IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


“ආර්ථික අර්බුදයටත් ජිනීවා යෝජනාවලටත් මහින්ද බයවුණා“

එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සැමරුම් උළෙල අද (10) කොළඹ කැම්බල් පිටියේ පැවැත් වෙයි.

අගමැති රනිල් වික්‍රමසිහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සැමරුම් උළෙලට ආරාධිතයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති ද සහභාගී වී සිටියි

ආරාධිත දේශනය පවත්වමින්

“ඇමති මණුඩලය එපා කියද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නියමිත කාලයට වසර දෙකකට කලින් ඡන්දයකට ගියේ ආර්ථික අර්බුධයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට මුහුණ දීමට ඇති බය නිසායි. අද ඔහුට වෙලා තියෙන දේ කවුරුත් දන්නවා“ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති කියා සිටියේය.

වසර 70 කට පෙර සිංහල, දමිල හා මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ සියළුම දෙනා එකමුතු කරගෙන සංහිඳියාව ගොඩ නගන්න ඩී.එස්.සේනානායක එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ එදා ගත් උත්සාහය මෙතෙක් අනි කිසිවෙකුගෙන් ඉටු වීනොමැති බවත් අද එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම කාරනය තේරුම් ගෙන එය ඉටු කිරීමට ගන්නා උත්සාහය සාර්ථික කර ගැනීමට ඔබ සියළු දෙනාගේ සහාය බලා පොරොත්තු වන බවත් ජනපති කීවේය.

2015 ජනවාරි තමාට ලැබුණු ජනවරමේ වැඩිම පාර්ෂවකාරයින් සිටිනා පක්ෂයේ 70 වැනි සංවත්සරයට ආරාධනා ලැබීම හාඇමතීමට ලැබීම විශාල සතුටක් බව ජනපති වැඩිදුරටත් කීවේය.

සමරු උළෙල අමතමින් රනිල් වික්‍රමසිංහ අගමැති මෙසේ කීය

“රාජපක්‍ෂ රෙජීමයේ ණය පරම්පරා ගණනාවකට ගෙවීමට ඉඩ නොතබා අපේ ජීවිත කාලයේදී ආණ්ඩුව 2020 වන විට අපි ඒ ණය බර ගෙවනවා.“

“සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ දෙනා එක් කරගනිමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කරන්න එක්සත් ජාතික පක්‍ෂය කැපවී සිටින බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ රැසක් හා එක්ව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇති කර තිබෙන ආණ්ඩුව එය ඇතිකිරීමට ඇති හොඳම අවස්ථාව“ .

 “මේ එක්සත් ජාතික පක්‍ෂයේ සියලූ දෙනාත් අපි කවුරුත් එකතු වෙමු. පැරණි මතවාද දුරුකරමු. නවීන ලෝකයට ගැළපෙන නවීන මතවාදයෙන් සන්නද්ධව ඉදිරියට යමු. මේ වගකීම් දරන්න අපි එඩිතර වෙමු. සියලූ අභියෝගයන් ජයගමු. සියලූ ජාතීන් සමගියෙන් වාසය කරන බලවත් ශ්‍රී ලංකාවක් කරා ඊ ළඟ පරම්පරාව ගෙනයන්න නායකත්වය දෙමු. සියලූ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිය සම්පුර්ණයෙන් භුක්ති විඳිය හැකි වඩා ප‍්‍රජාතාන්ත‍්‍රික ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. ආර්ථික හා සමාජ දියුණුව සහිත සංවර්ධනික ශ්‍රී ලංකාවක් බිහි කරමු. එවිට ඊ ළඟ පරම්පරාවට තම පුද්ගලික අභිලාෂයන් සම්පූර්ණයෙන්ම මුදුන්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අපේ 70 වැනි සංවත්සරයේ තීන්දුව හැටියට ගෙන ක‍්‍රියාකරමු.“ යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

මෙහිදී අපේ මතවාදයේ යෝජනාව ඉදිරිපත් කිරීම හා සම්මත කිරීමද මෙහි දී සිදු විය.

RDS_6417 RDS_6602 RDS_6689 RDS_6914 RDS_6936 RDS_7077 RDS_7112

RDS_7018

RDS_7252

 

 



අදහස් (0)

“ආර්ථික අර්බුදයටත් ජිනීවා යෝජනාවලටත් මහින්ද බයවුණා“

සංජීව Sunday, 11 September 2016 02:21 AM

ජනාධිපතිවරයාට ආරාධනා කරලා ළඟ තියාගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවන බවට පොරොන්දු දෙනවා. දැන් සතුටුද දන්නෙ නැහැ (නි)

:       0       0

සජී Saturday, 10 September 2016 06:59 AM

මේ තමයි 2020දි ඔයකියන ආණ්ඩුවක් හදන්න තබන පළමු පියවර (නි)

:       0       0

සජී Saturday, 10 September 2016 07:16 AM

අනේ ඔවු. මහින්ද මහත්තයට නිකන් ඉන්න බැරි නිසා යුද්ධය ජයගත් නිසානේ මේ ඔක්කොම (නි)

:       0       0

හර්ෂ Sunday, 11 September 2016 11:46 AM

ආකර්ශනීය කතා ආකර්ශනීය වැඩ සටහන් පටන් ගන්නවා.. ඒවා දින කීපයකින් සෝඩා බෝතලේ කැඩුවා වගේ වියැකී යනවා... (ර)

:       0       0

අර්ජුන Saturday, 10 September 2016 07:32 AM

ගෙදර අපේ ආර්ථික අර්බුදය ඔය කියන අර්බුදයට වැඩිය දැන් භයානකයි. අපේ යෝජනාව දැන් ඒවාට පිළියම් ඉල්ලීමයි. ඒවාට සහන දෙනු! (නි)

:       0       0

දිලන්ක Sunday, 11 September 2016 02:45 AM

දැන් සමහරුන්ට නම් හරි සතුටු ඇති (නි)

:       0       0

කවි මෙල්බර්න් Saturday, 10 September 2016 07:36 AM

තාමත් මහින්ද භීතිකාව. දැන්වත් ඕක නවත්වලා රටට වැඩක් කරන්න (නි)

:       0       0

සවනත් Sunday, 11 September 2016 02:57 AM

මහින්දව ජිනීවා ගෙනියන්න මුලපිරුවේ කවුද කියලා අපි දන්නවා. ඒ දවස්වල මහින්දට විරුද්ධ පත්තරවල ඕවා මහා ලොකු වැඩ වගේ පාරම්බාලා කිව්වේ. හිලරි ක්ලින්ටන්ව හමුවෙලා ලංකාවේ ආණ්ඩුව සුළු ජාතිකයන්ට අසාධාරණ කරනබව එහෙම කියලා තිබුනේ හරියට තමන්ගේ කෙනෙක් හමුවුණා වගේ. ඉතින් පාවාදීමේ සටන යනකොට මහින්ද වෙන මොකද කරන්නේ? එකම දේ ගේ ඇතුළෙත් ජුදාස්ලා හිටි බව දන්නේ නැතුව ඇති. මේවා හදපු කතා නොවෙයි ඇත්තටම අපි ලංකාවේ සමහර පත්තරවල කියවපු දේවල්. ලංකාදීපයට ස්තුතියි! (නි)

:       0       0

රත්නසිරි Saturday, 10 September 2016 07:52 AM

මහින්ද ඡන්දෙන් දිනුවා නම් බය නැතිවෙනවද? (නි)

:       0       0

කමණි Sunday, 11 September 2016 03:28 AM

මහින්ද ජිනීවා වලට බයවුණා නම් දැන් එතකොට මහින්දට බයවෙලා ඉන්නේ කවුද? (නි)

:       0       0

සුසී Sunday, 11 September 2016 03:37 AM

මහින්ද බය හඳුනන්නෙ නැහැ කියන අය මොනවා දැනගෙනද දන්නෙ නැහැ එහෙම කියන්නේ? (නි)

:       0       0

රජින්ද Saturday, 10 September 2016 08:13 AM

දැන් ඉතින් එහෙමවත් කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ 'මහින්ද නිසා' කිය කියා මිනිසුන්ව අන්දවනවා ඇරෙන්න කරපු දෙයක් නැති බවයි අපට නම් හැගෙන්නේ. (නි)

:       0       0

සුසිල් Sunday, 11 September 2016 03:40 AM

බුද්ධාගමේ කියන්නෙ පවට භයවෙන්න, ලැජ්ජාවෙන්න කියලා. නමුත් මහින්ද නොකළෙත් ඕකම තමයි. (නි)

:       0       0

යෙහාන් Sunday, 11 September 2016 03:52 AM

කාගෙ කාගෙත් හැටි අපි හොඳට දන්නවා (නි)

:       0       0

නීල් Sunday, 11 September 2016 03:53 AM

මෙයාලා දැන් මොනවද රටට කරන්නේ. බයගුල්ලෙක් නෙමෙයි මහින්ද මැතිතුමා. (නි)

:       0       0

උපාලි Sunday, 11 September 2016 04:06 AM

බයවුණේ කවුද කියලා අපි හොඳට දන්නවා (නි)

:       0       0

චාමර Saturday, 10 September 2016 08:38 AM

මහින්ද, මහින්ද, මහින්ද ඇරෙන්න රටට කිසිම වැඩක් කරන්නේ නැහැ (නි)

:       0       0

අනුර Sunday, 11 September 2016 04:07 AM

මම නම් බය නැහැ. පොරොන්දු වුණ විදියට උතුරේ හමුදාව ඉවත් කරන්න (නි)

:       0       0

රුවන් Monday, 12 September 2016 07:50 AM

හැබැයි දැන් කාටවත් විනය පරීක්ෂණ නැහැ, වෙන පක්ෂ වල රැස්වීම් වලට යනවා කියලා (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 10 September 2016 08:55 AM

නැහැ නැහැ, මහින්ද මහතා බයවුණේ ඔහු නිසා බය නැතුව පාරේ යන්න නිදහස ලබාගත් අයම මහින්ද මහතාව පාවාදෙන්න යන බව දැනගත්තහම. කොටින්ම ලංකාවෙත් ජුදාස්ලා ඉන්න බව දැනගත්තහම. (නි)

:       0       0

නලීන් Saturday, 10 September 2016 08:58 AM

එදා ඉඳලම කරන්නේ මහින්දට බනින එක විතරයි (නි)

:       0       0

සාගර Saturday, 10 September 2016 09:04 AM

යුද්ධයටවත් ප්‍රභාකරන්ටවත් බයනොවුණ මහින්ද ඕවට බයවෙන්නේ මොකටද? නිකම් සුරඟන කතා කියන්න එපා. අනිත් එක ඔයාලා අද කියන්නේ ඇත්ත නම් එදා කිව්වේ බොරු. ඒ කියන්නේ ඔයාලා ජනතාව රවටනවා කියන එක

:       0       0

සංකල්ප Saturday, 10 September 2016 09:17 AM

කරුණු කාරණා එසේ නම් මැතිවරණ පරාජය, ඔහු ප්‍රර්ථනා කළ දෙයක් වියහැකියි. (නි)

:       0       0

ඉමාක් Saturday, 10 September 2016 09:11 AM

මෙයාලා දැන් බලය රැකගන්න බොරු කියවනවා. ජාත්‍යන්තරයට බයවෙලා එයාලට ඕනෑ විදිහට නටනවා. මහින්ද එදා යුද්ධය ඉවර කළේ කොච්චර බලපෑම් තිබිලද? එදා බය නැති මහින්ද අද බයත් නැහැ. කරන්න පුළුවන් ඔක්කොම මෙයාලා කරලා ඉවරයි දැන්. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට. (නි)

:       0       0

රින්සි Sunday, 11 September 2016 02:53 PM

දැන් හොඳට රට ඉදිරියට යනවා. (නි)

:       0       0

දනුෂ්ක රොෂාන් Saturday, 10 September 2016 09:29 AM

දැන් කාට කාටත් වෙලා තියනදේත් හැමෝම දන්නවා. (නි)

:       0       0

අනුර Saturday, 10 September 2016 09:35 AM

මහින්ද ගැන කියෙව්වා ඇති. දැන් වැඩට බැහැලා රටේ ප්‍රශ්න විසඳන්න. (නි)

:       0       0

ජෙහාන් ග්‍රේරු Sunday, 11 September 2016 04:01 PM

හැමඑකටම මහින්ද වැරදිකාරයා??? (නි)

:       0       0

රන්ජන් Sunday, 11 September 2016 04:43 PM

බය නැති අය ප්‍රභාකරන්ගේ කාලේ බයේ වෙවුලුවනේ (නි)

:       0       0

සමන් Saturday, 10 September 2016 09:56 AM

සුබ උපන් දිනක් වේවා! එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! (නි)

:       0       0

චින්තක Saturday, 10 September 2016 10:01 AM

අයියෝ මහත්තයෝ, ඔය කතා අහලා අහලා දැන් එපාවෙලා. ඔබතුමාම කීපාරක් ඕක අපිට කිව්වද?ඉතිහාසය කතා කරන්නද අපි ඔබතුමාලව ඔතනට එව්වේ? හැමෝටම වැඩක් වෙන යෝජනාවක් අදහසක් වගේ දෙයක් කියන්නකෝ (නි)

:       0       0

විජේසුන්දර Sunday, 11 September 2016 05:01 PM

හිටපු ජනාධිපති මහින්ද ත්‍රස්තවාදය පරාද කළ නිසා ලෝක බලවතා ලැජ්ජාවට තමයි ඔය චෝදනාව ගෙන ආවේ. එනිසා කෙසේ හෝ එම රජය විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ දේශපාලන භූමියෙන් අතුගා දැමීමට ඇමෙරිකාව ප්‍රමුඛ ලෝක පොලිස්කාරයෝ මුලිකත්වය ගෙන කටයුතු කළා. ලෝක පොලිස්කාරයට අභියෝග කළේ අපේ පුංචි රටේ හිටපු නිර්භීතම මිනිසා. (නි)

:       0       0

ජගත්‍ Saturday, 10 September 2016 10:02 AM

අනේ අපි නොදන්නවායැ මේ රජයේ කෙරුවාව? (නි)

:       0       0

සොපි Tuesday, 13 September 2016 03:07 AM

අවුරුදු 70 සංවත්සරේදීවත් 'මහින්ද' යන වචනය පාවිච්චි නොකර පක්ෂය ගැන කතාකරන්න බැරිවීම හරිම කණගාටුවක් (නි)

:       0       0

ජයන්ත Saturday, 10 September 2016 10:08 AM

කොහොමද දන්නෙ නැහැ මෙහෙම කියන්නේ? නේද? (නි)

:       0       0

අරුණ Saturday, 10 September 2016 10:14 AM

ඔබතුමාලගේ ඔය කතා ලක්ෂ 62 කටම කන් වලට මී පැණි වගේ ඇති නේද? (නි)

:       0       0

දේව් Saturday, 10 September 2016 10:45 AM

ඇත්ත, මහින්ද බයනොවුණේ හරියට කොන්ද කෙළින් තියාගෙන යුද්ධ කරන්න විතරයි. (නි)

:       0       0

බීනු Saturday, 10 September 2016 10:51 AM

අපි මොකටද මහින්දගේ ණය ගෙවන්නේ 2020 වෙනතුරු? (නි)

:       0       0

චන්දා Saturday, 10 September 2016 11:10 AM

ලංකාවේ බහුතරයක් දේශපාලුවන්ගේ බහට රැවටි, තමන් මුලාවක වැටී ඇති බව තාම තේරුම්ගෙන නැතත් ඇත්ත වැටහෙනවිට රට නැතිවී හමාරය. (නි)

:       0       0

සරත් Saturday, 10 September 2016 11:22 AM

පක්ෂ පාට නෙමෙයි ඕනෑ, රටට වැඩ කරන නායකයින්. දැන් බලන්න යහපාලනේ කොච්චර හොඳද කියලා. ඔහොම යමු ඔහොම යමු. ඉදිරිය හොඳයි. හදවතින්ම සුබ පැතුම්! (නි)

:       0       0

තරිඳු Saturday, 10 September 2016 11:51 AM

සම්මුතිවාදි යැයි පැවසුවද කිසිම සම්මුතියක් නැති, වැඩබැරි ආණ්ඩුවක විලාපය හෙවත් මහින්දගෙන් තොර ලොවක් නොමැතිකම! (නි)

:       0       0

චතුරි Saturday, 10 September 2016 12:01 PM

හෙට වෙනකොට අගමැතිට හා ජනපතිට හොරුන් සමඟ නැගිටිමු කියන කට්ටිය අපේ රට දැන් ආරක්ෂිතයි කියලා හිතන්නේ නැහැ. මහින්දයි පවුලේ කට්ටියයි මහපොළොවේ පය ගහලා ජීවත්වුණේ නැහැ. හිතින් මවාගත් ලෝකයක හිටියේ (නි)

:       0       0

රුචිර Saturday, 10 September 2016 12:23 PM

ඔබට සතුටුයිද දැන්! (නි)

:       0       0

රුවන් Saturday, 10 September 2016 12:34 PM

ජනපතිතුමනි, ඔබ නිකන්ම ශ්‍රීලනිපයෙන් ඈත්වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව විරුද්ධ පක්ෂයක් නැති වුණොත් වෙන්නේ මොකද කියලා දන්නවද? ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් වගේම ශක්තිමත් විරුද්ධ පක්ෂයත් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක්! (නි)

:       0       0

වසන්ත Saturday, 10 September 2016 12:50 PM

මිනිසුන්ට වැඩ නැද්ද මේවට ගිහින් හිට ගෙන ඉන්න. මේ ජාතිය කවදා හැදෙයිද (අ)

:       0       0

නිරේෂි Saturday, 10 September 2016 01:12 PM

බයියන්ට දැන් කියන්න දේවල් නැද්ද, කටවල් වැහිලා ඇති නේද. (අ)

:       0       0

ධම්ම Saturday, 10 September 2016 01:40 PM

බොරු කියන්න එපා. මහින්ද ඔහුගේ දරදඬුකමට හෝ මෝඩකමට හෝ බය කියන එක දැනගෙන හිටියේ නැහැ.ඒක කවුරුත්දන්නවා. (අ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 10 September 2016 02:09 PM

යහපාලනය සම්මුනිය සමගිය එකමුතුව බුදු වදන් මේ දුටු මට මෙනෙහි වේ.(අ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 10 September 2016 02:11 PM

ලෝකයට ලෝක ඉතිහාසයට දේශපාලන ඉතිහාසයට එ..ජා ..ප ..70 වන සැමරුම යමක් එකතු කලා කියා මට හැගේ ..එ.ජා.පය යුරෝපා සංවිධානය පැරිස් සාඛාව ..(අ)

:       0       0

දනුෂ Saturday, 10 September 2016 02:30 PM

අන්න පොලොන්නොරුවේ වතුර නැතිව ගොවියෝ කුඹුරු ගිනිතියනවා. ඔයාට මහවැලිය තියෙද්දී මෙහෙ මොකද කරන්නේ.(අ)

:       0       0

ඉසුරු Saturday, 10 September 2016 02:39 PM

70 වක් කාපු කෑම පොඩිද ? (අ)

:       0       0

තරංග Saturday, 10 September 2016 03:06 PM

අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ . ජිනීවා යෝජනා අවේ මහින්දගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා නෙවේ . එතුමා රට වෙනුවෙන් නිවරැදී ස්ථාවරයක් සිට ත්‍රස්තවාදය නිමා කල නිසයි . අනිකුත් නායකයන් වගේ එය වවා ගෙන කාලා තමන්ගේ ආරක්ෂව ගැන පමණක් හිතුවා නම් මේ කිසිම ගැටළුවක් මහින්ද මහතාට ඇති නොවනවා ඒකාන්තයි .ඔහු ඔබලා කියනා කාරයේ දුෂිත්යකු නම් ඔහුට කිරීමට තිබුණු හොදම දේ යුද්දය අවසන් කිරීම නොව එය කලින් සිටි අය මෙන් වවාගෙන් කෑමයි . මේ සරල යතාර්ථය තේරුම් නොගත් අවාසනාවන්ත බහුතර සිංහලයන්ට හා සාමය අගයන් අනෙකුත් ජාතීන් ට හෙට දිනයේ ඔබතුමාලා කුමන ආකාරයේ රටක් නිර්මාණය කර දෙයිද කියලා නම් අපට ඇත්තේ ඉමහත් බියකි .ගරු ජනාදිපති තුමනි කරුණාකර වැඩ කරන්න . වචන වලින් රට ටත් ජනතාවත යහපතක් නොසලසේ.තවම ප්‍රමාද නැත.කරුණාකර රටේආරක්ෂාව සලසන්න . දෙමල අන්තවාදීන්ට සුදු හුණු ගෑමෙන් හෝ ඔවුන්ට ලිහිල් ලෙස සැලකීමෙන් සාමය නොව්ක ඔවුන් ව තව දුරටත් අන්තවාදී ජාත්වාදී ස්ථාවර වලටම ආදී යන බවත් රටම ප්‍රපාතයට හෙලන බවත් තේරුම් ගන්න .ඔබතුමන්ට එය අපට වඩා හොදින් තේරුම් ගොස් ඇති මුත් ඔබතුමා එය සිතා මතා අමතක කරනවා විය හැක . මහිtන්ද රට අවි ත්‍රස්තවාදයෙන් බේරා ගත්තා සේ ඔබ මතවාදී වශයෙන් බෙදුම් වාදය පරාජය කර නියම වීරයෙක් වන්න.(අ)

:       0       0

වික්‍රම Sunday, 11 September 2016 04:27 AM

සෑම්, දැන් මහින්ද කතා කරන්නේ ජනාධිපති විදිහට නෙමෙයි. (ර)

:       0       0

ප්‍රනාන්දු Sunday, 11 September 2016 10:35 PM

ශ්‍රී ලංකාව යනු කොළ පාට, නිල් පාට, රතු පාට මිරිඟු පසුපස යන මෝඩ මිනිසුන් ජීවත්වන රටකි (නි)

:       0       0

දොන් Saturday, 10 September 2016 03:28 PM

යන්නේ කොහෙද මල්ලේ පොල් වගෙයිනේ... (නි)

:       0       0

රොහාන් Sunday, 11 September 2016 04:30 AM

ඡන්දේ තිබ්බෙ දිනන්න මිස පරදින්න නොවේ. (ර)

:       0       0

සනත් Saturday, 10 September 2016 03:42 PM

වැඩේ නම් හොඳයි වගේ. හැබැයි ටිකයි... (නි)

:       0       0

නිමල් Saturday, 10 September 2016 03:44 PM

65 ට හිටියා 70 වට වඩා වැඩියෙන් සෙනඟ (නි)

:       0       0

දිසානායක Sunday, 11 September 2016 05:18 AM

මහත්තයෝ ඇත්ත ඇස් පනාපිට තියාගන මොකටද තමාම මුලාවක පැටලෙන්න දගලන්නේ? (ර)

:       0       0

සිරිනාත Sunday, 11 September 2016 05:31 AM

ඉස්සර නම් කිව්වේ මහින්ද ව්‍යවස්තාව වෙනස් කරගෙන කැමතිවාර ගනනක් ඉන්න පුලුවන් විදියට හදහා ගත්තේ බල තන්හාව නිසා කියලා. දැන් තමයි තේරෙන්නේ එහෙම කලේ නැතිනම් අවුරුදු 9ට වඩා ජනාදිපතිකම කරන්න වෙනවා කියලා. (ර)

:       0       0

හිමාල් Saturday, 10 September 2016 04:06 PM

මහින්ද නැතුව රැස්වීමක් තියන්නම බැහැ වගේ (නි)

:       0       0

සමන් Saturday, 10 September 2016 04:00 PM

මහින්දගේ අද තිබුණු හෝමාගම රැස්වීමටත් මිටවඩා සෙනඟ ඉන්නවා

:       0       0

මොහාන් Saturday, 10 September 2016 04:22 PM

මහින්ද බයවුණ බවක් අපි නම් කවදාවත් දැකලා නැහැ (නි)

:       0       0

සාමා Sunday, 11 September 2016 06:54 AM

දැන් විනය පරීක්ෂණ නැත්ද අනුන්ගේ රැස්වීම් වලට ගියාම. (ර)

:       0       0

නිහාල් Monday, 12 September 2016 02:21 AM

එක අවුරුද්දකට මහින්දට ආණ්ඩුව බාරදීලා බලන්න (නි)

:       0       0

ජනහිත Saturday, 10 September 2016 05:25 PM

හුඟක් සෙනඟ ඉන්න බව පේනවා. ඔතන ඉන්න ඔක්කොම එජාප යට ගිහින් අනෙක් අයට තම පක්ෂය රැකගෙන ඉන්න ඉඩ හරින්න. මේ යන විදිහට ජනතාව කිසියම් තීරණයක් ගත යුතුයි. රාජපක්ෂලා ණය අරගෙන තමුන්නාසේලාට මාතෘකාවක් හදලා තිබීම ගැන කණගාටු වෙනවා. (නි)

:       0       0

සඳමාලී Saturday, 10 September 2016 05:38 PM

මහින්ද ඕවට බයවුණාට ප්‍රභාට බයවුණේ නැහැ. ඒකයි අද ඔය මහත්තුරු ස්ටේජ් වලට නැගලා බයනැතුව කෑගහන්නෙ. (නි)

:       0       0

ජයසේන Sunday, 11 September 2016 07:50 AM

තනි ඇහැත් පොට්ට වෙනවා මේ කතාවලට. (ර)

:       0       0

රජින්ද Sunday, 11 September 2016 07:58 AM

මේ දක්වලා තියෙන අදහස් ඇති මේ ආණ්ඩුවට තේරුම් ගන්නවානම් ජන මතය කොතනද කියන එක. කලින් ආණ්ඩුවට වැරදුනෙත් ජනතා මතයට පයින් ගහපු නිසයි වත්මන් රජයට වෙන්නෙත් ඒ ටිකම තමයි. (ර)

:       0       0

ලුසෙනා Sunday, 11 September 2016 08:06 AM

කලින් කියලා තිබුනනේ වැට් වැඩිවීම දැනගත්තෙත් පත්තරෙන් කියලා මම හිතන්නේ මේ ජනතාවගේ අදහස් ටික කියවලා බැලුවානම් අද ඔහු ඉන්නේ කිනම් තැනකද කියලා තමාගේම හදවතට කතාකරල බලන්න පුළුවන්. (ර)

:       0       0

වසන්ජය Saturday, 10 September 2016 06:43 PM

අා! අපේ මැඩම් එහෙමත් ඇවිල්ල ඉන්නේ (නි)

:       0       0

සෑම් Saturday, 10 September 2016 08:59 PM

දියුණු යයි සම්මත රටවල බලයේ සිටින දේශපාලකයෝ වෙනත් පක්ෂ වල පාලන කාලයන්හිදී ඔවුන් කළ නොකළ දේවල් ගැන කතා කරනවා වෙනුවට තමන්ගේ පාලන කාලයේදී රටේ දියුණුවට කළහැකි දේවල් ගැන කතා කරනවා. ඒ විතරක් නොවේ, කළහැකි දේවල් පමණක් පොරොන්දුවෙන අතර පොරොන්දු වූ දේවල් ඉෂ්ඨ කරනවා. ඒ රටවල් වල දියුණුවේ රහස ඒකයි (නි)

:       0       0

පීරිස් Saturday, 10 September 2016 06:21 AM

මහින්ද මහත්තයා නැත්නම් අද කාටවත් නොබියව කතාකරන්නවත් වෙන්නෙ නැහැ (නි)

:       0       0

නිල්හාන් Saturday, 10 September 2016 10:02 PM

මම නම් හිතන්නෙ නැහැ මහින්ද කවදාවත් බය කියන දේ හඳුනන කෙනෙක් කියලා (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 10 September 2016 10:02 PM

ජනපතිතුමනි, අගමැතිතුමනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, ඔබ සැමට ජාතියේ ගෞරවය හා ප්‍රණාමය හිමිවෙනවා, ඔබ යන මේ සාමූහික ගමනට (නි)

:       0       0

විරසේන Saturday, 10 September 2016 10:50 PM

මහින්ද ඡන්දයකට ගියේ නිල කාලය දිගුකර ගැනීමට විනා වෙන හේතුවකට නොවේ. බදු බර අඩුකරන්න කතාකරන්න, බොරු බයිලා නොකියා (නි)

:       0       0

විපුල Monday, 12 September 2016 05:30 AM

මහින්ද ඔබල වගේ බය වෙන දේශපාලකයෙක් නෙමෙයි. උතුරේ සිංහල ඉගෙන ගන්න ගිය සිංහල ළමයින්ට පහර දෙනකොට, බුදුපිළිම කඩන කොට ඔබගේ කට ගොළු වෙලා තිබුන. යුද්ධය ඉවරවෙලා අවුරුදු 6ක් ගියත් මහින්දගේ කාලයේ මෙහෙම දේවල් වුනේ නැහැ. ඔබලාගේ තියෙන බියගුළු ස්වභාවය නිසා මෙහෙම දේවල් වෙන්නේ.මහින්ද ඡන්දය ඉල්ලුවේ දිනන්න මිසක් පරදින්න නෙමෙයි (බ)

:       0       0

ජයන්ත Monday, 12 September 2016 05:35 AM

මට නම් හිතෙන්නේ, මට මේ වෙන හැමදෙයක්ම දැන් සිද්ධවෙන්නේ මහින්ද නිසාමයි කියායි.

:       0       0

ආර්. වික්‍රම Sunday, 11 September 2016 01:26 AM

ඊටවඩා භයානක දේවල් වලට මහින්ද බය නැතුව මුහුණ දුන්නා (නි)

:       0       0

රංචාගොඩ Sunday, 11 September 2016 01:36 AM

මේ රජය මහින්දගෙන් තව බොහෝ දේ ඉගෙනගත යුතුයි. මහින්ද ජනාධිපති කාලේ රැස්වීමකට ගියොත් අදාළ දේ විතරයි කතාකළේ. (නි)

:       0       0

සෑම් Sunday, 11 September 2016 01:42 AM

රංචාගොඩ, අකුරැස්සේ තිබුන රැස්වීමේදී "අදාළ දේ" කරපු හැටි අපි හැමෝම දැක්කනේ (නි)

:       0       0

ඇසළ Saturday, 10 September 2016 06:41 AM

තව මාස දෙකකින් වැට් බද්ද අය වැයත් එක්ක දීපු හැටියේ මෙතන බලාගෙන ඉන්න කට්ටියට හරිම සනීපයක් දැනෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 9 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 301 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 179 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 652 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 302 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site