IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ආනඳ සිසුවා මළේ උදරය තදවීමෙන්

ක්‍රිකට් පිටිය තැලීම සඳහා ගෙන ආ  ගල් රෝලට හසු  වී මිය ගිය කොළඹ ආනන්ද විද්‍යාලයයේ  සිනෙත් විජේසිංහ (08) සිසුවා අද උදේ 7.30 ට  රෝහලට ගෙන එන විටත් හුස්ම නොවැටුණු බවත්  වෛද්‍යවරුන් සෑහෙන වේලාවක් ඔහුගේ හෘද ස්පන්දනය ලබා ගැනීමට සෑගෙන වෙහෙසක් ගත් බවත් කොළඹ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ කියයි.

ගල්රෝලේ හැඩලයට උදරය තැලීමෙන් මරණය සිදුවී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ  නිගමනය විය. ඔහුගේ උදරය ගල්රෝලටත්, බිත්තියටත් තෙරපී ඇතැයි ද එහිදී කියැවිණි.

උදෑසන ළමයින් ක්‍රිඩා කරමින් සිටියදී හතර වසරේ මේ සිසුවා  අතින් තල්ලු කරන ගල් රෝල හා බිත්තියක් අතර සිර වී ඇති බවත්  ගල් රෝල එතැන ඇති බෑවුමට ඇදී ගොස් ඇති බවත පෙනෙන්නට ඇතැයි මරදාන පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (0)

ආනඳ සිසුවා මළේ උදරය තදවීමෙන්

අචී Tuesday, 21 January 2014 10:05 PM

පුතේ නුඹට නිවන් සුව. නිවන් දකින තාක් කල් මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මයක නොම වේවා. ඔය අම්මගේ කුසේම නැවත ඉපදී අම්මගේ හිතේ ගින්දර නිවාපන් පුතේ. (නදී)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 21 January 2014 10:06 PM

අනතුරක් කවුරුවත් හිතා මතා කරන්නේ නැහැ . කාගෙවත් පිට වරද පටවන එක වරදියි. මෙවැනි අනතුරු වෙනවා අපි අහල තියනවා. අපි කාගේත් වගකීම අනතුරු වලක්වා ගැනීම. දරුවට නිවන් සුව අත් වේවා! (නදී)

:       0       0

ඩ්‍රීඩ් Wednesday, 22 January 2014 02:59 PM

වැඩි හිටියන්ට ආරක්ෂාවක් නැති රටේ කුඩා පාසැල් දරුවෙකුට ඒ ආරක්ෂාව ලැබෙයිද? (නදී)

:       0       0

දිල්ශාන් චතුරිකා Wednesday, 22 January 2014 09:38 PM

ගොඩක් දුකයි මල්ලියෝ ඔයා ගැන. අද මේ පාසැලේ උන දේ හෙට ඔබේ ගෙදර නොවෙන්න වග බලාගන්න.(නදී) ..

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 23 January 2014 02:21 PM

දැන් මේ මරණය කාගේ නොසැලකිලිමත් කම නිසා සිදුවූ දෙයක්ද? හැම පුවතකම තියෙන්නේ 'ගල් රෝල ඇදී ගිය ආකාරයයි' 'දරුවාගේ පපු ප්‍රදේශයේ තැල්මක් වී ඇති ආකාරයයි' පමණකි. ලංකාවේ සුපුරුදු ක්‍රමයට මෙම මරණයටත් වගකිවයුත්තෙක් නැද්ද? (නදී)

:       0       0

මංජුල Tuesday, 21 January 2014 02:26 PM

නාලක,ඔබ වගකීම් කියනදේ ගැන වැඩිය දන්නේ නෑ වගේ. පාසැල තුල සිටින දරුවන්ගේ ආරක්ෂාව පාසැල සතුය. කව්රුවත් හිතා මතා මරලා දැම්මේ නැහැ කියා වගකීම් වලින් පැනල යන්න බැහැ. මෙම ගල් රෝල ආරක්ෂාකාරීව සුදුසු ස්ථානයක තැබුවා නම්, මේ අනතුර සිදුවෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

බංඩාර Tuesday, 21 January 2014 10:23 PM

ඊළගට ඔය වගේ සිද්ධි වෙන්න බොහෝ ඉඩ ඇති පාසැලක් වනුයේ වසර තුනක් සිට විදුහල්පතිවරයෙකු නොමැති ලංකාවෙ එකම ජාතික පාසල වන මාවනැල්ල මයුරපාද ජාතික පාසලේය. සොයා බලන්න ඇමති තුමනි. දෙයක් සිදුවීමට පෙර වලකා ගැනුමයි වැදගත්.(නදී)

:       0       0

තිළිණ Wednesday, 22 January 2014 03:05 PM

මෙවැනි පුවත් නැවතත් අසන්නට ඉඩ නොලැබේවා.(නදී)

:       0       0

ශ්‍යාමා Wednesday, 22 January 2014 03:06 PM

පුතේ ඔයාට ජේසු පිහිටයි.(නදී)

:       0       0

මදු ..ප්‍රන්සය Tuesday, 21 January 2014 10:49 PM

අනේ අපෝයි දරුවෝ උස් මහත් කරලා මේ වගේ දෙයක් අහන්න දෙමව්පියන්ට පුලුවන් ද ? පුතේ ඔබට ජාති ජාති මෙවන් අකල් මරණයක් නොවන්නත් ! නිවන් සුව ලැබේවා කියා පතනවා ! (නදී)

:       0       0

මනීෂා Wednesday, 22 January 2014 03:30 PM

මේ සිදුවීම වාර්තා කල එක පෞද්ගලික රුපවාහිනී නාලිකාවකට මේ සිදුවීම ඇසින් දුටු ශිෂ්‍යයන් අදහස් දැක්වුවා. ඒ ශිෂ්‍යයන් මේ සිදුවීම විස්තර කරේ බොහොම විනෝදෙන් හිනාවෙවී නිකන් බොහොම අපුරු අත්දැකීමක් විස්තර කරනවා වගේ. පොඩි දරුවෝ කාටවත් මේ සිදුවීමේ වරද එල්ල කරන්ට බැහැ තමයි. නමුත් ගුරුවරු මේ සිද්දියේ බරපතලකම දරුවන්ට පහදලා දෙන්ට ඕනි. මේ වගේ දේවල් ඉදිරියට වලක්වාගන්ට එය උපකාරී වෙයි.(නදී)

:       0       0

රතුපහන Tuesday, 21 January 2014 11:25 PM

පව් ළමයා , අළුපහනට සුදුපහනට කළුපහනට ඔක්කොමලට පිස්සු.(නදී)

:       0       0

මනෝජා Tuesday, 21 January 2014 11:30 PM

ළමයි කියන්නේ හැම වෙලේම හැමතැනකම සෙල්ලම් කරන අයට. ඒක ප්‍රසිද්ද සිද්දාන්තයක්. වැඩිහිටියෝ වශයෙන් අපි දැනගන්න ඕනේ එයාලගේ ආරක්ෂාව. ගුරුවරුන්ගේ වගකීමක් තමයි ළමයින්ගේ ආරක්ෂාව. ගුරුවරු තමන්ගේ වගකීමෙන් අයින්වෙලා. (නදී)

:       0       0

නාලක රවින්ත Wednesday, 22 January 2014 03:31 PM

පොඩි එකා නැති උනා. ඒ හරක් වගේ ලොකු උන්ගේ නොසැලකිලි කම් නිසා. පුතේ උඹට මතු බවයේදී මෙවන් ඉරණමක් නොම වේවා. තවත් මේ වගේ දේ නොවෙන්න ළමයි ගැන හිතපල්ලා. (නදී)

:       0       0

දර්ශන Tuesday, 21 January 2014 11:32 PM

මිනුවන්ගොඩ ජාතික පාසලේදී ළමයෙක් පාසැල තුල තිබු ලිදට වැටිලා මලේ. බලදාරින් මිට වැඩිය ළමුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. පුතා මෙවන් අකල් මරණයකට පත් නොවේවා.(නදී)

:       0       0

රන්දික මධුෂාන් Wednesday, 22 January 2014 03:35 PM

නිවන් සුව මල්ලි ඔයාට යලිත් මෙවැනි අකල් මරණයක් අත් නොවෙවා! (නධී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 21 January 2014 02:40 PM

නත්ති ජාතස්ස අමරනං..සිසුවාට නිවන් සුව පතමි.(නදී)

:       0       0

සමරසිංහ Wednesday, 22 January 2014 03:40 PM

මහ ලොකුවට ලොකු ඉස්කෝල කිව්වට වැඩක් නෑ ගෙදර ඉඳන් අම්මා අප්පා තමාගෙ දරුවව පාසලට ගේන්නේ ඇස් දෙක වගේ ආරක්ෂා කරගෙන ඉස්කෝලෙ ඇතුලේදි ළමයා ආරක්ෂා සහිතව ඉන්නවා කියන නිසයි දෙමව්පියෝ ලමයා පාසලට ගියා‍යින් පස්සෙ හිතේ බයක් නැතුව ඉන්නේ. ඒත් මේ "ලොකු ඉස්කෝලෙ ලෝකෙට පේන්න වැඩ කරාට ඕක තමයි ඕක ඇතුලේ ළමයින්ට තියෙන ආරක්ශාව . මේක ළම‍‍යෙක් අනතුරකින් මිය ගිය පළවෙනි අවස්ථාව නෙමෙයි , මීට කලින් ළමයෙක් ගොඩනැගිල්ලකින් වැටුනා.(නදී)

:       0       0

කාවංග Tuesday, 21 January 2014 11:46 PM

ලේක්කෝ ගලබඩ හරියටම හරි. ඕක තමා අන්තිමට වෙන්නේ. මේ රටේ හරිම අමුතු නීතියක් තියෙන්නේ. පව් අහිංසක ළමය සහ දෙමව්පියන්. පුතේ යලි මෙවන් රටක ඉපදෙන්න එපා ඔබට සාදරනයක් ඉටු නොවේ. (නදී)

:       0       0

පෙයාලි Wednesday, 22 January 2014 10:16 PM

ආපසු අප අතරට එන්න පුතේ. ඔබට නිවන් සුව.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 21 January 2014 02:45 PM

නාලක නොසෑලකිල්ලෙන් දරුවෙක් මෑරුනහම කර්ම ශක්තියද කෙහෙල්මලක් කියනවා. අන්තිමට අසරන දරුවෙකුගෙ ජීවිතේ නෑතුව ගියා.(නදී)

:       0       0

ධනංජය Wednesday, 22 January 2014 10:25 PM

විදුහලේ ක්‍රීඩා බාර ගුරුවරයා වග කියන්න ඕනේ ..ක්‍රීඩා උපකරණ නිසි පරිදි ගබඩා වනවාද සොයා බලන එක ඔහුගේ වගකීම ..දරුවට නිවන් සුව! (නදී)

:       0       0

ගිහාන් Wednesday, 22 January 2014 03:46 PM

වැරදුනු තැන වරදුනාට පසු සෙවීමෙන් පලක් නැත (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 22 January 2014 10:39 PM

කසුන්(ආනන්ද විදුහල)...ඔබ කියන ආකාරයට නැවතත් අනඳ පුතකු වී ඉපදුනොත් ආනන්ද මාතාවගේ සරණ මෙලෙසම ලැබෙයිද? (අ)

:       0       0

සුමිත් Wednesday, 22 January 2014 12:29 AM

මම මේ ඉන්න රටේ යුරෝපයේ සෞක්‍ය සහ ආරක්ෂාව ඉතා හොඳයි.(නදී);

:       0       0

චමත් Friday, 24 January 2014 10:22 PM

හැමදාම උදේට පොඩිඋන් ඔය ගල්රෝල ඇදගෙන එහෙමෙහෙ යනවා සෙල්ලමට. එතන අලුතෙන් හදන ගොඩනැගිල්ලක් තියනවා.එකට කපපු පස් කණ්ඩිය හින්දයි රෝල තල්ලුවෙලා ගියේ. මේක කාගෙවත් නොසැලකිල්ලක් නෙමෙයි. ගල්රෝල එදා උදේ තිබුනේ වෙන තැනක. ළමයි ඒක ඇදගෙන යනවා.මේක ඒ ළමයාගේ වෙලාව. ටොන් කාලක් විතර බර දෙයක් නිකම් රෝල් වෙලා යන්නේ නෑනේ. අනික ක්‍රීඩා උත්සව කාලෙ නිසා පිට්ටනියේ ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් එක ළමයි කණ්ඩායමකට අවධානය යොමන්න ගුරුවරුන්ට බෑනේ. (අ)

:       0       0

සුරජ් Thursday, 23 January 2014 03:36 PM

අනිචාවත සංකාර උප්පාද වයදම්මො (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 26 January 2014 08:41 AM

අසෝක, ඔය උන්නැහේ වයස පස්සේ එල්ලිලා වාද කරන්නේ අඩුම තරමින් මේ දරුවාට නැවත මෙවන් අකල් මරණයක් නොම වේවා කියා ත්‍රිවිධ රත්නයේ පිහිට පතමුකෝ!! දරු දුක දත් පියෙක් චන්ද්‍ර (දී)

:       0       0

සුදු පහන Tuesday, 21 January 2014 03:16 PM

උප්පැන සහතිකේ කොපියක් ඕනද .වයස කන්නද මැරුණට පස්සේ. (දී)

:       0       0

සනුජිත. Thursday, 23 January 2014 04:27 PM

දැන් තර්ක විතර්ක කරල වැඩක් න .පුංචි පුතාට ජිවිතේ නැති උනා. ඒ දෙමව්පියන්ට ආදරණිය පුතෙක් නැති උන.රටට පුංචි පුතෙක් නැති උනා අයෙත් මෙහෙම දේවල් නොවෙන්න වැඩිහිටියන් ගුරුවරුන් වගකිව යුත්තන් දැන ගන්න ඕනි.නැත්නම් මේ වගේ දේවල් තවත් වෙයි. (අ)

:       0       0

අරුණ සමරවීර Wednesday, 22 January 2014 04:29 PM

පුතේ ඔබට නිවන් සුව පතමි.(නදී)

:       0       0

අනිල් Sunday, 26 January 2014 09:02 AM

නාලක ඔබේ දරුවෙකුට ඔය දෙය සිදු උනත් ඔහොම කියනවද ? (දී)

:       0       0

සම්පත් රුවන් බෙන්ජමින් Thursday, 23 January 2014 01:26 AM

පුතේ ඔබට අමාමහ නිවන් සුව ලැබේවා හරිම දුකයි වාවගන්න බැ මටත් ඔයාවගේම පුතාල දෙන්නෙක් ඉන්නවා (අ)

:       0       0

ලකී Wednesday, 22 January 2014 04:10 AM

මේකෙන් පස්සෙවත් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුය.(නදී)

:       0       0

භානු Wednesday, 22 January 2014 05:24 AM

පිට රටවල ආරක්ෂාව සහ ප්‍රවේශම (ඔකියුපෙශ්නල් හෙල්ත් සේෆ්ටි ) ඉතා දැඩිව අනුගමනය කරනවා. ක්‍රීඩා පිටිය භාර ගුරුවරයා සිට පිට්ටනිය සකස් කරන කෙනා දක්වා මේ ගැන කටයුතු කරන්න දන්නවද කියල පරීක්ෂා කරලා තමා රස්සා දෙන්නේ. නමුත් ලංකාවේ තවම මේ තත්ත්වය නැහැ. ඉදිරියටවත් ඇති වුනොත් ලොකු දෙයක්. (නදී)

:       0       0

ක්.ම චන්ද්‍රසිරි Wednesday, 22 January 2014 05:28 AM

පුතේ ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

දුලා Wednesday, 22 January 2014 04:56 PM

චුටි පුතාට නිවන් සුව ලැබේවා . මේ උන අපරාදෙට වග කියන්න ඕනේ ගුරුවරුන්. ළමයට මෙච්චර දෙයක් වෙනකන් දැක්කේ නැද්ද? (නදී)

:       0       0

අජිත් Tuesday, 21 January 2014 03:42 PM

නාලක, මිනිස්සු ඔයවගේ මෝඩ විදියට හිතන නිසා තමයි නොසැලකිල්ලෙන් මේවගේ අකාලේ මැරෙන්නේ. මේවට හරි පරීක්ෂණයක් පවත්වලා, වැරදිකාරයින්ට දඩුවම් දෙන්න ඕනා නැවත මේවගේ අනතුරු නොවෙන්න. දියුණු රටවල් වල වෙන්නේ එහෙමයි. ඒකයි ඒ රටවල නොසැලකිල්ලෙන් වෙන අනතුරු අඩු. (නදී)

:       0       0

ඉසුරු Wednesday, 22 January 2014 04:58 PM

නිවන් සුව! (නදී)

:       0       0

නවීන් බුද්දික Wednesday, 22 January 2014 04:59 PM

ඔබට නිවන් සුව මල්ලෝ. (නදී)

:       0       0

නෙලුම් පෙරේරා Wednesday, 22 January 2014 05:08 PM

කියන්න කනගාටුයි. හැම වගකීමක්ම පාසැල සතුයි. පොඩි ළමය්න් හරිම දඟ බව දැන දැනත් මෙවැනි උපකරණ ඇයි නිදැල්ලේ තියන්නේ.(නදී)

:       0       0

සෙලාන්සියුස් Tuesday, 21 January 2014 03:57 PM

කළුපහන, මේක ද වැදගත්ම දේ ? 5 දී 1 පන්තිය , 6 දී 2 පන්තිය , 7 දී 3 පන්තිය , 8 දී 4 පන්තිය . පැහැදිලි ද ? උපන් මාසය අනුව සමහර දරුවන් ගේ වයස මීට වැඩි විය හැක.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 24 January 2014 08:59 AM

ආනන්ද විදුහල් පති තුමාත් ක්‍රීඩා භාර ගුරුවරයාත් වගකීමෙන් නිදහස් නොවේ!! අඩුම තරමේ තව තව තිබිය හැකි අනතුරුදායක දේවල් සමීක්ෂණය කරන්න. මම හිතන අන්දමට ආනන්ද දීර්ග ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්තාව මෙය විය හැක.කලින් සිටි විදුහල්පතිවරු නිතර පාසල් බිමේ සංචාරය කල බව දනිමි!! ආදී ආනන්දියයා (අ)

:       0       0

ලංකා සංජීව Thursday, 23 January 2014 04:33 AM

අපි කොච්චර කියුවත්, ඒ දෙමාපියන්ට සදාතනික දුකක්. මේ සිදුවීම ගැන මට හරිම දුකයි. මොකද මටත් දරුවෝ ඉන්න නිසා. මේවා ලොකු අයගේ වරද. ගල්රෝලක් වගේ දෙයක් තියන්න ඕනේ සුදුසු තැනක. මේ දේවල් ඉදිරියට වෙන්න දෙන්න එපා. එහෙම උනොත් තව නොදරුවෝ කිදෙනෙකුගේ ජිවිත බිලිගනිවිද? පුංචි පුතා ඔබට අමා මහ නිවන්සුව ලැබෙවා!(නදී)

:       0       0

නෙලුම් පෙරේරා Wednesday, 22 January 2014 05:18 PM

මින් පස්සේවත් පාසල් තුලින් මේවගේ දේවල් අහන්න නොලැබේවා. දෙමව්පියන්ගේ හිත්වල ඇතිවෙන වේදනාව කාටවත්ම නිවන්න බෑ. චුටි පුතේ ඔයාට මොක් සුව ලැබේවා.(නදී)

:       0       0

බුද්ධික Wednesday, 22 January 2014 05:31 PM

කොල්ලෝ ඔහොම තමයි. ගල් රෝලක් දැක්කොත් ඇදගෙන යනවා ශක්තිය පෙන්නන්න. මම පොඩි කාලේ ඕක ලගින් යනවා නම් අනිවාර්යෙන්ම උඩ නැගලා අනිත් පැත්තට පනිනවා.(නදී)

:       0       0

අප්සරා දුනුවිල Wednesday, 22 January 2014 05:31 PM

ඔබට මොක් සුව ලැබේවා! (නදී)

:       0       0

ජයන්ත පේමසිරි Wednesday, 22 January 2014 08:09 AM

පුතේ ඔබට නිවන් සුව! ඔබ උපදින කිසිම ආත්මෙකදිවත් කිසිමකෙනෙක් යට කරගෙන යන්න එපා. ඒක අපේ බුදුබණ පුතේ. මට දුකයි පුතේ එත් මේක අපේ සසර ගමන.(නදී)

:       0       0

අනුර Wednesday, 22 January 2014 05:39 PM

පුතේ නුබට නිවන්සුව පතමි.(නදී)

:       0       0

වසන්ත Wednesday, 22 January 2014 08:25 AM

කලුපහන ඉස්කොලෙ ගිහිල්ලා නැහැ ඒකයි වයස දාන්නෙ නැත්තෙ...පුතාට නිවන් සුව.(නදී)

:       0       0

මධූ Wednesday, 22 January 2014 09:00 AM

ජීවිතය අනියතයි මරණය නියතයි.ඒ දරුවා ගෙනාපු ආයුෂ ගෙවුණා. ඒ තත්වය උදා වුණා. හරිම දුකයි. නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

හේරත් Wednesday, 22 January 2014 05:55 PM

මෙවන් අනතුරු වෙන්නෙ කාගෙ වරදින් උවත් විනාශවන්නෙ අසරන ඡීවිත.(නදී)

:       0       0

පසිඳු Tuesday, 28 January 2014 02:39 PM

මල්ලියේ, ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 22 January 2014 09:10 AM

චූටි පුතේ ඔයාට ජේසු පිහිටයි.(නදී)

:       0       0

ලංකාසිරි Tuesday, 21 January 2014 04:40 PM

මෙය පාසැලේ නොසැලකිල්ල පුංචි පුතුට නිවන්සුව. (දිල්)

:       0       0

මනෝජ් පීරිස් Wednesday, 22 January 2014 06:06 PM

ඔබට පිං වැඩියි මයේ පුතේ.(නදී)

:       0       0

ඛේමා Wednesday, 22 January 2014 06:14 PM

දරුවාගේ වයස හොයල කරදර වෙන අය ගැන මට නම් කණගාටුයි . මේ අවුරුද්දේ මුල. දරුවා අලුත් පන්තියට ඇතුළු වෙලා. දරුවට තවම 9 ය ලබලා නැතුව ඇති. එහෙම වෙන්න පුළුවන්. තව ඒ දරුවා අවුරුද්දේ මුල ඉපදිලා කලින්ම පාසලට ඇතුළු වෙච්ච දරුවෙක් වෙන්න පුලුවන්... අනවශ්‍ය දේවල් ගැන කතා කිරීම නුගත් මනුස්සයාගේ ලක්ෂණයක්. . නොසැලකිලිමත් කම හා අනාරක්ෂිත බව තමයි මරණයට හේතුව ලෙස මන් දකින්නේ. සිසුවාට නිවන් සුව! (නදී)

:       0       0

චන්දවිමල හිමි Wednesday, 22 January 2014 09:43 AM

ළමයි ගල්රෝල අදිනකම් කව්රුත් මොකුත් කළේ නැද්ද? අඩුම තරමින් මේකේ භයානක කම තේරෙන ශිෂ්‍ය නායකයෙකුවත් හිටියේ නැද්ද ?  පවු අහිංසක ළමයා සහ එයාගේ දෙමාපියන්. ඔහුට සසර අකල් මරණයක් නොවේවා! (නදී)

:       0       0

කසුන් (ආනන්ද විදුහල ) Wednesday, 22 January 2014 06:22 PM

සොයුර ඔබ උපදින හැම භවයකදීම අනද පුතෙකු වී ඉපදේවා ! ඔබට ආනන්ද මාතාවගේ සරණයි.! (නදී)

:       0       0

ධනුක Tuesday, 21 January 2014 05:48 PM

නිවුන සුව පතමි පුතේ ඔබට. (නදී)

:       0       0

සුජිත් ජයසුන්දර Wednesday, 22 January 2014 09:49 AM

ජීවිත වල වගකීම ඇත්තේ විදුහල්පතිවරයා ලගයි.(නදී)

:       0       0

කෝෂිලා Wednesday, 22 January 2014 09:50 AM

පුතේ ඔබට නිවන් සුව උපදින හැම ආත්මයකම ඔබේ මාපිය සෙවනේ හිදින්නට ප්‍රර්ථනා කරමි.(නදී)

:       0       0

අනිල් Wednesday, 22 January 2014 09:50 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

ලෂාන් Wednesday, 22 January 2014 06:25 PM

මේක කාගෙවත් වැරැද්දක් නෙවේ. මේක ලංකාවේ නීතයට අනුවනම් ගල්රෝල හදපු කෙනාගේ වැරැද්දක් විය යුතු ය. එය එසේම වේ. දරුවා ඔබට නිවන් සුව. ආයෙත් මේ වගේ රටක නොඉපදේවා.(නදී)

:       0       0

නාලක Tuesday, 21 January 2014 11:58 AM

ඒ දරුවගේ කර්ම ශක්තිය. කව්රුවත් හිතා මතා මරලා දැම්මේ නැහැ. දරුවට නිවන් සුව ලැබේවා! දෙමව්පියන්ගේ දුක් ගිනි නිවේවා! (නදී)

:       0       0

නදීර Tuesday, 21 January 2014 05:56 PM

ඉතාමත් අවාසානාවන්ත සිදුවීමක්. අනුරංග මේ ගල්රෝල් පාවිචිචි කරන්නේ ක්‍රීඩාංගණයේ විකට්ටු පිළියෙළ කිරීමට. ඔයා විහිලුවකට හරි ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගිනින් තියනවා නම් දැකල ඇති හතරේ සිමාව ගාව මේවා තියනවා. මල්ලිට නිවන් සුව ! (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Tuesday, 21 January 2014 05:57 PM

ඔව් යසවතී,ලොකුම කිල්ල නොසැලකිල්ල තමයි.(නදී)

:       0       0

උපාලි Tuesday, 21 January 2014 12:04 PM

සම්පූර්ණයෙන්ම පාසැල් බලධාරින්ගෙ වැරැද්ද. කුඩා දරුවන් සෙල්ලම් කරන තැන්වල මෙවැනි දේ තැබීම වැරැද්දක්. ගල් රොලක් මෙවැනි කුඩා දරුවෙකුට තනිවම තල්ලු කල නොහැක. එසේ නම් බැව්මක මෙවැනි දෙයක් තැබූ කෙනාට දැඩි දඩුවම් දිය යුතුයි. (දී)

:       0       0

ඉෂාර Tuesday, 21 January 2014 06:01 PM

ඔබට මොක් සුව ලැබේවා! (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 21 January 2014 06:05 PM

පුතනුවනි ඔබට නිවන් සුව ලැබේවා! මෙවන් අකල් කිසි ආත්මයක ඔබට අත් නොවේවා.(නදී)

:       0       0

දුමින්ද Tuesday, 21 January 2014 12:18 PM

පුතේ නුබට නිවන් සුව (දී)

:       0       0

දයා අලහාකොන් Tuesday, 21 January 2014 12:21 PM

දරුවන්ගේ කෙළිලොල් වයස හිතා මතා සිදු කල දෙයක් නොව අනතුරකි සිත් සුවපත් කර ගන්න (දී)

:       0       0

චන්දි Tuesday, 21 January 2014 06:11 PM

පුතණුවනි, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! මෙවන් අකල් ,මරණයකට කිසිදා ගොදුරු නොවී මතු බවයේදීත් එම මා පියන් තුරුලේම නැළවෙන්නට මනුස්ස ආත්මයක් ලබත්වා.(නදී)

:       0       0

රිස්වි Thursday, 23 January 2014 08:27 PM

විදුහල්පති / ක්‍රීඩා බාර ගුරුතුමා ප්‍රශ්න කල යුතු අතරම ඔවුන් ඉල්ලා අස් විය යුතුයී. පුංචි පුතා ඔබට අමා මහ නිවන්සුව ලැබෙවා! (අ)

:       0       0

සුරංග Thursday, 23 January 2014 09:40 AM

ඔබට නිවන් සුව මල්ලියේ (අ)

:       0       0

යසෝදරා Wednesday, 22 January 2014 11:30 AM

ගල්රෝල සහ දරුවන් ගැන සිතන විට නොසැලකිල්ල සිදුවූ බවයි පෙනෙන්නේ.(නදී)

:       0       0

යසවතී Tuesday, 21 January 2014 12:29 PM

ලොකුම කිල්ල නොසැලකිල්ල.(නදී)

:       0       0

කැනඩා දිසා Tuesday, 21 January 2014 12:31 PM

මල්ලෝ ,නැවත අප අතරට එන්න.(නදී)

:       0       0

කළුපහන Tuesday, 21 January 2014 12:31 PM

4 වසරේ සිසුවාගේ වයස 8 වෙන්නේ කොහොමද. සිසුවාට නිවන් සුව. (නදී)

:       0       0

සංජීව Tuesday, 21 January 2014 06:28 PM

පව් දෙය්යනේ පොඩි එකා. පිටිය භාර සහ එහි උපකරණ භාර කෙනෙක් ආනන්ද එකේ නැද්ද ? ඕක ලොක් කරන්න පුළුවන් නේද ? මම දන්නා තරමින් පුළුවන්. මැරෙන්න වයසක් ද අනේ පව් .(නදී)

:       0       0

දිනුෂා Saturday, 25 January 2014 01:51 PM

එහෙනම් චමත් ඉස්කෝලෙක වෙන දේවල් කිසි දෙකට වගකියන්න බැනේ ගුරුවරුන්ට...ළමයි වැඩි කියල ශේප් වෙයි..අන්තිමට අසරණ වෙන්නේ ළමයි තමයි (අ)

:       0       0

අජිත් ප්‍රසන්න ඩුබායි Wednesday, 22 January 2014 11:43 AM

මේක අහපු වෙලාවේ ඉඳන් මම ඉන්නේ හරිම වේදනාවකින්. ලමයි ඉස්කෝලෙට එවන්නේ දෙමාපියන් මොනතරම් විශ්වාසයකින්ද ?  මේක හෙට අනිද්දා කාටත් අමතක වෙලා යයි අර අහිංසක දෙමුපියෝ හැමදාම දුක හුල්ලන්න වෙනවා නේද? ,අහිංසක පැටියා කොච්චර වේදනාවක් විඳින්න ඇද්ද? මේක තනිකරම පාසලේ වැරැද්ද අනාරක්ෂිත විදියට ඔය වගේ දේවල් තියල තියෙන්නේ, පුතේ ඔයාට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

සිල්වෙස්ටර් Tuesday, 21 January 2014 06:37 PM

නාලක, කර්ම ශක්තිය කියා කියා ඉඳල බෑ. අනතුරු වලක්වා ගන්න වැඩිහිටියෝ වග බල ගන්න ඕනේ.(නදී)

:       0       0

චතුරංග Thursday, 23 January 2014 10:04 AM

පොඩි ළමයි ගැන මීට වැඩියෙන් වැඩිහිටි අය අවදානෙන් ඉන්න ඕන. . එහෙම උනා නම් මෙහෙම දෙයක් වෙන්නේනේ.(අ)

:       0       0

ආරියසේන Tuesday, 21 January 2014 12:37 PM

පාසලේදී ළමුන්ගේ ආරක්ෂාව නොමැති නිසා මේ දේ සිදුවිය. ඉගැන්වීමේ කටයුතු වගේම ළමුන්ගේ ආරක්ෂාව ගැන විමසිලිමත් විය යුතුය. සිසුවා ගල් රෝලක් තල්ලු කරන විට ගුරුවරයා සිටියේ කොහේ ද ? හැම දෙයක්ම වෙන්නේ කර්මය අනුව කියල හිත හදා ගන්නවා. (නදී)

:       0       0

අනුරාධ Wednesday, 22 January 2014 07:19 PM

විධිමත් මරණ පරීක්ෂණයක් තැබිය යුතුයි. අවධානම පිලිබඳ සිසුහු දැනුවත් කල යුතයි. සොහොයුර ඔබට නිවන් සුව!! (නදී)

:       0       0

අසංක Tuesday, 21 January 2014 12:37 PM

හරිම දුක හිතෙන ඇග හිරිවැටෙන පුවතක්. ආනන්දය වගේ පාසලක මෙහෙම අනාරක්ෂිත බවක් . හිතන්නත් අමාරුයි.(නදී)

:       0       0

සේන Tuesday, 21 January 2014 12:40 PM

කව්ද ගල් රෝල බෑවුමක නවතා තිබ්බේ. අඩු තරමින් ඇදයක් තියන්න තිබුනේ නැද්ද? මේ නැතිවෙච්ච අහිංසක ජීවිතයට වග කියන්නේ කව්ද? (නදී)

:       0       0

චාමර Tuesday, 21 January 2014 06:52 PM

ඉතා කනගාටුදයක් පුවතක්. පුතාට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

අළුපහන Tuesday, 21 January 2014 07:01 PM

කළුපහන,සුදුපහන - මෙවන් ශෝකාකුල අවස්තාවකදී ඇයිද මේ අනවශ්‍ය විසංවාද? ඒ අහිංසක දරුවාට මතු මෙවන් අකල් මරණයක් සිදු නොම වේවා!(නදී)

:       0       0

අබේවර්ධන Saturday, 25 January 2014 02:58 PM

සංසාරේ දුක අවබෝදය කරගෙන යනකම් මරණය ඔහොම භයන්කරයි ඔබටත් මටත් එය උරුමයි ඔබට සංසාරේ දුක අවබෝද වේවා මේ සසරේ (අ)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 21 January 2014 07:39 PM

හරිම කණගාටුයි මට මෙහෙම දුකනම් දෙමව්පියන්ට කොහොම දුක ඇතිද ? දරු දුක තරම් ගින්නක් මේ ලෝකෙ නැහැ. (නදී)

:       0       0

අසෝක Tuesday, 21 January 2014 07:50 PM

සුදු පහන, මෙතන 4 වසරේ ළමයෙක් කොහෙද වයස 8 වෙන්නේ කියල අහල තියෙන කළුපහන කවදාකවත් ඉස්කෝලෙකට ගිය කෙනෙක් නෙමෙයි. මේ වගේ අයට උත්තර දෙන එකත් මෝඩ කමක්. මමත් වයස 8 දී හිටියේ 4 වසරේ. එයා 4 වසරට යන්න ඇත්තේ වයස 30 දී විතර.(නදී)

:       0       0

ශෂී Friday, 24 January 2014 02:32 PM

භානු ....ඔබ හරි,, පිට රටවල ආරක්ෂාව සහ ප්‍රවේශම (ඔකියුපෙශ්නල් හෙල්ත් සේෆ්ටි ) ඉතා දැඩිව අනුගමනය කරනවා. ක්‍රීඩා පිටිය භාර ගුරුවරයා සිට පිට්ටනිය සකස් කරන කෙනා දක්වා මේ ගැන කටයුතු කරන්න දන්නවද කියල පරීක්ෂා කරලා තමා රස්සා දෙන්නේ. නමුත් ලංකාවේ තවම මේ තත්ත්වය නැහැ. ඉදිරියටවත් ඇති වුනොත් ලොකු දෙයක්. (නදී)

:       0       0

අනුරංග Tuesday, 21 January 2014 01:02 PM

පව් අහිංසක දරුවා.මේක වෙලා තියෙන්නේ තනිකරම නොසැලකිල්ලෙන්.පොඩි ළමයි ඔය වගේ දෙයක් දැක්කම කොහොමත් තල්ලු කරලා සෙල්ලම් කරන ගන්නවා. එක ඔතන තියපු කෙනාගෙයි වැරැද්ද. ඔය ගල් රෝල බරව කෙනෙක් ඇතිනේ. එයා තමයි ඕකට වග කියන ඕන.පොඩි ළමයි ඉන්න තැනක ඔය වගේ දෙයක් නිදැල්ලේ තියන එක ගැන. (දිල්)

:       0       0

උපාලි සුමිත් හේවාවසම් Wednesday, 22 January 2014 12:56 PM

නිවන සුව ඔබට.ඔබ අප අතරේ ඉපදේවා.(නදී)

:       0       0

උපාලි Wednesday, 22 January 2014 12:59 PM

නිවන් සුව පුතා. යලි අප අතරේ ඉපදේවා. මම ඔයා ගැන හරියට දුක් වුනා.(නදී)

:       0       0

සිරිනා මාග්‍රට් Tuesday, 21 January 2014 08:16 PM

කොහොම නමුත් තවත් අහිංසක ජීවිතයක් ලොවට අහිමි වුනා. (නදී).

:       0       0

උත්තරා Tuesday, 21 January 2014 08:20 PM

ඔහුට අහිමි දේවල් 1. සුන්දර පාසල් ජීවිතය 2. දෙමව්පිය සොයුරු සෙවනේ උණුසුම 3. උදැසන හිරුගේ උණුසුම 3. සීතල පවනේ සිසිලස 4. සෞම්‍ය සන්ධ්‍යාව 5. නිහඬ රාත්‍රියේ චමත්කාරය 6. අප්‍රේල් අවුරුද්දේ ප්‍රීතිය 7. වෙසක් සදේ සිසිලස 8. වෙර දරා උගෙන ලබා ගත විභාග ජය. 9. මිතුරන්ගේ සහ මිතුරියන්ගේ සහය. 10. ආගමේ විමුක්තිය. ........ තවත් මොන තරම් දේ අහිමි උනාද සුදු පුතේ ? ඔබට නිවන් සුවම ලැබේවා !(නදී)

:       0       0

මලිත් Tuesday, 28 January 2014 08:03 PM

ඔබට නිවන්සුව ලැබේවා පුත (අ)

:       0       0

ගයාන් Wednesday, 22 January 2014 01:22 PM

දොස්තර මහත්වරුන්ට තව උත්සහ කල නම් ගොඩ ගන්න පොඩ්ඩක් හරි ඉඩ තිබුන කියල මට හිතෙනවා.(නදී)

:       0       0

ගවේෂා Wednesday, 22 January 2014 01:26 PM

කළුපහන හරි. සංවෙදි කරුණු වලදී තොරතුරු සපයනකොට නිවරදිව දක්වන්න. අවරුදු 5 සම්පුර්ණවෙලා නේ ඉස්කොලේ යන්නේ . එතකොට වයස 8 ළමයා සිටිය යුත්තේ 3 වසරේ නේ.(නදී)

:       0       0

සුජීව Wednesday, 22 January 2014 08:17 PM

ලකාවේ අද පාසල්වල මේවගේ අනතුරු කොච්චර වෙනවද. පාසල්වල මීට වැඩිය ළමයින්ගේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. හැම පාසැලක්ම මේ ගැන හිතල අපේ දරු පැටව් ආරක්ෂා කරලා දෙන්න. මම ඉල්ලන්නේ එච්චරයි. පුතේ ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. සසර වසන තුරා ඒ අම්මගේ කුසේම ඉපිද අවසානයේ අමා මහා නිවන් සුවම ලැබේවා! (නදී)

:       0       0

හුෂේන Wednesday, 22 January 2014 01:56 PM

ඔයා ගැන ගොඩක් දුක්වෙනවා පුතේ මටත් ඔයාගෙම වයසේ පුතෙක් ඉන්නවා. මෙවන් අනතුරක් කිසිම කෙනෙකුට සිදුනොවේවා කියා දෙවියන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

හේමා Tuesday, 21 January 2014 01:29 PM

පන්තිකාමරයේ උනත් දැන් නම් දරුවන් ගැන අවධානයෙන් ඉන්න වෙනවා.(නදී)

:       0       0

උපේන්ද්‍ර එංගලන්තය Wednesday, 22 January 2014 01:57 PM

ඉගැන්වීම කොපමණ උසස් උනත් ළමුන්ට පාසලේ ආරක්ෂාකාරී වාතාවරණයක් ලබාදෙන්න බැරිනම් විදුහල් පතිතුමා ඉවත්විය යුතුයි. දෙමාපියන් ළමයි පාසලට එවන්නේ මේ විශ්වාසය මත. , එහෙම නොවේ නම් මේ විදුහල් කොපමණ උසස් උනත් පලක් නැත.(නදී) .

:       0       0

ලක්ෂාන් Wednesday, 22 January 2014 02:15 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

සාදි Tuesday, 21 January 2014 01:34 PM

සියලු දේ කර්මය නොවේ .(නදී)

:       0       0

චතුර ලක්ෂාන් Wednesday, 22 January 2014 02:16 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

පාලිත Tuesday, 21 January 2014 01:42 PM

ආරක්ෂා සහිතව ගල් රෝල නවත්තලා නැහැ. විදුහල්පති සහ ගුරුමන්ඩලය මීට වඩා ළමයින්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි.(නදී)

:       0       0

තුෂානි කළු ආරච්චි Wednesday, 22 January 2014 02:18 PM

බට ඔබට නිවන් සුව චුටි පුතේ.(නදී).

:       0       0

සමන් Tuesday, 21 January 2014 09:00 PM

ලොකු මිනිසුන් කරන වැරදි වලට පොඩි ළමුන් අකාලයේ මියැදෙති. මල් කැකැළු වන් දරුවන් රකිමු.(නදී)

:       0       0

භාසුරු සේනාරත්න Sunday, 26 January 2014 10:05 PM

මෙවැනි අනාපේක්ෂිත දේවල් ගැන අපේක්ෂාවෙන් ඉන්න. (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 09:03 PM

වැඩි හිටියන්ට ආරක්ෂාවක් නැති රටේ කුඩා පාසැල් දරුවෙකුට ඒ ආරක්ෂාව ලැබෙයිද? (නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 21 January 2014 01:48 PM

මට මැවිලා පෙනෙනවා මේ සමනල්ලු පිට්ටනිය පුරහම දුවන පනින හැටි. වැඩිහිටි අය මීට වඩා උදව් ක‍රන්න ඕනේ අපේ ළමා පරපුරට ආදරය හඳුන්වා දෙන්න. අර නංගියෙක් හරියටම කිව්වා, ලොකුම කිල්ල, නොසැලකිල්ල. දරුවාට නිවන් සුව. (නදී)

:       0       0

ඉඳුනිල් Wednesday, 22 January 2014 02:29 PM

නිවන් සුවයම ලැබේවා! (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 21 January 2014 09:11 PM

"ගල් රෝල එතැන ඇති බෑවුමට ඇදී ගොස් ඇති බවක් පෙනෙන්නට ඇතැයි මරදාන පොලීසිය සඳහන් කළේය". මෙම ප්‍රකාශය මට සැක සහිතයි. මෙයින් කියන්න යන්නේ ගල් රෝල ඉබේ ඇදී ගොස් මේ ළමයාට හානි කල බවකි. හොඳයි...මේ විනාසයට කවුරුත් වගකිවයුතු නැත. අර ගල් රෝල තමයි හිරේ යැවිය යුත්තේ. මෙවන් වැඩ බිම් වල භාවිතා කරන උපකරණ මෙතරම් විශාල සිසුන් සංඛ්‍යාවක් අතරින් මනා අපදා කළමනාකාරී අධීක්ෂණයකින් තොරව භාවිතා කරන්න ඉඩ දීමේ වගකීම කවුද බාර ගන්නේ? මතු දිනක තණකොළ කපන කැත්තට අහිංසක බෙල්ලක් අසුවුයේනම් කියයි 'කැත්ත පාවී ගොස් ළමයාගේ බෙල්ලේ වැදුනා' කියලා. මේ රටේ නම් ආයතන ප්‍රධානීන් මනා සැලකිල්ලක් දක්වන ක්ෂේත්‍රයක් තමයි ආපදා කළමනාකරණය.(නදී)

:       0       0

ශෂිමාල් Wednesday, 22 January 2014 02:32 PM

මේ දරුවාට නිවන් සුව! (නදී)

:       0       0

අසේල Wednesday, 22 January 2014 02:32 PM

මැරුණම කොහොමද නිවන් සුව ලබන්නේ ? නිවන් ලබන්න පුළුවන් ජීවත්ව ඉදිද්දී විතරය්නේ .... ඒ නිසා මේ පුංචි පුතාට ලබන ආත්මෙවත් මෙවන් අකල් මරණයක් නොවේවා කියල අපි ප්‍රර්ථනා කරමු.(නදී)

:       0       0

හේවගේ ඩී රංගි Tuesday, 21 January 2014 01:51 PM

මෙහෙන් ගල් රෝලට යටවෙලා මැරෙනවා. අරහේ සපත්තු ගන්න සල්ලි නැතුව එල්ලිලා මැරෙනවා.(නදී)

:       0       0

සාරසී Tuesday, 21 January 2014 09:12 PM

ආදරණීය අනද පුතේ ඔබට නිවන් සුව. දරුවන් පිලිබඳ සැලකිලිමත් වෙන්න මේවා පාඩමකට ගන්න. (නදී)

:       0       0

සුරේෂ් Wednesday, 22 January 2014 02:34 PM

අපේ ගුරුවරුන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ළමුන් ගැන.(නදී)

:       0       0

අජිත අනන් කුමාරි Wednesday, 22 January 2014 08:58 PM

පුතේ ඔබට අමාමහ නිවන් සුව ලැබේව..(අ)

:       0       0

නිලුෂා Wednesday, 22 January 2014 09:07 PM

වැඩිහිටියෝ මොලේ කල්පනා කරලා වැඩ කළා නම් වලකා ගත හැකි අනතුරක් මේක. ළමයා පාසල ඇතුලත අනතුරක් වූවා නම් එය වගකීම පාසල බාර ගත යුතුයි. හරිම අවසනවත්න කතාවක්. (අ)

:       0       0

රංග. Saturday, 25 January 2014 08:28 PM

පුතේ ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

හේමන්ත Tuesday, 21 January 2014 02:06 PM

වයස තැන නොතැන නැත මරු හට මායිම් පුතනුවනි ඔබට නිවන් සුව පතමි. (නදී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 21 January 2014 02:12 PM

කොතන උනත් නැත මරූ හට බාදා. මල්ලියාට නිවන් සුව !. (නදී)

:       0       0

දයාන් Tuesday, 21 January 2014 10:00 PM

මේවා නොසැලකිල්ලෙන් වෙන අනතුරු. ළමයින් දඟකාරයි. දරුවන්ට එය නොගැටෙන ගබඩා කාමරයක වැනි තැනක එය දමන්නට තිබුනා. එසේත් සිදුවී නැහැ. ළමුන් ක්‍රීඩා කරන පරිසරය ඔවුනට,ආරක්ෂිතද කියාත් සොයා බලා නැහැ. මේ අහිංසක දරුවා ගැන හරිම දුකයි. 'සිනෙත්' පුතාට නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

සෝමදාස Tuesday, 21 January 2014 02:13 PM

.ළමයින් ගැන නිසි අධීක්ෂණයක් ‍නොතිබුනාවත්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 84 0


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 149 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 396 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 415 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 334 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 512 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site