IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ආනන්දෙට ළමයි 50ක් පස්සේ දොරෙන්

කොළඹ ආනන්ද විද්‍යාලයයේ 2016 වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුකූල නොවන පරිදි සාවද්‍ය ලෙස ලකුණු ලබා දී ළමයින් 50කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කරගෙන ඇතැයි   විගණන පරීක්ෂණයක දී නිරීක්ෂණය වූ බව  විගණකාධිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ට ලිඛිතව දන්වා තිබේ.

එලෙස සාවද්‍ය ලකුණු ලබාදී සිසුන් ඇතුළත් කර තිබුණු බැවින් ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් නිවැරදිව ලබා ගෙන තිබුණු   සිසුන්ට අසාධාරණයක් සිදුවී ඇති බව විගණනයේ අදහස බව ද එම දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇත.

ආසන්න පදනම මත පාසලට ගැනීමේ දී ඡන්ද හිමිකම නොතිබූ වර්ෂවලට ද වැඩිපුර ලකුණු ලබා දී තිබුණු අවස්ථා 29ක් විගණන පරීක්ෂණයේදී නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව එම නම් ලැයිස්තුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ට යැවීමට කටයුතු කළේය.

අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතන කාර්ය මණ්ඩලවල අයගේ දරුවන් ඇතුළු කර ගැනීමේ දී තෝරාගෙන තිබුණු ළමයින් එකළොස් දෙනාගෙන් නව දෙනකුගේම පදිංචි ස්ථාන පිහිටා තිබුණේ අවිස්සාවේල්ලේ හා ඒ ආසන්නයේ බව විගණනයේ දී නිරීක්ෂණය වී තිබේ.

ආසන්නතාවය මත පොරොත්තු ලේඛනයට ඇතුළු කිරීමේදී අවම ලකුණු සීමාව 83ක් වුවද ලකුණු 85ක් ලබා ගත් සිසුවකු තෝරාගෙන නොතිබුණු බව ද,  සහෝදර පදනම යටතේ ඇතුළත් කළ සිසුවකුට සාවද්‍ය ලකුණු 15ක් එකතු කර තිබුණු බව ද, තවත් දරුවකු ඇතුළත් කිරීමේදී වෙනත් ආකෘති පත්‍රයකින් සාවද්‍යලෙස ලකුණු 89ක් ලබා දී එම සිසුවා පාසලට ඇතුළු කිරීමට සුදුසු තත්ත්වයට පත් කොට තිබුණු බව ද එම දෙපාර්තමේන්තුව දන්වා යවා ඇත.

පාසලට ළමයින් ඇතුළු කිරීමේදී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් එකතු කර ඇතැයි ද විගණන විමසුමේ සඳහන්ය.

ලිපිගොනු නඩත්තු කිරීමේදී ආදි සිසු පදනම මත බඳවා ගනු ලබන ළමයින්ගේ ලිපිගොනු හැර අනෙකුත් ලිපිගොනු ලිපි කවරයට අමුණා අංක කිරීමකින් තොරව පවත්වාගෙන ගොස් තිබුණු බව ද, මෙම තත්ත්වය හේතුවෙන් පහසුවෙන් ලේඛණ ඉවත් කිරීමට හා ඇතුලත් කිරීමට හැකියාව පැවතීම විශේෂ අඩුපාඩුවක් ලෙස විගණනයේදී නිරීක්ෂණය වූ බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

මේ ගැන විමසීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් එම් බන්ධුසේන මහතා සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ කළ ද එය අසාර්ථක විය.

 

 



අදහස් (0)

ආනන්දෙට ළමයි 50ක් පස්සේ දොරෙන්

අසෝකා Monday, 13 June 2016 08:32 PM

අපේ රටේ ගම් වල පාසල් දියුණු කරන්න මොනම දේශපාලකයෙකුටවත් ඕනෑ නැහැ. ඡන්දේ දිනලා මන්ත්‍රී හරි පට්ටමක් ලැබුණා නම් ළමයව කෙළින්ම කොළඹ තියෙන හොඳම පාසලට. මෙන්න මේ දීමනාව අයින් කළා නම් ගම්වල පාසල් ටික දියුණු කරන්න පුළුවන් (නි)

:       0       0

ප්‍රදීප් Monday, 13 June 2016 10:15 AM

50 ද ? නමුත් කව්රුත් දන්නා දේ තමා 90% විතර ගන්නේ නුසුදුසන්. සියලු ලියකියවිලි සකස් කර දරුවන් ඇතුලත් කරනවා. ආනන්දය පමණක් නොවේ අනෙකුත් පාසල් වලත් එසේම තමා. හිතල බලන්න ඔය තරම් දරුවන් ප්‍රමාණයක් වසරකට ඉපදෙනවද ඔය කියන පාසල් අවට. අනෙක සිංහල පමණක්. (බ)

:       0       0

ලලිත් Monday, 13 June 2016 10:27 AM

මේ දියුණු ලෝකයේ මොකටද මේ බලු පොරයක්? ආනන්දයේ ගුරුවරු කැමරාවක් ඉදිරිපිට උගන්වන්න දමල රටපුරා පන්තිකාමර වල සජීවීව පෙන්නුවානම් රටේ සැමටම ඒ හා සමාන අධ්‍යාපනයක් ලැබෙනවා. ඔය බලු පොරයත් ඉවරයි. දැනටමත් ඇමෙරිකානු පාසල්වල සහ විශ්වවිද්‍යාලවල මේ ක්‍රමය සාර්ථකව කරගෙන යනවා. අවශ්‍ය වෙන්නේ අධිවේගී අන්තර්ජාල පහසුකම් විතරයි. කෝ අර තාක්ෂනනුකුලව තේවත්තකට බස්සපු බැලුම තවම උඩට යැවුවේ නැතිද? (බ)

:       0       0

හෆීල් Monday, 13 June 2016 11:17 AM

දැන් අධ්‍යාපන ඇමති බන්දුලද? අකිලද? බලනකොට දෙදෙනාම එක වගේ. (බ)

:       0       0

දුමින්ද Tuesday, 14 June 2016 03:03 AM

අනේ ලලිත්, මොනවද ආනන්දය ගැන දන්නේ. ඔය ඔක්කොම හොරමැර කරන්නේ ආනන්දේ ඉගැන්වීම හොඳ නිසාම නොවේ. ඉස්කෝලේ නම හා බැඳුණු ඉතිහාසය නිසා. (නි)

:       0       0

ජයන්ත ධනපාල Tuesday, 14 June 2016 03:17 AM

අධ්‍යාපන අමාත්‍යාංශයේ නම වෙනස් කරන්න ඕනෑ. මොකද ඔය අමාත්‍යාංශයෙන් අධ්‍යාපන දියුණුවට වැඩක් නොවන නිසා. (නි)

:       0       0

ශානක Monday, 13 June 2016 11:51 AM

බලන් ගියාම පහුගිය රජයට හපන් මේ ආණ්ඩුව (බ)

:       0       0

මංජුල Monday, 13 June 2016 12:34 PM

පාසල හා බැදුණු අධ්‍යාපනයක් හැම පාසලකටම ඇත .එය අන්තර්ජාල හරහා ඉගැන්විය නොහැක .එයයි මේ පොරයට හේතුව. (ර)

:       0       0

සංජීව Monday, 13 June 2016 12:57 PM

මෙන්න මහා ලොකු සිංහල බෞද්ධ ජනප්‍රිය පාසල .. හරිම පින් අතේ වැඩ තමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 236 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 467 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 388 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 586 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1766 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site