( තිළිණි ද සිල්වා )
ආරුගම්බේ නව සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ලබන අගෝස්තු මාසයට පෙර එම ගැසට් නිවේදනය නිකුත් කරන බවද සංචාරක අමාත්‍යවරයා කීය.
ඒ අනුව සංචාරක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දස වසරක සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන ආරුගම්බේ සංචාරක කලාපය ආශ්‍රිතව රුපියල් මිලියන 1000 කට වඩා වටිනාකමකින් යුක්තව්යාපෘතිය 178ක් ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අරුගම්බේ සංචාරක ක්ෂේත්රයේ නියුක්තිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "
සංචාරක ව්‍යාපාරයට කොරෝනා වෛරසයෙන් ලොකු බලපෑමක් සිදු වෙලා. මේක ලෝකය පුරාම තිබෙන තත්ත්වයක්. රජයක් ලෙස අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වෙනකොටත් සංචාරක අමාත්‍යාංශය පළාත් සභා සමග සාකච්ඡා කර නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය නැංවීම සඳහා රුපියල් මිලියන 300 ක ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම්.
ඒ සමගම නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ආරුගම්බේ සංවර්ධන වැඩපිළිවෙළ සකස් කලා. එහි රුපියල් මිලියන දහසකට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 178ක් ක්‍රියාත්මක කෙරෙනවා.
ඉදිරි මාස දෙක තුළ, ඒ කියන්නේ අගෝස්තු මාසයට පෙර අරුගම්බේ සංචාරක කලාපයක් විදියට ගැසට් කරනවා. සංචාරක කලාපයක් කළාට පස්සෙ නාගරික සංවර්ධන අධිකාරියේ සහ සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලු කටයුතු සිදු වෙන්නේ.
සංචාරක ක්ෂේත්රයේ නියුක්ත අයගේ ගැටලු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. මේ වෙනකොටත් සංචාරක ක්ෂේත්රයේ අයට සහන රැසක් ලබා දීලා තියෙනවා. ඉදිරියටත් සහන ලබා දීම ගැන සලකා බලනවා.
ආරුගම්බේ විතරක් නෙවෙයි. පානම, කුමන වගේ අවට කලාපයම සම්පත් ආකරයක්. ආරුගම්බේ සංවර්ධන ව්‍යාපෘතිය වසර දහයක සැලසුමකටයි ක්‍රියාත්මක වෙන්නේ.
සංචාරක ක්ෂේත්රයේ තිබෙන්නේ තාවකාලික පසුබැසීමක් පමණයි. එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමඟ සංචාරක ක්ෂේත්රයට නැවතත් හොඳ කාලයක් උදා වෙනවා. ඒ නිසා මේ අමාරු කාලයේ දී පහසුකම් වැඩි දියුණු කර හෝටල් ආදිය ක්‍රමානුකූලව පවත්වාගෙන යමින් සංචාරකයින් පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනේ.මේ ප්‍රදේශය සංචාරක කලාපයක් උනාම ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරනවා යැයිද කීවේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ආරුගම්බේ නව සංචාරක කළාපයක් කරන්න යයි
Chris Thursday, 01 July 2021 01:59 PM
අප සංචාරකයන් ගෙන්වන්නන් වන්නා සේම මෙරටට සංචාරකයින් එවන සමාගම්ද එතෙර රටවල තිබේ. සංචාරකයන් එවන ඒ සමාගම් දැනටත් ක්‍රියාත්මකයි. ඒ සමාගම් වැසී නැත. ඒ රටවල ආණ්ඩුවලට තිබෙන ආර්ථික ශක්තිය අපේ රටේ ආණ්ඩුවට නැති බව අපි දනිමු...
සංචාරකයා Thursday, 01 July 2021 02:19 PM
අාරුගම්බේ ඉඳලා ත්‍රිකුණාමලයෙන් උතුරට මුහුදු තීරය දිගේ ආණ්ඩුවේ කැලෑවල ආණ්ඩුවේ නැතත් ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා යැයි කියන කෙනා හදා ඇති තරු පහේ හෝටල්වලට හොඳ කලක් එයි නේද?
Nihal Thursday, 01 July 2021 04:22 PM
කළින් දේශීය සංචාරයට කුඩම්මාගේ සැලකිල්ල... සතේකට ගණන් ගත්තේ නැහැ.
ganegoda Thursday, 01 July 2021 04:57 PM
ඔහේගේ මුහුණ දැක්කාම නිලමැස්සෙක්වත් ඒවි කියලා හිතන්න අමාරුයි....