(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
එසේ වුවද, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවද මුදල් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .
ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමතිවරයා එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත .
තමා ඉන්දියාවට ගොස් එරට රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත
මේ අතර ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, කැබිනට් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර ,රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .
ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් කොන්දේසි වලට එකඟ වීමට සිදුවනු ඇති බවය.
එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් වැදගත් තවද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .
කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුවක් ගෙන නැති බව ද දැනගන්නට ඇත .
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආනයනය තවදුරටත් සිමා කරයි
Ranji Monday, 13 December 2021 11:56 PM
ඔය ප්‍රශ්න ඔලුවට ගන්න එපා මහත්තයෝ. අර කවුදෝ එක්කෙනෙක් ලොකු ලොකු කතා කියල නැති වීරත්වයක් මවා පාල කරන්නට බැරි රස්සාවක් බාර අරගෙන අන්තිමේට ප්‍රශ්න වලට පිළිතුරු දන්නේ නැතුව අසාමාන්‍ය පීඩාවට පත්වෙලා ආතතිය හදාගෙන සිංගප්පුරු දිව්වා වගේ විපත්තියක් තමුන්නැහෙටත් වෙයි ඔන්න.
යෝගා Tuesday, 14 December 2021 07:05 AM
ඔව් ඔව්... අර පහුගිය කාලේ බෝම්බ ගහලා යනකන් සමහරු රට සවාරි ගගහා සැහැල්ලුවෙන් හිටියා වගේ ඉන්න. වැඩේ කෙලවුණාට පස්සේ මාධ්‍ය සාකච්ඡා තියලා හිනා වෙවී ඉන්නත් පුළුවන්නේ...
DonWednesday, 15 December 2021 07:46 AM
රටක ජනපතිට මොනවද තියන අසනීප කියලා දැනගන්න ජනතාවට අයිතියක් තියනවා
Kanchana Tuesday, 14 December 2021 12:03 AM
හොඳ තීරණ ගන්න දක්ෂ ඇමති කෙනෙක්
janahithaTuesday, 14 December 2021 09:08 AM
පුහ් කිව්වලු
gamaTuesday, 14 December 2021 01:09 PM
හැබෑටම ?නියමෙට ගන්නවා තමා
vikumTuesday, 14 December 2021 09:17 PM
කාංචන, ඔබගේ මොලයට හැකි ඉක්මනට යමක් කරගන්න
nimal Tuesday, 14 December 2021 12:45 AM
රටතුළ නිසි ප්රමිතිකරණයක් ඇති කරන තුරු ආනයනය තවදුරටත් සීමාකළ යුතුවේ.. ඒ සඳහා සුදුසුම අවස්ථාව පැමිණ තිබේ...
lawrence Tuesday, 14 December 2021 01:32 AM
ලංකාවේ නරක මූල්‍ය කලමනාකරණය මීට හේතුවයි.
සකල බුජං Tuesday, 14 December 2021 04:10 AM
මෙයත් අයියා වගේ අහල පහළින් ණය ගන්න යන්නේ බැංකුවෙන් නොගෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණයට ගන්නවා වගේ කියලා හිතෙනවා...
Perera Tuesday, 14 December 2021 04:43 AM
ආහාර නය ගැන සාකච්ඡා කරනකොට 10% ගැනත් කිව්වද?
ගමේ එකාලා Tuesday, 14 December 2021 05:22 AM
මොළ හතක් තියෙනවා කියන්නේ නිකම්ද...?
සෑම් Tuesday, 14 December 2021 06:38 AM
ලොක්කා රට ගිහිල්ලා තියෙන්නේ පිස්සු ඩබල් වෙලා ඇති, පව්.., බැරි වැඩ බාර අරගෙන...
Abdul Tuesday, 14 December 2021 07:19 AM
IMF එකෙන් ඔයකියන කොන්දේසි මොනවද දන්නේ නැහැ නේද?
සාටක මාටින් Tuesday, 14 December 2021 07:20 AM
IMF එකෙන් ණය මුදලක් ගත්තොත් අපේ රටේ මිනිස්සුන්ට විඳින්න වෙන දුක් අපහසුතා ටිකක් අඩුයි. හැබැයි ආණ්ඩුවත් සාටක පවුලේ දේශපාලන ජීවිතයත් එතැනින් ඉවරයි. එහෙම නැතිව චීනෙන් හරි, වෙනත් රටකින් හරි අධික පොළියට ලොකු ණයක් අර ගත්තොත් අපේ රටේ මිනිස්සුන්ට විතරක් දරාගන්න බැරි ලොකු බරක් දීලා මේ ගොල්ලන්ට එ්කෙන් කොටසකුත් සාක්කුවල දාගෙන සැපසේ පැත්තකට වෙලා ඉන්න පුළුවන්..., ඒ දෙවෙනි එක කරන්න තමයි මේ දඟලන්නේ..
චන්දන Tuesday, 14 December 2021 07:28 AM
පණ්ඩිත කතා කියමින් රටේ ජනතාව අමාරුවේ දාලා කළු කඩකාරයින් පොහොසත් කරන්න එපා. අද වෙලා තියෙන්නේ ඒක. මුදලාලිලා අසාමාන්‍ය ලෙස බඩුමිල වැඩි කරනවා කිසිදු සාධාරණ හේතුවක් නැතිව... අයි.එම්.එෆ් ගිහිල්ලා හරි ප්රශ්නය විසඳන්න...
Bandara Tuesday, 14 December 2021 07:31 AM
අපිට දෙන්න අපි කරලා පෙන්නන්න කියලා කිව්වාම, කරන වැඩපිළිවෙල මොකක්ද කියලා ඇහුවාම හේ ගාලා ලිස්සලා ගිය උදවියනේ දැන් මහ පුටුවල ඉන්නේ. ඔය තියෙන්නේ කරන අපූරුව. දැන් ලංකාව ඇවිල්ලා ගෝලීය හිඟන්නා. රටරටවල් ගානෙ යනවා හිඟා කකා, රටේ කෑලි කෑලි සේල් දදා.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 December 2021 07:57 AM
අයවැය වාර්තාව කියවනු දැකීමෙන් ඔබතුමාගේ දක්ෂකම් ගැන හොඳහැටි ප්‍රදර්ශනය වෙනවා කියලා හිතෙනවා. එවැනි අයෙකුගේ කෙරුවාව ගැන කවර කතාද?
සිරිබිරිස් Tuesday, 14 December 2021 08:02 AM
I.m.f. එකට ගියොත් අපිට හිතාගන්න පුළුවන් ඒකෙ කපුකම කවුද කළේ කියලා...
Hafeel Tuesday, 14 December 2021 08:11 AM
අර ඩේසි ආච්චිට කව්දෝ මැණික් මල්ලක් දීලා ගියා වගේ, මෙයාටත් කව්රු හරි ඩොලර් මල්ලක් දීලා ගියානම්, මේ අර්බුදයෙන් අපි ගොඩ....
de silva Tuesday, 14 December 2021 08:54 AM
ඇමතිලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න අකමැති කොමිස් ගහන්න බැරි වෙන හින්දා .
nihal Tuesday, 14 December 2021 08:56 AM
තමුන්ලා අපේ රටට විතරක් නොවේ අසල්වාසී රටවලටත් කරදරයක්.තමුන්ගේ තාත්තත් ණය වෙලා කන්න දීලා උගන්වලා පස්සේ ණය ගෙවපන් පුතේ කියලා කිව්වද
Malika Tuesday, 14 December 2021 10:17 AM
මේ උත්තමයා ගත්තොත් හරිම තීරණ තමා ඉතින්. කියලා වැඩක් නෑ. රටට කෙසේ වෙතත් තමන්ට සහ පවුලේ අයට සෞභාග්‍ය උදා වෙනවාමයි.
jagath Tuesday, 14 December 2021 10:42 AM
රට කාපල්ලා...
පිටිගල මිලානෝ Tuesday, 14 December 2021 11:01 AM
ලොක්කා සීනි යාලුවත් එක්ක සින්ගප්පූරුලු නේද? අන්දරේ සීනී කෑවා වගේ තමයි.... උබේ කටෙත් පස්....මගේ කටෙත් පස් කිව්වලු.
Soma dubayi Tuesday, 14 December 2021 11:39 AM
ඉතාම හොද තීරණයක්. අපේ රටේ තෙල්,ගෑස් අවශ්‍ය සියළුම සම්පත් තියනවා. කිසිම දෙයක් පිට රටින් ගෙන්වන්න අවශ්‍ය නෑ.
ගෑස් තෙල් ජීනීTuesday, 14 December 2021 05:01 PM
ඒකද ඔයා ඩුබායි වල ඉන්නෙ?
සිල්වා Tuesday, 14 December 2021 12:57 PM
දැනට අත්‍යාවශ්‍ය වී ඇත්තේ දේශපාලන වාසි තීරණය නොව රට වැටී ඇති අගාධයෙන් ගොඩ ආ හැකි කඩිනම් තීරණය කි. ඵය දේශපාලන වාසි පැත්තකට දමා ගතයුතුය.
Rohan Tuesday, 14 December 2021 01:06 PM
ළඟදීම මෙය අපනයනය වෙයි වගේ ඇමරිකාවට
fairoos Tuesday, 14 December 2021 01:24 PM
බයියෝනම් කියයි මොළ නැවක් කියලා.අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් නැහැ. ඒ උනාට ජනාධිපති පිට රට සවාරි. හිඟා කන්න ද ගිහිල්ලා ඉන්නේ ,එහෙනම් කමක් නැහැ නේද ?
BamunuarachchiTuesday, 14 December 2021 05:25 PM
අපෝ ඒකට කමක් නැහැ.
BamunuarachchiTuesday, 14 December 2021 05:27 PM
එන්නකෝ යුටියුබ් එකට අපි දෙන්නට පොඩ්ඩක් කතා කොරන්න.
Shan Tuesday, 14 December 2021 01:46 PM
ඕක කියන්න මොල හතක් මොකටද? පහුගිය අවුරුද්දෙම වගේ එක මොලයක් ඇති.අර රොහාන් කිව්වා වගේ මෙයා ලගදිම මෙයාගෙ මවු රටට අපනයනය වෙයි.
Vira Jhon Tuesday, 14 December 2021 01:52 PM
කොන්දේසි වලට ගියාම මෙයාලට හොර කරන්න බැහැ.
Akila Tuesday, 14 December 2021 03:26 PM
හොර පාරෙන් චීන ණයක් ගතහොත් රාජපක්ෂලාට හොඳයි
Sam Tuesday, 14 December 2021 03:49 PM
ඩොලර් හිඟය මඟහරව ගන්න ආනයනය සීමා කරලා කරන්න පුළුවන්ද? වාහන ගෙන්නන එක නතර කරලා එක පැත්තකින්. ඉතින් විදේශ ආයෝජකයෝ එයිද රටකට? ඒ මිනිස්සු ඇවිල්ලා වෙන රටවල්වල ගන්න පුළුවන් වාහනේ මේ රටේ දෙගුණයක් ගෙවලා ගනීද? ආනයනය සීමා කර කර ඉන්නේ නැතුව මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන්නේ නෑ. ඉතින් තව දුරටත් රට ප්‍රපාතෙට යන එක තමයි වෙන්නේ
BamunuarachchiTuesday, 14 December 2021 05:23 PM
ඔයාට ප්රශ්නයේ මුල තේරිලා නැහැ නේද? ඩොලර් නැතිනම් කොහොමද ආනයනය කරන්නේ? මෝඩ අදහස් කියන්නේ ඕවට.
BamunuarachchiWednesday, 15 December 2021 08:55 AM
ඩිස්ලයික් දාන ගොයියන්ට ඩොලර් නැහැ කියන එකවත් තේරෙන්නේ නැහැ.
Lalith M Wednesday, 15 December 2021 07:22 PM
වාණිජ ණය ගෙන කොමිස් ගහමින් අපි අධිවේගී මාර්ග හැදුව කියලා ඡන්දෙ හිඟාකෑවා. පලක් නැති කොන්ක්‍රීට් ගොඩවල් පිට්ටනි කරදිය පොකුණු පක්ෂ ලාංචනේට ගත්ත කුලුන තව බොහෝ දේ. මේව පොදු ජනයාට වැඩක් නෑ කියල ඡන්දේ දුන්න 69 ලක්ෂයෙන් කී දෙනාද දන්නේ. අනේ අපේ දුප්පත් රට
Bishan Tuesday, 14 December 2021 05:41 PM
ඊලග පාරත් මේ පොහොට්ටු ආණ්ඩුවම පත් කර ගමුනේ. කන්න නැති වුනත් හිඟාකන්න රටක් ඉතුරු කරානේ.
සමන්ත Tuesday, 14 December 2021 06:09 PM
මොළ හත තියෙන්නේ කොහෙද කියලා දැන් පේනවා නේද?
TT Wednesday, 15 December 2021 02:33 AM
චීන අසූචි ගැන කුමක් කිව හැකිද?
Bamunuarachchi Wednesday, 15 December 2021 08:59 AM
පිස්සු කෙලින්න එපා හලෝ මොකක්ද ගැරන්ටිය ඊළඟට එන එකා හරියට කරයි කියලා? ඒක කවුද සහතික කරන්නේ ? එන්න දඟලන අයද? බිෂන්
Rohan Wednesday, 15 December 2021 06:10 PM
ආයෝජකයින් හොයාගන්න ලෝකෙ වටේ යන්නෙ නැතිව පැන්ඩෝරා කට්ටියට කිව්වානම් සල්ලි ටික මෙහෙට ගේන්න කියල හරිනෙ.
sampath Wednesday, 15 December 2021 10:54 PM
ආනයන සිමා කිරීමෙන් රට කබලෙන් ලිපට වැටෙනවා.