(ඩයනා උදයංගනී / ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
දිවයිනේ පළාත් 6ක දිස්ත‍්‍රික්ක 15ක කට බල පා ඇති තද වැසි හා තද සුළං හේතුවෙන් මේ වන විට පවුල් 14,607 කට අයත් පුද්ගලයින් 55,855 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනකු මියගොස් තවත් 8 දෙනකු අතුරුදන් වී සිටින අතර තවත් පුද්ගලයින් 30 දෙනකු තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කළුතර, ගම්පහ, මොනරාගල, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර හා කෑගල්ල යන දිස්ත‍්‍රික්කවලට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ඔහු ස`දහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ දිස්ත‍්‍රික්කයන්හි නිවාස 430ක් පූර්ණ වශයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 11,597 කට අර්ධ හානි සිදුව ඇත.
මේ වන විට අවතැන් වූ පවුල් 901කට අයත් 3279 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 28 රැ`දී සිටින බව ද කොඩිප්පිලි මහතා ස`දහන් කළේය.
මේ අතර අද පෙරවරු 10 වනවිට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක පවුල් 5195 ක පුද්ගලයින් 19311 ක් විපතට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් කළමනාකරණ ඒකකය පවසයි.
පුර්ණ හානිවූ නිවාස 128 ක් වන අතර අර්ධ හානිවූ නිවාස ගණන 5042 කි. පුද්ගල මරණ 03 ක් වාර්තා වී තිබේ. මෙම මරණ වාර්තාවී ඇත්තේ අම්බලන්ගොඩ, සහ ඇල්පිටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලිනි. අතුරුදන් වුවන්ගේ ගණන 9 කි. එම අතුරුදන්වීම් අම්බලන්ගොඩ,බලපිටිය, සහ හික්කඩුව යන ප‍්‍රදේශවලින් වාර්තා වි තිබේ.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආපදා හේතුවෙන් 56000කට පීඩා
පිටිගල මිලානෝ Friday, 01 December 2017 07:30 AM
ලෝකයේ ජයටම නත්තල සමරන මිලානෝ ලාංකික වැසියනි. විපත්දායක කාලගුණ තත්වයන් යටතේ දැනටමත් බොහෝ දෙනෙක් ලංකාවේ අවතැන් වී ඇති බැවින් ඔවුන්ට හැකි පමණින් සහන සලසන්න මිලානෝහි පන්සල් කිහිපය මුලික කරගෙන දැන්ම පටන් ගමු. මේ ඉරිදාට හැම පන්සලකම තේමාව මෙය කරගමු. ජාති ආගම් භේදයකින් තොරව රැස් වෙමු.