IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආයතන පහකින් වාර්තා කැඳවයි

ගම්පහ රතුපස්වල ළිංවතුරට අසළ කම්හලකින් සිදු වෙතියි කියන  ජල දුෂණය  සම්බන්ධයෙන්  පොලීසිය අද (01) ගම්පහ මහෙස්ත්‍රාත්  හමුවේ කරුණු දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියෙන්, රජයේ රස පරික්ෂකගෙන්,ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයෙන් ,ගම්පහ වෛද්‍ය අධිකාරිගෙන් හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් කැඳැවන ලෙස පොලීසිය ඉල්ලා සිටියේය .

මහෙස්ත්‍රාත් ඊට ඉඩ දුන්නේය.

කම්හලේ අපද්‍රව්‍ය ළිං වලට එක්වීම පිළිබද පොලීසිය මහජනයාගේ පැමිණිළි පහක්ද ඉදිරිපත් කළේය.

කම්හල අවට රැස්ව සිටින ගම් වැසියන්  ඉවත් කරන ලෙස  කම්හල වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් ඉල්ලා සිටි නමුත් මහෙස්ත්‍රාත් හේෂාන්ද මෙල් මහතා එය ප්‍රතික්ෂේප කළේය.

පොලීසියේ පරික්ෂකවරයකුට හෝ ඉහළ නිලධරයකුට  එවැනි ක්‍රියාවකට බලය ඇතැයි මහෙස්ත්‍රාත්  ප්‍රකාශ කළේය.

 කම්හල වසා දැමීමට නියෝගයක් නිකුත් කරන්නැයි ගම් වැසියන් වෙන්වෙන් පෙනී සිටි නීතීඥවරයෙක් කරුණු ඉදිරිපත් කළේය.

මෙම පැමිණිල්ල වෙනත් කාරණයක් සම්බන්ධයෙන් බව කි මහෙස්ත්‍රාත්වරයා  ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැවසුයේ ඔහුටද පැමිණිල්ලක් මගින් වෙනම නඩුවක් ගොනු කැර ඒ සදහා ඉදිරිපත් වීමටද හැකි බවයි.



අදහස් (0)

ආයතන පහකින් වාර්තා කැඳවයි

සදුන් පෙරේරා Thursday, 01 August 2013 04:02 PM

අපේ වැඩ පොළ වහන්න ආවොත් අපිත් නිකන් ඉන්නෙ නැහැ.අපිටත් වෙන කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

පිටිගල Thursday, 01 August 2013 08:27 PM

ඔය ගොල්ලෝ දන්නේ නැතුවට මම නම් දන්නවා ඔය වාර්තා පහේම තියෙන දේවල්. ඒ වුණාට මම කියන්නේ නැහැ. (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 01 August 2013 04:17 PM

ගම්පහ දිස්ත්‍රික් නායකයා මොකද පෙනෙන්නවත් නැත්තේ? ඡන්දෙ ළං වුණාම විතරද ජනතාව මතක් වෙන්නේ? ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනි පබා නෝනාවත් ඇවිත් යන්න කිව්වා නම් ජනතාව විසිර යයි සමහරවිට (නි)

:       0       0

කුමාර Thursday, 01 August 2013 08:43 PM

මේ ආයතන වලින් පරීක්ෂණ වාර්තා ගැනීම මම නම් අනුමත ‍නොකරමි (නි)

:       0       0

රන්ජිත් Thursday, 01 August 2013 12:43 PM

මෙතන පොලීසිය මොකාක් හරි කරන බව පැහැදිලි වෙනවා. ඒ අයට ඕනේ කම්හල වෙනුවෙන් ඉදිරිපත් වෙන්ඩ වගේ වැඩේ යන හැටියට තේරෙන්නේ. ඔහොම යමු. දැන් රූ කාන්තගේ නඩුවේ තීන්දුව වගේ (දී)

:       0       0

විදුර Thursday, 01 August 2013 05:29 PM

මේ කම්හල ජනශූන්‍ය හම්බන්තොට වැනි ප්‍රදේශයකට ගෙන ගියොත් හොදයි. නැත්නම් මිනිස්සු විශාල ගණනක් අකාලයේ මිය යනවා. (නි)

:       0       0

සංජය Thursday, 01 August 2013 01:04 PM

මට නීතිය ගැන පැහැදිලි නැ, මහෙස්ත්‍රාත් ට බලය නැ ලු කට්ටිය අයින් කරන්න , එවුනාට පොලිසිය අදිකරණයෙන් ඉල්ලනවා ස්ට්‍රය්ක් කරන අය එලවන්න (දී)

:       0       0

කුමාර Thursday, 01 August 2013 01:06 PM

මෙම කර්මාන්තය මොනවද හදන්නේ? මේ වර්ගයේ තවවත් කර්මාන්ත ලංකාවේ/ ලෝකයේ තියෙනවද? (දී)

:       0       0

පාලිත Thursday, 01 August 2013 01:14 PM

වෙන්නේ මොකද්ද අපි බලන් ඉදුමු එච්චරයි

:       0       0

දිලාන් Thursday, 01 August 2013 01:14 PM

කම්හල වැහුවම නැතිවෙන ජොබ් දෙන්නේ ගම්මුද? (දී)

:       0       0

ෂෙල්ටන් Thursday, 01 August 2013 01:16 PM

අනේ කාලේ වනේ වාසේ. (ස)

:       0       0

උපාලි Thursday, 01 August 2013 01:21 PM

අධිකරණය ඉතාම විධිමත්ව ප්‍රශ්නයට මැදිහත් වී තියෙනවා. මීට කලිනුත් මෙවැනි සිද්ධීන් ගණනාවක් ගැන අධිකරණයෙන් පොලිසියට උපදෙස් දී තිබුනා මතකයි ජනයා ඉවත්කිරීම වැනි දේට අධිකරණ නියෝග අවශ්‍ය නැහැ පොලිසියට ඒ බලතල දැනටමත් තියෙනවා කියල. මට තේරුම් ගන්න බැරි නීතිඥ මහත්තයෙක් කම්හල වහන්න නියෝගයක් ඉල්ලපු එක ගැනයි. එතකොට එලියට දාන 600 ක් සේවකයෝ ජීවත්වෙන්නේ කොහොමද දන්නේ නෑ, ඒකයි. (ස)

:       0       0

දිල්ෂාන් Thursday, 01 August 2013 01:36 PM

වතුර විස වුනාම මිනිස්සු වකුගඩු රෝග වලින් මැරෙනවා. සේවකයන්ගේ ජොබ් වලට වඩා ගම්මුන්ගේ ජීවිත වටිනවා. (ස)

:       0       0

සුනෙත් Thursday, 01 August 2013 01:39 PM

මේ ප්‍රස්ස්නේට මග අරින සියලු දේශපාලුවන් ගැන ඊලග චන්දෙදි ජනතව වග බල ගත යුතුය.. (ස)

:       0       0

සුරංග Thursday, 01 August 2013 01:37 PM

මෙතන අදහස් දැක්කම අපේ රට යන්නේ කොහාටද කියලා හිතාගන්නවත් බෑ. දිලාන්, උපාලි,මේ කම්හල පරිසර හිතකාමී විදියට අපද්‍රව්‍ය එලියට දැම්මනම් මෙහෙම දස දහස් ගණනක මිනිස්සුන්ට වතුර ප්‍රස්නයක් එන්නේ නෑ කියලා හිතන්න මොලයක් ඔය අයට නැද්ද? මේ විදියට හිතුවක්කාරීව රසායනික අපද්‍රව්‍ය පොළොවට දාල තමන්ගේ ළමයින්ව ලෙඩ වෙනවා බලා ඉන්න පුළුවන් කාටද? අනික ගලා යන ජලයත් එක්ක මේ ප්ර්සනය තව ගම්වලට පතිරෙන්න්න පුළුවන්. අවුරුදු ගණනක් පවතින්න පුළුවන්. එව්වට වගකියන්නේ කවුද? මේ කම්හල වෙන තැනකට ගෙනිහින් ප්‍රමිතියකට වැඩ කරන්න බැරිද? එත් නල ජලය එන්න හිතලවත් නැති මේ ගම්වල දස දහස් ගණන් වන මිනිස්සු වතුර ටිකක් හොයාගෙන කොහේ යන්නද? (දී)

:       0       0

අජන්ත Thursday, 01 August 2013 01:45 PM

ලංකාවෙනම වැඩිම මනාප දීල පාර්ලිමේන්තු යවුවෙත් මේ මිනිසු තම..අන්තිමට තමාගේ දුක කියන්න කෙනෙක් නැහැ ..ඊලග චන්දෙ වෙනකන් මේ මිනිසුනට මේක මතක තිබුනොත් ඇති.. (දී)

:       0       0

කමල්ජිත් Thursday, 01 August 2013 01:47 PM

මේ වර්තවල් එක්ක වත් සාදාරන වෙයි කියල හිතන්න බැහැ (දී)

:       0       0

මොහාන්ලාල් Thursday, 01 August 2013 01:47 PM

කම්මල දැනට වහල වතුර බව්සර් මහජනයාට දෙන්න කම්මලේ අපිරිසිදු ජලය බව්සර් මගින් ජන ශුන්‍ය පළාතකට රැගෙනයන්න

:       0       0

ඔකිත Thursday, 01 August 2013 01:51 PM

සහෝදරවරුනේ, ඔය විදියටම ඉදිරියට යන්න අපගේ සුබ පැතුම්! (නි)

:       0       0

ජයදේව Thursday, 01 August 2013 01:54 PM

අහිංසක අපිව බේරාගෙන මෙම කම්හල වහාම වෙන පළාතකට ගෙන යා යුතුයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 01 August 2013 02:05 PM

දැන් රටේ මිනිසුනට තමන්ගේ ප්‍රශ්න ගැන කියන්න ඉන්නේ ගමේ හාමුදුරුවෝ සහ අදිකරණය පමණයි. (ස)

:       0       0

රේවන් Thursday, 01 August 2013 02:09 PM

ඔය පැත්තේ මිනිස්සුන්ට කිසිම දේකට වතුර පාවිච්චි කරන්න එපා කියලා ළිං වල තිබෙන. ඔය කර්මාන්ත ශාලාවේ වීෂ රසායන ද්‍රව්‍ය නිසා මැරුණු මිනිස්සු ඉන්නවා. අන්ධ වුණ මිනිස්සුත් ඉන්නවා. (නි)

:       0       0

සුරංග Thursday, 01 August 2013 02:20 PM

තමන්ට තමන් විසින්ම ගහගන්න රටක, මිනීමරුමකින් පස්සේ හැම දෙයක්ම අමතක වෙන අය ඉන්න රටක, ලයිට් බිල් 100%කින් වැඩිකරන්න කියල උද්ගෝෂණය කරන රටක , අහිංසක මිනිස්සුන්ට සාදාරණයක් වෙයි කියල කොහොම හිතන්නද? (දී)

:       0       0

නිල රනා Thursday, 01 August 2013 02:18 PM

කම්හලෙන් විෂ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරියත් නැතත් මේ පරීක්‍ෂණයෙදී නිවැරදි විද්‍යාත්මක වාර්තා සැපයීම පිළිබඳව භූ විද්‍යාවටත්, ජල සම්පාදනයටත් විශාල වගකීමක් පැවරෙනවා. කම්හලෙන් බැහැර කරන අපද්‍රවය වල සංයුතිය ගැන පරිසර අධිකාරියට මනා වැටහීමක් තිබියයුතුයි. ඔවුන් අනුමත කල සංයුතියෙන් යුත් අපද්‍රව්‍ය පමණක් බැහැර කරන්නේද යන්න නිරන්තර පරීක්ෂාවට ලක්කළ යුතුයි. කම්හල නිවැරදිව කටයුතුකර තිබියදීත් භූගත ජලයේ භාෂ්මිකතාව ඉහල යාමට පාන්ශුමය හා භූ විද්‍යාත්මක හේතු තිබිය හැකියි. අපේ විද්‍යාඥයින්ගේ දක්ෂතාවය අධිකරණය හමුවේ ඇගයීමට ලක්වන හැටි ජනතාව අවධියෙන් බලාසිටිනවා. (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 August 2013 02:34 PM

උපාලි නම් හොදටම 'කඩේ යනවා'. හැබැයි කා වෙනුවෙන්ද දන්නේ නැහැ? රතු පස්වල කියන්නේ බොහොම සුන්දර ගම් පියසක්. මේවායේ පදිංචි වෙලා ඉන්නේ අවු දහස් ගානක් තිස්සේ පැවතෙන පාරම්පරික මිනිස්සු. බොහොම සශ්‍රික පළාතක්. කුඹුරු ,පොල්වතු බවබෝග හරක බාන හැම අතින්ම... ආයතන ආවේ බොහොම මෑතක. එතකොට 600 ගානකගේ පවු වලට කරගහන්න ඕනෑ මේ ගමේ ජීවත් වෙන අහිංසක මිනිස්සුද ? අධිකරණ තීන්දුවත් හරිම ඉහළයි (නි)

:       0       0

අනුර Thursday, 01 August 2013 07:17 PM

සුරංග ඔයාගේ කතාව හරියටම හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 219 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 824 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 880 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 459 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 899 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1726 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24371 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site