(සුජිත් හේවාජුලිගේ )
පවතින තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා රජය විසින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .
මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ(27) පස්වරුවේ නිකුත් කෙරිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.
පවතින කොරෝනා වසංගතය හමුවේ ජනතාවට උපරිම සේවය සැලසීමේ පියවරක් ලෙස රජය මෙම පියවර ගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
කොවිඩ් මර්දන එන්නත ලබා නොදුන්නැයි විරෝධය දක්වමින් රට පුරා සියළුම ග්‍රාම නිලධාරී වරු පෙරේදා (26 )සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.
යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි
siri Thursday, 27 May 2021 12:47 PM
මොකාටද මේ එන්න හදන්නේ? අමුඩයක් ගහල අතීසාරය නවත්වන්නයි මේ හදන්නේ.
sam Thursday, 27 May 2021 01:22 PM
ග්‍රාම නිලධාරී සේවයත්
ganegoda Thursday, 27 May 2021 01:44 PM
මේ ගැසට් නිවේදනයට අදාල නිලධාරීන්ට හදිසි වර්ජන තහනම්ද
Pat Thursday, 27 May 2021 02:15 PM
ලංකාවේ තියෙන්නේ අමුතු නීති.
sena Thursday, 27 May 2021 02:46 PM
තවත් ගැසට්ටුවක්, දැන් කවුද ගැසට්ටු ගණන් ගන්නේ.?
pakeer Thursday, 27 May 2021 03:22 PM
මේ විදිහට මේක කරොත් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එක.
bandara Thursday, 27 May 2021 04:14 PM
අමුඩය නොවේ. අතීසරේට මුඛආවරණ දැම්ම වගේ.
sampath Thursday, 27 May 2021 04:24 PM
මේ වෙලාවේ ගතයුතු එඩිතර තීරණයක් 80 ජුලි වර්ජකයන්ට ඒ දේ නොකලානම් වෘතිය සමිති රට මීටත් අන්ත කරලා.
Rata Perata Thursday, 27 May 2021 05:21 PM
අර හිට්ලර් වගේ වෙන්න කියපු මනුස්සයා කොහෙද දන්නේ නෑ ඉන්නේ.?
සිරිබිරිස් Thursday, 27 May 2021 08:05 PM
ඔය එළියට එන්නේ යකා... අපි ඒත් බැලුවා මෙච්චර පරක්කු මොකද කියලා...?
chandima Thursday, 27 May 2021 11:46 PM
කල් ඇතිව බෙහෙත් විදගත්තු මන්ත්‍රීලයි, එයාලගේ පවුල්වල අයයි ග්‍රාමසේවක රාජකාරිවලට දැම්මා නම් ඉවරයි.
Perera Friday, 28 May 2021 01:31 AM
ග්‍රාම නිලධාරීන්ට පුළුවන් රටේ ජනාධිපතිවත් හොල්ලන්න ඉල්ලීමක් වෙනුවෙන්.
Ananda Friday, 28 May 2021 05:30 AM
ඒක නම් හොඳ තීරණයක්.. ජනතාව අපහසුතාවයකට පත්කරන සෑම ආයතනයක්ම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරන්න ඕනෑ. විශේෂයෙන් මගී ප්‍රවාහන සේවාව..