IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


ආයෝජන කලාප වලට ජපන් ගිනි නිවන රථ

(අංජුල මහික වීරරත්න)

ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප වල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප තුළ නවීන ගිනි නිවන උපකරණ සහිත අභ්‍යන්තර ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම මගින් ආයෝජකයින් තුළ විශ්වාසය ගොඩනැංවීමට හැකි වන බවත්, ක්ෂණික ප්‍රතිචාර හරහා ශ්‍රමිකයින් හා කර්මාන්ත දේපළ ආරක්ෂා කර ගනිමින් හානි අවම කර ගැනීමට හැකි වන බවත් හඳුනාගෙන ඇත. 

ඒ සඳහා ජපන් ආර්ථීක හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 300ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 590ක) ප්‍රදානයක් මඟින් කටුනායක, බියගම, සීතාවක සහ වතුපිටිවල අපනයන සැකසුම් කලාප සඳහා ලීටර් 4000ක ධාරිතාවයකින් යුත් ගිනි නිවන රථ 4ක් සහ උපකරණ කට්ටල 12ක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර තිබේ. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෝගීතාව මත සිදු කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියකියවිලි අත්සන් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ආයෝජන කලාප වලට ජපන් ගිනි නිවන රථ

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

බලපෑම් වලට යට නොවී රාජකාරිය කරන්න
2025 මාර්තු මස 18 72 0

කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්
2025 මාර්තු මස 18 254 0

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට


ලලිත් - කුගන් සිද්ධියට අද දුන් නියෝගය
2025 මාර්තු මස 18 179 0

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහ


මියන්මාරයේ තවත් 14ක් මුදාගෙන
2025 මාර්තු මස 18 78 0

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුන


වර්ජනයෙන් ලිපි -පාර්සල් ලක්ෂ 10ක් තැපෑලේ සිරවෙයි
2025 මාර්තු මස 18 73 0

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල්


හිටපු ප්‍රා:සභාපති නි.මැ.කො සමග වලියක් දාගෙන
2025 මාර්තු මස 18 221 0

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 893 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 328 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site