(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂිත යෝජනාවලියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙනු ලැබීය.
කතානායකවරයා විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කරගෙන බව කතානායක මාධ්‍ය අංශය පවසයි.
අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමේ වැදගත්කමද එම යෝජනාවලියෙන් පෙන්වාදී ඇත.
ආර්ථික අර්බුදය විසඳීම සඳහා කතානායකවරයා හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාටද මෙයට පෙර යෝජනාවලියක් බාර දුන්නේය.
කතානායකවරයා අගමැතිවරයාට බාරදුන් එම යෝජනාවලිය පහතින් දැක්වේ
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථිකය ගොඩගන්න කතානායකගෙන් අගමැතිට යෝජනාවලියක්
ravin Saturday, 21 May 2022 04:15 PM
සෑහෙන අලාභයක් වුණාට පස්සෙද මොලේ හරිතැනට ගියේ..? රටේ දැනට තියෙන ප්‍රශ්න දිහා බලන්න. දැක්මක් එන්න ගුටි කන්නම ඕනෑද? අවස්ථාවාදියෝ... මෙවැනි දේශපාලුවන් හින්දා තමයි මෙරට මෙවැනි තත්වයකට පත්වූයේ..! එතකන් රජ මගුල්...!
Athula rajapakshe Saturday, 21 May 2022 04:19 PM
සියලුම පවුලේ සාමාජිකයින් පුද්ගලික කාර්ය මණ්ඩලයට පත්කළ යුතුයි.
rata wiruwa Saturday, 21 May 2022 04:48 PM
ඩොලර් 10000-15000 තැන්පත් කරන්න පුළුවන් විදේශ ශ්‍රමික අපට ඩොලර් 2500ක යතුරු පැදියක් හෝ ත්‍රි රෝද රථයක් ගන්න බලපත්‍රයක් දෙන්න යෝජනා කරන්න බැරිද? අපි ළඟ ඩොලර් ලක්ෂ ගණන් නැති අතර, වාහන වලට පෙට්‍රල් ගහන්න සල්ලිත් නැත. වැඩි දේවල් අවශ්‍ය නැහැ, රට යනකොට විදේශ සේවා එකෙන් අය කරන 17500 අය නොකර ලියාපදිංචිය නොමිලේ කරලා දෙන්න බැරිද?
යෝගා Saturday, 21 May 2022 06:04 PM
විරුවන් කියන්නේ තමුන්ගේ ජීවිත අනුන් වෙනුවෙන් කැප කරන අයටයි. තමුන්ටයි තමුන්ගේ පවුල්වලටයි හම්බ කරන්න රට ගිය අය විරුවන් වන්නේ කොහොමද? එහෙම බැලුවාම අපනයනය කරලා විදේශ විනිමය ගෙනල්ලා රැකියාත් උත්පාදනය කරන අය මොනතරම් විරුවන් වෙන්න ඕනෙද?
MohanSaturday, 21 May 2022 07:03 PM
යෝගා, ඔච්චර කුහක වෙන්න එපා. ඒ මිනිස්සු ඉල්ලන්නේ ඉතාම සුළු දෙයක් මෝටර්සයිකල් ගේන්න, ත්‍රීවිල් එකක් ගේන්න. ඒකත් ඩොලර් දහදාහක් පහළොස් දාහක් ලංකාවට එවලා. ඒ මිනිස්සු කරන කැප කිරීම තම පවුල්වල සාමාජිකයන් නොමැතිව විදේශ වලදී විඳින්න වෙන තාඩන පීඩන. රජයේ ඉහළ නිලධාරීන්ට දේශපාලනඥයින්ට මිල අධික වාහන ගේන්න පර්මිට් දෙනඑක හොඳයි. මම නම් කියන්නේ ඒ මිනිස්සුන්ට සල්ලි ඕනේ එක නවත්තන්න මාස හයකට. එතකොට බලාගන්න පුළුවන් ලංකාවේ ඉන්න පොර ටෝක් දෙන අයට වෙන වැඩ...
mohomed Saturday, 21 May 2022 05:18 PM
ඔක්කොම දීමනා සල්ලි කාරයන්ට විතරයි... රට විරුවන් මැරීගෙන ඩොලර් යවනවා.. ඒ වුණාට සහන මුකුත් නෑ...
දාස Saturday, 21 May 2022 05:48 PM
ලොක්කා රට හදන්න ඉස්සෙල්ලා තමන්ගේ කාර්ය මණ්ඩලේට පත්කරලා ඉන්න තමුන්ගේ හැත්ත බුරුත්ත අහක් කරලා ඉන්න..!
Mangala Saturday, 21 May 2022 06:25 PM
පිටරට ඉඳන් සේවය කරලා ලක්ෂ ගණන් ඩොලර් ලංකාවට එවලා දැන් සතයක් වත් බැංකු මාර්ගයෙන් එවන්නේ නැති කෙනෙක් විදියට මම මේ කතා කරන්නේ. මේ යෝජනාවලියේ 1 සිට 4 දක්වා යෝජනා ඉතාමත් හොඳයි. රට ඇතුලේ තියෙන ඩොලර් වියදම් කරලා වාහන ගෙන්වන රජයේ සේවකයින්ට සහ දේශපාලකයින්ට වඩා ශුද්ධ අයිතියක් රටට ඩොලර් ගේන සහ ඩොලර් උපයන විදේශයන්හි සේවය කරන අයට තියෙනවා. ආරම්භයක් වශයෙන් මේක හොඳ පියවරක්. ඒ වගේම අර අනවශ්‍ය රේගු බදු සහ ප්‍රමාදවීම් නොමැතිව සරල බද්දක් එවැනි වාහනයකට අයකිරීම සාධාරණයි. නමුත් නීතියක් පැනවිය යුතුයි අඩුම වශයෙන් අවු 2ක් හෝ එම ගෙන්වන වාහනය හෝ වාහන අන්සතු නොකළ යුතු බවට. එමෙන්ම මෙම වාහන සම්පූර්ණ විදුලියෙන් දුවන වාහන නම් ඉහත කී බද්ද ඩොලර් 5000 ක් කිරීමටත්, ගෙන්වන සියලුම වාහන අවු 2 ක් හෝ 3 ක් ඇතුළත නිෂ්පාදිත වාහනයක් විය යුතුයි. මෝටර් සයිකල් සහ ත්‍රීවීල් වලටද මෙම සහනය අදාල මුදල අනුව පිරිනැමිය යුතුයි.
rata wiruwa Saturday, 21 May 2022 07:06 PM
ලොක්කා, ඩොලර් ලක්ෂ ගණන් තැන්පත් කරන්න අපට නැත.. අපේ බජට් එකට ගැලපෙන දෙයක් ඔය ගොල්ලන් ඉදිරිපත් කළෙත් නැත, කරන්නෙත් නැත. අපි රට යනකොට පස්සෙන් එළවගෙන ඇවිත් රක්ෂණ මුදල වන 17500 කඩා ගන්න නම් ඔයගොල්ලෝ අමතක කළේ නැත. නමුත් කොරෝනා කාලේ ඔබලා අපිව අමතක කර දමා කිසිම රටක් නොකළ විදිහට රටේ පුරවැසියන්ට වසා දැම්මේය. පසුව සල්ලි තිබෙන මිනිස්සු පමණක් ගජමිතුරන්ගේ නිරෝධායන හෝටල් හරහා රට තුළට ගත්තා. ලොක්කා, ඔබලාට වැඩිය අපිට කලුකඩ උණ්ඩියල් මුදලාලි අපට විශ්වාසය.. ඔහු අපේ මුදල්වලට ඔබලාට වැඩිය වැඩි වටිනාකමක් ගෙවන අතර අපට කරදර වන එක එක නීති දමන්නෙත් නැත.
Lalith Saturday, 21 May 2022 08:15 PM
මේ උන්නැහේට වඩා හොඳට ආර්ථිකය ගැන කරුණු කියන්න අය පාර්ලිමේන්තුව තුළ නැතිනම් අර මහා විද්වත්තු ඉන්න මහබැංකුව තුළ නැතිද?
චන්දන Saturday, 21 May 2022 08:19 PM
හොඳ යෝජනාවක්... ප්‍රමාදවෙලා හරි නිසිමගට යනවා නම් හොඳයි...
fairoos Sunday, 22 May 2022 12:01 PM
2/3 තියෙනකොට කරගන්න බැරි වුණා. දැන් නිකන් ෂෝ විතරයි.