IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ආර්ථික හොරුන් අල්ලන්න රනිල් සැරසේ

වංචා හා දූෂණ සම්බන්ධයෙන් විභාග කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ප්‍රධාන වංචා, මූල්‍ය අපරාධ හා දූෂණය පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා ඒ බව පැවසූවේ හිරු ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මැතිවරණ වේදිකාවේ පොරොන්දුවූ පරිදි වංචා දූෂණ සිදුකළ දූෂිතයන්ට දඬුවම් දීම පිළිබඳව මේ වන විට ජනතාවට මතුවී ඇති ප්‍රශ්නාර්ථය පිළිබඳව වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි මහතා සිදුකළ විමසුමකට පිළිතුරු වශයෙන් වික්‍රමසිංහ මහතා ඒ බව කීවේය.

මූල්‍ය කටයුතු ගැන පසුබිමක් තිබෙන ගණකාධිකාරිවරුන් මේ කාර්යාලයට අවශ්‍ය බවත් ඒ සඳහා කටයුතු අරඹා ඇතැයිද අගමැතිවරයා කීවේය. මංගල සමරවීර අමාත්‍යවරයාගේ ඇමෙරිකානු සංචාරයේදී මෙරට දූෂණ වංචා සෙවීමට ඇමරිකා ආණ්ඩුවේ අධිකරණ දෙපාර්තමේන්තුවේ ආධාර ඉල්ලූ බවද ඒ මහතා පැවසීය.

ලොව ඩොලර් නෝට්ටු ගනුදෙනු සියල්ලම නිව්යෝර්ක් නුවර මූලික කරගෙන සිදුවන බැවින් ලෝක බැංකුවේ දූෂණ අංශය මුණ ගැසී සාකච්ඡා කළ බවද  එළැඹෙන සතියේදී විජයදාස රාජපක්ෂ මහතා එංගලන්තයට ගිය පසු ප්‍රධාන වංචා කාර්යාලයෙත් සහයෝගය ඉල්ලා සිටින බවත් අගමැතිවරයා සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයා ඉන්දීය මහ බැංකු අධිපතිවරයාගෙන්ද මේ සඳහා සහාය ඉල්ලමින් ලිපියක් යවා ඇතැයිද වික්‍රමසිංහ මහතා එහිදී අනාවරණය කළේය.

 



අදහස් (0)

ආර්ථික හොරුන් අල්ලන්න රනිල් සැරසේ

දිල්ශාන් Wednesday, 18 February 2015 11:22 PM

අපට ඉතින් හැමදාම අහන්න ලැබෙන්නේ අරක කරන්නම් මේක කරන්නම් කියන එක තමා. ජන මාධ්‍ය වලට බැරිද වැඩක් කරලා ඉවර වෙනතුරු ඉඳලා එක ගැන වාර්තා කරන්න. ඔය බොරු වදන් අහලා එපා වෙලා තියන්නේ. අපිට වචන වලින් වැඩක් නැහැ ක්‍රියා තමයි අවශ්‍ය. (අ)

:       0       0

කෙවින් Wednesday, 18 February 2015 11:38 PM

ජාතික ධනය ‍හොරා කනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. හමහි ඇති බරපතල බව අපේ රටේ දේශපාලඥයන්ට හා සෙසු අයට ක්‍රියාවෙන් අවබෝධ කරවිය යුතුයි. නැත්වනම් මොන දහං ගැට දාලා ආර්ථිකය ගොඩගත්තත් වැඩක් නැහැ. හොයපු සල්ලි කොහෙවත් ඉන්න හොරු පිල්ලි ගහනවා. (අ)

:       0       0

මහින්ද කේ.ගොඩගේ - සීෂෙල්ස් Thursday, 19 February 2015 12:07 AM

දැනටමත් ගොඩාක් ප්‍රමාදයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 19 February 2015 12:45 AM

කතාවට මුල් තැන දෙන්න එපා. වැඩ වලට මුල් තැන දෙන්න. ඉක්මනින් ඔය හොරමුල අල්ලලා දඬුවම් දෙන්න හැකි විදියට කටයුතු කිරීමට ඉක්මන් කරන්න. ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒකයි. (නි)

:       0       0

කපිල Thursday, 19 February 2015 01:39 AM

බැලුපුවහම අපි හම්බ කරන තරමක් හම්බකරලා දීලා තියෙන්නේ හා පරම්පරා ගණනක් ණයවෙවී පිටරටට අතපාමින් ණය අරන් තියෙන්නේ ලොකු ලොක්කන්ට නාස්ති කරන්නයි ඒ අයගේ සුඛවිහරණය සඳහායිනේ‍. මේවා දෙවියොම බලාගන්න ඕනෑ. (නි)

:       0       0

සිල්වා Wednesday, 18 February 2015 11:28 AM

මේ කියන හැමදෙයක්ම වචනවල පමණක් සිමා නොවී ප්‍රයෝගිකව හැමදේම වෙන්න ඕනි. තරා තිරම නොබලා නිතිය හරියට ක්‍රියාත්මක කරන්න. (ර)

:       0       0

සොයිසා Thursday, 19 February 2015 02:15 AM

ඇත්තටම එහෙම යාන්ත්‍රණයක් තිබෙනවා නම් කොතරම් හොඳයිද? (නි)

:       0       0

දොන් Wednesday, 18 February 2015 12:23 PM

එතකොට දැන් අහුවෙලා ඉන්නවා කියපු හොරු කෝ? ඔප්පුකරන්න සාක්කි තියනවා කියපු මහා පරිමාණ හොරුන්ට මොකද වුණේ? එක්කෝ හොරු නැද්ද, නැත්තම් ඔප්පුකරන්න සාක්කි නැද්ද ? (නි)

:       0       0

ජයසේකර Wednesday, 18 February 2015 12:37 PM

වැඩේ නම් ‍ගොඩක් හොඳයි.ඇතුළෙන්ම පටන්ගත්තොත් තවත් හොඳයි (නි)

:       0       0

රෝයි Thursday, 19 February 2015 03:39 AM

මේවා වදන් පමණද? ඇත්තටම කරන කෙනෙකුට කිය කියා ඉන්න දෙයක් නැහැ. ඔබතුමන්ලාගේ ගමන ඉතාම හෙමින් සිදුවන්නේ. (නි)

:       0       0

නජිත් Thursday, 19 February 2015 04:11 AM

කටට නෙවෙයි වැඩට මුල්තැන ලැබුනොත් හොඳයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 110 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 91 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 145 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 163 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 155 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site