IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගන්න යයි

( නිමන්ති රණසිංහ )

සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්  චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  නොහොත්  ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම  සම්බන්ධයෙන් හිටපු  නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න  මහතා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන  බව  රහස් පොලීසිය අද ((29) අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  ලංකා  ජයරත්න මෙනවිය හමුවේ මෙම කරුණු  අනාවරණය කරනු ලැබුයේ  පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන  සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්  චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය සම්බන්ධ නඬුව අද (29) කැඳවු අවස්ථාවේදීය. 

සැකකාර චන්දන ප්‍රසාද්  යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම හා  ඔහුට පහසුකම් ලබා දීම යන කාරණා මත  හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වහාම  පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර සැකකරු  චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  නෙහොත් නේවි සම්පත්   ලබන මස 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළාය.
  



අදහස් (58)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගන්න යයි

Bamunuarachchi Wednesday, 29 August 2018 08:13 AM

හමුදාව නැගී සිටින්න කාලය ඇවිල්ලා.

:       3825       14451

සතයපාල Wednesday, 29 August 2018 08:27 AM

තමන්ගේ නිළය හා බලය උපයෝගි කරගෙන අපරාධ කල හා කරන සැමට මේක හොද පාඩමක්. නීතිය කාටත් එකසේ සාධාරණව ක්‍රියාත්මක වෙන කාලයක් උදා වෙමින් පවතින බවයි පෙනෙන්නේ. ඉදිරියේදි තව තවත් අපරාධ චෝදනා ඇති අය අත් අඩංගුවට පත්ව අධිකරණය ඉදිරියට එනු ඇත.

:       12686       16003

ආමි සමිපත් Wednesday, 29 August 2018 08:39 AM

බොහොම හොඳයි. නීතිය සැමට පොදුවිය යුතුය. හොඳ පටන් ගැන්මක්, යෑමට ගොඩක් දුර ඇත.

:       11795       6142

C.K.Lankaputhra Wednesday, 29 August 2018 08:41 AM

හමුදාව නැගිටලා තවත් ළමයි ටිකක් අතුරු දහන් කරලා ගතමනාවක් හොයාගෙන තවත් රණවිරු සෙට්එකක් හැදෙන එක රටට කොච්චර හොඳක්ද?

:       11338       655

Daham Wednesday, 29 August 2018 08:43 AM

ඇයි මෙච්චර කලක් එයාව අත්අඩංගුවට නොගත්තේ....

:       114       11007

duminda Wednesday, 29 August 2018 08:45 AM

රාජපක්ෂලා හමුදාවත් කෑවා. තමන්ගේ දේශපාලන වුවමනාවල් වලට හමුදාව පාවිච්චි කරලා දෙන රණවිරු දඩයම කියලා මොර දෙනවා.

:       12718       1967

HafeelWednesday, 29 August 2018 10:31 AM

එක එක්කෙනාට එක එක විදියට නීතිය ක්‍රයාත්මක කරන්නද කියන්නේ? රටේ නීතිය කාටත් පොදුයි නැත්නං රටට නීතිය හෝ අධිකරණයක් අවශ්‍ය නැහැනේ...

:       15       306

BamunuarachchiWednesday, 29 August 2018 10:57 AM

එ් නිසාද දැන් හමුදා භටයෝ පාරේ බුදියගෙන උද්ඝෝෂණය කරන්නේ? දන්නා මගුලක් කතා කරන්න හලෝ කාගේවත් හොරනාවක් නොවේ. බලනවකෝ හමුදා නිලධාරීන් යන නිල වාහන. ඒවා දුන්නේ මේ ආණ්ඩුව නොවෙයි. රාජපක්ෂ ආණ්ඩුව. ඔහෙලගෙ ඔය කටින්ම නේද යුද්දේ දින්න ගමන් කෙනෙක් කිං කළා තවකෙක් නොද කිං කළා මතකද?

:       906       11502

SunilWednesday, 29 August 2018 02:38 PM

මේ බමුණා නම් අරුන්ගෙ රෙදි හෝදනවා නියමෙට...

:       11038       765

ajith Wednesday, 29 August 2018 08:48 AM

සන්තෝසයි.., නීතිය යම් පමණකින් හෝ ක්‍රියාත්මක වීම...

:       9802       599

rohana Wednesday, 29 August 2018 09:39 AM

බමුණුආරච්චි ගොනෙක් වගේ කියවන්න එපා. නිල ඇඳුමක් ඇන්දා කියලා මිනිස්සු මරන්න අයිතියක් නැහැ. වරදක් කළොත් දඬුවම් ලබන්න වෙයි. රාජපක්ෂ යුගයේ මිනිස්සු මරපුවා දැන් අමතක වෙලා වගෙයි. දැන් අපේ ගොන් රැල හැසිරෙන්නේ. ගෝටෙක් ගැන කියකියා...

:       11124       1781

saranaWednesday, 29 August 2018 09:59 AM

රිචර්ඩ් ද සොයිසාව මරපු කාලේ අයවත් මේ විදිහට අල්ලන්නේ නැත්තේ ඇයි?

:       733       10418

athuraWednesday, 29 August 2018 10:38 AM

ඊට පස්සේ ලංකාවේ ආණ්ඩු කීයක් තිබුණාද මහත්තයා. ඔයාල ඒ කාලේ කොහෙද හිටියේ...?

:       9697       354

BamunuarachchiWednesday, 29 August 2018 10:51 AM

පේනේනේ නැද්ද ඊයේ ඉපදුණු කෙනෙක් තප්පුලනවා. 1989 කාලේ ගැන සීයාගෙන් අහලා දැනගත්තොත් හොඳයි නේද? මිනී මැරුම් කතා කරනවා. පිටපට ගහගෙන අර ලැම්බෝගිනි බලන්න හිටියේ මේ ගොල්ලෝ තමයි .

:       488       10005

BamunuarachchiWednesday, 29 August 2018 10:28 AM

හලෝ කොටළුවෙක් වගේ බෙරිහන් දෙන්න එපා... හමුදාවට නැගිටින්න කාලේ ඇවිත් නැතිනම් හමුදාව නිදියන් ඉන්න කියලද කියන්නේ...? නැගිටලා කරනදේ ඒ ගොල්ලෝ කරාවි. එතකොට ප්‍රභාකරන්ට ත්‍රස්තවාදී ඇඳුම ඇඳගෙන සිංහලයින් මරන්න අයිතියක් තිබුණාද? මෙයාට ප්‍රභාකරන් සාධාරණයි හමුදාව අසාධාරණයි. ඔහේ කොහොමද දන්නේ හමුදාව මොන මිනිස්සු මැරුවාද කියලා...? දැනුයි මේ ගොල්ලන්ට අනුකම්පාව මතුවෙලා තිබෙන්නේ... බෝම්බ පුපුරවන කාලේ අම්මා තාත්තා දරුවන් ගියේ බස් තුනක... ඒ කාලේ මතක නැහැ වගේ. ඇහැට ඇහැක් එ්ක මතක තියාගන්න.

:       1333       11095

SenakaWednesday, 29 August 2018 10:59 AM

මේ අය මරල තියෙන්නේ කොළඹ හිටපු උසස්පෙල සමත්වෙලා විශ්ව විද්‍යාලෙට සුදුසුකම් ලබපු ළමයි ටිකක්... ඒ අතර සිංහල ළමයිනුත් ඉන්නවා. මේ අයව පැහැරගෙන නිදහස්කරන්න දෙමවුපියන්ගෙන් කප්පම් අරන් තියෙනවා.

:       10005       344

BamunuarachchiWednesday, 29 August 2018 10:37 AM

"ඒ යුගයේ මිනිස්සු මරපුවා දැන් අමතක වෙලා වගෙයි." හලෝ 1989 කාලේ ඉපදිලා හිටියේ නැද්ද? ඔය කට ඇරලා කියනවා ඒ කාලේ දස දහස් ගණනක් කොල්ලන්ව මැරුවේ කව්ද? කියලා. රාජපක්ෂලාගේ වධකාගාර තිබුනේ නැහැ. මිනී මැරුවෙත් නැහැ. මිනී මරුවානම් මේ ආණ්ඩුවට පුළුවන්නේ අල්ලලා නඩු දාන්න. ඝෝටලා නැතිනම් ඔහෙලා මේ වනවිට සුබ්බරමයියම්ලා වෙලා. යුද්දේ කාලේ ඇඳන් යට ඉඳලා දැන් සාධාරණය හොයනවා.

:       793       10328

BamunuarachchiWednesday, 29 August 2018 10:42 AM

එහෙනම් හමුදාව යුද්ධයකදී හතුරු මිනිස්සු මරන්න ඕනේ නිර්වස්ත්‍රව ඉඳගෙනද? මැටි කතා එපා හලෝ

:       666       10205

athuraWednesday, 29 August 2018 12:46 PM

මහත්මය ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. හමුදාව විකුණගෙන තමන්ගේ දේශපාලන වුවමනාවන් පිරිමහගන්න එක වෙන දෙයක්...

:       9780       230

ලුම්බිණි Wednesday, 29 August 2018 09:40 AM

ඒ කාලේ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා නම් මෙතන පුදුම වෙන්න දෙයක් නැහැ.

:       9680       94

subhashiWednesday, 29 August 2018 09:58 AM

සරත් ෆොන්සේකාව ගත්තේ බෑනාට හමුදාවේ කොන්ත්‍රාත් දීලා කරපු කේස් එකටනේ. මිලියන ගාණක් ලැබුණු හැටි කියන්න බැරිවුනා කියලයි ප්‍රශ්නය වුනේ. ඒ මුදල් රාජ සන්තක වුනා.. විජයදාස රාජපක්ෂ කියන්නේ සරත් ෆොන්සේකා තාමත් ඒ සල්ලි ගන්න දඟලනවා.. හැබැයි ලැබුණු හැටි කියන්න බැහැ කියලා. ඒ වගේම සරත් ෆොන්සේකා දැන් පාතාල සහ කුඩු හමුදා සමග තිබෙන සම්බන්ධකම් ගැන ඇහුවාම අපිටත් දැන් ප්‍රශ්න අහන්න හිතෙනවා.

:       424       10305

SenakaWednesday, 29 August 2018 10:00 AM

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ පොලීසියෙන් නෙවෙයි. ඔහුව අධිකරණයට ඉදිපත්කළේත් නෑ. ඉදිරිපත් කළේ හමුදා අධිකරණයකට... ඒ නිසා මේ සිදුවීම් දෙක එක සමාන නෑ.

:       14       9807

athuraWednesday, 29 August 2018 10:42 AM

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්න ගිය කෙනා අන්තිමට කොහොමද මැරුණේ...ෆොන්සේකා කියන්නේ රට වෙනුවෙන් ලේ හලපු රටට ණය නැති කෙනෙක්...

:       301       391

BamunuarachchiWednesday, 29 August 2018 10:40 AM

මේකේ සමහරු කියන කතා බැලුවම මෙයා නියම වෙන්න තිබුනේ ගහකට. මොකද නිල ඇඳුම ඇඳන් මිනිස්සු මරපු එක අසාධාරණයිලු. අනේ මෙහෙමත් සිංහලයෝ.

:       298       9704

SenakaWednesday, 29 August 2018 10:55 AM

හමුදා අධිකරණයකින් දීපු දඬුවමට එරෙහිව සිවිල් උසාවියකට ඇපෑලක් ගොනුකිරීමේ අයිතිය පවා ෆොන්සේකාට නැතිවුණා. නමුත් මෙතැනදී ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය පොදු නීතියක්...

:       9670       120

Nimanthi Wednesday, 29 August 2018 10:04 AM

ඔය නීතිය මහ බැංකුව කොල්ල කද්දී කොහෙද තිබුණේ. එක ඇමතියට කෝටි ගණන් සල්ලි දුන්න එ්ව එළිපිට ඔප්පු වෙද්දී ඔය නිතිය සැඟවිලාද හිටියෙ.

:       1       110

Bamunuarachchi Wednesday, 29 August 2018 10:46 AM

මෙහෙම කියමනක් තිබෙනවා "යුද්දය දිනන්න පුළුවන් කෙනාට සාමය ඇති කරන්න පුළුවන්. සාමය ඇති කරන් ඉන්න කෙනාට යුද්දයක් දිනන්න බැහැ" කීවේ වින්සන් චර්චිල් මහතා. මෙය අත්දුටු සත්‍යයක්

:       52       9561

Keppetipola Wednesday, 29 August 2018 11:17 AM

මෙතන බොරු සිංහල නම් දාගෙන හමුදාවට ගරහමින් අපහාසාත්මකව ලියන අය බෙදුම්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ අය වෙන්න ඕනෑ...

:       119       9917

Ashan Wednesday, 29 August 2018 11:23 AM

බමුණුආරච්චි, ඔයාලා වගේ මෝඩයෝ නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ... හමුදාවේ වූ පලියට අහිංසක ළමයි මරන්න අයිතියක් නෑ. ඔය මරපු ළමයෙක් ඔයාගේ වුණානම් ඔයා ඔහොම කතා කරනවද? මේ මැරුවේ යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයින්...

:       9723       211

ශාන්ත ෆ්ර්නාන්දු Wednesday, 29 August 2018 06:59 PM

බමුණුආරච්චි වැරදි නැහැ. වැරදිකාරයෙක් දඟ කලොත් පැනලා යන්න හැදුවොත් හමුදාවෙන් වෙඩි තියනවා. හමුදාව ඉන්නේ පොල්ගාන්න නොවෙයි රටට විරුද්ධ අයව මරන්නයි.

:       70       415

RNG Thursday, 30 August 2018 02:51 AM

නුවණැති හැට දෙලක්ෂෙ නිසා වෙලා තියෙන හරිය නරක නෑනේ. තව ඉස්සරහට මීට වඩා හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ..

:       1       49

Rathnayake Wednesday, 29 August 2018 11:36 AM

බමුණුආරච්චි නිකන් වලිගය පාගාගෙන මෙතන අදහස් ඉදිරිපත් කරන්න එපා.. ලක්ෂ හැටදෙකක් ඡනතා කැමැත්ත දැන් ක්‍රියාත්මකයි. ඔහේලා වගේ අයවත් අත්අඩංගුවට ගන්න ඕනේ .. ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි වීම නිසා...

:       9765       380

BamunuarachchiWednesday, 29 August 2018 05:47 PM

පෙබරවාරි මාසේ ඡන්දෙන් අපි ඒක දැක්කා. ඇත්ත ඇතිසැටියෙන් දැක්කා පමණක් නොව ඒ සම්බන්ද ලිපි කියවලා රුපවාහිනියේ යන කතා අහලා තමයි අපේ ජාතිය ගැන පමණක් සිතන්න පුරුදු උනේ.

:       52       237

RNG Thursday, 30 August 2018 02:56 AM

තවත් කියනවනේ ලැජ්ජාවක් නැතුව. ඔය හැට දෙලක්ෂෙ නිසා තමයි රට මෙච්චර අගාදයකට වැටුනෙ.. ඊළඟ මැතිවරණෙ ප්‍රතිඵලත් බලන්න මොකද වෙන්නෙ කියලා ..

:       1       33

ගලබොඩ ඇත්තේ චමින්ද Wednesday, 29 August 2018 12:19 PM

හොඳ ප්‍රවණතාවක්. කෙසේ හෝ කාටත් එකවගේ ක්‍රියාත්මක වෙන නීතියක් ලංකාවට අවශ්‍යයි. ළඟ එන ඡන්දය නිසා කරන සංදර්ශනයක් නොවේවා.

:       9672       288

de silva Wednesday, 29 August 2018 01:08 PM

මේ කියන විදිහට නාවික හමුදාවේ ගිණුමකින් මෙම පුද්ගලයාට පලායාම සඳහා රුපියල් ලක්ෂ 5කුත් දීලා, පලායාමට වේග ප්‍රහාරකයකුත් දුන්නා නම් මේක විශාල වරදක්, මේක රණවිරු ලේබල් එක යටතේ ගැලවිලා යන්න බැහැ. නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ මෙම පුද්ගලයා අල්ලන්න එනවා කියලා පත්තරෙත් දමල එනකොට මොහුත් රට පනින්නේ නැතුව ලංකාවේ ඉඳීවිද කියන එක...

:       181       53

Thilina Wednesday, 29 August 2018 01:58 PM

පිටරට ඉඳන් ජාතියක් වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට ගරහන අය එක්ක තනියෙන් වුණත් නොබියව අදහස් ප්‍රකාශ කරන කලගුණ දත් සැබෑ සිංහලයෙක්...

:       94       9650

BamunuarachchiThursday, 30 August 2018 01:21 AM

මම මේ වාග් සටන දෙමල ඩයස්පෝරාව සමග 2004 පමණ කාලයේ සිට කළා. දැනට අවුරුදු කීපයකට පෙර එම සංවාද මණ්ඩපය එයකළ ආයතනය නවතා දැමුවා. එසේ උනේ නැතිනම් තවමත් අපි වාද කරනවා. දෙමළුන් කීවා ඒ අය තමයි මෙහි මුල් පදිංචිකරුවන් කියලා මම ඇසුවා එහෙනම් මොකද නුඹලා රටේ සශ්‍රීක පළාත් අත්හැර ඝර්ම කලාපයේ ජීවත් වෙන්නේ කියලා. එකට උත්තර දෙන්න බැරි උනා. දෙමළුන් හිතන්නේ අපි ඉන්දියාවෙන් පැමිණි කොටසක් කියා. නැහැ විජයන් කියන කල්ලතොනියා තම්බපන්නියට එනවිටත් මෙහි සිටි රෙදි අඳින දියුණු ජාතියක් අපි. හැබැයි සමහර සිංහලයින් හිතන්නේත් අපි ඉන්දියාවෙන් ආවා කියලා.

:       1       31

[email protected] Wednesday, 29 August 2018 02:10 PM

මේකනම් මිස් ෆයර් වීමක්...

:       43       2

nihal Wednesday, 29 August 2018 02:20 PM

අදහස් ප්‍රකාශ කිරීම් අතින් අපේ අය ගොඩක් හොඳයි. නීතිය කාටත් පොදුයි. මගේ අදහස නම් අද මෙතුමාට අත්වෙන්න යන ඉරණම නිල ඇඳුමක් ඇඳගෙන ආණ්ඩුවකට විරුද්ධ වෙන්න බැරි නීතියට ලැබෙන දඬුවමක්... යමක් කලේ නම් එම ක්‍රියාව සම්බන්ධව එතුමාට කාගෙන් හරි අණක් ලැබෙන්න ඕනෑ. එහි ප්‍රතිඵලය තමයි ඔය ලැබෙන්න යන්නේ. මේ වගේ රටක ඔබලා කෙසේ සිතුවත් නිල ඇඳුම ඇන්දට හා අඳින්න වුණාට සිතින් දුක්වන විශ්‍රාමික හමුදා සාමාජිකයින් ඕනෑතරම් ඉන්නවා. මොකද නිල ඇඳුම අඳින කාලේවත් එ්කෙන් අයින් වුණාමත් ලංකාවේ කිසිම සැලකිල්ලක් නැහැ එ්කයි ඇත්ත... යුද්ධය නොතිබ්බා නම් ඔය රණවිරුවන් ගැන කතාකරන අය කියන්නේ අට පාස් ආමිකරයා... එහෙම නැත්තම් නේවි කාරයා පොලිස් කාරයා කියල විතරයි...

:       758       43

BamunuarachchiThursday, 30 August 2018 12:56 AM

සිංහලයාට සියල්ල සුමාන දෙකකින් අමතක වන බව ප්‍රබාකරන් කී කතාව ඇත්ත නේද?

:       2       24

RNG Thursday, 30 August 2018 03:03 AM

යුද්ධයක් තිබිලත් ඒ අත්දැකීම් ලැබිලත් එහෙම කියන මිනිස්සු ඉන්න එක ගැනනේ දුක. ප්‍රභාකරන් මැරිලත් තවම ඒ මිනිස්සු ගරු කරනවා. සිංහලයට ඉතින් එහෙම පුරුද්දක් නෑනේ..

:       1       54

Muru Wednesday, 29 August 2018 04:03 PM

ආරක්ෂක අංශ ප්‍රධානියා සැබෑ සොල්දාදුවෙක් සහ නාවික හමුදා විශේෂ බලකායේ නිර්මාතෘ බව හැමෝම දනී. අපට සවන්දීමට හැකිවූයේ විශිෂ්ට චරිතයක් සහ සැබෑ සටනක නායකයායි. එම සටනේදී පමණක් නොව, සිවිල් ජීවිතයේදී පමණක් ඔහුගේ නායකත්වය තහවුරු කර ඇත. එල්ටීටීඊයට එරෙහිව මුහුදේ ගැටුම් වලදී ඔහු තුවාල ලබා ඇත. ඉහත සිද්ධිය පදනම් විරහිතයි. නිසැකවම මෙම ඇබැද්දිය සැබෑ රණවිරුවන් මත පීඩනය කිරීමට තැත් කරන දෙමළ ඩයස්පෝරාව සහ පටු දේශපාලන න්‍යාය පත්‍රයක් බව ඔප්පු කරයි.

:       0       12

Shan Wednesday, 29 August 2018 08:02 PM

වැරදි කලානම් දඬුවම් විදින්නම ඕන. මේකේ අදහස් දාන සමහර අය හිතන්නේ ලොක්කෝ වුනාම නීතිය අදාල නෑ වගේ.

:       0       9

විජිත් Wednesday, 29 August 2018 10:07 PM

මට නම් ඔය කතාව විශ්වාස කරන්න අමාරුයි. ඔය කියන නිලධාරියාව සමහරවිට කට උත්තරයක් ගන්න එන්න කියවී. මේ ශ්‍රී ලංකාවයි මහත්වරුනේ මම කියන්න ඕනේ නැහැනේ මෙරටේ සිදුවෙන දේවල් ගැන...

:       0       37

sumith Thursday, 30 August 2018 04:51 AM

බමුණුආරච්චි මට නම් හිතෙන්නේ ඔයාට හොද බේගල් ආරච්චි කියන නම

:       16       27

ShanFriday, 31 August 2018 06:34 AM

ඇත්ත... කාගෙන් හරි ජරාව කනවා ඇති. නැත්නම් වරදකට දඬුවම් දෙන එකට මෙච්චර කරන්න ඕනේ නෑනේ...

:       13       12

BamunuarachchiFriday, 31 August 2018 02:36 PM

මම ගරු කරන්නේ කොකේන් හරි කෙකේන් හරි යුද්ධය දිනපු එකටයි. "යුද්ධයේදී සහ ආදරයේදී කරන හැම දෙයක්ම සාධාරණයි" කියා කියමනක් තිබෙනවා ඔබලා අසා තිබෙනවා නේද? එක කිව්වේ ක්‍රිෂ්ණ දෙවියෝ හෙවත් "ලෝඩ්ක්‍රිෂ්ණ". ඉතින් යුද්ධය දිනන්න කරා නම් හැම දෙයක්ම ක්‍රිෂ්ණ දෙවියන්ට හොඳනම් අපේ හමුදා නිලධාරීන් නොහොඳ වන්නේ කොහොමද?

:       0       0

සමන්ත Thursday, 30 August 2018 05:08 AM

ඔය Bamunuarachchi, වගේ අය කියවන්නේ මෙලෝ හසරක් දැනගෙන නෙවේ. හමුදා මාණ්ඩලික ප්‍රධානි නෙමේ , කව්රු වුනත් වැරද්දක් කරලා තියෙනවා නම් අත් අඩංගුවට ගත යුතුයි. මේ රටේ ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍ය ඔය කොයි කාටත් වඩා ඉහලයි. නීතිය කාටත් සමානයි.

:       167       159

RNG Thursday, 30 August 2018 08:11 AM

මෙන්න මහා වියතා. මෙයා කියන විදියට තමයි දැන් සේරම වෙන්නෙ

:       34       11

BamunuarachchiFriday, 31 August 2018 02:38 PM

ආර්.එන්.ජී. මේ ගොයියෝ ප්‍රභාකරන් කිව්ව සුමාන දෙකෙන් අතීතය අමතක වෙන කට්ටිය...

:       0       0

samSaturday, 01 September 2018 06:03 AM

සමන්ත ගිහින් නැවු ගිලලා එෆ් සී අයි ඩී නොයා ඉන්න රාජිත ලොක්කාවත් අත්අඩංගුවට ගන්නකො. ඔය නිදහසේ ඉන්නේ. කව්රු වැරැද්දක් කරත් දඬුවම එකයි කියන එක යහපාලන ලොක්කන්ට මතක් කරන්න. එනකොට කිව්වේ එකක් දැන් කරන්නේ තව දෙයක්. ඒ නිසා රවී විජේගුණරත්නව ඇතුළට දානවාද නැද්ද කියල අපිට සද්ද දාලා විතරක් වැඩක් නැහැ.

:       0       0

makola mangala himi Thursday, 30 August 2018 05:44 AM

වැරදි කළ අයට දඬුවම් දෙන්න ඕනේ.

:       0       1

BamunuarachchiFriday, 31 August 2018 02:41 PM

ඒ අයට තමයි හමුදාව දඬුවම් දීලා තිබෙන්නේ. අපේ පොලිස් නිලධාරීන් 800ක් මරපු එක මේ ගොල්ලන්ට මතකවත් නැහැ කොල්ලෝ 11ක් මරපු එකයි ප්‍රශ්නය...

:       0       0

Aruna Thursday, 30 August 2018 06:54 AM

මේ ලිපිය මේ වෙනකොට බලලා තියෙන්නෙ 10481 දෙනයි. ඒ වුනාට එක පාර්ශවයකට පක්ෂව කැමති/අකමැති සලකුණු කිරීම් 11000, 12000, 14000 තියනවා. ඒ කියන්නේ ඒ පාර්ශවයේ අය හිතා මතාම තමන්ගේ ගොඩ වැඩි බව පෙන්නන්න උත්සාහ ගන්නවා.

:       0       18

pissaFriday, 31 August 2018 07:46 PM

බලපු අදහස්වලින් ඉතා වටිනා අදහසක්. මේකෙන්ම පේනවා මිනුස්සුන්ගේ කුහක කම. තමන් කැමති මතයක් ප්‍රකාශ කරලා උලුප්පලා පෙන්නන්න හදනවා සමහර රුපවාහිනී මාධ්‍ය වගේ. වංක කම ඉව වහ ගිහින්.

:       0       0

B samantha Thursday, 30 August 2018 10:38 AM

මේ සියලු දෙනා හොර හැත්ත..... ඡන්දේ දෙන අපි සුපිරි ගොන්නු

:       2       2

de silva Thursday, 30 August 2018 02:40 PM

ඕන ඔට්ටුවක් ඔහු දැන් රටෙත් නැහැ ,

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 133 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 127 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 556 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 613 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 538 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1686 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site