IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ආනන්ද සිසුවා රෝහලේ : ගුරුවරයකුගේ වාහනයක හැපිලා

සිකුරාදා (30) උදේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ දී ගුරුවරයකුගේ වාහනයකට හැප්පුණු බව කියන එම විද්‍යාලයයේ හය වැනි ශ්‍රේණියේ සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

බාහිරින් තුවාල නැතත් සිසුවාගේ උදරයේ අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතැයි රෝහල් ආරංචි කියයි.

මීට වසරකට පමණ පෙර මෙම විද්‍යාලයේ සිසුවකු පාසලේ දී ගල් රෝලකට යට වී මිය ගියේය.

දින දෙකකට පෙර විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ පහර කෑමට ලක්වූ බව කියන සිසුවෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පාසලේ ආරක්ෂිත භාවය ගැන ප්‍රශ්නයක් ඇති බවත්, අධ්‍යාපන බලධරයන් වහා මේ ගැන සොයා බලා පියවරක් ගත යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

පාසලේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විද්‍යාලයයේ ආදි සිසුන් පිරිසක්  අගමැතිට හා ජනපතිට ද පැමිණිලි කර තිබේ.



අදහස් (0)

ආනන්ද සිසුවා රෝහලේ : ගුරුවරයකුගේ වාහනයක හැපිලා

වෙදගෙදර Sunday, 31 May 2015 07:12 AM

නියෝජ්‍ය විදුහල්පති සත්‍ය වසන් කිරීමට බොහෝ උත්සාහයන් අරගෙන . දරුවා හැපුනේ යකඩයක බව රෝහලට භාර දෙද්දී වෛද්‍යවරයාට කියල තියෙන්නේ ඔහුගේ කීමටලු. මේ නිසා දරුවා ස්කෑන් කිරීම පමා කරලා වෛද්‍ය වාර්තාව වාහනයක හැපුන බවට නිවැරදි කළාට පස්සේ ස්කෑන් එක කරලා . මොන තරම් බොරුවක්ද මේ පොඩි දරුවට පාසලේ ලොකු මහත්තුරු කළේ (බ)

:       0       0

වින්ධ්‍යා Sunday, 31 May 2015 07:38 AM

පුදුම පාසලක් ,ළමයින්ගේ පරිස්සම ළමයින්ටම බලාගන්න වෙයි වගේ (බ)

:       0       0

නිමල් Saturday, 30 May 2015 12:59 PM

අප්පමාදෝ අමතපදන් මොකද මේ වෙන්නේ? නරක කාලයක්ද (බ)

:       0       0

සංජීව Saturday, 30 May 2015 03:38 PM

මහා සිංහල බෞද්ධ ඉස්කෝලේ ගුරුවරුන් උගන්වන්න වගේම ගහන්න හප්පන්නත් හරි දක්ෂයි වගේ (ත)

:       0       0

ලක්ෂිත Sunday, 31 May 2015 02:43 PM

මුණසිංහ මහතාට පිළිතුරක්! අපිත් දකුණේ තමයි. අපිටත් ලැජ්ජයි මේ විදුහල්පතිවරයා කොළඹට ඇවිත් පඹයෙක් වගේ හැසිරෙනවට නිකන් පිනට කහින්න එපා අනේ අහිංසක දකුණේ දරු පැටව් ටික. පුළුවදෙන්න නම් මේ දකුණෙන් ආපු මේ පඹයෝ ‍දෙන්නම බෙන්ගාල බොක්කෙන් එහාට දාන්න.(කේ)

:       0       0

මලින්ද Saturday, 30 May 2015 06:40 AM

මේක ඇත්තටම කණගාටු දායක සිද්දියක් .නමුත් මේ වගේ දේවල් වලට ගුරු සංගමය මැදිහත් වෙන්න ඕනෙද කියන එක ගැන ගැටළුවක් තියෙනව .පාසල් වල අභ්‍යන්තර කටයුතු සහ ප්‍රශ්න වලදී ස්ටාලින් වැනි මහත්වරු මැදිහත් වෙන එක ගැන සමාජය අවබෝධයෙන් ඉන්න ඕනේ .මොකද මේ මිනිස්සු එච්චර හොඳ මිනිස්සු නෙවෙයි .මේ මිනිස්සු බලන්නේ මළ ගෙදරින් හරි මගුල් ගෙදරින් හරි තමන්ගේ දේශපාලන වල ඉහගන්න. (බ)

:       0       0

මුණසිංහ Sunday, 31 May 2015 01:56 AM

අනන්න්දේ ඉන්නේ ලංකාවේ දක්ෂතම විදුහල්පතිවරයා බව අමතක කරන්න එපා. එහාට එපානම් වහාම නැවත දකුණට එවන්න එතුමා ගන්න පාසල් ගණනාවක් පොරකනවා. (ත)

:       0       0

ධනංජය Sunday, 31 May 2015 03:21 AM

අනේ අනිච්චං බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩට වෙච්චදේ ! අනේ විදුහල්පතිතුමෝ හෙට අපේ ළමයින් පාසලට එවන්න ජිවිතේ ගැන ආරක්ෂාව දෙනවද? ආනන්දය විනාශ කරන්නේ නැතිව වහාම ගෙදර යන්න.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 44 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2381 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1293 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 528 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 863 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1492 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site