IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ආබාධිත සෙබළුන්ගේ සිදුවීම සොයන්න කමිටුවක්

ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී සඳුදා (08) ඇති වූ තත්ත්වය සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව නීතිය හා සාමය අමාත්‍යංශය කියයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මේජර් ජනරාල්වරයෙක් සහ පරිපාලන නිලධාරියෙක් පත් කරනු ලැබ සිටිති.

රජයෙන් විසඳුම් දෙන බවට පොරොන්දු වී තිබිය දීත් විරෝධතාවක් පැවැත්වීම, එම විරෝධතාවයට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, ආබාධිත යුද හමුදා සාමාජිකයන්ට පහර දුන් බවට එල්ලවන චෝදනා සහ කළහකාරී තත්ත්වය ගැන මෙම කමිටුවේ දී අවධානය යොමු වනු ඇතැයි කියති.

 



අදහස් (0)

ආබාධිත සෙබළුන්ගේ සිදුවීම සොයන්න කමිටුවක්

දහම් Tuesday, 08 November 2016 03:19 PM

සතියක් තිස්සේ ඒ මිනිස්සු තමන්ගේ ඉල්ලීම කිව්වා. ගණන්ගත්තෙ නැහැ තඹයකට මේ ආණ්ඩුව. දැන් හාමුදුරුවරුන්ට බැනල තවත් නා ගන්න එපා. තවත් ජනතාව කලකිරව ගන්න එපා. (බ)

:       0       0

නිහාල් Tuesday, 08 November 2016 04:02 PM

කමිටු මොකටද? අාබාධිත සෙබළුන්ට සැළකීම ආණ්ඩුවේ වගකීමයි. ආණ්ඩුව ක්‍රියාකරන අයුරු ඉතා කණගාටුදායකයි (නි)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 09 November 2016 05:36 AM

මුලින්ම අන්න එහෙම කොමිටියක් දාන්න. ඊටපස්සේ ඒ අයට අපේ බදු මුදල් වලින් සැප වාහන සහ අධික මුදල් දීලා යට ගහන්න. හැම ආණ්ඩුවක්ම කළේ ඕක තමයි. අපි බලාපොරොත්තු වුණ යහපාලනය ඕක නොවේ (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 08 November 2016 04:03 PM

සතියක් තිස්සේ ඉල්ලීම් කියන්න අවුරුදු අටක් තිස්සේ කොහෙද හිටියේ? මේක තනිකරම දේශපාලන ගේමක් බව පැහැදිලියි. (නි)

:       0       0

ශශිකා Tuesday, 08 November 2016 04:06 PM

ඔය ගැන කතා කරලා වැඩක් නැහැ දහම්. අද කටයුතු කරන්නේ කොටි ඩයස්පෝරාවන් සතුටු කරන්න. රටේ නායකයෝ පත්තරේ දකිනතුරු මොකුත් දන්නේත් නැහැ. (නි)

:       0       0

සඳුන් Wednesday, 09 November 2016 05:48 AM

විකුම්, 2009 ඉදල 2016 වෙනකම් මේගොල්ලෝ ජිවත්වුණේ කොහොමද. මහින්දගේ කාලේ මේගොල්ලන්ට විශ්‍රාම වැටුප ඉල්ලන්නේ නැතුව එකපාරටම නිදාගෙන ඉඳලා ඇහැරිලා වගේ ඉල්ලුවට දෙන්න බැහැනේ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 08 November 2016 05:01 PM

පණ්ඩිතකම් නිසා අායිත් ඉල්ලන් කන්නද හදන්නේ? රටේ තිබෙන ජිවත්වීමේ දුෂ්කරතා නිසා මිනිසුන් කුපිතවෙනවා. ඔය බුද්ධිමතුන්ට මේවා තේරෙන්නේ නැත්තේ ඔවුන්ට සියලු පහසුකම් ලැබෙන නිසා නේද (නි)

:       0       0

හර්ෂ Tuesday, 08 November 2016 05:10 PM

ඊටවඩා හොඳයි රට කරවන අය ගැන හොයන්න කමිටුවක් පත්කර වැරදිකරුවන්ට මඩු වලිගෙන් තැලුවා නම්. අනේ මගේ කට... (නි)

:       0       0

තිස්ස Tuesday, 08 November 2016 07:14 PM

මානව ප්‍රභවයේ ඉතා පහළ තැනක රැඳීසිටින්න ප්‍රයත්න දරන ප්‍රජාවකට කොයියම් පිළිවෙතක් යෙදුවත් වැරදිය. (නි)

:       0       0

සිරි Tuesday, 08 November 2016 08:53 PM

මේ බොරුව මට නම් තේරෙනවා. තව තවත් ඇදගෙන නාගන්නේ නැතුව වැඩකළොත් තව ටික කාලයක් හරි ආණ්ඩු කරන්න පුළුවන් වෙයි (නි)

:       0       0

රත්නායක Tuesday, 08 November 2016 08:57 PM

මෙහෙම ගියොත් මේ ආණ්ඩුව වැඩිකල් යන බව පේන්නේ නැහැ (නි)

:       0       0

ශානක Tuesday, 08 November 2016 09:57 PM

අලිමංකඩ කියලා පාමංකඩ ගියා කියපු මේ ආණ්ඩුවට සෙබළු ගැන වටිනාකමක් තිබේද? (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 08 November 2016 10:25 PM

කමිටු නම් දැනටත් ඉතින් කොච්චර තියෙනවද? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 08 November 2016 10:25 PM

කලින් ආණ්ඩුව කළේ යුද්ධය විකුණාගෙන කෑම සහ යුධ ජයග්‍රහණයට ඒකපාක්ෂිකව අයිතිවාසිකම් කීම. ගෝඨාභයට යුද්ධයට පරිපාලනමය මෙහෙයුමක් දීමට ඔහුගේ සොහොයුරා ජනාධිපති තනතුරේ සිටීම ප්‍රබල හේතුවක් වුණා. නමුත් එය මහින්ද රාජපක්ෂට හිතුවක්කාර පාලනයක් ගෙනයාමට හෝ යුද්ධය දිනු නායකයා ලෙසින් ඉතිහාසයට එකතුවෙන්න පිටුබලයක් විය යුතු නැහැ. යුද්ධ ජයග්‍රහණයෙන් පසු හමුදා සෙබළුන් පාරවල් සුද්ධ කරන්න, මාළු විකුණන්න, පොහොසතුන් හට වෙන්වුණ භෝජනාගාර වල පිඟන් හෝදන්න වගේ රැකියාවල යෙදවීමෙන් රණවිරුවාගේ ගරුත්වය බින්දුවටම දැම්මා. රට බේරගත්ත අයට මෙහෙම සළකළා දැන් ඔවුන්ට අසාධාරණයක් වෙනවා කියා නැවත බලයට එන්න ඒ විරුවන්ගේ අසරණකම දඩමීමා කරගන්න උත්සාහ කරන සියලුම දේශපාලුවන්ම ජනතාව විසින් සදහටම ප්‍රතික්ෂේප කළයුතුව තිබෙනවා. (නි)

:       0       0

බසීර් Tuesday, 08 November 2016 11:02 PM

මේක ආණ්ඩුවට රිද්දන්න කරපු දෙයක් වෙන්න බැරිද? මට හිතෙන්නෙ රජය බොහොම අසීරුවෙන් ඇදගෙන යන්නෙ වගේ. රටේ කිසිම ප්‍රශ්නයකට විසඳුම් නැහැ. චීනය, පාකිස්තානය, ඉරානය ඔක්කොම රජයත් එක්ක අමනාපයි. ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය හොඳටම හිරවෙලා ඉන්නෙ. රුසියාවට ඇත්තටම ලොකු දෙයක් කරන්න බැහැ. අරාබි රටවල් වලටත් තෙල් විකුණාගන්න බැරුව හිරවෙලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 08 November 2016 11:45 PM

සෙබළුන් ඔවුන්ගේ ඉල්ලීම දිනාගත් නිසා කවුරු මෙම සිද්ධිය පිටුපස සිටියත් කමක් නැත. මෙම ඉල්ලීම් වලට අපිත් සහයෝගය මෙතනින් දුන් නිසා අපිත් මෙම සිද්ධිය පිටුපස ඉන්නවා කියලා සටහන් කරගන්නකෝ. (නි)

:       0       0

ශාන්ත Wednesday, 09 November 2016 01:08 AM

ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැතුව අවුරුදු 6ක්ම දැන් එනවා කිඹුල් කඳුළු හෙළන්න. මතක නැතුව ඇති නේද වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බ හැටි. ඒ කාලේ කෝ ඔය කෑගහන අය කොහෙද හිටියේ? (නි)

:       0       0

කාවින්ද Wednesday, 09 November 2016 01:41 AM

සිංහල මිනිස්සුන් ස්වයං පාලනයක් යටතේ දියුණුවන්නට බැරි ප්‍රජාවක් බව ඔප්පු කරන්නට ඔයතරම් වෙහෙස දරන්නේ කවුද? (නි)

:       0       0

අරවින්ද Wednesday, 09 November 2016 02:10 AM

බලමුකෝ ඔය කමිටු‍වේ වැඩ ගැනත් (නි)

:       0       0

අනුර Wednesday, 09 November 2016 02:15 AM

සත්‍ය වගේ අයත් අපේ සමාජයේ ඉන්නවා. අමතකවීම මනුෂ්‍ය ගතියක්. පහුගිය ආණ්ඩුව නොතිබෙන්න අපි අද නැහැ (නි)

:       0       0

සෑම් Wednesday, 09 November 2016 02:28 AM

දැන් වැඩක් නැහැ. මිනිස්සු දැක්කා කරපු දේ. ආණ්ඩුවට මිනිසුන්ගේ ඇත්තේ හරිම පිළිකුළක් (නි)

:       0       0

විකුම් Wednesday, 09 November 2016 02:28 AM

රණවිරුවන්ට කඳුලුගෑස් ගහන්න ඉඩදුන් අය ඉල්ලා අස්විය යුතුයි. විශ්‍රාම වැටුප් ලැබෙන්නේ 2017 නම් එතෙක් මොවුන් ජීවත්වන්නේ කොහොමද? (නි)

:       0       0

සමන් Wednesday, 09 November 2016 02:42 AM

ශාන්ත, වතුර ඉල්ලලා වෙච්ච ගැටුම වරද රජයේ ගිණුමට දාපු අය මේ සිදුවීමේදී පොලිසියට බෝලය පාස් කරලා වගකීම පොලිසියට දාන්නේ මොකද කියන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 71 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 257 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 567 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 389 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 323 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1414 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site