IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ආබාධිත රණවිරුවෝ අදත් මහ පාරේ

තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා (31) විරෝධයක් ඇරඹූ ආබාධිත රණවිරුවෝ අදත් (1) කොළඹ ඕල්කට් මාවත හරස් කරමින් සිය විරෝධය පළ කරති. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද අඩාලවී ඇතැයි පොලිසිය කියයි.

තමන්ගේ විරෝධයට සහාය පළ කරමින් කෑම බීම ලබාදුන් පිටකොටුව මැනිං වෙළඳපොළේ ව්‍යාපාරික ප්‍රජාවට සිය ස්තූතිය පළ කරන බවද විරෝධතාකරුවෝ කියා සිටිති.

පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ද එම ස්ථානයට පැමිණ සිටී.

14875114_1268584236537607_1586545076_n 14877079_1268584669870897_1507922758_n   14877782_1268585286537502_1756878209_n 14877849_1268584216537609_317251185_n  14915075_1268585626537468_1516300358_n _DSC0003 _DSC0009 _DSC0021 _DSC0028 _DSC0051 _DSC0184



අදහස් (0)

ආබාධිත රණවිරුවෝ අදත් මහ පාරේ

සෞම්‍යා Tuesday, 01 November 2016 07:58 AM

ඒ කියන්නේ පහුගිය ආණ්ඩුව ඔවුන්ට විශ්‍රාම වැටුප් හදාදීලා නැහැ (නි)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 01 November 2016 08:00 AM

වහලා තිබුණ පාරවල් අපිට ඇරලා දුන්නේත් මේ රණවිරුවෝම තමා. (නි)

:       0       0

දයානි Tuesday, 01 November 2016 08:11 AM

දැන් යුද්ධයත් නැහැනේ. මෙයාලා ගැන ඉතින් රජය මොකට බලනවද? (නි)

:       0       0

රේණුක Tuesday, 01 November 2016 08:13 AM

කෝ අපේ මේ හෙළ උරුමයේ ඇත්තෝ? ඒ ඇත්තෝ මේ දවස්වල කසළ එකතු කරනවනේ. (නි)

:       0       0

චමින්ද Tuesday, 01 November 2016 08:16 AM

මෙන්න සැබෑ වෙනස....! (නි)

:       0       0

දිනේත් Tuesday, 01 November 2016 08:18 AM

එතකොට පහුගිය ආණ්ඩුව පොල් ගෑවද? යුද්ධය ඉවරවෙලා අවුරුදු 7 ගිහිල්ලත් තාම ඔවුන්ට විශ්‍රාම වැටුප් හදාදීලා නැහැ (නි)

:       0       0

ඇසළ Tuesday, 01 November 2016 08:22 AM

කන්න දීපු පිඟාන අනිත් පැත්ත හරවලා පහරන්න එපා. මේ මිනිස්සු නිසා තමයි අද සියලුම දෙනා බියක් සැකක් නැතුව පාරක බැහැලා ඇවිදගෙන යන්නේ. ජාතිය රට බේරාදුන් වීරයන්. මහජන මුදලින් දියවන්න්වේ මසකට කෝටි ගණන් ගිලින හොර දේශපාලුවන් නඩත්තු කරනවට වඩා මේ මිනිස්සුන්ට ජීවත්වෙලා ඉන්නතුරු කරදයක් නැතුව ජීවිතය ගෙනයාමට උදව් කළයුතුයි. (නි)

:       0       0

දහම් Tuesday, 01 November 2016 08:27 AM

අපොයි යහපාලනේ - කුමක්ද මේ දෙවියනේ. (නි)

:       0       0

සුසන්ත Tuesday, 01 November 2016 08:29 AM

දැන් මාස කිහිපයකට කලින් ඔය විරෝධතාව තිබුන වෙලාවේ අනුරාධපුරේ පැත්තේ ලොකු ඇමති කෙනෙක් ඇවිල්ලා පොරොන්දු දුන්නා නේද? කෝ දැන් ඒ ඇමති? (නි)

:       0       0

අනිල් Tuesday, 01 November 2016 08:31 AM

මේ වගේ විරෝධතාවක් හිටපු කොටි සෙබළු කළානම් මේ වෙනකොට ජනාධිපති මන්දිරේට, අගමැති මන්දිරේට වඩම්මන් ගිහිල්ල සියලු ඉල්ලීම් ලබා දීලත් ඉවරයි! ඔන්න ඕකයි වෙනස, අපි ඉල්ලුව වෙනස, අපි පතපු වෙනස, අපි දැන් විඳින වෙනස. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 01 November 2016 08:45 AM

රට වෙනුඑන් ජීවිත කැපකළ රණවිරුවෝ අද දුෂ්ටයෝ වෙලා,රට විනාශ කරපු කොටියෝ අද වීරයෝ වෙලා. මෙන්න මේක තමයි මෛත්‍රී- රනිල් පාලනය සහ මහින්ද පාලනය ඇති සැබැ වෙනස (බ)

:       0       0

අනිල් Tuesday, 01 November 2016 08:45 AM

හරියටම හරි සජි. දැන් හිටපු කොටි පස්ස පැත්තෙනුත් හිනා වෙනවා ඇතී මේවා දැකල. එයාලට සලකන හැටි සහ හමුදාවට සලකන හැටි අතර තියන අහසට පොලොව වගේ 'වෙනස‘ දැකල! (බ)

:       0       0

සත්‍යයා Wednesday, 02 November 2016 01:34 AM

මං කියන්නම්. මේ අයට විශ්‍රාම වැටුප් හදන්න සල්ලි නැත්නම් දැන් බලයේ ඉන්න අයගේ සැපපහසුකම් කිසිවක් නොකපා ඩුබායි වල තියෙන අහවලාගේ ගිණුම් දෙකේ ඇති මුදල් දක්ෂ කෙනෙක් යවලා ගෙන්නාගෙන එය වැඩි පොළී ගිණුමකට බැරකර, ඉන් ලැබෙන පොළියෙන් මේ අයගේ විශ්‍රාම වැටුප් ගෙවන්න. අවශ්‍ය නම් අර තමාගේ නොවෙයි කියන සමහරුන්ගේ දේපල විකුණා ලැබෙන මුදල්ද මේ අරමුදලට ගෞරවනීය ලෙස බැරකරන්න. දැන් බලයේ ඉන්න අයටත් කෙස්ගහක පාඩුවක් නොවී වැඩේ කරගෙන යන්න පුළුවන්..... (නි)

:       0       0

කේ.තිස්ස Wednesday, 02 November 2016 01:37 AM

රණවිරුකම කොහොම වුණත්, කිසිම අභිමානයක් නැති සංවරයක් නැති යාචක පිරිසක් වගෙයි මේගොල්ලෝ හැසිරෙන්නේ. (නි)

:       0       0

වීරසේන Wednesday, 02 November 2016 01:41 AM

ඉහත අදහස් දැක්වූ සියලුදෙනා වෙත. අපි ආණ්ඩු වලට කඩේ යන්නේ නැහැ. ඒත් පසුගිය ආණ්ඩුව රණවිරුවන්ට මෙහෙම සැළකුවේ නැහැ. ඒ ආණුඩුව කාලේ මේ විරුවන් සක්‍රිය සේවයේ. ඒ අයට වැටුපක් ගෙව්වා. ඊට පස්සේ ආබාධිත තත්වය සළකලා විශ්‍රාම යැව්වා. ඒ විශ්‍රාම වැටුපයි මේ අය ඉල්ලන්නේ. ගිය ආණ්ඩුව රණවිරු සෙවණ හදලා මේ අයව බලාගත්තා. දැන් විශ්‍රාම ගිහින් නිසයි එ් අයගේ විශ්‍රාම වැටුප ඉල්ලන්නේ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 01 November 2016 08:58 AM

යුතුකම් අමතක වී බලයට වාසියට යටවූ රටක්. (නි)

:       0       0

සඳුන් Wednesday, 02 November 2016 01:45 AM

ගිය ආණ්ඩුව කාලේ විශ්‍රාම වැටුප ඉල්ලලා පිකටින් කළා නම් මේගොල්ලන්ට යන්න වෙන්නේ තුවක්කු කටට. එ්කයි මේගොල්ලෝ දැන් තමන්ගේ විශ්‍රාම වැටුප ඉල්ලන්නේ. අනිවාර්යෙන් මේ අයට ඉක්මනට මේ දෙය ලබාදිය යුතුයි. හමුදාවේ අයට ප්‍රමුඛත්වය දෙන එක රජයේ වගකීමක්. (නි)

:       0       0

හෆීල් Tuesday, 01 November 2016 09:06 AM

රජය මෙතනදී අනාගන්නවා. උතුරට එක විදියයි දකුණට තවත් එක විදියයි. මෙතන රජය වැරදියි. මේ රණවිරුවන් රට වෙනුවෙන් කළ කැපවීම සුළුපටු නොවේ. මැති ඇමතිවරුන් විදින සැපත් එක්ක බලනවිට, මේගොල්ලන්ගේ ඉල්ලීම ඉතා සාධාදාරණයි සහ සුළුයි. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 01 November 2016 09:12 AM

මොකද අප්පච්චිගෙන් ඉල්ලා ගත්තේ නැත්තේ? (නි)

:       0       0

දර්ශන Tuesday, 01 November 2016 09:18 AM

අප්පුහාමි, මේක තමා යහපාලනය. කොටින්ට වන්දි, හමුදා සෙබළුන්ට මහ පාර. (නි)

:       0       0

නිමල් Tuesday, 01 November 2016 09:22 AM

මීට සාධාරණ විසඳුමක් දෙන එක රජයේ වගකීමක් (නි)

:       0       0

කෙනඩි Tuesday, 01 November 2016 09:27 AM

එක එක්කෙනා පිට වරද පටවන්නේ නැතුව වහාම මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න. බලාගෙන යද්දී මොනවද මේ ආණ්ඩු වලින් කරලා තියෙන්නේ ජනතාව වෙනුවෙන්. (නි)

:       0       0

නුවන් Tuesday, 01 November 2016 09:54 AM

ත්‍රිවිධ හමුදාවේ ගොඩක් අය ඡන්දය දී ලබාගත් වෙනසට අපි ආචාර කරන්නෙමු. (නි)

:       0       0

තුසිත Wednesday, 02 November 2016 03:39 AM

කලින් ගෙවපු විශ්‍රාම වැටුප අවලංගු කලේ කවුද කියල දන්නවද? (ම)

:       0       0

සේන Wednesday, 02 November 2016 03:45 AM

ඉතාම නරක තත්වයක්. වහාම පිළිගන්න පුළුවන් විසදුමක් ලබා දිය යුතුයි (ම)

:       0       0

චින්තක Tuesday, 01 November 2016 10:19 AM

අප්පු, අප්පච්චි ඉන්න කාලේ මේ වීරෝදාර මිනිස්සු මෙහෙම මහා පාරේ හිටියා දැක්කාද.(හේ)

:       0       0

ලකී Wednesday, 02 November 2016 04:39 AM

පාර්ලිමේන්තුවට පත් කරලා යවන හාදයෝ අවුරුදු 5ක් ම සමහර වෙලාවට එක වචනයක්වත් කතා නොකර සැප විදලා අන්තිමට පැරදුණාම අවුරුදු 5කට පස්සේ පෙන්ෂන් එකක් අතට ගන්න එක සාධාරණයි ද? (ම)

:       0       0

ප්‍රේමකුමාර Wednesday, 02 November 2016 04:41 AM

හැම දෙනාම එකතුවෙලා අරහෙට මෙහෙට බනින එක තමයි කරන්නේ (ම)

:       0       0

ගයාන් Wednesday, 02 November 2016 04:53 AM

මහින්දගේ කාලේ රණවිරුවන්ට කොපමණ සැලකුවාද ? ආබාධිත අය හොඳින් බලාගත්තා. (ම)

:       0       0

සෑම් Tuesday, 01 November 2016 11:09 AM

අප්පු, විජේසුන්දර, දැන්ද පාර අරින්න කතාකරන්නේ? ඒ කාලේ පාරට බහින්න බැරුව නේද හිටියේ. අප්පච්චි දීපුවා තමයි යහපාලනයෙන් උදුරා ගත්තේ. මේ මිනිස්සු ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේ අපේ සුඛවිහරණයට මිසක් ඔවුන්ගේ ලාබ ප්‍රයෝජනයකට නොවෙයි. (නි)

:       0       0

කසුන් Tuesday, 01 November 2016 11:57 AM

දෙවියනේ !!! මොන තරම් අභාග්‍ය සම්පන්න තත්වයක්ද මේ ??. කව්රු මේ රට පාලනය කලත් සිදුවිය නොවිය යුතු දෙයක් දැන් සිදුවෙමින් පවතී. සිහලුනේ මේ වැතිර සිටින්නේ අපට 'නිදහස' ලබා දෙන්නට ඇට,ලේ,මස්, නහර පුජා කල විරෝදාර රණවිරුවන් නොවේද ? අද රට යන අත අනුව ඉදිරියේදී රටටත්,රට බේරාගත් රණවිරුවන්ටත් මෙවැනි කෙනහිලිකම් කිරීම් තීව්ර වනු ඇත. ඉතින් දැන් 'වෙනස සැපයි ද' කියල අපි අපෙන්ම අහගමු !! (අ)

:       0       0

ශානක Tuesday, 01 November 2016 12:08 PM

රටක් කරන්න හොඳ දැනුමක් තියෙන්න ඕන. (අ)

:       0       0

හුසේන්-රියාද් Tuesday, 01 November 2016 12:29 PM

මේවා පහුගිය ආණ්ඩුවෙන් වෙච්චි වැරදි. මේ අය කඩේ යන්නෙත් ඒ උදවියටමයි. යුධ විරුවෝ කියල ඉල්ලන හැමදෙයක්ම දෙන්නොන නැහැ.දැන් රටේ තියෙන්නේ වල්බුරු නිදහසක්. කලින් ආණ්ඩුවේදී අපිට මේවගේ සෙල්ලම් දකින්න තිබ්බේ නැහැ. (අ)

:       0       0

අනුෂ්කා සෙව්වන්දි Tuesday, 01 November 2016 12:36 PM

"මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමි අද දිනේ නමුත් ඇයි වග කිවයුත්තන් අපේ මේ වීරෝදාර සොයුරන්ට සාධාරණයක් ඉටු නොකරන්නේ ..? ඇයි අතීතය අමතක වෙලා වගේ නිහඩතාවය රකින්නේ..? (අ)

:       0       0

විජේරත්න Tuesday, 01 November 2016 01:08 PM

අැසළ ඔබ හරි පාට පක්ෂ එපා මේ පාරේ වැටිලා ඉන්නේ අපේ නිදහස වෙනුවෙන් අපට වඩා යමක් කරපු පිදියුත්තෝ (හේ)

:       0       0

සඳුන් Tuesday, 01 November 2016 01:12 PM

මොකක්ද හරියටම මේ ප්‍රශ්නේ? කලින් දීලා තිබුන විශ්‍රාම වැටුප මේ ආණ්ඩුවෙන් නතර කරලා ද ? එහෙම නැත්නම් ඉස්සර ඉඳලම මේක දීලා තිබුනේ නැද්ද ? (හේ)

:       0       0

රන්ජිත් Tuesday, 01 November 2016 01:37 PM

ඔය මැති ඇමතින්ට වාහන ගේන්න යන මුදලින් 2% ක් දුන්නනම් ප්‍රශ්නේ ඉවරයි. අනික අබාධිත රණවිරුවෝ තමයි නියම රණවිරුවෝ. (හේ)

:       0       0

පුෂ්පකුමාරි Tuesday, 01 November 2016 01:50 PM

යුද්ධ කලේ මේ ආණ්ඩුව නෙමෙයිනේ . යුද්දේ දිනුවෙත් මේ ආණ්ඩුව නෙමේ . (හේ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 01 November 2016 01:52 PM

ලැජ්ජා වෙන්න ඕනෑ අපේ රටේ පාලකයෝ (නි)

:       0       0

ගයාන් Tuesday, 01 November 2016 06:34 AM

ඇමරිකන් හමුදාවට ලංකාව තුල කඳවුරක් පිහිටුවා ගැනීමට ඉඩක් ලබාදෙන බවට සැකයක් මතුවී ඇත .බුද්ඩි අංශ හා හමුදා නිළධාරීන් වරදකරුවන් හා අසාර්ථක අය ලෙස සලකා මෙය කරන්නට සැලසුම් කර ඇත (බ)

:       0       0

චන්න Tuesday, 01 November 2016 02:17 PM

එතකොට පහුගිය ආණ්ඩුව මේ අයව අමතක කරලාද තිබුණේ? (නි)

:       0       0

දසුන් Tuesday, 01 November 2016 06:38 AM

දැන් මේකට අපේ ජනපතිතුමා සාධාරණ විරෝධතාවක් කියාවිද? (බ)

:       0       0

අමාලි Tuesday, 01 November 2016 06:48 AM

යාපනේ සිසුන්ට නම් ජනාධිපතිතුමාව හමුවෙන්න එන්න කියලා තියෙනවලුනේ. මේ රණවිරුවෝ යුද්ධ කරලා ප්‍රභාකරන් විනාශ කළාට එතුමා සමහරවිට අකමැතිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 01 November 2016 06:54 AM

ඔයාලට තමයි බැරි මොකුත් කරගන්න. දැක්කනේ අර ළමයි අගේට ලොකු පුටු වල අය මුණගැහුනා. එකයි වෙනස. (නි)

:       0       0

චන්දන Tuesday, 01 November 2016 03:42 PM

යුද්ධයෙන් රටක් නිදහස් කරදුන් මිනිසුන් පාරේ වැටිලා ඉන්න ආකාරය දැක්කහම මොකක් වුණත් පවතින රජය ගැන කලකිරීමක් ඇතිවෙනවා (අ)

:       0       0

සහන් Wednesday, 02 November 2016 01:48 PM

ඇයි මහරජතුමයි,යුව රජතුමයි ,පහුගිය අවුරුදු දහයේම අපිට පටි තදකරගන්න කියල සැලකුවේ මෙතුමලටනේ ,මෙහෙම වර්ජන කරන්න දෙයක් නැහැනේ ඒ සලකපු සැලකිල්ලෙ විදියට ,මහරජාගේ කාලේ මෙයාල ඔලුව පහත කරගෙන හිටිය බයටම ,මෙහෙම පිකටින් කරන්න ගියානම් රජතුමා මෙයාලගේ ආබාදිත බව හොදකරලා මහා පාරෙදීම (අ)

:       0       0

ප්‍රදීප් Tuesday, 01 November 2016 06:58 AM

මෙහෙම දුක්විදින්න ඕනේ අය නෙමේ ..... ලංකාවේ ඉන්නේ පුදුම ජාතියක් ....(බ)

:       0       0

දිසා Tuesday, 01 November 2016 04:15 PM

මේකට , පක්ෂ දෙකම වග කියන්න ඕන . මන්ත්‍රීලට වාහන , ගෙවල් දෙන්න කලින් මේ වට කඩිනම් විසදුන් බලපල්ලා .(අ)

:       0       0

සජී Tuesday, 01 November 2016 07:05 AM

මේ විරෝධතාවය හිටපු කොටි සාමාජිකයන් ටිකක් කළානම් දැනටමත් විසඳුම් ලැබිලා (බ)

:       0       0

ධම්ම Tuesday, 01 November 2016 07:21 AM

එක එක්කෙනා පිට වරද පටවන්නේ නැතුව වහාම මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න. වේදිකා සාදාගෙන කතා පැවැත්වීමෙන් පමණක් පළක් නැත. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 01 November 2016 07:30 AM

රණවිරුවන්ට පදක්කම් දිදී ගියාට වැඩක් නැහැ. ඔවුන්ට ජීවත්වෙන්න වැටුප් අවශ්‍යයි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 November 2016 07:33 AM

බලාගෙන යද්දී මොනවද මේ ආණ්ඩු වලින් කරලා තියෙන්නේ ජනතාව වෙනුවෙන්. වැල්පොළී වගේ හැමදාමත් ප්‍රශ්න ප්‍රශ්න! (නි)

:       0       0

ලක්ෂි Tuesday, 01 November 2016 06:11 PM

විජේසුන්දර, මිස්ට ප්‍රභාකරන් හිටිය කාලේ අවුරුදු ගණන් පාරවල් වහලා තිබුණ හැටි අමතකයි නේද? (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 01 November 2016 07:40 AM

මොනවා වුණත් සාමාන්‍ය ජනතාවට බාධාවන අයුරින් පාර අවහිර කළ එක නම් වැරදියි (නි)

:       0       0

ගුණසිරි Tuesday, 01 November 2016 06:38 PM

කුහුඹුවනි තොපිටත් රජෙක් ඉන්නේ, අපට නැත ඉන්නේ එනිසාවෙනි අපි තැවෙන්නේ, රජෙක් ලැබුනොතින් කැවුම් කිරිබත් කන්ඥන්, පෙළහර කරන්නම් සාදුකාරෙන් ගිගුම් දෙන්නම්... ඒ සිහිනය කවදා සැබෑවෙයිද? (නි)

:       0       0

එක්නැලිගොඩ Tuesday, 01 November 2016 07:53 AM

විජේසුන්දර මහත්තයා සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඔවුන්ගේ මුළු ජීවිතම අවහිර කරගත්ත මේ මිනිස්සු. ඔය වගේ දවසකට දෙකට නෙමේ. මුළු ජීවිත කාලෙටම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2030 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1067 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1585 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site