IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආරක්ෂාව නැතැයි හිටපු ජනපති කියයි

නව රජය තමන්ගේ ආරක්ෂාව,වාහන හා ඉන්ධන අඩු කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේදී  අද (30) සවස  ප්‍රකාශ කළේය.

එම විහාරස්ථානයේ ජය සිරිත් පිංකමකට සහභාගීවීම සඳහා ඔහු පැමිණ සිටියේය.

DSC05308ll DSC05344 DSC05370 DSC05374 vlcsnap-2015-03-30-19h26m49s108

 

 

 



අදහස් (0)

ආරක්ෂාව නැතැයි හිටපු ජනපති කියයි

ඔසන් සලාම් - කටාර් Tuesday, 31 March 2015 03:40 AM

ජනතාව ඉන්නේ ඔබගේ පැත්තේ නැතිනම් ඔබගේ සාක්කුවේ කියල මහ ලොකුවට ඔබත් අර උඩුබුරන උදවියත් උලුප්පල පෙන්වන්න හදනවා නම් ඔබට මොටද ආරක්ෂාවක් මං අහන්නේ ? ජනතාව මදෑ !! (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 31 March 2015 03:52 AM

ඔබ නියම බෞද්ධයෙක් නම්, ලද දෙයින් සතුටු වන්න. පන්සල් ගානෙ අපරාධකාරයන්ගේ මළගෙවල් ගානෙ ගිහින් සමාජයට ඔබ දෙන පණිවිඩය කුමක්ද ? ජේ ආර් හා විජේතුංග වැනි නායකයන් අවසන් සැන්දෑ කාලයේ ගෙවුන සරල ජීවිතය කොතරම්ද කියා වටහා ගන්න. සමාජයේ ඔබට හිමි තැන කාලය වෙන්කරාවී. (ස)

:       0       0

චන්දිමා Tuesday, 31 March 2015 04:00 AM

හිරේ යන්න එතකොට ආරක්ෂාව දේවි. (ස)

:       0       0

ලිඔන් Tuesday, 31 March 2015 04:06 AM

වාහන 100ක් ඕනද ? (ස)

:       0       0

අරුණ Tuesday, 31 March 2015 04:08 AM

අදහස් දැක්කම හිතෙනවා අපේ රටේ මිනිස්සු මොනතරම් බලුවෙලාද කියල. රටක් දිනලා නිදහසේ අබිමානයෙන් ඉන්න දීපු ඒ මහත්මයට කියන කතා... (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 31 March 2015 04:23 AM

ආරක්ෂාව මදිනම් ෆොන්සේකාව බිම දිගේ ඇදන් ගිහින් හිරේ දැම්මා වගේ වැලිකඩ ගිහින් නැවැත්තුවා නම් ඔය කරදර නැහැ නේද? (ස)

:       0       0

රොෂාන් Tuesday, 31 March 2015 04:23 AM

කාලෙන් කාල ආරක්ෂා කරන්න උනත් ඔය තියෙන ආරක්ෂාව හොඳටම ඇති. (ස)

:       0       0

අතුර Tuesday, 31 March 2015 04:24 AM

හොරා කෑම නැති වුනදා බිම පෙරලෙයි වැඳ වැටිලා...මොන හොරාද අහුවෙන්න හොරකම් කරන්නේ. මහින්ද මළාම වේලලවත් තියාගන්න වෙයි නේද නැත්නම් ආයි කොටි එනවනේ. (ස)

:       0       0

ලාල් Tuesday, 31 March 2015 03:55 PM

කවුරුවත් මෙයාව දැන් ගනන් ගන්නේ නැහැ.මෙයාට මොකටද ආරක්ෂාවක්,මෙයාව මරන්න කවුරුවත් නැහැ.තාමත් බලන්නේම මහාජනතාවගේ මුදල් නැති කරන්න.(බ)

:       0       0

ජයසිංහ Tuesday, 31 March 2015 04:31 AM

තිලක් ඩුබායි ලංකාවේද ඉන්නේ ? නැහැ නෑ ප්‍රනාන්දු, ඩුබායි තිලක් ඊළගට යන්න ඉන්නේ සයිබීරියාවටනේ. එතකොට අපට කියන්න වෙන්නේ සයිබීරියා තිලක් කියල නේ! (ස)

:       0       0

පියුමි Monday, 30 March 2015 02:26 PM

ඔය තිබෙන තරම හොඳටම ප්‍රමාණවත් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

නන්ද Monday, 30 March 2015 02:26 PM

අනේ අපිට නම් ඉතින් ඔය කිසිම ආරක්ෂාවක් නැහැ (නි)

:       0       0

දිනුෂා Tuesday, 31 March 2015 04:47 AM

අනේ මෙතුමාට ඉල්ලන තරමක් ආරක්ෂාව දෙන්න ,නැතිනම් මොනවා වෙයිද දන්නේ නෑ (දිල්)

:       0       0

සුරංග Tuesday, 31 March 2015 04:52 AM

මේකේ ප්‍රතිචාර දක්වන අය හරියට තම්බින්ගේ තොප්පිය වගේ තමයි, ඕන පැත්තකට දාන්න පුළුවන්. යුද්දේ දිනපු කාලේ එතුමාට පණ දෙන්න, හිටපු අය තමයි දැන් මේ විදියට සලකන්නේ (දිල්)

:       0       0

නුවන් Monday, 30 March 2015 02:29 PM

අපියි කියලා මොනවා කරන්නද ඉතින්? (නි)

:       0       0

නිහාල් Monday, 30 March 2015 02:30 PM

ඔබ අෂ්ඨලෝක ධර්මයන් ගැන මෙනෙහිකරන්න. අතහැරීමටත් පුරුදුවන්න. ඔබ වටා ඇති සෑම දෙයක්ම ඔබටම අයත් දේවල් නොවේ. එසේ සීතීම මායාවක් විය හැක. (නි)

:       0       0

සුමිත් Tuesday, 31 March 2015 05:03 AM

අපි ඔබ තුමාට අදරෙයි.ගරු කරනවා , බය නැතුව ගමනක් යන්නෙත් ඔබ නිසා (දිල්)

:       0       0

නොයෙල් Monday, 30 March 2015 02:35 PM

දැන් තේරෙනවා ඇති සාමාන්‍ය අපි විඳින දුක (නි)

:       0       0

කරුණාරත්න Monday, 30 March 2015 02:35 PM

ඇති ඇති. ඔය හොඳටම ඇති (නි)

:       0       0

අනිල් Tuesday, 31 March 2015 05:09 AM

එසැණ පුවත් වල වැඩිම දෙනෙක් නරඹපු වැඩිම දෙනෙක් අදහස් දක්වන ලද පුවත . කව්රු කොතරම් උඩ පැන්නත් එතුමා මේ රටට කළ මිල කළ නොහැකි සේවය අදට වැඩ හෙට වටිනා බව තහවුරු වෙමින් පවතයි. එතුමා සමග වෛරයෙන් සහ ඊර්ෂ්‍යාවෙන් පෙලෙන ඩුබායි තිලක් වැනි අය කොතරම් මඩ ගැහුවත් එතුමා ජන හදවත් තුලින් අතුගා දැමීම කළ නොහැකියි . රනිල්ට , චන්ද්‍රිකාට දේශපාලනය කිරීමේ අයිතිය ඇත්නම් එතුමාටද දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය ඇත . සම හරක්ට එය දිරවන්නේ නැත් නම් මඩ ගැසීම දිගටම කළ හැක (බ)

:       0       0

කළුබණ්ඩා‍ Monday, 30 March 2015 02:48 PM

ඔන්න ඕවා ගණන් නොගෙන ඉන්න මහත්තයෝ (නි)

:       0       0

ජනහිත Tuesday, 31 March 2015 05:15 AM

අතුල කරුණාකරලා මානසික වෛද්‍යවරයෙක් වහාම හමුවන්න. (බ)

:       0       0

නන්දලාල් Monday, 30 March 2015 02:52 PM

ඒ කාලේ හම්බකළ දේවල් වලින් ටිකක් හරි බැංකු පොතක දාලා තිබුණා නම්, මේ විදියට නාහෙන් අඬන්න ඕනෑවෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

දහම් ද සිල්වා Tuesday, 31 March 2015 05:16 AM

මහත්මයා බලය තියන විටදී පන්සිල් වලින් එකක්වත් රකින්නෑ. පන්සල් ගියේ අපිව රවට්ටන්න (බ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Tuesday, 31 March 2015 05:20 AM

හිටපු ජනපතිට ඔබ මොකවත් දුන්නද..යහපාලන ආණ්ඩුව ඔබට කොච්චර ආරක්ෂාවක් දීලා තියනවද..නිකං ජනතාව අන්දන්න එපා..දිට්ඨදම්ම වේදීනය කර්මය තමයි ඔබට පල දෙන්නේ..(බ)

:       0       0

ජයතුංග Monday, 30 March 2015 02:58 PM

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් අාරක්ෂා කරයි. (නි)

:       0       0

විමානි Tuesday, 31 March 2015 05:21 AM

වැඩිපුර ආරක්ෂකයෝ ඕනෑනම් සල්ලි වලට ගන්න.මෙහෙම ගියොත් ගිය අයට ආරක්ෂාව දිගෙන ඉන්නවට වඩා වැඩ නැහැ. (බ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 02:58 PM

නන්දලාල්, අපේ සමහර අයගේ වත්කම් තවම ගණන් බලන්නත් බැරිලු (නි)

:       0       0

විනීතා Monday, 30 March 2015 02:59 PM

යහපාලනය ගැන අපිට දැන් හොඳට තේරෙනවා මහත්තයෝ (නි)

:       0       0

කපිල Tuesday, 31 March 2015 05:33 AM

මේවා බොරු. තිබුන ආරක්ෂාව එහෙමම දීල තියෙනවා වාහනත් එක්කම ලඟදි පී එස් ඩී එකෙන්. (ස)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:00 PM

බණ අහන්න ඉඳගන්නෙත් හාමුදුරුවන්ටත් වඩා උස සැපපහසු පුටුවකද? (නි)

:       0       0

සජිත් Tuesday, 31 March 2015 05:34 AM

දැන් ඉතින් එයාගෙන් වැඩක් නැහැ. ඔන්න ඔහේ හිටපුදෙන්. එයාගෙන් මැරුම් කාපු එකක් පලිය ගන්න කන්. (ස)

:       0       0

අමල් Monday, 30 March 2015 03:00 PM

කලින් හිටපු ජනාධිපතිවරුන්ටත් මෙච්චරවත් දේවල් ලැබුනද? වාහන 12ක් තියෙනවා කිව්වා, ආරක්ෂකයෝ 200කට වඩා ඉන්නවා කිව්වා. ඔය මදිද? (නි)

:       0       0

ටිරෝන් Tuesday, 31 March 2015 05:33 AM

ඕක තමයි කියන්නේ අනුන්ට වලවල් කපන්න හොඳ නැහැ කියලා අපි නම් ඒවා ඉගෙන ගත්තේ පහේ පන්තියේදී වලවල් කැපුවේ තමන් සදාකාලිකයි කියලා හිතාගෙනනේ. මක්කෙයි කොරන්නේ උසාවි නියෝගයට පිටින් යන්න බැහැනේ. උසාවියට අපහාස වෙනවා නීතිය දන්නා ඔබතුමා එය දන්නවානේ. (ස)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:01 PM

ආරක්ෂාවට පොලිසියේ දෙදෙනෙක් දුන්නම හොඳටම ප්‍රමාණවත්. (නි)

:       0       0

සමන් Tuesday, 31 March 2015 05:35 AM

මෙච්චර දේවල් කරලා තියෙද්දිත් අපේ මිනිසුන්ට තාම මහින්ද මහත්තය වගේ කෙනෙක් නැහැ වගේ. කරපු විනාසේ අැස් පනාපිටම දකින්න තියෙද්දිත් මොකද අපේ මිනිස්සු තවමත් එයාවම අගමැති කරන හදන්නේ ? මොකද තරුණයෝ හිඟයක් එහෙම තියෙනවද.රටට ආදරේ , රටේ සම්පත් හොරා නොකන කෙනෙක්ව ඉදිරියට ගමු බොලව්. නැතිනම් අපි සේරම් වලේ. (ස)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:03 PM

ඒ වුණත් සමහරු නම් වැදගත් විදිහට ගෙදර ගියා.නැවත බලයට එන්න කෑදරකමක් තිබුනෙම නැහැ. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:04 PM

ඇයි බණ අහන්න වෙනත් අය වගේ බිම ඉඳගන්න බැරි කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:05 PM

මොන තරම් බණ ඇහැව්වත්,මොන තරම් මළ ගෙවල් ගානේ ගියත් දැන් වැඩක් වෙන්නේ නැහැ.ජනතාව කුණු බක්කියට දාල ඉවරයි.(බ)

:       0       0

අනුර Monday, 30 March 2015 03:06 PM

දන්නේ නැද්ද දැන් රටේ තියෙන්නේ යහපාලනයක් ඒ දවස්වල වගේ මුදල් නාස්ති කරන්න බැහැ තණ්හාව ජායති සෝකෝ -තණ්හාව ජායති බයන් ! රට හරිමගට ගන්නනම් උඩ සිට පහළටත් පහළ සිට උඩටත් නාස්තිය පිටු දකින්න ඕනි !(බ)

:       0       0

වීකී Tuesday, 31 March 2015 05:40 AM

චන්ද්‍රික හිටිය තත්වෙට වඩා හොඳ තත්වයක් ඔබට තියෙනවා කියල අපි හිතනවා, දෙන්නම හිටපු ජනාධිපති වරුණේ... රට හැර යන්න උනෙත් නෑනේ.. (ස)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:06 PM

නිහාල් මොන අෂ්ඨලෝක ධර්මයන්ද?නැවත බලන්නේ රටේ ධනස්කන්ධය ගසා කන්නයි.එකතු කර ගත්තු ධනස්කන්ධයට අාරක්ෂාව දෙන්නයි. (බ)

:       0       0

වීකී Tuesday, 31 March 2015 05:42 AM

ආරක්ෂාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් ඉන්නවා එවන්නද? (ස)

:       0       0

කිරි ගමරාල Tuesday, 31 March 2015 05:43 AM

බන අහන ගමන් මැදමුලනට වෙලා තමන්ගේ චරිතාපදානය ලිව්වනම් අනාගතේදී දේශපාලනයට එන්න ඉන්න යට හොඳ අත්පොතක් තියේවි. (ස)

:       0       0

තිස්ස Monday, 30 March 2015 03:08 PM

සියල්ල දැන් ඔබට වැටහෙනු ඇති! (නි)

:       0       0

කැළුම් Monday, 30 March 2015 03:09 PM

තවත් ඔයදේවල් පසුපස යන්නේ ඇයි? (නි)

:       0       0

තිලෝක Monday, 30 March 2015 03:11 PM

කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

විමුක්ති Monday, 30 March 2015 03:11 PM

ලදදෙයින් සතුටුවෙන්න බලන්න (නි)

:       0       0

තිලක් Monday, 30 March 2015 03:13 PM

එංගලන්තේ අගමැතිතුමා දුම්රියේ යනවා සාමාන්‍ය මිනිස්සු වගේ. ඉතාලියේ අගමැති බයිසිකලයේ යන්නේ. උරුගුවේ ජනාධිපති ඉන්නේ පොඩි නිවසක. වගාකරගෙන කන්නේ. ලැබෙන පඩියත් අසරණ මිනිසුන්ට දෙනවා. මේ අපේ අය පන්සල් වල ඉඳගෙන බණත් අසමින් කම්සැප හොයන්නේ ඇයි? මේවා අපි කාට කියන්නද? (නි)

:       0       0

තුෂාර Monday, 30 March 2015 03:13 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:14 PM

රටක් නිදහස් කරගත් ජාතික වීරයෙක් හිරගෙදර ජම්පරයක් ඇඳගෙන බෙලෙක් පිඟානේ බත්කාපු හැටිත් මට මතක්වුණා (නි)

:       0       0

පාලිත Tuesday, 31 March 2015 05:59 AM

සුමුදු හේවා, යම් කිසි කෙනෙක් වැදගත් ජාතික මෙහෙවරක් කල පසු ඒකට ණය ගෙවන්න මුළු රටේම මිනිස්සු පරම්පරා පිටින් තමන්ට සහ පවුලට කම්රන්න ඕන කියල හිතනවා නම් ඒ කල මෙහෙවරේ වැදගත්කම නැති වෙලා යනවා. ඒ නිසා ඔබ කල ගුණ සැලකීමයි කකුල් දෙක ළඟ වැටිලා කඹුරන එකයි අතර වෙනස ඉස්සෙල්ල අඳුනා ගන්න. (ස)

:       0       0

දිල්ෂාන් Monday, 30 March 2015 03:14 PM

දැන් බැලුවහම මේකේ අදහස් දාන අයනේ කොටි පරාජය කරලා තියෙන්නේ. (නි)

:       0       0

සමන් Monday, 30 March 2015 03:15 PM

ගොඩක් මිනිසුන්ට තව ටික කලකින් තේරුම්යාවි (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 31 March 2015 06:01 AM

ඔබ අෂ්ඨලෝක ධර්මයන් ගැන මෙනෙහිකරන්න. අතහැරීමටත් පුරුදුවන්න. ඔබ වටා ඇති සෑම දෙයක්ම ඔබටම අයත් දේවල් නොවේ. එසේ සීතීම මායාවක් විය හැක. ඔබ නියම බෞද්ධයෙක් නම්, ලද දෙයින් සතුටු වන්න. පන්සල් ගානෙ අපරාධකාරයන්ගේ මළගෙවල් ගානෙ ගිහින් සමාජයට ඔබ දෙන පණිවිඩය කුමක්ද ? ජේ ආර් හා විජේතුංග වැනි නායකයන් අවසන් සැන්දෑ කාලයේ ගෙවුන සරල ජීවිතය කොතරම්ද කියා වටහා ගන්න. සමාජයේ ඔබට හිමි තැන කාලය වෙන්කරාවී. හිටපු නායිකාවකුත් කියනවා මට ඇහුණා ඒ කාලේ එතුමියගේ ආරක්ෂාව අඩු කළා, වාහන අඩු කළා, විශ්‍රාම වැටුප අඩු කළා කියලා. අනුන්ට කැපු වලේ තමන් වැටුණ කියලා දැන් හිතෙන්නේ නැද්ද මේකට තමා කියන්නේ දිට්ටධම්ම වේධනීය කර්මය කියල. මෛත්‍රී ජනපති වූ නිසා අද ඔහොම ඉන්නව. 2010 පැරදුනානම් අපට 5 වෙනි වාර්ෂික දානයට තමා දැන් සහබාගී වෙන්න වෙන්නේ. දැන්වත් ධර්මයට අනුව කටයුතු කර යන තැනකට පින් රැස් කරගන්න. තණ්හාය ජායතී සෝකෝ කියල බුදු පියාණන් වදාලේ නිකමට නොවේ. (ස)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:15 PM

අර අහවල් මහත්තයා කියනවා වගේ, අපි රැවටෙයි ඕවට. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 10:50 PM

පිවිතුරු යහපාලගේ කටේ මසුරන් දාන්න වටිනවා. කොටින්ගෙන් රට බේරාගත් හිටපු ජනපතිතුමාට ජීවිත අවදානමක් තිබෙනවා. එතුමා රැකගැනීම රටේ වගකීමයි. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:17 PM

අර බුද්ධ පුත්‍රයෝ ටික වැදගෙන ඉන්නේ කාටද? (ස)

:       0       0

ඇසළ Monday, 30 March 2015 03:18 PM

ඉන්න ජනාධිපතිටත් වැඩියේ ආරක්ෂාවක් දෙන්න අවශ්‍ය හිටපු ජනාධිපති තුමාට. කිසි කෙනෙකුට මතක නැහැ දැන්, ඒ කාලේ ලංකාව පුරාම බෝම්බ පිපිරිලා මස් කැලි පෙට්ටිවල දාල වලලපු කාලේ. හැංගුන කොටිය බලාගෙන ඉන්නේ අවස්ථාව එනකල් ආයිත් එක බෝම්බයක් කොළඹ පිපුරුණ දවසට තේරෙයි හිටපු ජනාධිපතිගේ වටිනා කම. නැත්නම් දෙමලෙන් ජාතික ගිය ගය ගයා තමයි අපිටත් ඉන්න වෙන්නේ ඉස්සරහට. තිලක් ඩුබායි බන අහන්න බිම නෙමෙයි වාඩිවෙන්න වෙන්නේ පෙට්ටියේ. ප්‍රභාකරන් කියපු කතාව ඇත්ත සිංහලයට ඕනෙම දෙයක් මතක තියෙන්නේ ටික දවසයි. (ස)

:       0       0

වාසනා Monday, 30 March 2015 03:18 PM

අනේ හාමුදුරුවන්ගේ ආරක්ෂාව අඩු කෙරුවද . මම නම් එදා ඉඳන් ඔබ තුමා සමගයි , (ස)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 11:08 PM

පාලිත, උපුල්, ලලිත් ඇතුළු අයටයි මේ කියන්නේ. එතුමාට පරම්පරා ගාණක් දෙකකුල් ළඟ වැටිලා කඹුරන්න ඕනෑ කියලා මම කිව්වේ නැහැ.ඔයාලා එතුමාගේ පවුලට කඹුරන්න කරදර වෙන්න ඕනෑත් නැහැ. තමන්ගේ දිවි පරදුවට තියලා රට රැකදුන් නායකයාව රැකගැනීම ජාතික යුතුකමක් සේම එය නොතැකීම ගුණමකුකමකි. එපමණයි. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:19 PM

බුදුහාමුදුරුවන්ගෙන් බන ඇහැව්වා කියල කිව්වත් දැන් රටේ මිනිස්සු රැවටෙන්නේ නැහැ.එක ඉර හඳ වගේ විස්වාසයි. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 31 March 2015 06:07 AM

තව මොන ආරක්ෂකයෝද මහත්තයෝ.ඔබතුමා වටා ඔය ඉන්න රොත්ත ඔබතුමාට ආරක්ෂාව සපයයිනේ. දැන් කාට කාටත් තේරෙනවා නේද බලයේ ඉන්නකොට කොහොමද බලයේ නැතිකොට කොහොමද රඟේ කියලා. (ස)

:       0       0

පතිරණ Monday, 30 March 2015 03:22 PM

අනේ මන්ද දැන් රෑට නින්ද යන්නෙත් නැහැලු. නින්ද ගියත් පෙන්නේ නපුරු හීන. ඒ වෙලාවට පිලට වෙලා කල්පනා කර කර ඉන්නවා. කොපි කෝපයක් බිලා. (ස)

:       0       0

රංග Tuesday, 31 March 2015 06:08 AM

මීට කලින් විශ්‍රාම ගිය ජනාධිපති වරු යුද්ධ කලේ නැති එක සමහරු උලුප්පනවා. එත් මටත් පෙන්නේ කවුදෝ කියපු හැටියට මේක තවමත් මම තමයි පලවෙනි පුරවැසිය කියල ගෙදර ඉඳල පෙන්නන්න ඕන මානසික අවශ්‍යතාවක්. මේ රට සංවර්ධිත රටක් නම් ඔහොම අතට පයට ඉල්ලුවට කමක් නැහැ . දැන් මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය හිටපු නායකයාට ආරක්ෂාව සපයන එක නම් අපිට පුරවැසියන් ලෙස උදේ ඉඳල වෙන කරන්න දෙයක් මේ රටේ නැහැ. (ස)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 11:12 PM

අනේ අනේ ලලිත්, රට බේරාගෙන යම්තම් අවුරුදු 5ක් ගෙවෙද්දීම රට රැකදුන් නායකයාට ආරක්ෂාවදීම රටට බරක් කියලා හිතනවාද? ලලිත්ට මතක නැහැ ඒ කාලේ යුද්ධය නිසා දිනකට සෙබළු කීදෙනෙක් නැහුණාද? එක බෝම්බෙට මොහොතකදී කී දෙනෙක් දිවි දුන්නද? දිනකට යුද්ධයේ වියදම කොතෙක්ද? අඩුම තරමින් ඔයා මරබයේ උන් හැටිවත් මතක නැද්ද? පුදුම ගුණමකුකමක් තමයි. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:23 PM

අපේ රට විනාශ කල විදිහට තව අවරුදු 100 කට ගොඩ ගන්න බැහැ. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 30 March 2015 03:23 PM

අනේද කියන්නේ. (ස)

:       0       0

උපුල් Tuesday, 31 March 2015 06:10 AM

මහින්ද යුද්දේ ඉවර කරා කියලා රට කන්න දෙන්න බෑ. මේක තේරුම් ගත්නේ නැති මී හරක් රැලක් තාම රටේ ඉන්නවා. මෛත්‍රිට පාඩුවේ වැඩේ කරන්න ඉඩ දිලා වැදගත් මහත්තයෙක් වගේ පාඩුවේ ඉන්න. ඔයාලට ආදරේට නෙවෙයි ආයිත් එන්නේ මහින්දගේ පරපුර රකින්න. එක තේරුම් ගන්න. මහින්දට කඩේ යන අයට කියන්නේ. මිට වැඩිය කියන්න දෙයක් නෑ. (ස)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 11:15 PM

අනේ ලාල්, එයා ගැන අදහස් දක්වන්න ඔයා කරදර වෙන්නේ මොකටද? බොරු මොකටද? මහින්ද භීතිකාව ඉතාමත්ම උත්සන්නවෙලා නේද? (නි)

:       0       0

මහානාම Monday, 30 March 2015 03:24 PM

මොකටද ඔතරම් ආරක්ෂාව. ඔබ කොටි ඉවර කළා නේ? ඇයි බය? දැන් කොටි නැහැනේ? ටිකක් කල් ඉවසන්න. මෛත්‍රීට මේක කරන්න ඉඩදෙන්න.අවුල් කරන්න එපා. (ස)

:       0       0

මීනා Monday, 30 March 2015 03:26 PM

අපිට පාරේ බැහැලා යන්න හැකිකළ මිනිසාට ඔහොම කරන්න හොඳ නැහැ. (ස)

:       0       0

තිලකා Tuesday, 31 March 2015 06:15 AM

අනේ මන්දා අර ඩුබායි කියලා රටක ඉදන් ඔටුවෙක් කැගහනවා.රටඉදි කාල වතුර නැතුව ගින්න අැවිස්සිලාද කොහෙද . මහින්ද මහත්තයාගේ සාටකේ දැක්කත් මිනිහට මල මුත්‍ර යනවනේ .මට හිතෙන්නේ මිනිහ සිංහල වෙන්න බෑ. කොටියෙක්ද කොහෙද .මොකද කොටි තමයි ඔහොම මහින්ද මහත්තයත් එක්ක තරහ ගහපු ගැහිල්ලට ... (ස)

:       0       0

වැකෝ Monday, 30 March 2015 03:29 PM

අනිත් අයට ඉන්න උනේ ජම්පරයක් ඇදගෙන හිරබත් කකා, බිම සිමෙන්ති පොලවේ නිදාගෙන. (ස)

:       0       0

සෑම් Monday, 30 March 2015 03:29 PM

මෙයාට පිරිත් නෙමෙයි වස් කවි කියන්ඩ ඕන. මෙයා කල වංචා වලට. (ස)

:       0       0

තිලක් -ඩුබායි Monday, 30 March 2015 03:29 PM

එකතු වෙලා කාපු කෑමට අපේ රට මෙහෙමවත් ඉතිරි වෙලා තියෙන්නේ බුදුන්ගේ,දෙවියන්ගේ ඇල්ම බැල්ම නිසයි. (ස)

:       0       0

ගිහාන් Tuesday, 31 March 2015 06:19 AM

තවමත් කියන්නේ මමය මාගේය මටය ! ඇත්තට මෙහෙම ඉල්ලීම් කරන්න මේ රට කේතුමතී රාජධානියද ? රට බේරා ගත්තට කලගුණ සැලකීම අපි පරලෝකෙට ගියාට පසුත් බලාපොරොත්තු වෙනවා වගේ. (ස)

:       0       0

කරුණාපාල Monday, 30 March 2015 03:37 PM

රජ කෙනෙක් කියල හිතාගෙන ඉන්න හින්ද වෙන්න ඇති පන්සලට ගියත් සිංහාසනයක් ඕනා වෙන්නේ. අපරාදේ අර කන්ගැට්ට කෞතුකගාරේ තිබුන රාජසිංහ රජතුමාගේ කඩුව හොරකම් නොකළ නම්, එකත් මෙතුමා ලඟින් තියා ගන්න තිබුනා. (ස)

:       0       0

අනුර Tuesday, 31 March 2015 06:22 AM

මේ රජය හදන්නේ රට ජාතිය බේරාගත් තුන් සිංහලය එක්සේසත් කල මේ උතුම් නායකයා නැති කරන්න. (ස)

:       0       0

රන්ජිත් Monday, 30 March 2015 03:58 PM

විශ්‍රාම ගිය අය වුනත් ලද දෙයින් සතුටු වෙනවා බුදුදහම අනුව ඔබතුමාට ඒ ගුණය නැද්ද? (ම)

:       0       0

රට විරුවා Monday, 30 March 2015 04:01 PM

ඔබ තුමාට බුදු සරණයි... (ම)

:       0       0

දිලාන් Tuesday, 31 March 2015 06:24 AM

එහෙම ආරක්ෂාව අඩු කරන්න වර්තමාන නායකයා සහ අගමැති දුර්ජනයන් නෙවෙයි. මෙතුමාගේ වැඩේම දැන් අරක නැහැ මේක මදි කියලා නහයෙන් අඬන එකමනේ ! අපොයි මෙහෙමත් කන් කෙඳිරියක් !! (ස)

:       0       0

හේමන්ත Monday, 30 March 2015 04:04 PM

මහත්තයෝ ඔයා පිරිත් අහනවාද ? පිරිත් කියනවාද? (ම)

:       0       0

සමීර Monday, 30 March 2015 04:21 PM

බිම වාඩිවෙලා බන අහන්න බැරි නායකයෝ.. මෙහෙමත් මිනිස්සුන්ටනේ මෝඩයෝ ටික රැවටිලා තියෙන්නේ.. බල තණ්හාවෙන් වියරු වැටිලා. (ස)

:       0       0

රනිල් Monday, 30 March 2015 04:24 PM

පොලීසිය දෙන්නෙක් එක්ක හොඳ බල්ලෙක් දෙන්නම්. විමල් වාසු ඉන්නේ තනියට පැල්කවි කියන්න. මදිනම් ගෝටවත් එකතු කර ගන්න. (ස)

:       0       0

ජීවා Monday, 30 March 2015 04:25 PM

තිලක් -ඩුබායි ඔයාට නම් ගුණේ කියන එක සත පහකට නැහැ. ඔච්චර පහත් තත්වයට වැටෙන්න එපා ලැජ්ඡයි. (ස)

:       0       0

තිලකා Tuesday, 31 March 2015 06:38 AM

අනගාරික ධර්මපාල තුමා 1926 දී කියලා තියනවා කවදාහරි සුද්දෝ මේ රට දාල යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කාලට පස්සේ කියලා. ඔය එහම එකෙක් තමයි ඔය ඩුබායි පැනල තියෙන්නේ . (ස)

:       0       0

තිලක් Tuesday, 31 March 2015 06:39 AM

දැන් මෙයාගෙ වැඩේ පන්සල් යන එකනෙ.......ඒක තමයි මෙයාගෙ අලුත් උපක්‍රමය.....ඒ නිසා ඔය දීපු ටික හොදටම ඇති. (ස)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Monday, 30 March 2015 04:30 PM

අඩුම තරමේ ධර්ම ගෞරවයවත් තියෙනවද? එහෙම නේද අපේ හාමුදුරුවනේ. (ස)

:       0       0

දයා Monday, 30 March 2015 04:34 PM

ඔබතුමා චන්ද්‍රිකා නෝනට මොකද කෙළේ, ආරක්ෂක භටයෝ 2 සහ වාහන 2 ට අඩු කලානේ. ඔබතුමාට දැන් කොහොමද තමාට මදි කියල කියන්නේ. (ස)

:       0       0

යහපාල Monday, 30 March 2015 04:35 PM

ගම්මන්පිල කළා වගේ රුපියල් 100 ගානේ 58 ලක්සෙන් එකතු කරලා දුන්න නම් වැඩේ ගොඩ. (ස)

:       0       0

ශිවා Monday, 30 March 2015 04:36 PM

ඕවට කියන්නේ අනුන්ට කැපු වලේ තමන් වැටෙනවා කියල. (ස)

:       0       0

රත්නසිරි Monday, 30 March 2015 04:50 PM

පුදුම ගුණමකු ජාතියක් . ඔව්න් දැන් ජීවත්වන්නේ මෙතුමා නිසා කියල අමතනයි. (ස)

:       0       0

ප්‍රේම් Tuesday, 31 March 2015 07:02 AM

පන්සලෙත් පටු දේශපාලනය! (ස)

:       0       0

නාලක Tuesday, 31 March 2015 07:07 AM

උච්ඡාසන, මහාසන, පන්සල් ගියාට පවු ගෙවෙන්නේ නෑ. (ම)

:       0       0

පැතුම් Tuesday, 31 March 2015 07:08 AM

ජය පිරිත් පිංකමට සහභාගී වෙනකොටවත් බිම ඉඳගන්ඩ බැරි තරම් ලොකු කමක්ද? (ම)

:       0       0

කරු Tuesday, 31 March 2015 07:32 AM

ඩුබායි තිලක් ඇස් ඇරලා බලන්න මේ දවස් ටිකට හොරා කාපු ටික තව ආත්ම ගණනකට ඇති. කොටින්ගේ වෛරය තාම සන්සිඳිලා නැහැ. ආරක්ෂාව නොදි මොනවා හරි වුනොත් මේ ආණ්ඩුවට වන්දි ගෙවන්න වෙයි. (ස)

:       0       0

ධම්මික Monday, 30 March 2015 05:35 PM

මෙයයි අට‍ලෝ දහම (නි)

:       0       0

කල්ප Monday, 30 March 2015 06:11 PM

හැබැයි මතක තියාගන්න කොටි පරණ ඉලක්ක වලට තාමත් උත්සාහ කරනවා (නි)

:       0       0

වීරසිංහ Monday, 30 March 2015 06:22 PM

අනේ ඉතින් රට යන්නත් බැහැනේ? (නි)

:       0       0

රවී Monday, 30 March 2015 06:30 PM

තමන් පැරදුණු හේතුව තාමත් මෙතුමාට හොයාගන්න බැරිවෙලා වගෙයි (නි)

:       0       0

තුෂාර Tuesday, 31 March 2015 09:12 PM

තමන් කළ කී දෑ වලට තමන්ට වන්දි ගෙවන්න වෙනවා (නි)

:       0       0

තිලක් Monday, 30 March 2015 06:40 PM

දිල්ෂාන් මල්ලි, ඔයා හරි (නි)

:       0       0

අනුර පෙරේරා Monday, 30 March 2015 06:53 PM

හම්බකරගත් මුදල් වලින් මිලියන් එකක් විතර වියදම් කරන්න. අනෙක ඔබතුමාම තමයි හිටපු ජනාධිපතිනියටත් ඔය නීතිය දැම්මේ. එයාටත් ආරක්ෂාව ඕනෑකරන කාලේ ඔබතුමාම තමයි ඒවා ඉවත්කළේ. (නි)

:       0       0

ඩලස් Monday, 30 March 2015 07:01 PM

කළ කළ දේ පළ පළ දේ කියන්නේ මේවට තමයි මැතිතුමෝ (නි)

:       0       0

අනුපම Monday, 30 March 2015 07:04 PM

මෙතුමා නම් එකපාරයි පැරදුනේ. (නි)

:       0       0

අමිල Tuesday, 31 March 2015 08:06 AM

ඔය වටේ වාඩිවෙලා ඉන්න සෙට් එක මරු. හාමුදුරුවන්ටත් වැඩිය උස පුටුවක වාඩි කරවල ලොකු කම පෙන්නන්න හැදුවට අද මිනිස්සු තේරුම් ගන්නේ අනේ මේ මිනිහගේ උද්දච්ච කමක හැටි කියල. (ස)

:       0       0

ඩිලානි Monday, 30 March 2015 07:36 PM

තවත් මේ දේවල් හොයනවා....? (නි)

:       0       0

සෙනෙහෙ Tuesday, 31 March 2015 08:14 AM

තුන් වන පින්තුරේ දැක්කහම මටනම් හිතෙන්නේ ස්වාමීන් වහන්සේලා හිටපු ජනාධිපති තුමාගෙන් බන අහන්න ආවා වගේ. (ස)

:       0       0

අතුල Monday, 30 March 2015 07:42 PM

වපුරපු බීජ වල හැටියට තමයි අස්වනුත්. වල්පැළෑටි උගුල්ලා දැම්මා නම් හොඳ අස්වැන්නක් ලබාගන්න තිබුනා. (නි)

:       0       0

සඳුන් Monday, 30 March 2015 07:49 PM

පන්සල් ගිහිල්ලා කරන්නෙත් දේශපාලනය කතාකරන එක. (නි)

:       0       0

සංජීව Monday, 30 March 2015 08:13 PM

තමන් හරි නම් කාගෙවත් ආරක්ෂාව මොකටද? (නි)

:       0       0

අනුරුද්ද Tuesday, 31 March 2015 08:27 AM

ආරක්ෂාව නොදී ජානක පෙරේරා මහත්තය මරාගත්තේ මේ උන්ද තමයි මේ දැන් බොරුවට ඇඬුවට. (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 30 March 2015 08:18 PM

මොකෝ මේ උස් අසුනක්? (නි)

:       0       0

නදීක Tuesday, 31 March 2015 08:33 AM

මනුස්සකම් හඳුනන අයට නොහැක මෙතුමාට වචනයකින් වත් අපහස කරන්නට..මෙතුමා නොහිටින්න අදටත් අප රටේ යුද්දයක් විතරක් නොවේ මහා බයානක ඉරණමක් අපට අත් වෙන්න තිබුනා. (ස)

:       0       0

සමීර Monday, 30 March 2015 08:28 PM

තිලක්, ඔයා මොනවද දේශපාලනය ගැන දන්නේ? එංගලන්තේ, ඉතාලියේ මෙහෙ වගේ ත්‍රස්තවාදියෝ නැහැ. (නි)

:       0       0

ලලිත් Tuesday, 31 March 2015 08:38 AM

මම කියන්නේ එහෙමනම් හොඳම වැඩේ මෙතුමාව ආරක්ෂා කරගන්න පුළුවන් රටක නවාතැන් සපයන එක. නැති නම් ඉතින් මේක අපිට කෙළවරක් නැති ප්‍රශ්නයක්නේ. අන්තිමට යුද්ධයට ගිය මුළු වියදම ඒක නතර කල කෙනාගේ ආරක්ෂාව සපයන්න යාවි වගේ. (ස)

:       0       0

නිලංග Monday, 30 March 2015 08:32 PM

ඉන්දියාවේ හිටපු ජනාධිපති කලාම් මහතා රෝහලේ බෙහෙත් පෝළිමේ හිටගෙන ඉන්නවා. ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ දැන් රට බේරාගත් ණය ගෙවන්න තමන්ගේ බදු මුදලින් එක්තරා පවුල් ගහකටම ආරක්ෂාව සපයන්න වෙලා. (නි)

:       0       0

උමේෂ් Monday, 30 March 2015 08:39 PM

මේ ගැන මට නම් පෙනෙන්නේ තමන් තවමත් ලොක්කා කියලා පෙන්වන්න හදනවා කියලයි (නි)

:       0       0

දයාල් Monday, 30 March 2015 08:40 PM

මමත් කියන්නේ මෙතුමාට සහ පවුලේ අයට තිබුණු ආරක්ෂාව එලෙසින්ම තිබියයුතුයි (නි)

:       0       0

වින්සන්ට් Monday, 30 March 2015 09:09 PM

ආගමික කටයුත්තකදී දේශපාලන වාසියක් ලබාගැනීමට ඉවහල්වන ප්‍රකාශ කිරීම ගැන ඇත්තෙන්ම කණගාටු වියයුතුය. (නි)

:       0       0

ශ්‍රීමාල් Monday, 30 March 2015 09:16 PM

හොරකම් කළ කෙනෙකුත් නෙමෙයි නම්, අපරාධ කළ කෙනෙකුත් නෙමෙයි නම්, වංචාකළ කෙනෙකුත් නෙමෙයි නම්, රට බේරාගත් මහත්මයෙක් නම් මේතරම් ආරක්ෂාවක් මොකටද? මහජනයාගෙන්ම ආරක්ෂාව ලැබෙයිනේ.එනිසා බයවෙන්න එපා. මහජනයා ඔබට ආරක්ෂාව සපයයි. (නි)

:       0       0

ශිරන්ත Monday, 30 March 2015 09:50 PM

ඇත්ත. එතුමාට දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි (නි)

:       0       0

විනූ Monday, 30 March 2015 09:55 PM

මෙතුමා කියන්නේ ඇත්ත (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 March 2015 10:01 PM

දිල්ෂාන් , කොටි පරාජය කරන්න එතුමා කළ දේශපාලන මෙහෙය කවුරුත් අවතක්සේරු කළාද? අපි තාමත් දිළිඳුභාවයෙන් මිදිලා නැහැ. හැම පරිස්සමටම වැඩිය අරපරිස්සම වටිනවා. මේ මාස දෙකට වත්මන් ජනාධිපතිතුමා අපේ රටට මොනතරම් ධනස්කන්දයක් ඉතුරුකරලා දුන්නද? මෙතුමා ඉතිහාසයේ පළවන වතාවට බහුතරයකගේ අකමැත්ත මත පරාජය කරනු ලැබූ ජනපතිවරයෙක් (නි)

:       0       0

ජනහිත Monday, 30 March 2015 10:09 PM

මට පෙනෙන හැටියට නම් මේ එක එක දේවල් කියන අය මැරිලා උපන්න අය වගේ කතාකරන්නේ. මතකද මන්දා තමන්ගේ ආරක්ෂාව තම තමන්ම කරගන්න ඕනෑ කියලා එක්කෙනෙක් කිව්වා ඒ කාලේ. ඒත් බැරි වුණානේ. පස්සේ මෙතුමා නොවෙයිද අපේ රට ආරක්ෂා කරලා දුන්නේ? දැන් මොනවා වුණත් අපි එතුමාව රැකගැනීම අපේ යුතුකමක් නොවෙයි කියලද ඕගොල්ලෝ කියන්නේ (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 30 March 2015 10:21 PM

හිටපු ජනපති කිසිවෙකුට සමානකළ නොහැක. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 30 March 2015 10:24 PM

තිලක් ඩුබායි ලංකාවේද ඉන්නේ ? (නි)

:       0       0

ශ්‍රීමත් Monday, 30 March 2015 10:32 PM

මටත් පෙනෙන්න බැහැ (නි)

:       0       0

විද්‍යා Monday, 30 March 2015 10:34 PM

අපිට අම්මා කියලා දීලා තියෙන්නේ අරෙහෙ මෙහෙ යන්න බය නම් , ජනෙල් දොරවල් වල යතුරු ඉබ්බෝ හොඳට දාගෙන, ගේ ඇතුළට වෙලා ඉන්න කියලා. දැන් ඉතින් පැරදිලානේ ඉන්නේ. (නි)

:       0       0

සුරේ Monday, 30 March 2015 10:36 PM

ඔබතුමා බණ අහන්න දේශපාලනය කතානොකර (නි)

:       0       0

සුදෙල්මි Monday, 30 March 2015 11:09 PM

වටිනා බණ පදයක් සුදුසු අසුනක හිඳ සවන්දිය යුතු වේ (නි)

:       0       0

දිනේෂ් Monday, 30 March 2015 11:11 PM

කොහෙවත් යන්නේ නැතුව හිටියා නම් හොඳයිනේ. ජනාධිපති නෙමෙයිනෙ දැන් (නි)

:       0       0

වසන්ත Monday, 30 March 2015 11:11 PM

අනෙක් අයගේත් පහසුකම් අඩුකළානේ. එහෙනම් ඔබතුමාත් අඩුවෙන් භුක්ති විඳින්න.කළ දේ පළ දේ කියන්නේ ඕකටයි (නි)

:       0       0

ලුම්බිණි Monday, 30 March 2015 11:19 PM

මෙතුමා පුටුවක ඉන්නේ ඇයි? (නි)

:       0       0

සමන් Monday, 30 March 2015 11:19 PM

ඕවාට තමා කියන්නේ කළ කළ දේ පළ පළ දේ කියලා. තමාටත් ඉස්සරහට ඔයදේම වේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ නේද ? බුදුදහම බොරුකරන්න බැහැ නේද? ඉස්සරහටවත් බණක් දහමක් කරගෙන ඉමු වැඩිය තණ්හාවල් නැතුව. තරුණයන්ට ඉදිරියට යන්න දීලා දැන් විශ්‍රාම ගමු නේද??? (නි)

:       0       0

අසෝක Monday, 30 March 2015 11:20 PM

මෙච්චර කල් බදුගෙවන ජනතාවගෙන් කෝටි ගණන් වියදම් කරගෙන තමයි ජීවත්වුණේ. ඇයි ඔය රැස්වීම් වලට කෝටි ගණන් වියදම් කරන අයගෙන් කීයක්හරි ඉල්ලගන්නකෝ. අර ලංකාවේ බදු මුදලින් උගන්ඩාවට තෑගිකළ ඇමෙරිකන් ඩොලර් මිලියන් 50 ආපසු ඉල්ලාගත්තා නම් හරිනේ (නි)

:       0       0

අසෝක Monday, 30 March 2015 11:22 PM

හාමුදුරුවෝ ඉදිරියේ පුටුවක ඉඳගෙන ඉන්න හැටි? (නි)

:       0       0

සෑම් Monday, 30 March 2015 11:28 PM

මට නම් දැන් මෙතුමාව පෙනෙන්න බැහැ (නි)

:       0       0

සලීනා Monday, 30 March 2015 11:29 PM

ඔබ වෙනස්කළ නීතියට අනුව හෙට අනිද්දාට ඔයටිකත් නැතිවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සුමුදු හේවා Monday, 30 March 2015 11:30 PM

ඩුබායි තිලක්, රටක් නිදහස් කරගන්න අනිත් හමුදාපතිවරුන් සමඟ ත්‍රිවිධ හමුදාව මෙහෙයවා වීරයෙක් වුණු ෆොන්සේකා සුදු කොඩි කතාව කියා රටට ද්‍රෝහී වුණා. කළ වීරකමට එවක රජයෙන් සම්මාන ලද ඔහුට කළ ද්‍රෝහිකමට දඬුවම් ලෙස එම රජය යටතේම සිරබත් කන්න වුණා.අවස්ථා දෙකේදීම ඔහු නෙළාගත්තේ ඔහුම වැපිරූ දෙයෙහි අස්වැන්නයි. එය රටේ නීතියට අනුව සිදුවුණ දෙයක්. වෙනත් රටක් වුණත් මෙබඳු අවස්ථාවක කටයුතු කරන්නේ මේ ආකාරයටමයි. ඒ නිසා මේ පිළිබඳව අන් කිසිවකුට චෝදනා කිරීම සාධාරණ නැහැ. (නි)

:       0       0

යසංග Monday, 30 March 2015 11:37 PM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ. වෙනදෙයක් බලාගෙන ඉන්නවා (නි)

:       0       0

සුමුදු හේවා Monday, 30 March 2015 11:42 PM

පියුමි, අමල් සහ තිලක්ලාටයි මේ කියන්නේ. මේ ජනාධිපතිතුමා කළේ මෙරට අනිත් ජනපතිවරුන් කිරීමට අසමත්වුණ ජාතික මෙහෙවරකි. ලෝකයේ බිහිසුණුම ත්‍රස්ත සංවිධානය ලෙස සැළකෙන එල්ටීටීඊයෙන් එතුමා රට මුදාගත්තේ තමන්ගේම ජීවිතය සේම තම ආදරණීයයන්ගේද ජීවිත පරදුවට තියලයි. එතුමා ධුරයේ නොහිටියත් සතුරාගේ වෛරය එලෙසමයි. එතුමාට අනිත් ජනපතිවරුන්ට අවශ්‍ය නොවෙන විශේෂ ආරක්ෂාවක් ඕනෑ වෙන්නේ එබැවිනි. රටකම ගිනිනිවූ නායකයා රැකගන්න ඕනෑ කියා ඔබට නොසිතෙන්නේ ඉහවහා ගිය ගුණමකුකම නිසාමයි. (නි)

:       0       0

සමන් Monday, 30 March 2015 11:53 PM

ජාතියේ පිනට උපන් පියාණන් දිවිහිමියෙන් රැකගනිමු. නැවත අගමැති කර මවුබිම සුරකිමු (නි)

:       0       0

සුමුදු හේවා Monday, 30 March 2015 11:55 PM

තම පාලන කාලයේදී කොටි සමඟ එක්ව කටයුතු කළ අයටත්, කොටින්ගෙන් රට මුදාගැනීමට කටයුතු කළ හිටපු ජනපතිතුමාටයි එකම හැන්දෙන් බෙදීම සාධාරණ නොවේ. එතුමාගේ ජීවිතයට කුරිරු කොටින්ගෙන් සේම රටට සතුරු යටත් විජිතවාදී බලවේග වලින්ද තර්ජන ඇත. එතුමාගේ ආරක්ෂාව අඩුකිරීමෙන් සහ එතුමාගේ ජීවිතය අනතුරක දැමීමෙන් කරන්නේ කොටින්ගේ සහ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් ඉටුකිරීමකි. අපේ රට රකිනා සියලු දෙවියෝ නිරන්තරයෙන් එතුමාව ආරක්ෂා කරත්වායි මුළු හදින්ම පතමු. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 31 March 2015 12:10 AM

අර ලැම්බෝගිනි වලින් එකක් ඉල්ලා ගත්තා නම් ඉවරනේ (නි)

:       0       0

සමන්ති Tuesday, 31 March 2015 12:10 AM

අපි නම් ඉන්නේ පැදුරේ. ඒ නිසා බිමට වැටෙන්නේ නැහැ? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 31 March 2015 12:15 AM

තිලක්, එංගලන්තේ අගමැතිවත්, ඉතාලියේ අගමැතිවත්, උරුගුවේ ජනපතිවත් නොකළ හපන්කමක් සහ ජාතික මෙහෙවරක් තමයි අපේ හිටපු ජනපතිතුමා කළේ. ඉතින් ඔවුන්ට නැති ජිවිත අවදානමක් එතුමාට තිබෙන නිසා ඔවුන්ට අවශ්‍ය නොවෙන ආකාරයේ විශේෂ ආරක්ෂාවක් එතුමාට අවශ්‍යයි. ඒ නිසා එම කරුණු නොසළකා තනතුරු පමණක් සළකා සැසඳීම සාධාරණ නැහැ. හොඳ නරක පිළිබඳ ඔවුන්ගේ මිනුම් දඬු සහ අපේ මිනුම් දඬු වෙනස්. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 31 March 2015 12:17 AM

"තණ්හාය ජායතී ශෝකෝ" (නි)

:       0       0

චමින්ද Tuesday, 31 March 2015 12:40 AM

ලංකාවේ අවුරුදු 2000 පමණ පැරණි රජ පරම්පරාව සුද්දන්ට පාවාදුන්නේ ලංකාවේම අය තමා. එහෙම අය තාම ඉන්නවා කියලා උඩ දා ඇති අදහස් දැක්කහම කියන්න පුළුවන්. මෙයාලට පන්ති දාලා ඉතිහාසය උගන්වන්න ඕනෑ.මහින්ද මහත්තයා රට බේරුවේ නැත්නම් මෙලහකට ප්‍රභාකරන් කොළඹ අල්ලාගෙන මෙයාලට චණ්ඩි අදහස් දාන්නත් නැහැ (නි)

:       0       0

ශාමලී Tuesday, 31 March 2015 12:42 AM

තමන්ම කැපූ වළේ තමයි දැන් වැටිලා ඉන්නේ (නි)

:       0       0

ඉන්දික Tuesday, 31 March 2015 12:43 AM

ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කළ රටක් ඇත්නම් එය ලංකාව පමණි.එවැනි පරාජයක් කළ නායකයෙක් ඇත්නම් ඒත් ලංකාවේ පමණි.එහෙම නායකයන්ට දිවි තිබෙනතුරා ආරක්ෂාව සැපයීම නිදහස භුක්තිවිඳින කාගේත් යුතුකමක්.තවම කොටි හොල්මන් අවසන් නැත. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 31 March 2015 12:43 AM

විශ්‍රාමගිය ජනාධිපතිවරයෙකුට ලබාදෙන වරප්‍රසාද පරාජය වූ කෙනෙකුට දෙන්න නීතියෙන් ඉඩක් නොමැති බව කවුරුත් දන්නා කරුණක් වුවත් , මහින්ද මහත්මයාටත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත්, එක වගේ ආරක්ෂාවක් දීම කළයුතුමයි. (නි)

:       0       0

සපුමල් Tuesday, 31 March 2015 12:47 AM

අනේ මෙහෙම තණ්හාවක් ....? ඉන්ධන මොකටද? ? රටේ මිනිස්සු වැටුපක් ගෙවන්නේ ඉන්ධනයි අනෙක් දේවලුයි ගන්න තමා.... (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 31 March 2015 01:09 PM

පිවිතුරු යහපාලටත් යහපාලනෙන් ඩුප්ලිකේට් ගහල..මාධ්‍ය සදාචාරය උතුරා යනවා.අනවර්ථ නාම භාවිතා කළත් අපි එසැණ පුවත් තීරුවට අනන්‍ය විද්‍යුත් ලිපිනයක් භාවිතා කරනවා..එහෙම වෙද්දී මෙහෙම වීම කනගාටු දායකයි..අපි ආදරය කරන අපි අදහස් දාන එසැන පුවත් අර අන්තර්ජාලයේ තියෙන ගද ගහන කුණු ඕපාදුප වෙබ් අඩවියක් බවට පත් වීම වැලැක්වීම මේ පිටුව මෙහෙයවන්නන්ගේ වගකීමක්..යුතු කමක්..ඩුබායි තිලක් වගේ දේශපාලන ගුණමකුවන්ට ඇරෙන්න අනෙකුත් අයට මහින්ද මහත්තයගේ ජිවිතයට ඇති අවදානම ගැන වැටහීමක් තියෙනවා..කොටින් ලග දනින් වැටුණු හා ඔවුන්ගේ අරමුණු ඉටු කරන්න කැපවුණු පුද්ගලයින්ට ආරක්ෂාවක් අවශ්‍ය නැහැ..කාටවත් ගැරඩි මරන්න අවශ්‍ය නැති හින්ද ඒ ..නමුත් මෙතුමා කොටින්ගේත් ඔවුන්ගේ අනුගාමිකයින්ගේත් පරම සතුරෙක්..එතුමාව රැක ගැනීම සියලු දේශමාමක සිංහලයාගේ යුතුකමක්..වගකීමක්..(බ)

:       0       0

විදූෂි Tuesday, 31 March 2015 12:51 AM

දැන් ඉතින් මොනවා කියලා කරන්නද? (නි)

:       0       0

සමන්ති Tuesday, 31 March 2015 12:56 AM

පෙරකල කළ කී දෙයම සිහියට එනවා - හිතේ දුකට අටලෝදම කියැවෙනවා. (නි)

:       0       0

මැණික් Tuesday, 31 March 2015 12:58 AM

සිංහලයාට මතක තිබෙන්නේ සති දෙකක් පමණි (නි)

:       0       0

ලක්ෂිත Tuesday, 31 March 2015 01:04 AM

ඒ කාලේ නටපු හැටි අපි දැක්කනේ. ඒකාලේ හිටපු හොරු ටික නම් තවම පස්සෙන් ඉන්නවා (නි)

:       0       0

සමන් Tuesday, 31 March 2015 01:09 AM

තණ්හාය ජායතී ශෝකෝ කිව්වලු!! (නි)

:       0       0

ලලිත් Tuesday, 31 March 2015 01:46 AM

කෝවිලේ ගිහින් බිම වැඩිවෙන්න පුළුවන්. පන්සලට අවම පුටු ඕන. දෙන්න ඕනනේ.... (ම)

:       0       0

සොපී Tuesday, 31 March 2015 02:01 AM

පල ඇති රුකට තමයි ගල් වදින්න පුළුවන්. ඒ නිසා මෙතුමාට ආරක්ෂාවක් ඕනෑ. (ස)

:       0       0

රකිත් Tuesday, 31 March 2015 02:02 AM

හිටපු නායිකාවකුත් කියනවා මට ඇහුණා ඒ කාලේ එතුමියගේ ආරක්ෂාව අඩු කළා, වාහන අඩු කළා, විශ්‍රාම වැටුප අඩු කළා කියලා. අනුන්ට කැපු වලේ තමන් වැටුණාදෝ කියලා හිතෙනවා මේවා ඇහෙනකොට. (ස)

:       0       0

ජනහිත Tuesday, 31 March 2015 02:02 AM

සමන්, ලක්ෂිත, සමන්ති ,සපුමල්, ශාමලී, ද සිල්වා, සුමුදු හේවා, සලීනා, අසෝක , සහ අනෙක් අය: හිතවතුනි , ගුණමකු වෙන්න එපා. ඔහොම ගියොත් අපට රටක් නැතේ කියල කියන්න වේවි. ආයේ අතන මෙතන බෝම්බ පුපුරන්න ගත්තොත් එතොකට ඔයාල කියන්න ඕන දේත් දැන් ඉඳලම ලෑස්ති කරලා තියා ගන්න එක හොඳයි.මේ දවස් 77 ට ඔයාලට මොනවත් ලැබුනද? (ස)

:       0       0

බුද්ධික Tuesday, 31 March 2015 02:03 AM

ඔයතරම් ජනතාවාදී නායකයෙක් නම් මොකටද මේ තරම් ආරක්ෂාව.පෙට්‍රල් ගහන්න සල්ලි නැතුවම ඇති. බිලියන ගණන් රටේ ධනය කවුද ගසා කෑවේ? (ස)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 31 March 2015 02:07 AM

හිටපු ජනාදිපතිතුමා සැබෑ බුද්ධිමතෙක්. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. රටක යුද්ධයක් ඇතිවිට,ජනාදිපතිගේ කාර්යබාර්ය වනුයේ යුද්ධය පටන් ගැනීමට අණ දීම සහ මුදල් අනුමත කරදීමයි. ඒවගේම ආරක්ෂක ලේකම්වරයාගේ කාර්ය වනුයේ සම්බන්ධීකරනය කිරීම පමණයි. යුද්ධය මෙහෙයවන්නේ හමුදා නායකයින් විසිනුයි. නමුත් මහින්ද මහතාගේ විශිෂ්ට බුද්ධිය නිසාත් , පරිනත දේශපාලන අත්දැකීම් නිසාත් , එය එතුමා මෙහෙයවූ යුද්ධයක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට යම්තාක් දුරට සමත් උනා. හිටපු හමුදනායකයෙකුට ජම්පර් ඇන්දවුයේ හමුදාවට යුදජයග්‍රහණයේ කීර්තිය හිමිවීම හැල්ලුවට ලක්කිරීමේ දේශපාලන උපක්‍රමයක් ලෙසිනුයි. එතුමා එතුමාගේ හිතවත් ලේඛකයෙකු ලවා ගෝටාගේ යුද්ධය නමින් පොතක් පළකර එය හමුදාවේ නොව නිකන් සම්බන්දීකරනය කරපු ලේකම්ගේ යුද්ධයක් බව පෙන්වීමට උත්සහ ගත්තා. මේවා පරිනත විශිෂ්ට දේශපාලකයෙකුගේ දේශපාලනික උපක්‍රම. මහින්ද මහත්තයට ජය වේවා !!! (ස)

:       0       0

රකිත් Tuesday, 31 March 2015 02:10 AM

වශී බොලේ විසි කරලා වගේ. අන්න සුබ පෙරනිමිත්තක්. ඔහොම යමු. (ස)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 31 March 2015 02:16 AM

"ජනාධිපතිවරයාගේ නිල නිවස හෙවත් රජ ගෙදර ඇත්තේ කොළඹ කොටුවේය. එම මහා ප්‍රාසාදය පමණක් නොව රට පුරාම ජනාධිපති මන්දිර දහයක් ජනපතිවරයාගේ සැප පහසුවට වෙන්ව ඇත්තේය. ඒ බොහෝමයක් ජනපති මන්දිර හිටපු ජනපතිවරයාගේ සමයේ රජගෙවල් මෙන් ප්‍රතිසංස්කරණය කෙරුණි"අන්න ෆොටෝස් තියෙනවා.බලන්න. (ස)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 31 March 2015 02:25 AM

.බුද්ධ පුත්‍රයෝ ඉදිරියේ තමයි සිංහාසන හොයන්නේ.තිරුපති ගියහම බිම දපල ඉන්න හොදයි.(ම)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 31 March 2015 02:27 AM

හම්බ කර ගත්තුවා ඇති තව පරම්පරාවල් 100 යක් බුදුන් දකින්න. (ම)

:       0       0

අපොන්සු Tuesday, 31 March 2015 02:32 AM

සමහර අයට කොච්චර ලැබුනත් මදි.(ම)

:       0       0

කිරි ගමරාල Tuesday, 31 March 2015 02:41 AM

ඒ කාලේ මහින්ද මහත්තය ඉන්න තැනකට අපි යනකොට ආරක්ෂකයෝ අපිව අතපත ගාලයි ඇතුලට ගන්නේ. දැනුත් එහෙමද දන්නේ නැහැ. (ස)

:       0       0

නිසංසලා Tuesday, 31 March 2015 03:21 AM

ඔබටත් වරක් එවි එතකන් ඉවසලා ඉන්න.(ම)

:       0       0

සසංක Tuesday, 31 March 2015 03:25 AM

ඔය අදහස් දාපු ගොඩක් කට්ටිය අහන්නේ මොකද විශ්‍රාම නොගන්නේ කියල..ඒ ආදරේටද? නැහැනේ. අපි එතුමාට ඡන්දෙ දුන්න. අපි තාමත් එතුමාට කැමතියි .අපි ඡන්දෙ දුන්නු අපි කැමති මනුස්සය අපිට අයෙත් ඕන . බොහොම සරල දෙයක් එ්ක. රනිල්,චන්ද්‍රිකා ඉන්නවනම් මහින්ද හිටියම මොකද? (ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 31 March 2015 03:26 AM

මහින්ද මහත්තය කරපු ලොකුම මෝඩකම තමයි යුද්දය ඉවරකරපු එක .... අනේ මෙහෙම ජාතියක්. (ස)

:       0       0

නිෂාද් Tuesday, 31 March 2015 03:26 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා ඉතා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. (ස)

:       0       0

සුජීවා Tuesday, 31 March 2015 03:35 AM

සිංහලයන්ගේ කෙලෙහි ගුණ නොදත්කම මේ අදහස් වලින් හොඳටම පේනවා. (ස)

:       0       0

ඉන්දික Tuesday, 31 March 2015 03:36 AM

ගියපාර යූ එන් පී එක ඡන්දෙ දිනුවේ ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරලා. එකම බොරුව 100 පාරක් විතර කියනකොට මිනිස්සු හිතනවා එකෙත් ඇත්තක් ඇති කියල. කෝ ඔය කිව්වා එක හොරෙක්, හොරකමක් ඇල්ලුවද? එක එක අයට තියෙන හෝටල් බිල්ඩින් ඉඩම් එකක් වත් හොයාගත්තද? ලම්බෝගිනි අරවයි මේවයි හොයාගත්තද? වංචා දුඋෂණ හොයන්න කල් යනවා කියමුකෝ. මේවා හොයන්න බැරි අයි. මොකද මේවා කලින්ම හොයාගෙනනේ තිබුනේ !!! (ස)

:       0       0

සාගර Tuesday, 31 March 2015 03:39 AM

ජෙනරාල් ෆොන්සේකාව මෙයා ආරක්ෂාව දුන්නේ හිර ගෙදරට දාල. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 688 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 927 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2026 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4319 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2261 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 842 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site