(අජන්ත කුමාර අගලකඩ)
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද බාර දී තිබිණි.
හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ බඩු බාහිරාදිය ද අද පස්වරුවේ ඉවත් කර ගත් බව වාර්තා වේ.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි
Raveendra Thursday, 25 April 2019 01:32 PM
අන්තිමේදී හරි රටට සේවයක් කිරීම පිළිබඳව අපි මේ එළු වීරයාට ස්තුති කරන්නෙමු. එතකොට අනිකා මොකද තාම හොරගල් අහුලන්නේ ..? සුත්තර පුන්චාගේ රෙද්දේ එල්ලිලා අඬ අඬ... අනේ මට යන්න බැරියෝ කියනවද?
බන්දුසේන Thursday, 25 April 2019 01:35 PM
ගමරාළයි, පොලිස්පතියි, ආරක්ෂක රාජ්‍ය ඇමැතියි ඉල්ලා අස්වෙලා නැද්ද?
Anuradha Thursday, 25 April 2019 01:37 PM
බොහෝම ස්තුතියි සර්...!!!
chathuri Thursday, 25 April 2019 01:38 PM
දැන් ගිහින් පළමුව කතාකරන හැටි ඉගෙනගන්න.. මෝඩකම විදහා පාන්නේ නැතිව... ආරක්ෂක ලේකම්ගේ වගකීම වැඩියි ඇමතිට වැඩිය... ඇමති ඉන්නේ නමට. ලේකම් මෙහෙම වෙන්න ඇමැතිගේ හැටි හිතාගන්න පුළුවන් මොවුන්ගේ විශ්ව විද්‍යාල සුදුසුකම් නැති කිසිවකුට රටේ කිසිම අමාත්‍යාංශයක් බාර දෙන්න එපා. සමහරුන්ට කට තිබ්බට වැඩ කරන්න තේරුමක් නැහැ. වැසියෝ සියලුම විලාප දෙනවා මේ... වැඩබැරි... ගොන්රැල සිනා මුසුමුහුණින් කෙරුවාව ගැන කියනවා. හිතන්න එපා කට්ටිය බේරුණා. කියලා...
Nuwan Thursday, 25 April 2019 01:45 PM
හිටියත් නෑ වගේනේ ඉතින්.... ගියත් වෙනසක් නැහැ.
Dhammika Thursday, 25 April 2019 01:50 PM
ඊයේ තමයි ඉල්ලා අස්වෙන්න කිව්වේ.. අද තමයි අස්වෙනවා කියලා කියන්නේ... පේනවා නේද ගොලුබෙලි ගමන? අස්වෙලා මදි අධිකරණයට යන්නත් ලැහැස්තිවෙන්න වගකීම් මගහැරීම නිසා අහිංසක වැසියන් 300ක් ඝාතනය වීම, රට අපකීර්තියට පත්කිරීමට එරෙහිව එන නඩුවලට...
CIsco Thursday, 25 April 2019 02:21 PM
සිංහ රැළ මෙහෙයවන්න පත්කරලා කොටළුවා ඉවත් වීම ගැන සතුටුයි.
Rata Perata Thursday, 25 April 2019 02:28 PM
සිරිසේන මොන රටේද තානාපතිකමක් දෙනවා කිව්වේ?
Don Thursday, 25 April 2019 03:05 PM
තවත් වැඩ බැරි පූච්චන් ලේකම්ලා ඉන්නවා !!
hesa Thursday, 25 April 2019 03:07 PM
දිගටම දිගටම ඉල්ලා අස් වේවි..!!! යයිද පෝලිමට?
ලසන්ත Thursday, 25 April 2019 04:17 PM
ඉවත්කර විනය පරික්ෂනයක් පැවැත්වීමයි සිදුකල යුත්තේ, ඔය පරිපාලන සේවයේ ඉන්න 95% ක් නිලධාරීන් ලියුමක් හරියට කියවන්නේ නෑ. කොතරම් වැදගත්, හදිසි, කඩිනම් තීරණ ගතයුතු දෙයක් තිබුනත් "සු.ක.ට.(සුදුසු කටයුතු සඳහා), අ.ක.ස.(අදාල කටයුතු සඳහා), fna ගො.ඉ.ක., ආදිය ලියා පහලට පහලට යවනවා. මේ අය SLIDA එකෙන්, දේශීය විදේශීය පුහුණුවලින් ඉගෙනගන්නේ ඔච්චරද මන්දා? උදේ ඉඳන් රෑවෙනකම් දේශපාලන අධිකාරිය ආරක්ෂා කිරීම හා සතුටු කිරීම, ගෙවල්වල හා පුද්ගලික වැඩ වලට තමයි රජකාරියේ ප්‍රමුකතාව දෙන්නේ.
Sapumal.Friday, 26 April 2019 01:56 AM
ලසන්ත මහතා නිවැරදියි. සමහර ඉහළ තනතුරු දරන උගතුන් උගත් උනත් බුද්ධිමත් නැහැ. උඩඟුයි,අහන්කාරයි,උද්ධච්චයි. ඒකයි රට පිරිහෙන්නේ. පිටරට උගතුන් බොහෝවිට නිහතමානියි, නිරහන්කාරයි. ඒකයි ඒ රටවල් දියුණු වෙන්නේ. "උගත්කම ගැන උඩඟුවීම තරම් තවත් මෝඩකමක් නැත " යනුවෙන් පඬිවරු පවසා ඇත්තේ නිකමට නොවේ. එවැනි උඩඟු මිනිසුන් ඉහළ තනතුරු හොබවන රටක් කෙසේ දියුණුව කරා යාවිද ?
චමින්දFriday, 26 April 2019 12:12 PM
මොහු පරිපාලන සේවයේ අයෙක් නොවේ නාවික හමුදාවේ කොමදෝරු කෙනෙක්. පරිපාලන සේවයේ කෙනෙකුනම් දන්නවා මහජන නියෝජිතයින් කෙරෙහි පිලිපැදිය යුත්තේ කෙසේද කියල. මොහු ඒ් කිසිවක් නොදන්නා නිසානේ රටේ දෙවන පුරවැසියාගේ ඉල්ලීම ඉවතලා එතුමා තමා ළඟට කැඳවාගෙන රස්තියාදු කලේ. මොහුට රට ගැන හැඟීමක් තිබුනේ නැහැ
Ajith Thursday, 25 April 2019 04:18 PM
අස්වෙලා විතරක් මදි මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ
rasika Thursday, 25 April 2019 05:08 PM
මේ ආණ්ඩුවේ ඔය ඉල්ලා අස්වීම්වලින් නම් වැඩක් නැහැ.. මට මතකයි.. රවී කරුණානායක ඉල්ලා අස් වුණා, එතකොට තිලක් මාරපන ඉල්ලලා අස් වුණා, විජේ කලා ඉල්ලා අස් වුණා.. මොකද වුනේ.. පොඩි කාලෙකට පොඩ්ඩක් අමතක වෙන්න දීලා අයෙත් ඇමතිකම් දුන්නා.. මෙතන වෙන්න ඕනේ.. මොහුට විරුද්දව නඩු දාලා මොහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න ඕනේ.. ලංකාවේ පොලිස් නීතිය අනුව අනතුරක් වලක්වා නොගැනීමත් දඩුවම් ලැබෙන වරදක්..
Mahesh Thursday, 25 April 2019 07:21 PM
මොහු පරිපාලන හෝ හමුදා, පොලිස් නිලධාරියෙක් නොවෙ. එසේ නම් කවුද ඔහුව පත් කලේ. වෙන කවුරුවත් නොවේ ජනාධිපතිවරයායි.
ranjith Thursday, 25 April 2019 11:19 PM
මුන් ඔක්කොම ඉවත් කරන්න ඊළඟ මැතිවරණයෙන් මුන් ගෙදය යවමු...... රට විනාස කරනවා නැත්නම්
sam Friday, 26 April 2019 01:43 AM
එතකොට කෝ කුජිත ජයගින්දර? දාලා යන්නෙම නැහැ වගේ?
Chamila Friday, 26 April 2019 06:21 AM
එතකොට අර පුජිත මහත්තයට සිංහල තේරෙන්නේ නැද්ද? එයාට බුලත් දීලා කියන්න ඕනද යන්න කියලා.
පුරවැසියා Saturday, 27 April 2019 01:41 AM
මේ අයව ඉවත් කරලා නෑ. ඉල්ලා අස්වෙන්න කියලා තියන්නෙ. මේ වගෙ දරුණු ව්යාසකාරී වෙලාවකවත් ඍජු තීන්දු ගන්න බැරිනම් ඇති පලේ කිම? පොලිස්පතිවරයා තවම ඉල්ලා අස්වෙලා නෑනෙ. ඉසුරුමත් වූ සුන්දර දිවයිනකට අත්වු ඉරණම!!!!!