IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආයෝජන අරඹන්න විදෙස් ව්‍යවසායකයින්ට ආරාධනා

(අංජුල මහික වීරරත්න)

යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි   වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.

කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ මෙම හමුව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතු බවයි. එම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා  ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් රජය මේ වන විට ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු අදහස් හා යෝජනා ඇතුළත් සංදේශයක් ප්‍රවාහන සංගම්හි නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදීම ද සිදුවිය.



අදහස් (4)

ආයෝජන අරඹන්න විදෙස් ව්‍යවසායකයින්ට ආරාධනා

de silva Friday, 19 July 2024 03:32 PM

මෙයා විකාර කතාකරනවා. ලංකාවේ ජීවත්වන අපි ව්‍යාපාරයක් අරම්භ කරන්න ගියාම කී තැනකට යන්න ඕනෙද? කී දෙනෙකුට පගාව දෙන්න ඕනේද? විදේශ වල ඉඳන් එන මිනිස්සු කොහොමද මේවා කරන්නේ? අන්න නැවත පාස්පෝර්ට් ගන්න කලින් දිනයක් දමාගෙන යන්න ඕනෙලු, සාමාන්‍ය ක්‍රමයට පාස්පෝර්ට් ගන්න දැන් මාස 2 පමණ යනවාලු, තනි දවසෙන් ගන්න මාසයක් පමණ යනවාලු, මේවා දැක දැක විදේශ ආයෝජකයෝ ඒවිද?

:       3       17

Hafeel Friday, 19 July 2024 04:08 PM

නිකම් මාධ්‍ය සංදර්ශනය පමණයි. මහ පොළොවේ මිනුස්සු දුක්බර ජීවිතයක් ගත කරන්නේ. අද ආරංචි වුණා නේද ඇඹිලිපිටිය මහ රෝහලේ Scan යාන්ත්‍රණය අක්‍රීය වෙලා දැනට මාසයකටත් වැඩියි කියලා. එම Scan යාන්ත්‍රණය සැපයූ ආයතනයට තවම මුදල් ගෙවා නැතැයි කියලත් අද මාධ්‍යවල පලවුණා...

:       4       12

Rata Perata Saturday, 20 July 2024 04:00 AM

අලි බබා සහ හොරු රැලක් ඉන්න රටක ආයෝජනය කරන්න එන්නේ තවත් හොරෙක්ම විතරයි

:       0       0

Rohana Saturday, 20 July 2024 11:53 AM

මැතිවරන කිට්ටුවෙනකොට ජනාධිපතිටත් හරියට වැඩ. වැඩමුළුද විවෘතකිරීම්ද ශිෂ්‍යත්ව ප්‍රදානයකිරීම්ද රැස්වීම්ද ආයොජකයින් ලගලගම එනබවට කතාද බඩුමිල අඩුකිරීම්සද හනාධාර ඉඩම් ඔප්පු බෙදාදීම්ද ආදී කී නොකී වැඩ තොගයකි. මෙහෙම වෙන්නෙ මොකද මන්දා. අනිත් රටවලත් මැතිවරණ කිට්ටුවෙනකොට මේ විදියම වෙන්න ඇති.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 358 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 932 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 558 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1807 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1642 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 695 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36999 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24383 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 592 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site