ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත බ්‍රහස්පතින්දා (15) සිට දින නියමයකින් තොරව වසා දමා ඇතැයි එහි සාමාන්‍යාධිකාරී එම්.ජේ.මාරසිංහ මහතා පවසයි.
මේ පිළිබඳ නියෝගය අද(14) සවස මහරගම පොලිසියට බාරදී කිසිදු සේවකයකුට බ්‍රහස්පතින්දා සිට සංස්ථා භූමියට ඇතුළුවීමට ඉඩනොදෙන ලෙස උපදෙස් දී ඇතැයි මහරගම පොලිස්ථානාධිපති උපාලි තලගල මහතා කියයි.
සේවක විරෝධතාවයක් හේතුවෙන් සංස්ථාවේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ දින 80කට පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද (14) දහවල් යළිත් සංස්ථාවට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් දැඩි විරෝධයක් හටගැනීම මීට හේතුව බව කියති. සේවක විරෝධතා මැද ඔවුන් දෙදෙනා පැය 7කට පසු පොලිස් ආරක්ෂාව මැද සංස්ථාවෙන් පිටව ගිය බව ද වාර්තාවේ.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආයුර්වේද ඖෂධ සංස්ථාව වහයි
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 14 September 2016 07:27 PM
මේකත් හරියට සරසවි සිසුන් විරෝධතා පවත්වනවිට සරසවි වහනවා වගේ වැඩක්ද? (නි)
රාජ්කුමාර් Thursday, 15 September 2016 07:45 AM
එ්ක හොඳ නැහැ. ලෝකේ හොඳම බෙහෙත් ආයුර්වේද තමයි (බ)
ජනහිත Wednesday, 14 September 2016 10:01 PM
හේතුව කුමක්ද කියලා බලලා කටයුතු කරනවා නම් වැඩිය හොඳයි. පරණ නාඩගම් රඟදැක්වීමට පටන් අරගෙන වගෙයි. සතුරා අතට ආයුධ නොදීමට වගබලාගත යුතුයි. (නි)
දයානි Thursday, 15 September 2016 01:50 AM
සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන්. මේ අයගේ කෙරුවාව මුළු රටම දන්නවා. රටවැසියනි, අවධානයෙන් සිටින්න. මෙතෙක් කාලයක් රටේ සම්පත් සූරාකාලා ඔතනින් පන්නන්න ලෙසිවෙන්නෙ නැහැ. නැවතත් රිංගයි වෙස් මුහුණු දාගෙන. (නි)
ගයාන් Thursday, 15 September 2016 02:56 AM
ඒකටත් එහෙනම් නරක දසාවක් උදාවුණා?? (නි)
විජේසුන්දර Thursday, 15 September 2016 03:03 AM
අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)
නාමල් Thursday, 15 September 2016 03:13 AM
අනේ මන්දා දැන් රටේ සිද්ධවෙන දේවල් මොනවද කියලා (නි)
විපුල Thursday, 15 September 2016 03:49 AM
අනේ මමත් මේකෙන් කාලයක් බෙහෙත් ගත්තා. ඇයි මෙහෙම වුනේ . පාලකයෝ පාලනයට දක්ෂ නැතුව හැඩයි (බ)
සිංහ Thursday, 15 September 2016 04:08 AM
මෙන්න නියම වැඩේ. පටන්ගත්තා එහෙනම් අායුර්වේදයටත් වැඩේ දෙන්න (නි)