IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ආර්ථිකයට උණ සන්නිපාතය හැදිලා‘

උණ සන්නිපාතය වැළදී ඇති රටේ ආර්ථිකය සනීප කරන්න වත්මන් රජයටත් හැකියාවක් නොමැති බව ජනතා විමුක්තා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශාපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පැවසීය.

‘ණය බර බදු බර සහ කඩාවැටෙන ආර්ථිකය’ යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ රට පුරා පවත්වාගෙන යනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පූජාපිටිය ෆීල්ඩ් වීව් උත්සව ශාලාවේ    පැවැති අවස්ථවේ දී එහි ප්‍රධාන දේශණය පවත්වමින්  මන්ත්‍රීවරයා එසේ කීවේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල්රත්නායක  මහතා මෙසේද පැවසීය.

‘අද රටේ විශාල වශයෙන් උද්ඝෝෂණ  ආරම්භ වෙලා තියෙනවා.  විශ්ව විද්‍යාල සිසුන් සයිටම් උපාධි කඩයට විරුද්ධව උද්ඝොෂණය කරනවා. වෛද්‍යවරුන් හෙද සේවාවල අය උද්ඝෝෂණය කරනවා. පෝය දවසටවත් වහන්නේ නැති කඩවල් වහල ව්‍යාපාරිකයින් වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කරනවා. මේවගෙන් පේන්නේ වත්මන් හවුල් ආණ්ඩුවෙනුත් ජනතාවට අසහනයක් තියෙනවා කියන එකයි.

වර්තමානයේ නිවසක් හදා ගන්න විදේශගත වන කෙනෙකුට නිවසක් හදා ගන්න පුළුවන් කමක් නෑ . රට යද්දී සිමෙන්ති කොට්ටය රුපියල් 600 යි එන කොට 960 යි . වෑන් එකක් අරගෙන ව්‍යාපාරයක් කරන්න හිතාගෙන කොරියාවට යන තරුණයෙකුට අවුරුදු 25 ක් හිටියත් වෑන් එකක් ගන්න පුළුවන්කමක් නෑ. හමුදාවේ ඉන්න කෙනෙකුට ගෙයක් හදා ගන්න බෑ. දරුවන් දෙන්නා තුන් දෙනා ඉන්න දෙමාපියන්ට දරුවන්ට උගන්න ගන්න පුළුවන් කමක් නෑ. සපත්තුවක් 1000 යි 1500 යි. පාසැල් බෑග් එකක් 1000 ට වැඩියි ඒවත් පාවිච්චි කරන්න පුළුවන් වන්නේ ටික කාලයයි.මේ වට හේතුව රටේ ආර්ථිකයට උණ හැදී තිබීමයි. උණ හැදී තිබුණත් ඒ උණට හේතුව  හොයා ගෙන නෑ. පසුගිය දවස්වල විශාල ආන්දෝලනයක් ඇති වුණ සිද්ධියක් තමයි බැඳුම්කර සිද්ධිය. මොකක්ද මේ බැඳුම්කර කියල කියන්නේ .‘‘



අදහස් (0)

‘ආර්ථිකයට උණ සන්නිපාතය හැදිලා‘

උපාලි Thursday, 07 July 2016 01:08 PM

මේ ගොල්ල අවස්ථා දෙකකදී රට අවුරුදු ගානකින් පස්සට නොඅදින්න මෙලහකට රට මීට වඩා බොහොම ඉස්සරහින් ඉන්න තිබුන. ඒ කාලේ තුන්ඩු කෑල්ලට බයේ අපිත් වැඩට ගියේ නෑ.(හේ)

:       0       0

රොකී Friday, 08 July 2016 02:42 AM

ඩෙංගු නෙමෙයිනේ. නේද? (නි)

:       0       0

අනිල් Thursday, 07 July 2016 04:06 PM

මෙයාල හොඳට දියුණු වෙමින් පැවති ආර්ථිකය, දියුණු වෙමින් පැවති රට මිනිස්සුන්ට රවුම්කෙබර අැදබාල මිනිස්සු රවට්ටලා ආපස්සට හැරෙවුවේ බොරදියේ මාලු බාන්නනේ, දැන් මාළු බාගන්න මල්ලියේ.(බ)

:       0       0

සෑම් Thursday, 07 July 2016 10:39 AM

88-90 කාලේ මේගොල්ලෝ ලංකාවේ ආර්ථිකය දියුණු කරපු හැටි මට නම් හොඳට මතකයි. (නි)

:       0       0

කල්ප Thursday, 07 July 2016 09:00 PM

ඕනෑ කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් රටේ ආර්ථිකය වට්ටලා දැම්මේ කවුද කියලා. ආ ගමන් බටහිර රටවල් පස්සේ ගියා. මුදලේ අගය පාවෙන්න හැරියා. 10000ක් පඩි වැඩිකළා. ෆෝර්ට් සිටි නැවැත්තුව. කැසිනෝ ආයෝජන නතරකළා. දැන් ඉතින් බලාපොරොත්තු වෙන්න තියන්නේ බදු තමා. කොහොමද මිනිස්සු ජීවත්වන්නේ ඔහොම ගියොත්. (නි)

:       0       0

අශාන් Thursday, 07 July 2016 11:32 AM

උද්ඝෝෂණ වලින් පෙනෙන්නේ රටේ අවුල් නොව රටේ දැන් නිදහසක් තිබෙනවා කියන එකයි. ඒ කාලේ මේ වීරයෝ කවුරුත් පාරට බැස්සේ නැහැ බයේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1030 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 680 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1839 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 357 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 602 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1579 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site