අජන්ත කුමාර අගලකඩ
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබු බව වාර්තා වේ.
ආපදා කළමනාකරණ කමිටුව අහෝසි කර එම කටයුතු කැබිනට් මණ්ඩලයට පැවරීමට ජනාධිපතිවරයා එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලය තුළ දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාරණා සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුව පත් කර එම කටයුතු සිදු කළ හැකි යැයි ද ජනාධිපතිවරයා සමගින් පෙන්වා දී ඇති බව වාර්තා වේ.
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කළ යුතු බවට ජනාධිපතිවරයා මීට සති දෙකකට පමණ ඉහත දී ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
saliya Tuesday, 20 March 2018 05:35 PM
ශ්‍රී ල නි ප යෙන් කැබිනට් එකේ ඉන්න වැඩි දෙනෙක් , තවමත් මහින්ද චින්තනය කර ගහ ගෙන ඉන්න, ආණ්ඩුව වට්ටන එක එකම අරමුණ කර ගත් අය . මුලින්ම ඔවුන් ට අයින් වෙන්න කියන එක අවශ්‍යයි නේද ? එසේ නොකර මේ කැබිනට් මණ්ඩලය ආර්ථිකය ගැන පොදු අරමුණක් ඉලක්ක කර ඉදිරියට යා හැකිද? යහපත් දැක්මක් ඇති අලුත් උපදේශක මණ්ඩලයක් අවශ්‍යයි . දැන් ඉන්නේ ලනු දෙන අය .
Chandima Tuesday, 20 March 2018 05:48 PM
එක එක ඒවා එක එක කාලෙට පටන්ගන්නවා මොනවා කරනවද කියල කවුරු දන්නවද මන්ද, අන්තිමට අහෝසි කරනවා, තව මොකක් හරි ආයෙත් පටන්ගන්නවා, කාලයක් ගිහින් ඒකටත් වෙච්ච දෙයක් නැහැ, ඔන්න ඕක තමයි දිගටම වෙන්නේ. මොනවාද ඔයාලා මේ රටට කරන්නේ?
sirimal Tuesday, 20 March 2018 06:51 PM
ජනාධිපති වරයාට අතීතය ඉක්මනින් අමතකවී ඇත. අගමැති වරයා යටතේ ඇති ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ඔහුට අවශ්‍යව ඇත්තේ දෙදෙනා අතර අනුන් විසින් ගොඩනංවා ඇති විරසකයක් හේතුවෙන් විය යුතුය. මේ විරසකය වැඩි දියුණු කිරීමට කටයුතු කරන්නේ ආණ්ඩුවේම කන්දෙකේ ඉඳගෙන ඇස් ගෙඩි වලට කොටන පෙර මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කල පිරිස විසිනි. ආණ්ඩුවට ඇත්තේ තව අවුරුදු එක හමාරකි. ආණ්ඩුව කරන සමහර වැඩ කටයුතු සහ මාධ්‍ය මඟින් ගෙන යන අසාමාන්‍ය බොරු ප්‍රචාර නිසා මේ යන පිළිවෙලට මහින්ද තමන්ගේ ජනප්‍රිය තාවය තව තවත් වැඩි කර ගන්නවා නොඅනුමානය.
Surath Tuesday, 20 March 2018 09:00 PM
බොරු සෝබන, මහ ජනතාව රවට්ටන්න.
සමන්ත Wednesday, 21 March 2018 02:46 AM
"2015 ජනවාරි චන්දය දුන් ලක්ෂ හැට දෙකක ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට අසමත් වූ ජනාධිපති වරයෙක්, තව දුරටත් ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නම් ඒ.ජා.පෙ. රජය දැන්වත් වහාම තමන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක් වීමට තරම් බුද්ධිමත් විය යුතුය. ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව විසින් නැවත පරණ හොරු බලයට ගෙනඒමට තැත් කරනු දකින්නට නොකැමැති බව ජනාධිපති වරයා විසින් කාරුණිකව වටහා ගත යුතුය. ජනතාව බලා සිටියි.
දිලුම් Wednesday, 21 March 2018 03:19 AM
මේ කමිටුව නවත්වන එකමයි හොද. ඔක්කොම හොර වැඩ ඕකට දාල අනුමත කරගෙන කරගන්නවා. ස්තූතියි ජනපතිතුමනි.