IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආර්ථික අර්බුදය ජය ගන්න මාර්ග සිතියමක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map)  පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටෙි වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා කීවෙි මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ලංකාවෙි වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ  කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.

රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 



අදහස් (12)

ආර්ථික අර්බුදය ජය ගන්න මාර්ග සිතියමක්

Prasheen Thursday, 16 June 2022 11:35 AM

පොහොර දීලා ගොවි ජනතාව ශක්තිමත් කරන්න. වගා කරලා පුලුවන් මේ රට දියුණු කරන්න. සුර්ය පැනල් වලින්, සුළං බලාගාර, ටර්බයින් බලාගාර වලට යොමු වෙන්න. රටේ හදන ඉලෙක්ට්‍රික් වාහන වලට මුල් තැන දෙන්න. සෝලා පවර් වාහන වලට රාජ්‍ය අනුග්‍රහය දෙන්න. මේ රට දියුණු කරන්න පුලුවන්.

:       2       26

Rata Perata Thursday, 16 June 2022 11:45 AM

අපිට ඉන්නව ගැසට් ජනපති කෙනෙකුයි, සාකච්චා අගමැති කෙනෙකුයි. රට ඉතින් වලපල්ලටම තමයි. රනිල් එනකොට මොනවද කිව්වෙ. ගෑස්, ඉන්ධන ගෙදර තියෙනව වගෙ කයිය ගැහුවෙ. ජනතාව ගොනට අන්දල ආවෙ.

:       15       23

ගලපර Thursday, 16 June 2022 02:51 PM

මේ නිර්වින්දන අවදිය රනිල් වික්‍රමසිංහ හොඳින් ප්‍රයෝජනයට ගනිමින් සිටිනා බව රටේ ජනයා දැනගෙන සිටිය යුතුයි. රටේ ජනයාට අද වැදගත් වන්නේ ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ කිරිපිටි සැපයීමයි. දේපළ විකිණීම හෝ කොමිස් ගැනීම පිළිබඳ ජනයා මේ අවස්ථාවේ සැලකිලිමත් වන්නේ නැති බව පාලකයින් දන්නවා. ඒ වායේ ආදීනව ජනයාට දැනීමට පටන් ගන්නේ සෑහෙන කාලයකට පසුවයි. එවිට අශ්වයා පැනගොස් අවසානයි. ඒ තුළ රටේ ජනයා විශාල ලෙස හෙම්බත් වී අවසානයේ රට මහා විනාශයකින් කෙළවර වීම නොවැළැක්විය හැකි බව අවධාරණය කරමි...!

:       0       4

Namal Thursday, 16 June 2022 11:46 AM

කබ්‍රාල්ගේ රෝඩ් මැප් එක මතක් වුණා මට.. ලංකාවට ඩොලර් ගලාගෙන එයි කියල කිව්වා

:       4       20

දිමුත්Thursday, 16 June 2022 12:17 PM

කියලා වැඩක් නෑ. එක එක මාර්ගයි සිතියමුයි පෙන්න පෙන්න ඉන්නවා.

:       4       15

Gobral Thursday, 16 June 2022 12:22 PM

බහුතර මන්ත්‍රීලගෙ අදහස් අනුවතමා රටට කෙලවී තිබෙන්නේ. උගත් බුද්ධිමත් කිහිපදෙනෙකුගේ අදහස් ගත්තම හොඳටම ඇති. අර එකදවසක මහබැංකු අධිපති ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේ හිටිය ඉගෙනගත් දෙයටත් ගැරහු ගොබ්රාල් වගේ උන්ගෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද ? ගොබ්රාල් වගේ කබරයන් තවත් ඉන්නවා. අම්මෝ හරි පරෙස්සමෙන්.

:       0       20

යෝගා Thursday, 16 June 2022 01:57 PM

මේ රටේ අනාගතය සම්බන්ධ මාර්ග සිතියම ඇමරිකාව ඇඳලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න තමයි ගෝඨා-රනිල් ඇවිත් ඉන්නේ

:       2       9

MO77 Thursday, 16 June 2022 02:49 PM

මට හිනායනවා රනිල් මන්ත්‍රීවරුන්ගේ අදහස් අරගෙන රෝඩ් මැප් එක දෙනවා කිව්වාම. ඔතන බාගෙකට වඩා අයට ඕලෙවල්වත් නෑ. මම කොහොමද ආර්ථික උපාය මාර්ග හදන්නේ? රට වලපල්ලට ගියේ ඔය වගේ අය හින්දා. ගෝඨාභයගේ මෝඩ තීරණ ඒක වේගවත් වුණා. දැන් කරන්න තියෙන එකම තීරණය ඩොලර් පා කරන්න. ලබන ඩොලර් වලින් ඉන්ධන, ගෑස්, ඖෂධ හිඟය නැති කරන්න. ඩොලර් ගලාගෙන එනකොට එක්ස්චේන්ජ් රේට් එක ඩොලර් වලට වඩා අඩුවෙනවා.

:       2       1

ashok Thursday, 16 June 2022 06:20 PM

දැන්ද මාර්ග සිතියම අඳින්න හිතුණේ..? කෝ තුන් වේල කතා දැන් නේ...!

:       0       1

chandima Thursday, 16 June 2022 07:07 PM

ඒ සිතියම හදන්න කමිටුවක් පත්කරන්නේ නැතිද?

:       0       1

Bamunuarachchi Friday, 17 June 2022 09:15 AM

තාමත් සිතියම් අඳිනවාද ? අපි සිතියම් ඇන්ද කාලේ පහුවෙලා බොහොම කල්.

:       0       0

Bamunuarachchi Friday, 17 June 2022 09:17 AM

ඔයකියන සිතියම් 2015-2020 කලේ තිබුනේ නැද්ද? සිතියම් බල බල ඇඳ ඇඳ ඉන්න එපා කෙටි මාර්ග සොයාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1140 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 408 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1236 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 132 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 856 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2485 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site