IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ආයා කටුවෙන් තේ වතු හිමියාට විදුලි සැර වදී

බලංගොඩ, පින්නවල ෂර්වුඩ් තේ වත්තේ හිමිකරු වසරක් පුරා හොරෙන් විදුලිය ගැනීමට වරදකරු කළ බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඔහුට රුපියල් 1,23,56,362.62 ක් විදුලි බල මණ්ඩලයටද රුපියල් 50,000ක දඩයක්ද නියම කළේය.

මෑත ඉතිහාසයේ අනවසරයෙන් විදුලිය ගැනීම සම්බන්ධයෙන් පැනවූ ලොකුම දඩය මෙයයි. වත්තේ හිමිකරු එච්.එල්.රෙජී නිශාන්ත පෙරදින අත් අඩංගුවට ගෙන අද වනතුරු රිමාන්ඩ් භාරයට පත් කර සිටියේය. නිශාන්ත රුපියල් 1,50,000 ක ශරීර ඇප මත මුදාහරිනු ලැබීය.

විදුලි බල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරී පී.ජී.අජිත් වැටලීම මෙහෙයවීය. වත්තේ විදුලි කුටියේ ට්‍රාන්ස්ෆෝමරය අසල ආයා කටු ගසා 75%ක් විදුලි ගාස්තුව අඩු කිරීමේ වංචාව අල්ලාගත් බව අජිත් මහතා උසාවියට දන්වා සිටියේය.

මණ්ඩලයේ නිලධරයන් විදුලි කුටියට ගිය හැම අවස්ථාවලදීම ප්‍රධාන ගේට්ටුවේ පමා කිරීමේ රහස සොයාගත් බවත් ඒ අනුව මණ්ඩලය උපක්‍රමිකව ක්‍රියාකළ බවත් ඔහු උසාවියට දැන්වීය.

 



අදහස් (0)

ආයා කටුවෙන් තේ වතු හිමියාට විදුලි සැර වදී

ඉසුරන්දි Thursday, 28 May 2015 08:43 AM

මුදල් තියෙන අයට ඕව සුළු දෙයක්.මුදල් ගෙවලා නීතියෙන් නිදහස් වෙන්න ඒ අයට අවකාශය වැඩියි. නමුත් නීතියෙන් දෙන දඩුවම මුදල මතම නොවන බව මගෙනම් හැගීමයි.(ම)

:       0       0

චන්න බුවනක Friday, 29 May 2015 06:21 PM

තේ වලින් හොඳ ආදායමක් එන එකේ මොනවට හොරකම් කරනවද? (බ)

:       0       0

හිමාල් Thursday, 28 May 2015 10:04 AM

දඩය හැරුණු විට අනික් මුදල වසරක නොගෙවූ විදුලි බිල විය හැකියි.ඔය තරම් ඉක්මනට තීන්දුව එන්න ඇත්තේ සමහර විට වරද පිළි ගැනීමක් නිසා විය හැකියි.(ම)

:       0       0

නන්ද Thursday, 28 May 2015 05:51 AM

කුඩු කාරයන්ට ඔහොම දඩ ගැහුවා නම් නියමයි (නදී)

:       0       0

පෙරේරා Thursday, 28 May 2015 06:35 AM

දඩේ ගෙවන්න වත්ත විකුනන්න වෙයිද දන්නේ නැහැ නේද ? (බ)

:       0       0

හෂාන් Thursday, 28 May 2015 06:36 AM

මේ වගේ පොඩි දේවල් වලට මෙච්චර දඩ ගහනවානම් කුඩු කාරයෝ, මීට වැඩ ජරා වැඩ කරන පුද්ගලයින්ට කොච්චර දඩ මුදලක් පැනවිය යුතුද? (බ)

:       0       0

චමල් Thursday, 28 May 2015 07:06 AM

අධිකරණ තීන්දු වල පරස්පර බවක් තියෙන බව පේනවා. වරද සහ දඬුවම යම් කිසි නියාමනයකට සකස් කළ යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 2 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 13 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 164 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 553 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2896 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1501 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site