IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ආරක්ෂක අංශ හිරු ඩ්‍රෝන කැමරාවත් අරගෙන

හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව පැවැති උද්ඝෝෂණය වාර්තා කරමින් සිටි හිරු රූපවාහිනියේ ඩ්‍රෝන කැමරාව ආරක්ෂක අංශයේ යැයි කියන පිරිසක් රැගෙන ගොස් ඇතැයි එම නාලිකාව පැමිණිලි කර තිබේ.

ඩ්‍රෝන කැමරාව ඉහළට යවා වාර්තා කිරීමෙන් පසු යළි පහළට ගත් අවස්ථාවේ හේතු නොදක්වා එම පිරිස එය රැගෙන ගොස් ඇත. එම නාලිකාව පැමිණිලි කිරීමෙන් පසු අද පස්වරු 7.30ට පමණ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ මැදිහත්වීම මත ඩ්‍රෝනය ලබා දුන්නද එහි දත්ත සටහන් වන උපාංගය (චිප්) ලබා දී නැතැයි දැනගන්නට තිබේ.

මේ ගැන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කීවේ ඩ්‍රෝන කැමරාව තම මැදිහත්වීමෙන් යළි මාධ්‍ය ආයතනයට ලබා දුන් බවයි. එහි දත්ත සටහන්වන උපාංගය ද යළි ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද කලංසූරිය මහතා කීවේය.

ආයෝජන කළාපයට මුල් ගල තැබීමේ උත්සවය පැවැතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිගේ ප්‍රධානත්වයෙනි. එම උත්සවය ආරම්භ වීමට පෙර සිට  හම්බන්තොට ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්විණි. හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙර දින නියෝග කර තිබුණේ නම්කළ ස්ථාන කිහිපයක විරෝධතා නොපවත්වන ලෙසයි. එම නියෝගයේ පිටපත් හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් මහත්වරු ඇතුළු 23 දෙනකුට ලබා දෙන ලස නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් අද උදෑසන ප්‍රධාන මාර්ග අයිනේ පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ මාර්ග බාධක යොදා තිබුණු අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබිණි. විරෝධතාකරුවෝ අතුරු මාර්ග හා කැලෑබද මාර්ග ඔස්සේ උත්සවය තිබුණු ස්ථානයට මදක් නුදුරට පැමිණියහ. ඒ සමග උත්සවයේ සිටි පිරිසක් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර දෙපාර්ශ්වය ගල් මුල් ගසා ගත් බව සිද්ධිය දුටුවෝ කීහ.

පොලිසිය මැදිහත්වී උද්ඝෝෂණය පාලනය කළ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබිණි. පොලිසිය හා විශේෂ කාර්ය බළකාය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කරමින් උද්ඝෝෂකයන් විසිරුවරු හැරීය. උද්ඝෝෂකයන් තැනින් තැන ටයර් පුළුස්සා තිබිණි. ඒකාබද්ධ විපක්ෂය නියේාජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද විරෝධතාවන්ට එක්ව සිටියහ.

එම ස්ථානයේ සිටි මාධවේදීන් කිහිප දෙනකු කීවේ සිද්ධිය අවස්ථාවේ දුරකතන මාර්ග අවහිරයක් ඇති වූ බවයි.

ඒකාබද්ධ විපක්ෂය හම්බන්තොටදී මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ විරෝධතාවය විසිරවූ ආකාරය හෙළා දකින බවයි. විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද සවස නිවේදනයක් නිකුත් කරමින් රජයට බල කර සිටියේය.

 රජයේ පාර්ශව කියනුයේ උසාවි නියෝග නොතකා ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් පිරිසක් විරෝධතා පැවැත්වූ බවයි. ඇති වීමට ගිය කළහකාරී තත්ත්වය පොලිසිය මැදිහත්ව පාලනය කළ බව ද ඔවුහු කියති.

15909879_1102074083249480_475749252_n 15941728_1102074193249469_59092908_n 15941867_1102073956582826_1134482540_n



අදහස් (0)

ආරක්ෂක අංශ හිරු ඩ්‍රෝන කැමරාවත් අරගෙන

දර්ශන Sunday, 08 January 2017 06:34 AM

මෙන්න නියම යහපාලනය. (බ)

:       0       0

හිමාල් Sunday, 08 January 2017 07:43 AM

කැමරාව කියලා කොලේ වහන්නෙ නැතිව ඩ්‍රෝන් එකක් යැව්වා කියලා පිළි ගන්න. ළගඳීම මේ ඩ්‍රෝන් ගැන යම් නියාමනයක් අවශ්‍ය වෙනවා. (බ)

:       0       1

සුමන උදයන්ත Sunday, 08 January 2017 08:52 AM

රජයක් වුණාම ජනතා මතයට ඇහුන්කන් දෙන්න ඕන.නැත්නම් ආයුෂ අඩුයි.(රේ)

:       0       0

උපුල් Saturday, 07 January 2017 03:21 PM

මාධ්‍යයට නිදහසක් නැද්ද? (නි)

:       0       0

නිමල් Sunday, 08 January 2017 12:13 PM

හිමාල්. ද්‍රෝන කැමරා ගැන අහල නෑ වගේ. (බ)

:       0       0

දහම් Saturday, 07 January 2017 04:12 PM

ජනතාව ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න ගියොත් වැඩේ ලේසි වෙන්නේ නැහැ. (නි)

:       0       0

සෙනෙවි Saturday, 07 January 2017 04:35 PM

නීතියේ දෙවඟන නිහඬ ඇයි? (නි)

:       0       0

කමල් Saturday, 07 January 2017 04:50 PM

ඉදිරිය නොදකින මිනිසුන් රට කනවා. (නි)

:       0       0

නිහාල් Saturday, 07 January 2017 10:25 PM

තොරතුරු දැනගැනීමේ පනත තියෙන්නෙ මහාජනතාවට ඒ අවස්ථාවේ සිදුවුණු සිද්ධීන් දැනගන්න තමයි. කැමරා එකේ චිප් එක නැතුව ඒ කැමරා එක නැවත ඒ මාධ්‍ය ආයතනයට බාරදුන්නේ ඇයි? (නි)

:       0       0

පොනිල් Saturday, 07 January 2017 10:43 PM

පෙරළියන් බර කරත්තෙ පෙරළියන්... (නි)

:       0       0

දිලන්ක Sunday, 08 January 2017 01:12 AM

මේවා කරලා පුළුවන්ද මාධ්‍යයේ කට වහන්න (නි)

:       0       0

තිස්ස Sunday, 08 January 2017 02:34 AM

ලෝකය 21 වන සියවසට ගියත් අපේ අය තවමත් ගල් යුගයේ (නි)

:       0       0

මුණසිංහ Sunday, 08 January 2017 03:24 AM

එහෙම පිටින්ම යුද පිටියක් වගේ. මේවා මාධ්‍ය වලින් නොපෙන්නුවත් කටකතා වලින් දෙගුණ තෙගුණ වෙලා යනවා. එ්ක ආණ්ඩුවට හොඳද නරකද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 08 January 2017 04:12 AM

කොහොම වහගන්න හැදුවත් ආණ්ඩුවේ නිරුවත දැන් හෙළිව අවසන් (නි)

:       0       0

උදය Sunday, 08 January 2017 06:35 PM

මේවා නම් අනුමත කරන්න බැරි වැඩ (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 08 January 2017 05:01 AM

ආණ්ඩුව කියන්නේ හැමදාම ආණ්ඩුව. එ්ක නිල් වුණත් කොළ වුණත් වෙනසක් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 08 January 2017 05:17 AM

කියන්නේ නම් යහපාලනය. එහෙත් කරන්නේ යමපාලනය. ලස්සනට තිබුන රට විනාශ කරන්නේ බඩගෝස්තරවාදී දේශපාලුවොමයි (නි)

:       0       0

පාලිත Sunday, 08 January 2017 05:31 AM

දැන් මාධ්‍යය නිදහස ඕනෑවට වැඩිය වැඩිවෙලා. පහුගිය කාලේ ඕවා කරන්න බැරිවුණානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1314 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2339 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1022 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9553 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3582 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site