IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස

එෆ්.අස්ලම්

ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අනාවරණයකට අනුව බදුල්ල සතොස කළමණාකාරවරයා විසින් සිදුකර ඇති පැමිණිල්ලක් මත බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ සෝදිසියකදී මෙම තොගය සොයාගෙන තිබිණි.

බදුල්ල පළාත් මහ රෝහලේ වසර ගණනාවක සිට ඒකරාශී වූ භාවිතා කරන ලද ඖෂධවල එන්නත් කුප්පි සහ විෂ සහිත ආන්ත්‍රාදායක උපකරණ රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් මීට සතියකට පෙර සතොස ගොඩනැගිල්ලට යාබදව පිහිටි ගොඩනැගිල්ලේ ගබඩා කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග විසින් සතොස කළමණාකාරවරයාට ඒ පිළිබද කරන ලද දැනුම් දීමක් මත ඒ පිළිබද රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසා ඇති අතර එහිදී අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ ආන්ත්‍රාදායක ඖෂධ කිසිවක් එහි නැති බවය.

කෙසේ නමුත් පැවති සැකය මත සතොස කළමණාකාරවරයා මේ පිළිබද බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිලි කර ඇති අතර මෙම ස්ථානය වැටලීමට ලක් කළේ ඒ අනුවය‍.

ලොරි තුනක ආධාරයෙන් මේවා මෙම ස්ථානයට ගෙනවිත් ඇති අතර ඒවා පැටවූ රෝහල් සේවකයින් දහයකට ආසන්න සංඛ්‍යාවක් ද විවිධ රෝගවලට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

මේවා ආශ්වාසවීම තුළින් මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර පිළිකා වැනි රෝගවලට ලක්විය හැකි බවත් දහස් සංඛ්‍යාත පිරිසක් දෛනිකව පැමිණෙන සතොස පරිශ්‍රය තුළ විශේෂයෙන් ආහාර ගබඩාව යාබදව ආන්ත්‍රාදායක මෙම ඖෂධ කොටස් ගබඩා කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා සිදුකළ මෙම ක්‍රියාව ජන සංහාරයකට අඩිතාලම දැමීමක් බවද වෛද්‍යවරයා කීය‍.

බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි, නාගරික මන්ත්‍රීන් වන ශෂී සුරංග සහ උදේනි යන මහජන නියෝජිතයින් සහ වසන්ත ගුණරත්න,ප්‍රසාද් උපුල් කුමාර යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදුකරනු ලැබීය‍.

 



අදහස් (7)

ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස

අයි.ඕ.සිරිසේන Tuesday, 13 August 2019 02:05 PM

සාපිගේ ජාතියේ ගේමක් වගේ...

:       6       211

kolam bossTuesday, 13 August 2019 03:50 PM

හරි ඔක්කොම හරි.. එංගලන්තේ නම් මේ වගේ ඒවා සල්ලි දීලා ලංකාවට පැටෙව්වා. අපි මේවා කොහාටද පටවන්නේ? සුවාසිලන්තේටවත් පටවන්න පුළුවන්ද? ඔය කොහේ හරිවලක් කපලා වලලමු. ඌරට මොන සෞඛ්‍යද කිව්වලුනේ... ඔන්න ඔහේ ගිනි තියලාවත් දාමු. දුමයන්නේ උඩට නේ. පස්සේ ලෙඩක් හැදුණොත් මැරිලා යන්න ඔය මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් ගහන්න පුළුවන්නේ...

:       0       1

gunarathana himi. Tuesday, 13 August 2019 03:17 PM

ඇත්තටම මෙයින් වන හානිය අපට කවදාවත් ගණනය කරන්න බැහැ. හේතුව මිනිසුන්ට වන අසනීප ආපදා හා මරණ මෙයින් වුනා කියල කවදාවත් ඔප්පු කරන්න බැරි හින්දා.පරිසරයට වන කෙටි කාලීන හා දිගුකාලීන හානි ගැන කතා කරලම වැඩක් නැහැනේ.මොන පණ්ඩිතයින් මොන විදිහේ කතා කිව්වත් සැබවින්ම සිදුවිය යුත්තේ දේශපාලන වාද භේද හා නිලධාරි වාදය පසෙකලා සුදුසු පිළියම් යෙදීමත් වගකිවයුත්තන්ට දඬුවම් දීමත්ය.නමුත් අපේම අවාසනාවකට අපේ රටේ සිද්ද නොවන්නේත් ඒකමයි

:       0       7

RaveendraTuesday, 13 August 2019 04:13 PM

අවසරයි අපේ හාමුදුරුවනේ !! ඔබවහන්සේගේ අදහස් ඉතාමත්ම නිවැරදියි.. අප සැමවිටම කෙටිකාලීන ලාභ ප්‍රයෝජන බලාගෙන දීර්ඝ කාලීන පාඩු විඳීමට හරිම ජගතුන් නොවන්නේද? එයත් හරියට බලය වෙනුවෙන් සුළු පක්ෂයයි කියාගන්නා හිවලුන්ගෙන් උදව් ලබාගෙන අසුචි ඔටුන්න ඔලු ගෙඩියේ රඳවාගැනීම හා සමානයි.

:       0       1

ධම්ම Tuesday, 13 August 2019 03:24 PM

මේවා කොන්ත්‍රාත්. කොන්ත්‍රාත්එක බාරගත් කෙනාට තැන නොතැන ප්‍රශ්නයක් නොවෙයි. බොහෝවිට කවුරු හෝ දේශපාලකයෙක් මොවුන්ට රැකවරණය දෙනවා.

:       0       3

sam Tuesday, 13 August 2019 03:57 PM

ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයේ බෙහෙත්වල සමීප රූපයක් දාන්න. එතොකට බලාගන්න පුළුවන් මේ මොනවද කියලා? මේක සාපි ටෙලි නාට්‍යයේ දෙවැනි කොටස වගේ... දන්නවනේ අනාවරණය කරපු අයගේ හැටි...?

:       1       17

රවින් Wednesday, 14 August 2019 02:43 AM

මෙය සම්පූර්ණ ලෙසම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් නොවේද? රෝහල්වල පරිපාලනය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නම් ඒවායේ අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීමේ කාර්යයද එම අමාත්‍යාංශය විසින්ම දැරිය යුතු නොවේද? බෝලේ අනික් පැත්තට මාරුකරලා හරියන්නේ නැහැ. කොන්ත්‍රාත්කරුගේ වරද, සේවක වරද, කියකියා කාගේ හරි පිටවරද පටවා ඇඟ බේරා ගැනීම වැරදියි. දිවයිනේ ඇති විවිධ සෞඛ්‍ය ආයතනවල ඇති සෞඛ්‍යට අහිතකර විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සුදුසු ක්‍රියාපටිපාටියක් ගැනීම විනා පුටු රත්කර වායුසමනය කළ කාමර තුළ කාලය කා දැමීමේ ප්‍රතිඵලයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 293 0

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 710 2

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 536 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 532 2

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 438 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 1255 9

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 709 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 352 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 499 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site