)

:       0       0

නුවන් Tuesday, 27 January 2015 05:06 AM

මෙයාව වැස්සේ තෙමි තෙමී යන ජවනිකාවකට ගත්තා නම් නියමෙට තියෙයි. (නි)

:       0       0

බංඩාර Friday, 23 January 2015 03:41 AM

නතාෂා හරිම ලස්සන ළමයෙක්. ස්වබාවික ලස්සන තමා ගොඩාක් වටින්නේ. සුබ පතනවා. (නදී)

:       0       0

සමන් පෙරේරා සෞදි Sunday, 25 January 2015 06:36 AM

ඔබේ ලස්සන ගීතයත් අහන්න එපා හිතෙනවා මේවා දැක්කම, ඕනෑම දෙයක් ඕනවට වැඩ ඕනෑම නැහැ කිව්වලු (දිල්)

:       0       0

තිවා Wednesday, 21 January 2015 06:42 AM

ඔයා ලස්සනයි නතාෂා. මිනිස්සු ඉරිසායාවට කියන කතා. ගනන් ගන්න එපා. උගත්කමයි, ලස්සනයි කියන එක හැ‍මෝටම ලැබෙන්නේ නැහැ (නදී)

:       0       0

සුජී Monday, 26 January 2015 12:50 AM

මෙයාගෙන් නීති උපදෙස් ගන්න සේවාදායකයන්ට දෙවියන්ගෙම පිහිටයි (නදී)

:       0       0

ජෝන් Wednesday, 21 January 2015 06:44 AM

මේ කෙල්ලට ස්වාභාවික ලස්සනක් තමයි ඉස්සර තිබුනේ එ්ත් දැන් එ්ක ඇත්තෙම නැහැ. හරිම කෘතිමයි ලස්සනක් නැහැ. (නදී)

:       0       0

දිනිති Wednesday, 21 January 2015 07:13 AM

අනේ මොකද මෙයාට වෙලා තියෙන්නේ? කොච්චර ලස්සනට හිටපු කෙනෙක්ද අනේ? දැන් නිකන් හොල්මනක් වගේ. දැක්කම බය හිතෙනවා (නදී)

:       0       0

සුජානි Monday, 26 January 2015 02:47 PM

කෘතීම හෝ නැතුව හෝ ඇති ලස්සනක් නෑ. මේ නිළියෝද? රාත්‍රී 12 ට බොරැල්ලේ කනත්ත ඇතුලෙන් එන මෝහිනී වගේ නේද? යක්කු නටන බංගලාවේ නටවන්න නියමයි . පොඩි එවුන්ව බයකරන්නත් ටොප් .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 687 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 253 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1394 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2622 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1523 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site