(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල ආයෝජකයන් දීර්ඝ කාලයක් සිට මුහුණපා ඇති ගැටළුවක් වන නිපුනතාවයෙන් යුතු මානව ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස ආයෝජන මණ්ඩලය සහ ‘නයිටා’ ආයතනය එක්ව මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය.
එහි ආරම්භක පියවර ලෙස හොරණ අපනයන සැකසුම් කලාපයේදී පාසල් හැරගිය සිසුන් 22 ක කණ්ඩායමක් පුහුණුව ආරම්භ කළ බවත් මෙහිදී හොරණ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලාවලට අවශ්‍ය විදුලි කාර්මිකයන්, පෑස්සුම්කරුවන්, ජලනල කාර්මිකයන් වැනි නිපුනතාවයෙන් යුතු කාර්මික ශිල්පීන් පුහුණු කළ බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවසීය.
මේ සඳහා පාසල් හැරගිය සිසුනට අවශ්‍ය කුසලතාව, ප්‍රවීණතාවය සහ පුහුණුව ලබාදීමට කර්මාන්තශාලා හිමියන් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා නයිටා ආයතනය එකඟ කර ගැනීමට ආයේජන මණ්ඩලය කටයුතු කළ බව කී ආයෝජන මණ්ඩලය මෙම පුහුණු කාලය තුළ ආධුනික වෘත්තීය ශිල්පීන්ට මාසික දීමනාවක් හා පුහුණුව අවසානයත් සමඟ ආධුනිකයන් ආයතනයනවල අවශ්‍යතාව අනුව අන්තර්ග්රහනය කරන බවත් ආයෝජන මණ්ඩලය පවසයි.
මෙම වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය ‘නයිටා’ ආයතනයට, එම ආයතනය සමඟ එක්ව කටයුතු කිරීම සම්බනධයෙන් හොරණ අපනයන සැකසුම් කාලපයේ අධ්යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ හොරණ අපනයන සැකසුම් කාලපයේ අපනයනකරුවන්ගේ සංගමයට ද ස්තූතිය පළ කළාය.
වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්යක්ෂ (කලාප) එම්. කේ. ඩී. ලෝරන්ස්, හොරණ අපනයන සැකසුම් කලාපයේ ආයෝජකයන්ගේ සංගමයේ සභාපති එච්. ඩී. ද සිල්වා යන මහත්වරු ද, ‘නයිටා’ ආයතනයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වුහ.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආයෝජන මණ්ඩලය - නයිටා නිපුනතා සංවර්ධන මෙහෙයුමක්
සමන් - ඕමානය Monday, 19 September 2022 01:24 PM
ඉතා හොඳ පියවරක්. ලංකාවේ පාසල් හැර යන තරුණ පිරිස මෙවැනි කාර්මික ක්ෂේත්රයට යොමු කිරීම ඔවුන් හට මෙන්ම රටට ද යහපතක්. රස්තියාදු ගහනවාට හෝ ත්‍රී වීලරයක වැඩ කරනවාට, කුඩු ගහනවාට හෝ රටට බැන බැන ඉන්නවාට වඩා මෙවන් නිපුනතා වලින් ඔවුන් හට දියුණු විය හැකියි. ආදායම් මාර්ග හා රට රැකියා මාර්ග පාදාගත හැකියි. සංවිධානය කළ ආයතන හා නිලධාරීන් වෙත මෙම වැඩසටහන ඉදිරියටම ගෙනයාමට ශක්තිය, දිරිය හා කැපවීම පතමි. දුවේ, පුතේ, මෙම පුහුණුව අනුසාරයෙන් ඔබේ අනාගතය සාර්ථක කරගන්නට උත්සාහ වන්ත වෙන්න...