ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ.
■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටවනු ලැබේ.
■ රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ.
■ සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.
■ දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කෙරේ.
■ බස්රථ, ලොරි සහ ගිලන් රථ හැර වෙනත් වාහන වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200් ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.
■ ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100 ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.
මෙම නියමයන් අද (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආනයන සඳහා රජය සීමා පනවයි
saman Saturday, 29 September 2018 01:22 PM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා..
Bamunuarachchi Saturday, 29 September 2018 01:26 PM
තවටික දවසකින් ආහාර, රෙදිපිළි ගෙන්වීමත් සීමා කරන්න වෙනවා. යසපාලකයින් රටත් කාලා.., අපිවත් කෑවා.
bandaSaturday, 29 September 2018 08:07 PM
කලබල වෙන්න එපා මහත්තයෝ ලෝකයේ අනික් රටවලුත් තමන්ගේ මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමට මෙහෙම දේවල් කරනවා . නමුත් කරුමෙට අපි මේවා කරන්නේ වැඩේ විනාශවෙලා ගියාට පස්සේ
anandaSunday, 30 September 2018 07:32 AM
බණ්ඩා මොකද කලබලවෙලා මුදල් සංචිත වැඩි කරගන්න ලෝකේ අනික් රටවල් කරන්නේ ඔව්ව විතරද?
රවින් Saturday, 29 September 2018 01:27 PM
මෙයින් වැඩි කොටසක් -විශේෂයෙන් අංක 1 කරන්න තිබුනේ දැනට අවුරුදකට වත් ප්රථමයි. ස්ථාලයේ අස්සයින්ගෙන් වැඩි කොටසක් ගිහිල්ලා.
Athula K Saturday, 29 September 2018 01:36 PM
සමහරු කිව්වේ 200ට ගියත් ප්‍රශ්නයක් නෑ කියලා... මොකටද සීමා පනවන්නේ...?
සතයපාල Saturday, 29 September 2018 01:44 PM
මේක හොද තීරණයක්... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා මේ රටේ නිෂ්පාදනය නොකරන පාරිභෝගික භාණ්ඩ ඇරුණාම අනිත් දේවල් සඳභා ආනයනය සීමා කිරීම මගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආර්ථිකය සවිමත් කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ..
රැපියල්පහලSaturday, 29 September 2018 03:23 PM
මේ විනාශයට මුල මහ බැංකු හොරකම හා ඉන් පසුව ඇතිවූ ප්‍රතිඵල. මේ ගොල්ලන්ගේ කාලෙ හරියන කොට රට ඉතුරුවෙලා තිබුනොත් පුදුමයි. ආර්ථිකයට තියෙන්නේ තාවකාලික පිළියම්. කිසිම ආර්ථික දියුණුවක් රටේ නෑ.
සතයපාලSaturday, 29 September 2018 04:55 PM
මහා බැංකු හොරකම පමණක් නොවේ පසුගිය ආණ්ඩුව කාලයේ කල හොරකම් නාස්තිය හා ගිණි පොලියට ණය ගැනීම වගේම අසාර්ථක වයාපෘති සදහා මුදල් ආයෝජනය කිරිම යන සියල්ලම බලපෑ අතර යහපාලය මතම වරද පටවා පාලනයට සුදු හුණු ගාන්නෝ අසාර්ථක උත්සාහයක නිරත වෙනවා පමණය.
BamunuarachchiSunday, 30 September 2018 03:08 PM
ගිය ආණ්ඩුවේ හොරකම්වලින් රුපියල බාල්දුවුණා කියලා රනිල් කියන්නෙත් නැත. සත්‍යපාල ගල් පැලෙන බොරු කියනවා.
Ananda R Saturday, 29 September 2018 02:02 PM
කාලෝචිතව ගන්නා ලද ඉතා යහපත් තීරණයක්.. යහපාලනය යනු වෙනත් දෙයක් නොව අවශ්‍ය විටෙක මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් ගෙනයනු ලබන පාලනයයි.
වසන්තSaturday, 29 September 2018 03:17 PM
මේ හදිස්සියේම මහ බැංකු හොරු ටික අල්ලලා හොරකම් කරපු සල්ලි ටික අරගෙන ඒක ඉතුරු කරගෙන ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න තිබුණා නම් රට ගොඩ දාගන්න තිබුණා. වොක්ස්වැගන් ෆැක්ටරි ගියා රුවන්ඩාවට. අල්පෙනෙත්තක්වත් හදාගන්න තරම් ආයෝජකයෙක් හොයාගන්න අසමත් ආණ්ඩුවක්. බදු බරින් ජනතාව මිරිකමින් මේවගේ පැලැස්තර විසඳුම් ලබාදීම හැර වෙන විකල්පයක් මේ ආණ්ඩුවට නෑ. මේ ටිකකලට රටේ ආර්ථිකය සෑහෙන ලෙස විනාශ කලා.
Buddhika P Saturday, 29 September 2018 02:30 PM
මේ තමයි කෙටි කාලීනව ගන්න පුළුවන් හොඳම තීරණ... මේකට කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් ඕනෑ නෑ. පෙට්ටි කඩ මුදලාලි කෙනෙකුට වුනත් මේ විසඳුම දෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ඕනෑම පෘතග්ජන කෙනෙකුට තේරෙන දේ. ගෙදර වියදමට සල්ලි නැතිවෙන කොට අපි කරන දේ. ලංකාවේ ආර්ථිකේ මෙහෙයවන්න කවදාවත් ආර්ථික විද්‍යා දැනුම පාවිච්චි කරේ නෑ. ආර්ථික විද්‍යා දැනුම අරික්කාලක් දාලා, ඡන්දෙ කතිර ගන්න, මිනිස්සු කරන දේ ටොන් එකක් දාලා තමයි තමයි රට පාලනය කළේ හැමෝම... පහුගිය අවුරුදු 70 ඇතුලෙම, ආර්ථික අරික්කාල - දේශපාලන ටොන් එක මාත්‍රාව ඇතුලේ... දේශපාලකයින් ලංකාව ආර්ථික, සංස්කෘතික, කැරකොප්පුවක් කළා. සාමාන්‍ය මිනිස්සු එ්කේ පුච්චලා අළුදූවිලි වුණා. මිනිස්සුත් කැමැත්තෙන්ම ආදාහනය වුණා.... ඒ අයටම කතිරේ ගගහ... ලංකාව ගොඩගන්න, හැමටම දුක තේරෙන්න අවුරුදු 10ක් වත් අපි ගත කරන්න ඕනෑ. ආර්ථික වෘද්ධියට උරදෙන මිනිස්සු ඔසවා තබන, ඔවුන් ගොවියන් රටේ VIP වෙන දේශපාලන ආර්ථික රාමුවක් ඇතුලේ විතරයි රට ගොඩඑන්නේ. පෙරදිග, අපරදිග බටහිර හැම රටක්ම දියුණු වුනේ මේ විදියටයි. සරල තීරණ තුලින් සංකීර්ණ රටවල් ගොඩනැගුවා.
Buddhika PSaturday, 29 September 2018 04:26 PM
කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ. හරියට අර කලබලේ නිසා, දුම්රිය ඉංජිනේරුවන්ට හදන්න බැරි වුණු කෝච්චිය, අවුරුදු 20 කොල්ල මිනිත්තු ගානකින්, හදල දීපු හැටි මතක් වෙනවා. මෙතන මේ යෝජනා ගේන්නේ හුඟක් තදියමේ, ශාස්ත්‍ර ඥානය නැතුව. අනිවාර්යෙන්ම බඩුමිල ඉහළ යනවා. ඒ නිසා මිල සුත්‍රයකුත් හදන්න වෙනවා. මෙතන තමයි නුවණ උවමනා වෙන්නේ. ඒ වගේම තමයි මෙතනම තමයි අනා ගන්නේ. අර කෝච්චි ඉංජිනේරුවෝ අනාගත්ත වගේ. මෙතනින් නවතින්නත් අපිට බෑ. ඉන් එහාට මුළු ආනනයන සීමාවලට යන්න වෙනවා. ට්‍රම්ප් නොහිතපු දිශානතියකට ලෝක ආර්ථිකේ තල්ලු වෙන්න ඉඩ තියෙනවා. දේශපාලකයෝ තමන්ගේ හත් මුතු පරම්පරා වකට හම්බ කරලා ඉවර නිසා, පොදු ජනයා දුකෙන් දුකට වැටෙනවා. විශේෂයෙන් ලංකාවේ කර්මාන්ත අවපාතයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. සේවා වියුක්තිය වැඩිවෙනවා. දේශපාලකයෝ අපිට උරුම කරපු, මෝඩ තකතීරු පටු සේවා ආර්ථිකයක් ඇතුළේ පොහොසත් වෙන්න ගිහින්, අපි තව තව දුප්පත් වෙනවා. මුඩි දර්ශකේ මට්ටමෙන් තව පහළට අපි වෙටෙනවා. ආර්ථික අවපාතයක් අත ළඟ කියල හිතෙනවා.
horapolaya Saturday, 29 September 2018 02:30 PM
ඔව් දැන් ඉතින් කෙලවිලා තියෙන එකෙන් ගොඩයන්න මොනව හරි කරන්න ඕනේ...නේ...
maaraya Saturday, 29 September 2018 02:49 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාගෙන අවසන්. සියලුම 225ම තමාට අදාළ බලපත් පාවිචිචි කරලා ඉවරයි මේ වෙනකොට....
සනත්Saturday, 29 September 2018 07:45 PM
ජනාධිපති ඡන්දෙට මාස 6 ක් තියල මන්ත්‍රීලට තවත් වැඩිපුර ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් එකක් දුන්නෙ නැත්නම් තමයි පුදුමේ.
HafeelSaturday, 29 September 2018 09:08 PM
එකනේ. ඔවුන් ඕවා විකුණලත් ඉවරයි. මේවා ජනතාව මුලා කරන ප්‍රකාශ.
BamunuarachchiSunday, 30 September 2018 12:27 AM
බලයට පත්වූ ගමන් වාහන බලපත්‍රයක් ගන්නවා අවුරුදු 5න් ගියොත් යනකොට එකක් අරගෙන යනවා. හිටියොත් 5න් 5 ට එක එක ගන්නවා. ඉන්නකන් රජයේ නිල වාහනයම පාවිච්චි කොරනවා. වියදම දුප්පත් අපි දරනවා. ලෝකයේ දියුණු රටවලවත් නොමැති මෙම ක්‍රමය මේ රටට දුන් උතුමාණන්ට අපි කැමති දෙයක් පතමු
ඉරාන් Saturday, 29 September 2018 02:56 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන බලපත්‍ර අවුරුද්දකට තහනම්ලු. මොන විහිළුවක්ද? ඒ ඔක්කොම ඒවා අරගෙන විකුණලා වාහන ගෙනැත් ඉවරයි. කොහොමත් ඒ අයට තව අවුරුද්දකට පර්මිට් නෑ තමයි..
suranga Saturday, 29 September 2018 02:59 PM
ඩොලරයට පිං සිද්ධ වෙන්න මේ රටේ පාලකයින්ට ඇස් ඇරිලා තියෙනවා. කළ යුත්තේ පෙට්‍රල් මිල වැඩි කර ඩීසල් මිල අඩු කිරීමයි... එවිට මිනිස්සු පොදු ප්‍රවාහනයට හුරුවෙනවා. එවිට වැඩියෙන් බස්කර්මාන්තය දියුණුවෙනවා. අවුරුදු 18, 20 කොල්ලෝ බයිසිකල් අරන් බොරුවට රස්තියාදු ගහන එක නවතිනවා.
Amila Saturday, 29 September 2018 03:13 PM
අර අගමැති, ජනාධිපති සහ 225ට වාහන ගන්න හදපු කාලයේදී ගන්න ඕනෙ තීරණ බෙල්ලටම හිරවුණාම ගත්ත එක නම් විහිළුවක්. ඒත් දැන්වත් කරපු එක හොඳයි. ලංකාව විනශ වුනේ හිඟන්නන් පාර්ලිමේන්තුවට ගිය නිසා, අම්මා අප්පගේ බූදලය නිසා පාර්ලිමේන්තු ගියපු අය නිසා සහ නීතිවේදීන් කියාගත් අය රටේ තීරණ ගන්න පුද්ගලයින් වුණු එකයි. මේ රටට ඉස්සරහට ඕනෑ තමන්ගේ හැකියාවෙන් දියුණු වුණු දක්ෂ රට ගැන හිතන ව්‍යාපාරිකයෙක්. මේ රටේ කොච්චර සම්පත් තියෙන දක්ෂයින් ඉන්න රටක්ද? එ්වායෙන් හරියට ප්‍රයෝජනයක් ගත්තා නම් රට දියුණු වෙනවා වගේම අාර්ථිකය අතින් ස්ථාවරයි.
KAPILA Saturday, 29 September 2018 03:25 PM
රනිල් ගේ තුන්කල් දැක්ම නේද මේ ?
sam Saturday, 29 September 2018 04:21 PM
පරක්කු වෙලා හරි හොඳ තීරණයක් අරන්. ඡන්ද බලාගෙන නැතුව තීරණ ගන්න එක තමයි නැණවත්. අපේ අපනයන වියදම් වලින් පෙට්‍රෝලියම්, කාර්මික යන්ත්‍ර සුත්‍ර, රථවාහන
Priyantha Saturday, 29 September 2018 06:45 PM
කට්ටියගේ රථ ගාය නැත්තටම නැති කළා එහෙනම්!
ajith Saturday, 29 September 2018 08:16 PM
දැන් ඉතින් ඔය සීමා කරපු බඩු සාමාන්‍ය ජනතාවට ගන්න එක හීනයක්ම තමයි. රජයේ දුර්වලකම ජනතාවගේ පිට දාල.
Nalaka Saturday, 29 September 2018 11:22 PM
නිෂ්පාදන හදල අපනයනය නොකර විදේශ විනිමය උපයා නොගෙන මෙහෙම ආනයන විතරක් අඩු කරලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ.
Bamunuarachchi Sunday, 30 September 2018 12:11 AM
හලෝ මේවා කාලෝචිතව ගත් තීරණ නොවෙයි. මේවා අමාරුවේ වැටුණාම වෙන කරන්න දෙයක් නැතිඋනාම ගත් තීරණ. කාලෝචිත බුද්ධිමත් තීරණ ගත්තානම් අපේ රටට මෙසේ වෙන්නේ නැත. යහපාලකයෝ කාලෝචිත බුද්ධිමත් තීරණ මේවනතුරු ගත්තාදැයි අපිටම බලා ගතහැක. ඒ අපි බුද්ධිමත් නම් පමණයි. 7 ඉක්මවා තිබුන ආර්ථික වේගය 4 ට බැස ඇත. රජයේ ප්‍රබලයින්ගේ අනුග්‍රහය ඇතිව කෙරුණ බැංකු වංචාව නිසා ආයෝජකයින්ට මෙන්ම අපිටද රජය කෙරෙහි තිබු විස්වාසය බිදී ගොස්ය. අනාගතය අවිනිශ්චිතය.
Sam Sunday, 30 September 2018 03:27 AM
මුළු රටම විගඩමක්වෙලා, සෑම අංශයක්ම කඩාවැටිලා. 2012 මේ වගේ උනාම සංවර්ධනයත් සමඟම එම ගැටලුව කලමනාකරණය කලා. මේගොල්ලෝ ඔක්කොම පෙර්මිට් අරගෙන්න දැන්අනිත් අයට පටි තදකරගන්නලු.
rama Sunday, 30 September 2018 04:07 AM
සිහින තිබුණට කෝටියක් අතේ නෑ එක ඩොලරයක්
Ashan Sunday, 30 September 2018 04:15 AM
මෙතන අදහස් දාල තියෙන සමහරුන්ගේ ආර්ථික දැනුම ගැන දුකයි.
Rohana Sunday, 30 September 2018 05:53 AM
මේවට පළමු වගකිව යුත්ත ජනාධිපති ට්‍රුම්ප්. ඔහු තමන්ගේ රට ගැන විතරයි බලන්නේ. අනිත් රටවල් කම්බස් කිරීම ඔහුගේ ප්රතිපත්තියයි. දෙවෙන්න මේ රජයේ හා පසුගිය රජයන්හි රට ගෙන නොහිතා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
PereraSunday, 30 September 2018 06:35 AM
රටේ නායකයාගේ ප්‍රතිපත්තිවලට බැනලා වැඩක් නෑ..... අපි 1972-73 කාලේ කොහොමද?
sameera Sunday, 30 September 2018 06:00 AM
ඔය මහත්තුරු කියන්නේ යහපලානේ රට කෑවා කියලනේ. මහින්ද මහත්තයට රට භාර දුන්නනම් ඉවරයිනේ.
ananda Sunday, 30 September 2018 07:38 AM
වොව් මෙන්න පිළිගන්න ඊළඟ මුදල් ඇමති
pakeer Sunday, 30 September 2018 10:34 AM
ඒ කියන්නේ දැන් නම් නන්නත්තාරයි. නියමයි. මම හිතන්නේ දැන් ණය දෙන්නෙත් නැහැ. ඉතින් තව ටික දවසකින් ඇඳුම් සහ අාහාරපාන සලාක ක්‍රමයට දේවි... එහෙම නොවුණොත් තමයි පුදුමේ... හැබැයි මතක තියාගන්න අනිත් ඡන්දෙදි ආපසු ඕවා වෙනස් වේවි...!!!
RANJITH Monday, 01 October 2018 03:29 AM
ඔයිට වඩා විනිමය වැයවෙන ආනයනය තමා රත්තරන්... ඩොලර් ලක්ෂ 6,900ක් පසුගිය වසරේදී වැය කළා. අැයි රත්තරන් ආනයනය නවත්වන්නේ නැත්තේ... ජුවලරි ෂොප් කාරයින්ගෙන් හොඳ ගතමනාවක් ලැබුනේ කාටද?
KANDEPOLA Monday, 01 October 2018 09:20 AM
ඔක්කෝටම කලින් කරන්න ඕනේ මේ රටට පාන් පිටි ගේන එක නවත්තන එකයි... ඊට පස්සේ මේ රටේ වගා කළ හැකි ආහාර පිටරටින් ගෙන්වීම නවත්තන්න ඕනේ... එහෙම කළාම ටිකෙන් ටික රට ආර්ථික ගමන් මගකට යොමු වෙයි. මුලදී බාධා එයි. නමුත් ටික කලකින් හරි යයි. හැබැයි කොමිස් ගහන්න බැරි වෙයි.
දිලුම් Monday, 01 October 2018 10:34 AM
මේ නිවේදනය හදපු කෙනාත් හොඳට මිනිස්සු මුලා කරන්න දන්න කෙනෙක්... මැති ඇමති කියන අය වාහන ගන්නේ ඒ අය පත්වෙච්ච ගමන්... මේකේ ඉන්න 225 ටම බලපත්‍ර දීලා ඉවර වුණාට පස්සේ කියනවා තව අවුරුද්දක් යනකම් ගේන්න බෑලු. මේක හදපු කෙනාගෙන් අහන්න ඕනෑ... හිතන් ඉන්නේ අපේ රටේ ඉන්නේ ජනතාව නෙමෙයි හරක් කියලද කියලා.... ආයේ මේ අයට බලපත්‍ර හම්බවෙන්නේ තව කාණ්ඩයකින් පස්සේ තමයි.
jayantha Thursday, 04 October 2018 07:29 AM
අනේ දැන් අවුරුදු හැත්තෑවක් එක එක දේවල් කලා රට ඇතුළේ කිසිම නිෂ්පාදනයක් නැහැ ලොකු එවුන් හොදට හොරකම් කර කර බොරු කරනවා රටේ මිනිස්සුත් ඒවා විස්වාස කරනවා රටවල් දියුණු කරනවා නම් ආදර්ශ ඕන තරම් ..............