IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ආනන්දි සසිදරන් කැරැලි ගහයි

 

ජිනීවා මානව හිමිකම් කමිටුවේ සභාවාරයට තමන්ට සහභාගි වීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතුරු පළාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවට උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු බව පවසමින් කිලිනොච්චියේ සිට යාපනය දක්වා ආරම්භ කොට ඇති පාගමන අතරතුර මාධ්‍ය  සමඟ පැවසුවාය.

ජනීවා සමුළුවට තමන්ට පෞද්ගලිකව සහභාගි වීමට අවශ්‍ය තරම් ඉඩකඩ ඇතත් එසේ සහභාගි වීමෙන් ලැබෙන ප්‍රයෝජන අඩු බැවින් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතවරියක් වශයෙන් මෙම සමුළුවට සහභාගි වීමට අවශ්‍ය බව ඇය කියයි.

දෙමළ ජාතික සන්ධානය රජයට සහාය දැක්වීමට ඉදිරිපත් වී සිටීම නිසා තමන්ට ජිනීවා මානව හිමිකම් සම්මේලනයට සහභාගි වීමට අවස්ථාවක් ලබා නොදෙන බව තමන්ට විශ්වාස බව ප්‍රකාශ කරන ඇය මන්ත්‍රීවරිය මෙවැනි දේශපාලන වාසි හා අරමුණු මත දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වළලා දැමීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගෙනයන වැඩ පිළිවෙල තමන් කිසිසේත්ම අනුමත නොකරන බවද කීවාය.

යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් සමස්ත දෙමළ ජනතාවම ඉල්ලා සිටියදී දෙමළ ජාතික සන්ධානය රජය මගින් ඉදිරිපත් කරණ අභ්‍යන්තර පරීක්ෂණයකට කැමැත්ත පළ කිරීම දෙමළ ජනතාවම පාවාදීමක් ලෙසින් එයට විරෝධය පා තමන් උතුරු පළාත්සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමටද පියවර ගන්නා බවට ආනන්දි සසිධරන් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.



අදහස් (0)

ආනන්දි සසිදරන් කැරැලි ගහයි

චමිලා Monday, 14 September 2015 02:26 PM

මෙතන සමහර අයගේ අදහස් සසිදරන්ටත් වැඩිය භයානකයි මට නම් (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 14 September 2015 06:50 AM

අපි බලමු වෙන්න යන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සමන් Monday, 14 September 2015 10:38 AM

බින්දු ඔය අර බෙලි අත්තේ කෙනාද. ගෝඨාබය මහින්ද ඉන්නවා පාසිකුඩා ගියානම් හම්බවෙන්න පුළුවන් (බ)

:       0       0

ඩෝසන් Monday, 14 September 2015 07:06 AM

කුට්ටිය මදි වෙලා නැත්නම් ඊට වඩා ලොකු කුට්ටියක් කොටින්ගෙන් හම්බුවෙලා වගේ (බ)

:       0       0

මොහාන් Monday, 14 September 2015 07:09 AM

මේ වගේ කොටි පිල්ලි ඉන්නකම් රටකට හරියන්නේ කොහොමද? (බ)

:       0       0

ප්‍රසාද් Monday, 14 September 2015 07:14 AM

දෙමල ජාතික සන්ධානය තුල කොටි හිතවාදීන් මෙන්ම කොටින්ට විරුද්ධවාදීන් ද සිටින බව මෙයින් තහවුරු වෙනවා. අපි කල යුත්තේ මෙවැනි කොටි හිතවාදීන් ගෙන් බෙදුම්වාදයට විරුද්ධ අය වෙන් කිරීමයි. එවිට බෙදුම්වාදීන් ඉබේම කොන් වෙනවා. (අ)

:       0       0

සමන් වසන්ත Monday, 14 September 2015 07:18 AM

මස් රාත්තලම ඉල්ලන මේ වගේ මිනිස්සු නිසා තමයි අපේ රටට සාමයක් උදා කරන්න අමාරු. යුද්ධෙන් පීඩා වින්දේ උතුරේ මිනිස්සු විතරක් නෙමෙයිනේ. සමස්තයක් වශයෙන් මේ රටේ හැමෝම පීඩා වින්දා. ජාත්‍යන්තර පරීක්ෂණයකින් උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසදෙනවනම් කමක් නැහැ. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. (බ)

:       0       0

අනුරුද්ධ Monday, 14 September 2015 07:24 AM

අනේ ඉල්ලා අස් වෙන්නකෝ ඉතින්! (බ)

:       0       0

ඉන්දික Monday, 14 September 2015 07:27 AM

අනේ ලොකු උදව්වක්! (ම)

:       0       0

කුරුවිට Monday, 14 September 2015 07:30 AM

හොඳ හොඳ සෙල්ලම් පසුවට බලමු (ම)

:       0       0

උද්දික Monday, 14 September 2015 07:38 AM

අපිට තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්න (නි)

:       0       0

දුමින්ද Monday, 14 September 2015 07:51 AM

දැනටමත් අන්තර්ජාතික පරීක්ෂණයක් කර අවසන්ය. ..........වාර්තාව 30 වැනිදාට (ම)

:       0       0

ලුම්බිණි Monday, 14 September 2015 07:52 AM

දෙමළ ජාතික සන්ධානය ගත්තු තීරණයට මෙතුමිය ගරු කළ යුතුයි එම පක්ෂයේ ඉන්නවා නම්. (ම)

:       0       0

බින්දු Monday, 14 September 2015 08:39 AM

අනේ මහින්ද සහ ගොඨාභාය මහතුන් සිටියා නම්. (අ)

:       0       0

නාමල් නිව්යෝක් Monday, 14 September 2015 09:03 AM

දෙමල ජාතික සන්ධානය තුල කොටි හිතවාදීන් මෙන්ම කොටින්ට විරුද්ධවාදීන් ද සිටින බව මෙයින් තහවුරු වෙනවා. කලයුත්තේ ඒ පක්ෂයේ හැමෝටම කොටි ලේබලය නොගසා ද්‍රවිඩ ජනතාවට වූ අසාධාරන ගැන සෙවීමට දේශීය යාන්ත්‍රනයක් සැකසීමයි (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 14 September 2015 12:27 PM

සමන්,ඔබ නම් කෙළෙහිගුණ නොදන්නා කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 4 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 273 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 282 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 430 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 438 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 416 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site