IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ආබාධිතයන් ආබාධිත නොවන බව පෙන්වූ චිත‍්‍රපටයට සම්මානයක්

2016-10-02-ent-80

2016-10-02-ent-78පසුගිය සැප්තැම්බර් මස 07 වන දින ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර දී පැවැත්වුණු කෙටි චිත‍්‍රපට සම්මාන උළෙලකදී රටවල් ගණනාවක් අභිබවා ජය ගන්නට ශ්‍රී ලාංකීය තරුණයකුට අවස්ථාව උදාවුණා.

ජාත්‍යන්තර වශයෙන් අපේ රටට කීර්තියක් ගෙන දුන් ඔහු තමයි හසන්ත ප‍්‍රභූති දිසානායක නව පරපුරේ සිටින දක්ෂ කලා ශිල්පියෙක් වන ඔහු ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය හදාරා තිබෙන්නේ.

වයස අවුරුදු 14 දී පාසලේ හොඳම වේදිකා නාට්‍ය නළුවා බවට පත්වෙමින් තම කලා දිවිය අරඹා ඉන් අනතුරුව සමස්ත ලංකා මට්ටමෙන් විද්‍යාලය නියෝජනය කරමින් හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම පිටපත් රචකයා බවට ද පත්ව කලා ක්‍ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ රැුසකට හිමිකම් කියා තියෙනවා.

ඒ සියල්ල සමගින් ක්‍ෂේත‍්‍රයේ දිගු ගමනක් යෑමට පෙරුම් පුරන හසන්තගේ සම්මානලාභී කෙටි චිත‍්‍රපටය වන "Disability is not a Disability" පිළිබඳ කතා කරන්න සඳැල්ල අපිත් අමතක කළේ නැහැ.

ඒ ජයග‍්‍රහණය පිළිබඳ ඔහු කතා කළේ මෙලෙසින්.

සිනමා හා රූපවාහිනි විෂයට මම ගොඩක් ඇළුම් කරනවා පොඩි කාලෙ ඉඳන්ම. ඒ ආශාව සහ උනන්දුව නිසාම තමයි මේ කෙටි චිත‍්‍රපටයත් නිර්මාණය කරන්න හිතුවේ.

උපතින්ම ආබාධිත දරුවන් පිරිසක් යොදාගෙන තමයි කෙටි චිත‍්‍රපටය කරන්න හිතුවේ. ඔවුන් ආබාධිත ලෙස හැඳින්වූවත් ඔවුන් තුළ සහජ හැකියාවන් ඇති බව පෙන්වන මිනිත්තු 5කට ආසන්න කාල පරාසයක දිවෙන චිත‍්‍රපටයක් තමයි මේ. "Disability is not a Disability" කියලා චිත‍්‍රපටය නම් කළේ.

ඕස්ටේ‍්‍රලියාවේ Nova Employment නම් රාජ්‍ය නොවන සමාජ සේවා සංවිධානය විසින් පැවැත්වුණු "Focus on Ability" නමින් හැඳින්වෙන ජාත්‍යන්තර කෙටි චිත‍්‍රපට උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙය ඉදිරිපත් කළේ. ලංකාව නියෝජනය කරපු මගේ චිත‍්‍රපටයට අමතරව එහි අවසාන වටය සඳහා ඉන්දියාව, ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව, පෝලන්තය, පිලිපීනය, තායිලන්තය ඇතුළු රටවල් 18ක කෙටි චිත‍්‍රපට තේරිලා තිබුණා.

අවසාන වටයේ එම රටවල් සියල්ලම අභිබවා ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණයක් ගේන්න පුලූවන් වුණා. ජනප‍්‍රියම කෙටි චිත‍්‍රපටයට හිමි සම්මානය ලබා ගනිමින්, සැප්තැම්බර් 7 ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සම්මාන උත්සව පැවැත්වුණේ. එහිදී ලැබුණු සම්මානයත් අරගෙන ලංකාවට ආවම හරි සතුටක් දැනුණා. ඒ වගේම මගේ පාසල වන රිච්මන්ඞ් විද්‍යාලයෙන් උපහාර උත්සවයකුත් සංවිධානය කරලා තිබුණා. ඒ සඳහා සම්බන්ධ වුණාම මගේ සතුට දෙගුණ තෙගුණ වුණා කියන්න පුලූවන්. මේ චිත‍්‍රපටය සඳහා මම ආචාර්ය මිරැුන්ඩා හේමලතා මහත්මිය සම්බන්ධ කර ගනිමින් එතුමියගේ ”දිරු දරු පියස” කලා ආශ‍්‍රමයේ දක්ෂ දරුවන් යොදාගෙන තමයි මෙම නිර්මාණය සිදු කළේ. ඇයට ඒ වෙනුවෙන් විශේෂ ස්තූතිය පුද කරන්න ඕනෑ.

මේ ජයග‍්‍රහණය මම තනිව ලබා ගත්ත දෙයක් නෙමෙයි. මේ පිටුපස ගොඩක් දෙනෙක් ඉන්නවා. මගේ ආදරණීය දෙමව්පියන් සහ සහෝදරයන් දෙදෙනාත් ජීවිතේට ලෙකු ශක්තියක් වුණා.

ඒ වගේම මගේ පාසලේ විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය වගේම ශිෂ්‍ය සහෝදර පිරිසත් ඒ වගේම සියලූම නැදෑ හිත මිතුරන් සියලූ දෙනාමත් ආදරෙන් සිහිපත් කරනවා. ඒත් එක්කම මගේ නාට්‍ය ගුරුවරුන් සියලූ දෙනාත් ජයලත් මනෝරත්න මහතා, අෂේන් මංජුල, නුවන් නයනජිත් ඇතුළු මට දිරිදුන් හැම කෙනෙක්ටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

 

ධනූ විජේරත්න

 

2016-10-02-ent-79



අදහස් (0)

ආබාධිතයන් ආබාධිත නොවන බව පෙන්වූ චිත‍්‍රපටයට සම්මානයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 201 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1061 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2290 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1354 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1598 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1777 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39577 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site