IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ආමීර් ඛාන් නැවතත් දුම්පානයට

2016-12-03-ent-132

අමීර් ඛාන් පරිපූර්ණත්වයේ සංකේතය ලෙස ක්ෂේත‍්‍රයේ හැඳින්වුණත් ඔහු බියගුල්ලෙකි. දුම්පානය සඳහා ඔහු පොළඹවනු ලැබ ඇත්තේ එම බියගුළු බව විසිනි. ඔහුගේ ඊළඟ චිත‍්‍රපටිය දාංගල් හේතුවෙන් ඔහු සිටින්නේ අවිවේකී මනසිනි. නින්ද නැති රාත‍්‍රී කාල බොහෝ ගණනක් ගත කරන්නට ඔහුට සිදු වී තිබේ. මේ පීඩාව දුරුකර ගන්නට ඔහු නැවතත් දුම්පානයට ඇබ්බැහි වී ඇත. ඔහු ඒ පුරුද්ද නතරකර ගත වී තිබුණේ යන්තම් අවුරුද්දක් පමණක් බැව් ඔහුගේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.

ඇත්තටම ඒක පුදුම පුරුද්දක්.. චිත‍්‍රපටියක් තිරගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඒක සාර්ථක වෙයිද නැද්ද කියන පීඩාව අමීර්ට වද දෙනවා.. එතකොට තමයි ඔහු දුම් පානය පටන්ගන්නේ... පී.කේ. ඩූම් 3, තලාෂ්.. මේ හැම චිත‍්‍රපටියකදීම ඒක සිද්ධ වුණා. ඔහු අවසන් වතාවට දුම්බීම නතර කළේ මේ අවුරුද්දෙ ජනවාරි මාසේ... ඊට පස්සේ ඔහු තමන්ගේ බරත් කිලෝ ග‍්‍රෑම් 25 කින් අඩුකර ගත්තා. ඒ දාංගල් චිත‍්‍රපටිය වෙනුවෙන්... එත් දැන් දාංගල් හින්දම ඔහු ආයෙමත් දුම්පානයට පුරුදු වෙලා.. දැන් ඔහුගෙ බරත් වැඩි වෙමිනුයි තියෙන්නේ...

ඔහු තවදුරටත් පැවසුවේය.

එහෙත් අමීර්ට සිය පුතු අසාඞ් ඉදිරියේ දුම්පානය කිරීමට පුළුවන්කමක් නැත. තවමත් හය හතර නොතේරෙන දරුවෙකු වුවත් මෙය නරක පුරුද්දක් බව ඔහු දන්නේය.

‘‘යන්න....යන්න....ගේ ඇතුළේ සිගරට් බොන්න එපා’’...

කියමින් ඔහු සිය පියා පළවා හරින සුරතල් විලාසය දකින්නට ප‍්‍රිය උපදවන බැව් ප‍්‍රකාශකයා කියන්නේය.

දංගල් තිරගත වෙන්නට නියමිතව තිබෙන්නේ දෙසැම්බර් 23 දාය. එය සාර්ථක වුවහොත් අමීර් ඛාන්ගෙන් දුම්වැටියට නිදහසක් ලැබෙනු ඇතැයි ප‍්‍රකාශකයා කියයි.

 

2016-12-03-ent-131
2016-12-03-ent-130
2016-12-03-ent-129



අදහස් (0)

ආමීර් ඛාන් නැවතත් දුම්පානයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1504 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2008 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1513 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8564 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2471 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10503 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site