IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ආනන්ද සංගරීගේ පුතා කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආන්නද සංගරී මහතාගේ පුත් ගැරී ආනන්ද සංගරී (43) කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී සිටී.

ඔහු කැනඩා පුරවැසියෙකි.

කැනඩාවේ ස්කාබරෝ රෝග් පාක් ආසනය වෙනුවෙන් ලිබරල් පක්ෂයෙන් තරග කළ ඔහු ප්‍රතිවාදී අපේක්ෂක කන්සර්වේටිව් පක්ෂයේ ජෙරී බාන්ස් පරාජයට පත් කළේය.

ගැරී ආනන්ද සංගරී ලොව ප්‍රසිද්ධ මානව හිමිකම් පිළිබඳ නීති විශාරදයකු වේ. කැනඩාව වෙනුවෙන් ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දක්ෂතා දක්වා ඇත.

කාන්තරත්නම් ශාන්තිකුමාර නමැති කතෝලික පූජකවරයකුද කැනඩා මැතිවරණයට ඉදිරිපත්වූ තවත් ලාංකිකයෙකි.

3 1 2 

 



අදහස් (0)

ආනන්ද සංගරීගේ පුතා කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී

වින්සන්ට් Tuesday, 20 October 2015 09:47 PM

හිටපු ඇමතිවරුන්ගේ පසුගිය ක්‍රියාකලාපයන් හොඳින් තේරුම්ගත් අය වෙන්න ඇති ඉහතින් අදහස් පළකර ඇත්තේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඒ මහතාට සුභ පතමු. ඒ වගේම අද රටේ ඇත්තේ කොටින්ගේ ප්‍රශ්නයකට වඩා හොරුන්ගේ ප්‍රශ්නයක් බව තේරුම් ගනිමු.කොටි බිල්ලන් ඔබ වැන්නන්ගේ මනසට දමා "එදාවේල" සොයන අය ගැන සහ දුෂිත බිල්ලන් ජනතාවට දමා"එදාවේල" ගෙනයන අයගේ ක්‍රියාකලාපයන් ගැන විමසා බලා කවුද යන්න හඳුනා ගැනීම සංගරී මහතා ගැන සොයනවාට වඩා වැදගත් වන්නට පුළුවන. (නි)

:       0       0

අර්ජුන විජේසුරිය Tuesday, 20 October 2015 07:29 AM

අපට ඔබ අගෙයි (රේ)

:       0       0

අර්ජුන විජේසිරි Tuesday, 20 October 2015 07:32 AM

අපට ඔබ අගෙයි. (ර)

:       0       0

ගාමිණී Tuesday, 20 October 2015 07:50 AM

අපි සිංහල. ඔබ අපේ රටට ආඩම්බරයක්. (නි)

:       0       0

ජයනාත් Tuesday, 20 October 2015 11:49 AM

ඔබගේ පියා හොඳ මිනිසෙක්. හොඳ වැදගත් මානව හිතවාදියෙක්. සිහලුන් සමග විරසක නොවන සිංහල , දෙමළ ජනයාගේ අයිතීන් ගැන සිතන ප්‍රවීණ ජෙෂ්ඨ දේශපාලකයෙක්. (ර)

:       0       0

නාමල් Tuesday, 20 October 2015 08:09 AM

අපි මානව හිමිකම් උල්ලංඝනය නොකර ඉන්නව නම්, වැරදි කල අයට දඩුවම් දෙනවනම් කාටවත් අතපොවන්න බෑ.. (රේ්)

:       0       0

සුදර Tuesday, 20 October 2015 08:10 AM

ඉමේෂ් කැනේඩියානුවන්ට සිංහල, දමිළ කියල වෙනසක් නෑ.. අපි ඔක්කොම ඒ අයට ශ්‍රීලාංකිකයින් නැතිනම් ආසියානුවන් (රේ)

:       0       0

තරූ Wednesday, 21 October 2015 01:55 AM

අනේ අනේ......! කාටවත් පෙනෙන්නේ නැහැනෙ අන්තිම පින්තූරෙ ඉංග්‍රීසියෙන් ලියලා තියන දේ.රටට ආඩම්බරයක් කියන අය හොඳටම කියවලා බලන්න ලියලා තියෙන්නෙ මොනවද කියලා. (නි)

:       0       0

තිස්ස Tuesday, 20 October 2015 08:21 AM

කව්රු උනත් කමක් අපිට මොකෝ ලංකාව ගැනත් සුභවාධිව බලන්න (රේ)

:       0       0

සුජීව(ජර්මනි ) Tuesday, 20 October 2015 01:11 PM

මා ශ්‍රී ලාංකිකයෙක් විදිහට ගොඩක් සතුටු වෙනවා, ඔබ ලද ශ්‍රේෂ්ඨ ජයට. ඔබගේ පියතුමා, ( ආනන්ද සංගරී මැතිතුමා ) මේ ජය පිළිබඳ ගොඩක් සතුටු වේවි. අවස්ථාවක් ලද විගස අපේ මවුරටට එන්න. අද මුළු ලෝකයක් දිනාගත් ජනනායකයන් දෙපළක් මගේ රට පාලනය කරන බව සිතට ගන්න. මේ උත්තරීතර ජය තුළ අපේ ශ්‍රී ලංකාව අමතක නොකරන්න.ඔබට මුළු ශ්‍රී ලාංකික ජනතාවගේම සුබ පැතුම්! ඔබට සහ පවුලේ සියලු දෙනාට සහ කැනඩාව නියෝජනය කරන මගේ ශ්‍රී ලාංකික ජනතාවට ජය සහ සතුට! (නි)

:       0       0

ජනදාස Tuesday, 20 October 2015 02:00 PM

හැමදෙනාම ප්‍රවෘත්ති කියවනවා වගේම ඡායාරූපත් වටහාගන්න පුරුදුවෙනවා නම් හොඳයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 October 2015 02:52 PM

මොහු අපේ රට වෙනුවෙන් පෙනී සිට්යිද?කවදාවත්..මොහුගේ පහුගිය ක්‍රියාකලාපයන් විමසා බලල කව්ද කියල වටහ ගෙන අදහස් දාන්න..මොහු ආනන්ද සංගරීගේ පුතෙක් මිස ආනන්ද සංගරී නෙමෙයි.(රේ).

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 October 2015 03:23 PM

මොහු එළිපිටම කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි අයෙක්..තමන්ගේ පියා ඝාතනයට සොයපු උත්සහ කල කොටින් වෙනුවෙන් පෙනී සිටි අයෙක් අපේ රට වෙනුවෙන් පෙනී සිටියිද කවදාවත්..මොහුගේ පහුගිය ක්‍රියාකලාපයන් විමසා බලල කවුද කියල වටහ ගෙන අදහස් දාන්න..මොහු ආනන්ද සංගරීගේ පුතෙක් මිස ආනන්ද සංගරී නෙමෙයි. (අ)

:       0       0

පාලිත Tuesday, 20 October 2015 06:30 AM

වෙන්න යන දේ පැහැදිලියි දැන්. ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 20 October 2015 06:40 AM

සිංහල අයට නම් ඉතින් දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්නනේ ඕනෑ. එනිසා අපේ රටට පිටස්තර අයට අතපොවන්න හරිම පහසුයි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 October 2015 06:44 AM

අනේ අපේ රටට කෙණෙහිලිකම් නම් කරන්න සූදානම් වෙන්න එපා. ජීවත්ව ඉන්න මිනිසුන් වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ කොටසක් කරන්න, පරණ කුණුගොඩවල් අවුස්සන්නේ නැතුව (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 07:16 AM

සතුටුයි. ආනන්ද සංගරී මහතා ගේ පුතෙක් ලෙස උපන් දේශය ගැන සිතා කටයුතු කරන්න (රේ)

:       0       0

කොඩිකාර Tuesday, 20 October 2015 07:18 AM

මොනවා වෙන්න යනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 189 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 297 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 641 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 376 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 557 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 528 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 117 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site