(චමින්ද මුණසිංහ)
කොරෝනා සමයේදී ඇති වූ ආර්ථික පරිහානියෙන් ගොඩ ඒම සඳහා වඩාත් ඵලදායී වූ දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බැවින් ඒ සඳහා නිවැරදි දත්ත හා තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත්මක දත්ත සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් අරඹා තිබේ.
අන්තර්ජාලය හරහා කරනු ලබන මෙම සමීක්ෂණය සඳහා තම ව්‍යාපාර ආයතනයේ නිවැරදි තොරතුරු සපයන මෙන් ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවගෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
ගෝලීය කොරෝනා වසංගතයේ බලපෑම ශ්‍රී ලංකාවේද ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි විවිධ ආකාරයෙන් එල්ල විය. සෑම තරාතිරමකම ව්‍යාපාරික කටයුතු අඩපණ වීම හේතුවෙන් තවදුරටත් එම කටයුතු පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් ඇතිවී ඇතිවාක් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා අහිමිවීමේ අවදානමකට ද ලක්ව සිටිති.
මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස්කර ගැනීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම සමීක්ෂණය අරඹා තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ (www.statistics.gov.lk) දැක්වෙන රූපසටහනට පහළින් දැක්වෙන “Click here” සක්‍රීය කිරීමෙන් ඔබට මෙම සමීක්ෂණය සඳහා අන්තර්ජාලය ඔස්සේ සහභාගී විය හැකිය.
නොඑසේ නම් සමීක්ෂණ ප්‍රශ්නාවලිය බාගත කරගෙන එය සම්පූර්ණ කිරීමෙන් පසුව 011 - 2147412 ෆැක්ස් අංකයට යැවිය හැකිය.
එසේත් නැතහොත් එය [email protected] ඊ මේල් ලිපිනයට යොමු කළ හැකිය. නැතහොත් ප්‍රශ්නාවලිය බාගත කරගෙන එය සම්පූර්ණ කිරීමෙන් පසුව කර්මාන්තල ඉදිකිරීම්ල වෙළඳ හා සේවා අංශයල ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නො. 306,71 පොල්දූව පාර ල බත්තරමුල්ල යන ලිපිනයට තැපැල් මගින් එවිය හැකිය.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා දුරකතන අංක 071-4421485 ඔස්සේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා යූගමහේෂ්වරන් මහත්මිය හෝ දුරකතන අංක 071-8038054 ඔස්සේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්. ආර්.එස්.එල්. රණතුංග මහතා ඇමතිය හැකිය.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ආර්ථික පරිහානියෙන් ගොඩ ඒමට සමීක්ෂණයක්‘