IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ආනන්ද සමරසේකගේ පෙත්සම සැප්තැම්බර 09 සලකා බලයි

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම   වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වූ ද   මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපතිවරයාද වන විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 09 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (31) තීන්දු කළේය.

ප්‍රියසාත් ඩෙප් සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් වෙත යැවූ නොතීසී ඔවුන්ට ලැබී නොමැති හෙයින් එම නොතීසි යළි දන්වා යවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය  පෙත්සම්කරුගේ නීතීඥවරයාට දැනුම් දුන්නේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම, සෞඛ්‍ය සේවා ආරක්ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, මූලික විමර්ශන කමිටුවේ සභාපති වෛද්‍ය ලක්ෂ්මි සී. සෝමතුංග, පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක   ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ආර්.එස්.ආර් නාගහමුල්ල, අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. හේවගේ, නීතිපතිවරයා ඇතුළු 13 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

ආනන්ද සමරසේකගේ පෙත්සම සැප්තැම්බර 09 සලකා බලයි

බෙනට් Wednesday, 31 August 2016 05:15 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දිලිප් Thursday, 01 September 2016 07:53 AM

අස්තාන ගතවිමක් වෙලා තිබෙනවානේ. එයට වගකිව යුතු අයත් ඉන්න ඕනෙනේ! නීතියට අනුව කටයුතු කිරීමත් වැරදි නැහැනේ! අයි මේ මෙච්චර නීතියට බය. බලමු අපි නිතිය මෙය දකින්නේ කොහොමද කියලා (හේ)

:       0       0

ජයාත් Thursday, 01 September 2016 01:52 AM

මොන ප්‍රශ්න තිබුණත් මේක තියන්න ඕනෑ කියන මතයේ මම ඉන්නේ. මොකද මේ වගේ එකක් තියනකොට සමහරුන්ට තියන ඒකාධිකාරය නැතිවෙනවා (නි)

:       0       0

ධම්ම Wednesday, 31 August 2016 02:30 PM

සයිටම් එක ප්‍රශ්න ගොඩක්.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 12 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 360 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 423 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 866 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4988 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1190 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site